කාවින්දි ලියනගේ
🌻 30 වන දිගහැරුම 🌻
හිස දෙපසට සොලවමින් පියවරෙන් පියවර පිටුපසට තැබු ඈ එතනින් මෑත් වී දිවයන්න වුයේ .කේශ්වරගේ නෙත් විසල් වෙද්දිය ….
” අඩෝ නංගී ………..”
” ප්ලීස් බන් මන් වෙනුවෙන් එකිව ගිහින්
බලහන් .මන් කොහොමද යකෝ එකිගේ මුණ බලන්නේ ……” වසර දෙකක් පුරා ඇයට පැවසීමට බිය වු දෙය ඇයට සවන්වැකුණු බව නොරහසක්……කුමක් කල යුතුද කුමක් ඇයට පැවසීය යුතුද යන්න සිතාගැනීමට නොහැකි ඔහු සිතුවිලි අතර සිරවිය………
” මගුලක් කතා කරන්න එපා යකෝ..එ උබේ ගෑනි මොන ප්‍රශ්නේ උනත් එකිට දැන් ඕනි උබව මිසක් වෙන කෙනෙක්ව නෙවෙයි …..”
“මට බෑ මන් දෝණීගේ මුණ බලන්න .මාව අසරණ නොකර ගිහින් පොඩ්ඩක් බලහන් බන්….”
මිහිරාන් ඔහුට වෙන යමක් නොපවසා එතනින් ඉවත් වුයේ ..ඔහු නොපවසා වියන්ගයෙන් පවසන්න ඔහුට තනිවීමට අවශ්‍යබව වැටහුණ නිසාවෙනි ……
මීට වසර කිහිපයකට ඉහතදී මුහුණ පෑ අනපේක්ෂිත රිය අනතුරේ නිසාවෙන් ඔහුට සිදු කල සැත්කම අතුරු පලයක් ලෙස ඔහුට කිසි දිනක දරුවෙක් දයාද කිරිමට නොහැකි වුයේ දෛවයේ සරදමක් ලෙසය…..
” නංගී …….මන් පොඩ්ඩක් ඇතුලට එන්නම්”
මිගාර ඇගේ ඉකිබිදුම් හඩ සවන් වැකුනු කාමරයේන් ඉවත හිද අවසර බලාපොරොත්තු වුයේ ..මේ ඇයට සියලු දේ පැවසීමට සුදුසුම මොහොතක යැයි සිතිනු නිසාවෙනි ……….
ඇගෙන් පිලිතුරක් නොවු තැන දොර විවර කරගෙන කාමරයට පිවිසි ඔහුගේ නෙත ගැටුනේ ..කාමරයේ කොනකට වී බිම හිදගෙන දෙපා දණහිස් නවාගෙන එ මත හිස තබන් එකි බිදින ඇගේ රුවයි……
” නංගී ……”
දෙවරක් නොසිතා මිහිරාන් ඈ අසලින් බිම හිදගන්න වුයේ ඇගේ හිස සිය ලයට තුරුල් කරගනිමින් ය……
” මට ඔයාට අඩන්න එපා කියන්න බෑ දරුවෝ ..ඉසෙල්ලා ඔයා ඔයාට ඇති කියලා හිතන තරමක් අඩලා හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්න..මට ඔයාට කියන්න දෙයක් තියන්නවා……” මිහිරාන් ඇගේ හිස පිරිමදිමින් පවසන්න වුයේ ..ඇගේ ඉකිබිදුම තව තවත් වැඩි වෙද්දිය ……….
අඩ හෝරාවකටත් වඩා ඉකිබිදු ඇගේ ඉකිබිදුම සෙමෙන් සෙමෙන් නැවති යන්න වුයේ ..තවත් කදුලු දියකිරීමට තරම් සවියක් ඇ සතු නොවු නිසාවෙනි ……
” කෝ එන්න නංගී ..ඉසෙල්ලාම මේක බිලා ඉන්නකෝ..”
මිහිරාන් ඈ සිය ගතට වාරුකරගනිමින් යහන මතින් හිදවන්න වුයේ ..වතුර විදුරුවක් ඈ අත තබමින් ය….
“මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන් නේද..”ඈ අසලින් ම අසුන් ගෙන මිහිරාන් විමසන්න වුයේ දිගු කතාවකට මුල පුරමින් ය……….
ඈ කිසිවක් නොපවසා හිස පමණක් සොලවන්න වුයේ ඇයටද මේ දේවල් පිලිබද දැන ගැනීමට වුවමනා වු නිසාවෙනි ..
