බැඳීමක් නැති මුදුවක්💔
30 වන කොටස
“හැමදාම මෙහෙම ජීවත් වෙන්න බැහැ අයියේ..අලුතින් ඇඳුමක් ගත්ත කාලයක් මතක නැහැ.හැමදාම මෙහෙම ජීවත් වෙලා බෑ..මම තීරණයක් ගත්තා..”
“තීරණයක් ඒ මොකක්ද?..”
උ/ඹේ මේ තීරණය මොකක්ද කියලා මම කල්පනා කරන්න ගත්තේ ලොකු කුතුහලයකින්.
“මම රස්සාවකට යන්න තීරණය කළා..”
“රස්සාවක්..ඒ ගමන් එක පාරට හැදිච්ච පිස්සුව මොකක්ද ?.”
මම එහෙම ඇහුවේ උ/ඹේ දිහා බලලා මවිතයෙන් වගේ..
මෙතෙක් දවස් ප්‍රශ්නයක් නැතිව නිදහසේ හිටියා .උ/ඹ ඒ ගමන මේ සූදානම් වෙන්නේ අලුත් ප්‍රශ්නයක් ඇතිකරන්නද ?….
උ/ඹ මේ හදිසියේම යන්න සූදානම් වෙන රස්සාව මොකක්ද ?..
උ/ඹ රස්සාවට ගියාම අපේ චුටි පුතාව බලාගන්නේ කව්ද මම එහෙම කල්පනා කරේ අහස පොළව ගැට ගහන්න වගේ..
“සුදූ මෙතන ප්‍රශ්න ඇති නොකර ඉන්නවා .ටික කාලයක් හොඳට ඉන්නවා ..ආයේ පටන් ගන්නවා …මට දැන් මේක එපා වෙලා තියෙන්නේ .ත//මුසේ නිසා හැමදාම ප්‍රශ්න ..”
මම එහෙම කිව්වේ උ/ඹේ මේ මුරණ්ඩු තීරණ ගැන හිතේ ඇතිවුණ තරහකින්…..
“මේ දිලංක මම මේ දේවල් කියන්නේ මම ගැන හිතලා නෙමෙයි .අපේ පවුල ගැන හිතලා..බැඳපු දා ඉඳන් අපි කළේ හම්බකරපු හැම සතෙන්ම ණය පියවපු එක..කැමති දේ කාලා ඇඳලා ඉන්නවත් නැත්නම් ඒ ජීවිතේ තියෙන සතුට මොකක්ද ?මෙහෙම ගියොත් අපි හැමදාම එකම තැන..”
උ/ඹ එහෙම කියෝගෙන ගියේ එක හුස්මට වගේ. උ/ඹ කියන දේ බොරුවක් නම් නෙවෙයි..ඒ වුණත් මේ හදිස්සියේ කවුද උ/ඹේ ඔළුවට මේ දේවල් දැම්මේ ..
කොහෙන්ද උ/ඹට මේ හදිසියේ ජොබ් එකක් හම්බ වෙන්නේ ….
මගේ හිතේ ඇතිවුණේ ලොකු සැකයක්….
“සුදු..මට ඇත්ත කියනවා කවුද මේ හදිස්සියේ ඔය දේවල් ත//මුසෙගෙ ඔලුවට දැම්මේ?.”
මම එහෙම කියපු ගමන් උ/ඹ මගේ දිහා රවලා බැලුවා..
“කවුරුවත් මට කිව්වේ නෑ..දැන් ටික දවසක් තිස්සේ ජොබ් එකක් කරන්න තිබ්බ නම් හොඳයි කියලා මට හිතුනේ..අල්ලපු ගෙදර තාරුකා අක්කගෙ නිකමට ඇහුවා එයාගෙ ගාමන්ට් එකේ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්ද කියලා..”
“ඉතිං..”
“තාරුකා අක්කා කිව්වා එයාලගේ ගාමන්ට් එකේ මැෂින් ඔපරේටර් වේකන්සි තියෙනවා කියලා…ඕනේ නම් මාව ජොබ් එකට දාලා දෙන්නම් කිව්වා..”
