නිසල සද මඩල 🌬
☁️ 10 වන කොටස ☁
හදිස්සි වැඩ කටයුතු නොමැති වු නිසාවෙන් ආරෝහිගේ පාසල් නිමා වන වේලාවට ඔහු සිය මෝටර්රථය ඇගේ පාසල අසලට ලගාකරවන්නට විය..
ඔහුගේ නෙත ගැටුනේ පාසල ආසන්නයෙන් වු බස් නැවතුමේ හිදින ආරෝහි අසලට ලං වෙන පිරිමි ලමයින් පිරිසකි..ඔවුන් ඈ හා සිටි මිතුරියන් වෙත යමක් කියන බවක් ඔහු සිතුවේ ඔවුන් හිස පහත් කරගෙන ඈ තනිකර ඉවත් වන නිසාය …..
කොල්ලන් දහයක් පහලොවක් පමණ ඈ වට කරගන්න වුයේ .අවට සිටින පිරිසද දෑස් දල්වා එ දෙස බලා හිදිද්දිය ……
දුර තියා ඔහුගේ නෙත ගැටුන එම දසුන ඔහුගේ කෝපය ඇවිස්සීමට ප්රමාන්වත් විය.සුක්කානම ඔහුගේ දෑතින් තද කරන්න වුයේ ..මුවින් නොසරුප් වැලක් පිටවෙද්දී ය…
” මූට…….”
සිය මෝටරථය දොරද මහ හඩින් වසා ගෙන යුරාග් වේගවත් පියවර තබමින් ලගා වුයේ ..පාසල් ලමුන් රැදි උන් බස් නැවතුම වෙතය…
ආරෝහි මැදි කරගෙන උන් පිරිමි සිසුන්ට මදක් සමිපව යුරාග් නවතින්න වුයේ ඔහුන් පවසන්න දේ සවන්ට යොමුකර ගැනිමයට.
” මේ ඕයි තමුසෙ හිතන් ඉන්නේ තමුසෙ රාජ් කුමාරි කියලාද ..අපේ එකා මෙච්චර කැමතිද කියලා පස්සෙන් එද්දි ගණන් උස්සන්නේ.
මුගේ පස්සෙන් කෙල්ලෝ දුසින් ගණන් එද්දි මු තමසෙගෙම පස්සෙන් එන්නේ මුට සල්ලි වලින් වත් කෙල්ලන්ගෙත් අඩුවක් නිසා නෙවෙයි …මූ කාගේ කවුද කියලා දන්නවද.
මේ දෙවේන්ද්‍ර ඇමැතිතුමාගේ පුතා..
උබ වගේ කෙල්ලෙක් පස්සෙන් යන්න එපා කියලා අපි මුට කොච්චර එපා කිව්වත් මු අහන්නේ නෑනේ..මුට තමසෙවමනේ ඕනි කියන්නේ ..
මේ තමුන්ට දෙන ලාස්ට් වෝනින් එක..තමුසෙ මුට අකමැති උනොත්……….””
“, ඇයි එයා අකමැති උනොත් තමුන් මොනවා කරන්නද…….” මෙතරම් වේලවක් සිය කෝපය ආයාසයෙන් මැඩගෙන ඔවුන් පිටුපසට වී සියල්ල සවදානව අසා සිටි යුරාග් ගුගුරන්න වුයේ ඔවුන්ගේ අවසන් වාක්‍ය සිය නිදා සිටි යක්ෂයා අවදි කෙරුමට ප්‍රමාණවත් වු නිසාය……
” ආ…කියපන් යකෝ තෝ මොකක් කරන්නද එ කෙල්ල අකමැති උනොත් .ඇයි තමුන්ගේ අර මහ ලොකු ඇමැති තාත්තා වගේ කෙල්ල උස්සන් ගිහින් රෙප් කරන්නද..”
ආරෝහිව තර්ජනය කල තරුණයාගේ කොලරයෙන් අල්වාගෙන යුරාග් ගුගුරන්න වුයේ …ඔහුගේ කමුලට වේගවත්ව අතුල් පහර කිහිපයක් එල්ල කරමින් ය……..
” අඩෝ අඩෝ මේ උබ මූව ඇතැරපන්..උබ ඔය හදන්නේ නයාට ගහලා පොල්ල වරද්ද ගන්න..එයි ආරෝහි තෝ මුට මේච්චර ගැස් පෙන්නුවේ මූ හින්දා මන් ..බය වෙන්න එපා මුට වඩා අපේ එකාට ඔයාට හෝදට සලකන්න පුලුවන් …….”
” මොකක්ද #ලෝ තෝ කිව්වේ…….”
