33 කොටස
දුහුල් තිර රෙදි අතරින් පෙරි එන ලා හිරු කිරණින් අකී සෙමෙන් අවදිවන්නට විය.තම ගතට දැනෙන මේ සනිපය කුමක්දො යැයි සිතමින් දෑස් විවර කල ඔහුට දැක ගත හැකිවුයේ තාමට තුරුලු වී හා පැටියෙක් මෙන් ගුලිවී නිදා සිටින ඇයයි..
සෙමෙන් තම දැගිලි ඇගේ හිස කෙස් අතරින් මෘදුවට යවන්න වුයේ ඇගේ කොපුලක් සිප ගනිමිනි.
තම හිසට දැනිනු පහසින් අවදි වුන තරුමිණි දැකගත හැකිවුයේ තමා තුරුල් කරන් තම හිස පිරිමදි ඔහුවය..
ම්….මගේ නිදි කුමාරි නැගිට්ටද.. කෝ…යමු වොශ් එකක දන් එන්න….
ඔයා..යන්න…මම පස්සේ වොශ් එකක් දාගන්නම් අයියේ ….
අනේ…බං…මෙන්න මේහෙ වරෙන් .
අකී ඇදෙන් නැගි සිට තුවායක් ගත දවටාගෙන තරුමිණි සිය දෑතට ඔසවා ගෙන නාන කාමරය පිය නගන්නට විය.
මැනික ඉක්මන්ට ඇදුම්ක් දාගන්න ඔයාට නැත්නම් සීතල අල්ලයි.
අකී ඇදුම්ක් ගත දවටාගෙන ඇද අසලට පැමිණියේ එය සැකසිම්ටය…ඇද ඇතිරිලි සකසමින් තරුමිණි විහිලු කරමින් සිටි ඔහු එකවර නිහඩ වූ නිසා තරූ ඔහු දෙස බලන්නට වුයේ ඔහු නිහඩ වුයේ මන්දැයි බැලිමටය.
අයියේ …………
ඇගේ හඩින් ඈ දෙසට ඔහු හැරෙන්නට වුයේ සෙමෙනි.
ඔහුගේ කදුලින් බරවු දෑස් දැක ඈ….
ඔහු අසල දිව ඇවිදින් ඔහුගේ දෑස් පිසදමන්නට විය..ඇයි අයියේ …මේ කදුළු……
ඔයාට මොකක් හරි වුනාද….
අනේ කියන්නකො…දෙයියනේ …බය නොකර…
අකී ඈගේ මුහුන පුරා සිය දෙතොල් අතුරා ඈ සිය තුරුලිහි මද වෙලාවක් තබා ගෙන සෙමෙන් ඇගේ දෑස් යහන මත යොමු කරන්නට විය..
ඈ..වසර විස්සක් පුරා රැකි ඇගේ පිවිතුරු බව හරි අපූරුවට ඒ සුදු පිරිවටෙහි රැදි තිබුණි..
අනේ…අ…අ..අයියේ …
පින් මගේ මැනික මම මේ වගේ දෙයක් කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ..ඒ කියන්නේ උබ නරකයි කියන එක නෙවෙයි …උබ වගේ පුංචි කෙල්ලෙක් ගෙන් මේ වගේ දෙයක් අනේ….මට හිතාගන්න බෑ….පණ…..
මේ..ආත්මේ විතටක් නෙවෙයි මතු ඉපදෙන හැම ආත්මෙකමත් මාගෙම වෙයන් මැනික ….මම මගේ පණටත් වඩා උබට ආදරේයි ..
මමත් එහෙම්මයි …ආශ්..අයියේ ..මන් මම ගන්න හුස්මක් හුස්මක් ගානේ ඔයාට තියන ආදරේ වැඩිවෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නෑ….මමත් ඔයාට කියා ගන්න බැරිතරම් ආදරේයි මහත්තයෝ …………
එන්න මැනික මට ඔයත් එක්ක කරන්න දෙයක් තියන්වා.
මේක අපේ ලැගෙජ් එකන් දාලා එන්නකො…
අකී සෙමෙන් බැල්කනියේ පුටුවකට බරදී…ඇගේ..පැමිණිම අපේක්ෂාවෙන් කල් මරන්නට විය…
එන්න..මැනික …ඕතන නෙවෙයි එන්නකො..මන් ලගට ….
අකී තරුමිණිව සිය උකුල මටන් ඉන්දවාගෙන ඇගේ නලලත දෙතොල් අතුරා ගැඹුරු හුස්මක් පිට කර සැරසෙන්නට විය.