උ/ඹ එහෙම කියද්දි නම් ඇත්තමයි මගේ ඉවසීමේ රතු කට්ට පැන්නා..ඒ කියන්නේ
උ/ඹ මේ සේරම දේවල් සැලසුම් කරලා තමයි මට මේ දේවල් ගැන කිව්වේ කියලා එකපාරටම මට හිතුනේ …
“ත/මුසෙට දැන් ද මේ දේවල් මට කියන්න මතක් උනේ…ජොබ් එකට ගිහිල්ලාම මට කියන්න තිබ්බනේ…”
“ඔයා හිතන විදිහේ දෙයක් මෙතන නෑ…මම ජොබ් එකකට යන්න හදන්නේ අපි හැමෝගෙම හොඳට…මාසේ තිස්සේ ඔයා නැහිලා හම්බකරන සොච්චම් පඩියට වඩා මට ගාමන්ට් ගිහින් හම්බ කරගන්න පුළුවන්…”
මට උ//ඹේ මේ ක්‍රියාකලාපය ගැන ඇති උනේ ලොකු සැකයක්.සිදු වෙන්න යන්නේ මොකක් හෝ සිදු නොවෙන්න ඕන දෙයක් කියලා මගේ හිතට දැනුනේ….
උ/ඹ කොහොමත් ස්වභාවයෙන්ම මුරණ්ඩු,හිතුවක්කාර ගැහැනියක්..
රස්සාවක් නොකර ගෙදර ඉඳගෙන උ/ඹ මේ විදිහට හැසිරෙනවා නම් රස්සාවක් කරලා ස්වාධීන වුන දවසකට කොහොම හැසිරෙයිද කියල මගේ හිතේ සාධාරණ සැකයක් ඇතිවුණේ…
ගැහණු කියන්නේ කූඩු කරලා කොටුකරලා තියන් ඉන්න ඕනේ ඕන ජාතියේ ,කොට්ඨාශයක් කියලා මම හිතනවා නෙමෙයි .
ඒත් උ/ඹ සහජයෙන් ම ගොඩක් මුරණ්ඩු දඩබ්බර ගැහැනියක්…
ඒ දේවල් උඹට නිකන්ම ලැබුන දේවල් නෙවෙයි. උ/ඹේ අම්මාගෙන් උඹට ජාන වලින් ලැබුන දේවල්…
“නෑ ත//මුසෙ ජොබ් එකකට යන්න ඕනේ නෑ…තමුසෙ ජොබ් කරාම කවුද මේ ළමයා බලාගන්නේ…”
උ//ඹේ මුහුණ වෙනස් වුනේ මම එහෙම කියපු ගමන්..උ/ඹ ඇහිබැමි හකුළුවා ගෙන මගේ දිහා බලාගෙන උන්නේ තරහෙන්…
“හරියට කන්න බොන්න අඳින්න දෙන්න පුළුවන් මිනිහෙක් කිව්වා නං කමක් නැහැ..හිඟා නොකා හිඟා කනවා.ඒ උනාට හිතන් ඉන්නේ මහා සිටුවරයෙක් කියලා..”
“අනේ ඇත්තමයි…ත//මුසෙලා වගේ ගෑනු..වෙන ගෑ/නු මිනිස්සුන්ට ශක්තියක් වෙනවා..ඒකට ත/මුසෙලා හැමදාම තමන්ගෙ මි/නිහාට ගරහනවා…”
“දිලංක මම දැන් මෙතන රණ්ඩු වෙන්න ආවේ නෑ….මම ජොබ් එකකට යන්න හිතුවේ අපේ අනාගතය ගැන හිතලා..දරුවාගේ අනාගතය ගැන හිතලා…තව තව පොඩ්ඩක් හිතල බලන්න අයියේ…”
උ/ඹ එහෙම නම් කිව්වේ යාප්පුවෙන් වගේ…..
ඒත් එක්කම එතනට ඇවිදන් ආපු අම්මයි චූටි පුතයි දැකලා උ/ඹේ කතාව එක පාරටම නැවතුනා…පුංචි පුතා ඉස්සරහා අඬදබර වෙන එක හොඳ නැති නිසා මමත් ඒ කතාව මොහොතකට නතර කළා..
“තාත්ති එන්න අග්කලා කන්න….”
චූටි පුතා අග්ගලා පිඟානත් අමාරුවෙන් උස්සගෙන ආච්චිත් එක්ක අපේ ළඟට ආවා…
“මම කෑවා තාත්තේ..මේවා හරිම ස..ස..යි…”
පුංචි පුතා ඇස් දෙකත් නටවා නටවා එහෙම කියද්දී හරිම හුරතල් කියලා මට හිතුණා …
පුංචි පුතා අම්මගේ අතේ තිබ්බ කොස් ඇට අග්ගලා දීසිය අරන් මගේ අතේ තිබ්බා..