යුරාග් ඔහු සිරකරගෙන හිදි තරුණයා පසෙකට විසිකර වේගවත් පියවර තබාලගා වුයේ ඔහු වෙත ලගා වී ඔහුගේ ගෙල සිරකරගෙන ඔහුට පහර පිට පහර දෙන්න වුයේ ..ඔහුගේ මුවින් ලේ පනිද්දිය……
” අ…අනේ ඇ..ඇති .ග..ගහන්න එපා…එ..එ..එයාල..ඔ.ඔ..ඔයාට කරදරයක් කරයි “” සිහ් එලවාගත් සැනින් මන් දෙපාරක් නොහිතා මාමගේ පිටිපස්සෙන් එයාව බදගෙන එයාව නවත්තන්න හැදුවත් එයා කරේ මාව පැත්තකට ඇදලා දලා අර කොල්ලෝ දෙන්නාටම තවත් පයින් පහර වල් කිහිපයක්ම ගහලා හැරුනේ..මාස ගාණක් තිස්සේ මට වද දිදී මගේ පස්සේන් එන සමුද්‍ර දිහාවට ……..
” මේක හොදට ඔය ඔලුවට දා ගනින් . ආයි උබ මේ ආරෝහි පස්සෙ ඇවිත් තිබ්බොත් මන් තෝ ඉතුරු කරන්නේ නෑ.හැබැයි උබ මන් කියන දේ අහලා තිබ්බේ නැති උනොත් උබේ තාත්තාට හොයාගන්න වෙන්නේ උබේ කෑලි.” ,යුරාග් ඔහුගේ සවනට පහත් වී ඔහුට තර්ජනය කර .ආරෝහිගේ අතකින් අල්වාගෙන එතනින් ඉවතට පා තබන්න සැරසුනද .යමක් නැවත මතක් වී එ දෙසට හැරි ….
“ආ තව දෙයක් උබේ මේ යාලුවෝ දෙන්නව ඉක්මන්ට හොස්පිටල් අරන් පලයන්…
උබලට ගැහුවේ කවුද කියලා ඇහුවොත් උබලාගේ තාත්තාලට කියහන්…යුරාග් දේශ්වීර් සේනානායක ගැහුවේ කියලා……”
මාව ඇදගෙන වාගේ ඇවිත් වාහෙනේ දොර ඇරලා ඇතුලට තල්ලු කරලා . මාත් එක්ක එක වචනයක්වත් කතා නොකර එයා වාහනේට නැගලා ඩ්‍රයිව් කරේ හයි ස්පීඩ් ..
” මේ..මා..මාමේ…….”
” කට වහපන් ආරෝහි ……….මගේන් මැරුන් නොකා කටවහන් පලයන්………”
” අනේ ප්ලීස් මා එක්ක කතා කරන්නකෝ..ඔයත් ඔහොම මට කරද්දි මන් කා එක්ද මේ දේවල් කියන්නේ ……”
මන් මේච්චර වෙලා හිරකරන් හිටිය ඉකිය මගෙ මුවින් පිට වෙද්දි .තවත් හිත හිත ඉන්නේ නැතුව එයාට කතා කරේ මේ දේවල් කියලා විදගන්න උනත්. එයා කරේ හැමදාමත් වගේ මගේ ඇගට කඩාපනින එක…..
” ඕ……ශිට්……” එයා එහෙම කියන ගමන් ස්ටයරින් වීල් එකට එයාගේ අත ගුලිකරලා ගහලා..වාහනේ පාර අයින්නේ නැවත්තලා මන් දිහාවට හැරුනේ..මන් සීට් එකේ කොනට තවත් ගුලිවෙද්දදි..
ඈත දුර ක්ෂිතිජයේ හිරු සෙමෙන් සෙමෙන් සැගව යන්න වුයේ ..පරිසරයම සැදෑ අදුර ගිල ගනිද්දිය ..
වෙරළ තීරය දෙසට මුහුණලා ඇති සිය නිදන කාමරයේ බැල්කණියේ වු වීදුරු අත් වැට මතින් සිය පාද තබාගෙන අසුන් ගෙන උන් ඔහු දුම්වැටියේ මුව තුලට ගෙන සෙමෙන් සෙමෙන් එය අදින්න වුයේ .ලය පුරා එහි සැර පැතිරෙන ලෙසය…..
විටින් විට ගෙල හරවා නිදන ඇඳ දෙස දෙනෙත් පා කරන්න වුයේ .ඇය අවදී වී දැයි පරික්ෂා කිරීමට වුවත් ..ඈ තවත් තමා මෝටර්රථයෙ සිට රැගෙන ආ ලෙසම සුව නින්දකය…..
මෝටර්රථය තුලදි තමා ඈ තමාගේ තුරුලට ගෙන ඇගේ හිස හා පිට පිරිමදිමින් ඇගෙන් සමාව ඉල්ලමින් ඈ සැනසු අයුරු සිහි වී ඔහුගේ මුවෙහි කාලාතුරකින් ඇදෙන එ වශිකෘත සිනාහව සිත්තම් විය . ….
ඈ සිය ලය මත සාවියක් මෙන් ගුලි වී නින්දට වැටුනු අයුරු ඔහුට සිහි වුයේ .සිය අතකින් සිය ලය පිරිමදිමින අතරවාරයේය ..තමා කෙතරම් වැටකොළු බැදිමට උත්සහ කලද ඇය කෙරෙහි දිනෙන් දින සිත තව තවත් බැදුනා මිස ..ඇගෙන් සිත ගලවා ගැනිමට නොහැකි විය…
මතුසම්බන්ධයි