මැණික මේ අහන්නකො..තාම ඔයාට වයසක් නෑනේ…ඒ නිසා අපි දැන්ම දරුවෙක් ගැන හිතන්න ඕනි නෑ…
මම දන්නවනේ..මගේ මැනිකට හිනයක් තියනවනේ..ම්..
ආ..ඉස්සෙල්ලාම මේ ලෙටර් එක බලලා.ඉන්නකො..
වාව්…අ..අයියේ …ඔයාට කොහෙනද..මේක…
මැනික අපි බෙහෙත් කරන්න ගියපු දවස වල මම ගයානයාට කියලා මේ හැම දේම ලෑස්ති කරා..මැනිකට මන් නිසා කැම්පස් ඇප්ලයි කරන්න බැරි වුණානේ ..ඒ නිසා මම ප්රයිවට් කැම්පස් එකට ඇප්ලයි කරා…නෙකස්ට් වීක් ඉදන් ඔයාට ස්ටාඩී…පටන් ගන්නවා…….ම්…ඔයාට නිදහසේ…ඔයාගේ ඔය වැඩ ටික කරගෙන ඔයාගේ හීනෙට යන්න තේරුනාද..අපිට පැන්චි ඉන්නවනේ….ඒ දැනට ඇති…
ම්..මැනිකට මොනාහරි අහන්න තියනවද…….
මේ..මේකයි…ඔයා ඇයි මේ හොටෙල් එකම ඇරෙන්ජ් කලේ…අපිට කොලම්බු වල ඉන්න තිබ්බනේ…..
ම්…එකද…අප්පේ.. අහන්න තිබ්බ ලොකුම ප්රශ්නේ ..
ම්…මේකයි…එදා….අපේ වෙඩින් එකට පස්සේ දවසේ…අපි මාලිගා ගියා මතකද…එදා…ඔයා මේ හොටෙල් එකෙන් යනකොට ඒ අයට කියලා ආවේ…මේ විදිහට රූම් එක හදන්න කියලා නේද….ඔයා හිතන් හිටියේ ..එදා….රෑට මට ආදරේයි කියන්න..නෙද……ම්…..
අ…..අ..අයියේ….ඔයා දන්නේ කොහොමද ….
මේ..මැට්ටි…මේ හොටෙල් එක කාගෙද කියලා දන්නේ නැද්ද …
ම්…මෙක.මගේ…හොටෙල් එකක් බං…මගේ හොටෙල් එකේ වෙන දේවල් මන් දන්නේ නැද්ද…ආ…
ආ…ආ ..මොකො…රතු…වෙන්නේ…..කරන්න හොදයි…කියනකොට තමා ලැජ්ජාව…..
තව වැදගත්ම දෙයක් මැනික .මම් මේ කියන දේවල් හොදට අහගන්න….අද රෑට අපේ ගෙදර පාර්ටි එකක් තියන්වා…ඔයා.දැන් මාත් එක්ක අපේ ගෙදර යන්නේ නෑ…ඔයා ඔයාලගේ අයියා එක්ක තමා පාර්ටි එකට එන්න ඕනි…ඔයා ඇවිල්ලා..කතා කරන්න ඔනි විදිහ ඉන්න ඕනි විදිහ හැමදේම අයියා කියයි…ඔය ඒ විදිහට හැම දේම කරන්න ඕනි…
අනේ..ඇයි…ඒ….
ශ්..ශ්…බය වෙන්න එපා අපිට කිසිම කරදරයක් වෙන්නේ නෑ……..
බය නොවී මන් කියන විදිහට වැඩ කරන්න….
එන්න අපි යමු….මාලිගවටත් ගිහින් ගෙදර …යන්..
ආ….එන්න ට්රිශා දු….. ෆැට්ට්රික් අයියේ එන්න….මම එත් බැලුවා පරක්කු මොකද…කියලා..දුව නම් ඉදේ ඉදන් මේහෙ වැඩවලට උදව් වෙලා ඉදලානේ ගියේ..
ආන්ටි ..අකී ලැන්ඩ් කරලාද…
ඔව්…දු…දැන් ටිකකය කලින්මට ගයාන් දරුවා කතා කලා එයලා දැන් එනගම්න් ලු….
එහෙන්ම් හරිනේ ආන්ටි ..අපි එහෙන්ම් ලයිට් ඔෆ් කරලා මම කිව්ව විදිහට වැඩ කරමු…..
හරි…දු…..