පුංචි පුතාගේ හුරතල් දැක්කම හිතේ තියන ප්‍රශ්න සේරම එක මොහොතකට අමතක වෙලා යනවා වගේ මට දැනෙනවා..
පුංචි පුතාගේ ඒ හුරතල් මූණ,හුරතල් හිනාව,හුරතල් වචන මගේ ජීවිතය සතුටින් නහවනවා…
💔💔💔💔💔💔💔💔💔💔
දවස පුරාම දඟලලා දඟලලා පුංචි පුතා දැන් සැපට නිදි..නිදාගෙන ඉන්නකොට නම් පුංචි පුතා තරම් තවත් අහිංසකයෙක් මේ ලෝකෙටම නෑ වගේ…ඒත් ඇහැරුණාම නම් තවත් ඒවගේ දඟයෙක් හොයාගන්නත් බැහැ….
රෑ ගවුම ඇඳගෙන පුංචි කණ්නාඩී මේසේ ඉස්සරහා උ/ඹ හැඩ වැඩ වෙන අන්දම දිහා මම බලාගෙන උන්නේ පුදුමයෙන් වගේ…..
වෙනදත් උ/ඹ මේ විදිහට හැඩවැඩ නොවෙනවා නෙවෙයි..ඒ වුණත් උ/ඹ වෙනදා වගේ නෙමෙයි නෙත් කොනෙන් මගෙ දිහා බල බලා ඉවත බලාගන්නේ අමුතුම මායමක් පාන්න වගේ…
උ/ඹේ ඔය ඉඟිබිඟි මට නොදැනුනා නෙමෙයි…ඒ ඉඟි බිඟි නොදැක්කා වගේ ඉන්න මට අමාරු උනේ උඹේ ඉස්සරහා සිල් රකින එක මට හැමදාමත් අමාරු නිසා….
මම වැතිරිලා උන්නු ඇඳෙන් නැගිටලා උ/ඹේ ලඟට ඇවිදගෙන ගියේ උ/ඹේ මේ සැබෑ වෙනස ගැන පුදුමයෙන් වගේ….
උ/ඹ ළඟටම ගිය මම උ/ඹව වැළඳගත්තේ මල නොතලා රොන් උරා බොන බඹරෙක් වගේ….
වෙනදා මගේ සිප වැළඳ ගැනීම් අපහසුවෙන් ඉවසන උ/ඹ අද මට ඒවාට හරි හරියට අනුබල දෙද්දි මගේ හිතේ ඇතිවුණේ ලොකු කුතුහලයක්…
සිප වැළඳ ගැනීම් අහවර උනේ රසබර අනුරාගී මොහොතකින්…
උඹේ අතින් ඇඳ රෙද්ද මිරිකිලා යද්දි …
අපේ සුසුම් මොහොතකින් වේගවත් වෙද්දි..
මම උන්නේ උ/ඹේ සරාගී බවට වසඟවෙලා…
බොහෝ කාලයකින් උ/ඹ මේ දුන්නු රසබර මොහොතට මම උන්නේ වසඟ වෙලා වගේ..
මගේ අසනීපය දැනගත්තට පස්සේ උ/ඹ මට මේ විදියට උ/ඹේ කැමැත්තෙන්ම ලංවුනේ ම නැති තරම්…
වේගවත් සුසුම් මන්ද ස්වරයට පත් වෙලා ගියත් මම උන්නේ උ/ඹව තුරුලට අරගෙන…
මම උ/ඹේ නලල සිප ගත්තේ හිතට දැනුනු ආදරේ නිසාමයි…
උ/ඹ කොයි තරම් මුරණ්ඩු වුණත්…
උ/ඹ කොයි තරම් මට නපුරුකම් කලත් මම මේ තරම් උ/ඹ//ට වසඟ වෙන්නේ උ/ඹට තියෙන තියෙන ආදරය නිසාමයි..
ලස්සනට ආදරය කරන්න මම නොදන්නවා වෙන්න ඇති..
දුප්පත් නිසා ලස්සන ඇඳුම්,විලවුන්,ආභරණ අරන් දීලා මට උ/ඹ/ව සප්‍රයිස් කරන්න බැහැ තමයි…
ඉඳලා හිටලාවත් ලන්ච් අවුට් ,ඩිනර් අවුට් එක්කගෙන යන්න බැහැ තමයි .
එහෙම කියලා උ/ඹ/ට බැහැ මගේ ආදරේ අඩු ලන්සුවට තියන්න..
උ/ඹ මට මොන විදිහට සැලකුවත්,නපුරුකම් කලත් ,මම ඒ හැම දෙයක්ම අහස පොළොව වගේ දරාගෙන ඉන්නේ ඒ ආදරය නිසාමයි..
ගොඩක් අය හිතන්නේ ආදරේට කැපකිරීම් කරන්නේ,ඉවසන්නේ,හැමදේම දරාගෙන ඉන්නේ ගැහැණු හිත් විතරයි කියලා..
ගැහැනුන් විතරක් නෙමෙයි ආදරය වෙනුවෙන් පවුල වෙනුවෙන් හැම දුකක්ම වේදනාවක්ම ඉවසන දරාගෙන ඉන්න පිරිමිත් මේ ලෝකේ තවමත් ජීවත් වෙනවා….
අපි විවාහ වුණේ අවුරුදු ගාණක් ආදරය කරලා නෙමෙයි..අඩුම තරමේ මම උ/ඹ එක්ක විවාහ වෙනකොට උ//ඹේ ගතිගුණ වත් දැනගෙන හිටියේ නෑ…
ඒ වුනත් මම උ/ඹව දැක්ක මොහොතේ ඉඳලා උ/ඹ මගේ දරුවාගේ අම්මා වෙනකන් මේ මොහොත වෙනකම් මම උ/ඹට අසීමාන්තිකව ආදරය කරනවා..
උ/ඹ හැමදාම මේ විදිහට මගේ ආදරේට ආදරේ කරනවා නම් මම කොයිතරම් වාසනාවන්තද?.මම එහෙම හිතුවේ උ/ඹේ කොපුලක් ආදරයෙන් සිප ගන්න ගමන්..
“අයියේ..මම අර ජොබ් එකට යන්න ද?..හා කියන්න කෝ අයියේ..”.
උ/ඹ එහෙම කියාපු ගමන් මම එක පාරටම තිගැස්සිලා ගියේ උ/ඹේ මේ ආදරය ඊට අනුමැතිය ලබා ගන්න මවා පාපු බොරු ආදරයක් ද කියලා…
ගැහැනුන්ගෙ මායම් ඉදිරියේ පිරිමි හැමදාම රැවටෙනවා..ඒ රැවටෙන්නේ මෝඩ කමට නෙමෙයි..ආදරේට යි…මමත් හැමදාම උ/ඹේ මායම් වලට දපන් වැටෙන්නේ ඒ ආදරය නිසාමයි..
“එතකොට පුතාව බලාගන්නේ කවුද?..පුතා පව් කියලා හිතෙන්නේ නැද්ද සුදූ…”
මම එහෙම ඇහුවේ උ//ඹේ ඇස් දෙක දිහා බලන ගමන්…
උ/ඹ මගේ ළය මත හිස තියා ගත්තේ ඒත් එක්කමයි
“අම්මා පුතාව බලාගන්නම් කිව්වා අයියේ….”
“අම්මා කොහේ බලාගන්න ද?.අම්මා උදේ ඉඳන් හවස් වෙනකන් ඇඳුම් මහනවා…මම නම් හිතන්නෙ නෑ අම්මා ඒවා අතෑරලා පුතා බලාගන්න කැමති වෙයි කියලා…”
මගේ පපුවට හිස තබාගෙන උන්නු උ/ඹ හිස ඔසවලා මගේ දිහා ජයග්‍රාහි බැල්මක් …
“අම්මා කැමැති වුණා පුතාව බලාගන්න…”.
“මොනවා.අම්මා..”
“ඔව් මම අම්මගෙන් මේ ගැන ඇහුවා..අම්මා මුලදී අදි මදි කලා.පස්සේ හා කිව්වා..මම ජොබ් එකට ගියාට පස්සේ අම්මට ඇඳුම් මහන එකත් කරගන්න බැරි වෙනවා නේ..ඒ හින්දා මම අම්මට පොරොන්දු වුණා මගේ පඩියෙන් පන්දහක් දෙනවා කියලා..”
මම උ/ඹේ දිහා ඇස් අයාගෙන බලාගෙන උන්නේ මවිතයට පත් වෙලා..
ඒ කියන්නේ මේ හැමදෙයක්ම උ/ඹ දැනටමත් සූදානම් කරල තියෙන්නේ..අඩුම තරමේ අම්මවත් මට මේ කිසිම දෙයක් කිව්වේ නෑ..
අම්මයි තාත්තයි දෙන්නම උ/ඹ/ට මේ තරම් ආදරේ කරද්දි උ/ඹ අම්මවයි තාත්තවයි
මේ ගෙදරින් එළවන්න සැලසුම් කරපු හැටි මට මතක් උනා..
මෙතෙක් වෙලා උ/ඹ මට බොරු ආදරයක් පෑවේ මාව උ/ඹේ තීරණයට එකඟ කරගන්න කියලා මට ඒත් එක්කම හිතුනා…
මගේ පපුව මත හිස තියාගෙන උන්නු උ/ඹව මම මගේ පපුවෙන් පසෙකට කරේ උ/ඹ ගැන තරහවක්, මට මම ගැන අනුකම්පාවක් හිතිලා..
උ/ඹ මගේ දිහා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියේ මාව තේරුම් ගන්න බැරුව වගේ කියලා මට හිතුනේ..
මම දෑස් පියාගෙන මොහොතක් කල්පනා කරේ ආදරේ කියන්නේ මොන තරම් ලොකු දුකක් ද කියලා..මට තිබුණා උ/ඹ/ට ආදරේ නොකර ඉන්න…එහෙනම් මේ කිසිම දුකක් ගින්දරක් මට ලැබෙන්නේ නැහැ…
“අයියේ… අයියේ..ඔයා කැමතියි නේද?..හා කියන්නකෝ…”
ඇත්තටම මම උ/ඹට කොහොමද යන්න එපා කියන්නේ…මගේ අතේ උ//ඹට ආස කරන කිසිම දෙයක් අරන් දෙන්න සල්ලි නැතුව….
“අයියේ..ඇයි කතා නැත්තේ.මම වැරදි දෙයක් කරන්න නෙමෙයි නේ අහන්නේ…”
“ත//මුසෙගේ කැමැත්තක්…ත//මුසේ කොහොමත් කරන්නෙ මම කැමති දේවල් නෙමෙයිනේ..ත//මුසෙට ඕන දේවල් නේ…හැබැයි අර ත//මුසෙගෙ මහලොකු අම්මට කියනවා….මම නෙමෙයි ත/මුසෙව ජොබ් එකට යැව්වෙ කියලා..නැත්තං මේ ගමන කියාවි මම ත/මුසෙව ජොබ් එකට යවලා හම්බකරගෙන කෑවා කියලා…”
උ/ඹේ මූණට හිනාවක් ආවේ මම එහෙම කියනවාත් එක්ක…
“මගේ හොඳ අයියා..අයියා බයවෙන්න එපා..මම ඒ සේරම බලා ගන්නම්…”
උ/ඹ එහෙම කිව්වේ මගෙ පපුවට තුරුල් වෙලා…කොයි වෙලාවෙත් උ//ඹේ ආදරේ බලාපොරොත්තු වෙන මගේ හිත හරි ඉක්මනට උ/ඹේ උණුසුම සිප වැළඳ ගැනීමට අවනත වෙන්නේ මටත් හොරෙන්මයි..
උ/ඹ මට ඇත්තටම ආදරේද නැද්ද කියලා මම කල්පනා කලේ උ//ඹේ තුරුලේම ඉන්න ගමන්…
මට දැනෙන්නෙම උ/ඹ උ/ඹේ වාසියට මගේ හැඟීම් පාවිච්චි කරනවා කියලා….
“අයියේ..ඔයා හරිම හොඳ කෙනෙක්…මම ඔයාට ගොඩක් ආදරෙයි..”
උ/ඹ එහෙම කිව්වේ මගේ කොපුලකට උණුසුම් හාදුවක් දෙනගමන්..
“දැන් ඇති බටර් ගෑවා..ඔය බොරු ආදරය නවත්ත ගන්නවා සුදු ..දැන් තමුසෙට ඕනේ දේ උනා නේ…”
“ඒ ඉතින් ඔයා මම ගැන හිතන විදිහනේ…”
උ/ඹ එහෙම කිව්වේ තව තවත් මගේ තුරුලට එන ගමන්…උ/ඹේ ආදරේ ඇත්තක් වුණත් බොරුවක් උනත් හිත ඉල්ලන ආදරේ මේ විදිහට ලැබෙන කොට මම මගේ හිත කොහොම දරදඬු කරන් ඉන්නද?…
මම විසල් සුසුමක් පිට කළේ එහෙම හිතන ගමන්..
හමුවෙමු මීළඟ කොටසින්💔💔💔💔
කියවලා අහක බලාගෙන යන්නේ නැතුව ලයික් කමෙන්ට්ස් දාගෙන යන්න.