” මේකයි දෝණී මට ඔයාට මේක අඩන්නවත් දුක් වෙන්න එපා කියන්නවත් බෑ..මොකද කසාද බදින ඕනිම දෙන්නෙක් හීනයක් තමයි කවදාහරි දවසක තමන්ගේ කියලා දරුවෙක් මේ ලොකේට බිහි කරන එක…තමන්ගේ කියලා දරුවෙක් බිහි කරන්න බෑ කියන එක කසාද බැන්ද දෙන්නෙක්ට කොයිතරම් දුකයිද කියන එක මට නොතේරෙනවා නෙවෙයි .
ඔයාටත් වඩා එ ගැන කේශ්වරයා දුක් වෙනවා..මොකද ඌ නිසයි ඔයාට අම්මා කෙනෙක් වෙන්න බැරි . ඔයා වෙන කෙනෙක් බැන්දානම් ඔයාට දරුවෙක් බිහි කරන්න තිබ්බා කියලා ඌ සැහෙන්න විදවනවා ….
” අ…අයියේ …ම..මහත්තයාට ඇයි බැරි ම..මට තේරෙන්නේ නෑ මේවා. …”
” එක ගැන කියන්න තමයි මන් මේ ආවේ දෝණී ..ඔයා මේ දේවල් ගැන දැන ගන්න ඕනි..ඌ මේවා ඔයාට නොකියා හිටියේ ඔයාව රවට්ටන්න නෙවෙයි ..ඔයා පොඩි නිසා වගේම ඔයා මේ දේවල් දැනගත්තොත් ඌව දාල යයි කියලා ඌ බය උනා…….
මන් මෙහෙම ඉල්ලන එක අසාධාරණ ඇති .එත් දෝණී ඌව අතාරින්න එපා……”
” මේ හැමදේකටම මුල මන්…මගේ කාලකණ්ණියකම……ඔයා මගේ අප්පච්චී කවුද කියලා දන්නවනේ නේද…..
ඇන්ඩ්‍රියා ඇන්ටිට ආදිත්‍ය හම්බුනාට එයා සම්පූර්ණයෙන් වෙනස්ම කෙනෙක් උනා..ඉස්සර මට ආදරේන් හිටපු කෙනා මට ටික ටික වෙනස්කම් කරන්න පටන් ගත්තා ..අප්පච්චී එ හින්දා තමා මාව ලොකු තාත්තාගේ ගෙදර එහෙමත් නැත්නම් කේශ්වර උගේ ගෙදර මාව ගිහින් දැම්මේ …එතකොට ඌ මෙඩිකල් කොලේජ් යනවා..ඌයි මායි අතරේ වයස් පරතරේ ටිකක් වැඩි උනත් ඌ මට පුදුම විදිහට ආදරේ කරා…මන් පාඩම් කරන්න එහෙම මාර හොරයි..ඌ මන් පාඩම් කරනකන් මන් ලගින් හෙල්ලෙන්නේවත් නැ….කොහොම හරි ඌට පින් සිද්ද වෙන්න මන් එලේවල් ගොඩදාගත්තත් මට කැම්පස් යන්න මදි උන…ඊටපස්සේ අප්පච්චී මාව අයියා එක්ක ඇමරිකා යැව්වා..මට එහෙදි තමා මහේෂි හම්බ උනේ.එයාගේ තාත්තා නැතිවෙලා එයයි අම්මයි තමා එහෙ ජිවත් උනේ..කෙල්ල අපේ කැම්පස් එකේ මගේ බැජ්මේඩ් .ඇන්ටි මාර කට්ටක් කෑවා කෙල්ලට උගන්නන්න ..
කොහොම හරි අපි දෙන්නාට ගෙවල් වලින් කැමති උන නිසා .වෙඩින් එකක් නොගෙන එන්ගෙච්මන්ට එක විතරක් අපි ගත්තා …
එදා කොහොම හරි රෑ මහේෂිට දරුවා ලැබෙන්න ඇවිත් අමාරු උනා..අයියා තමා වෙහිකල් එක ඩ්‍රයිව් කරේ…එකපාරක් ලොකු ට්‍රක් එකක් කාර් එකේ වදිනවා විතරයි මතක…
ඊට මාස තුනකට පස්සේ මට සිහිය එද්දී……”
මිගාර යහනෙන් නැගි සිට ඉවතට පා තබන්න වුයේ සිය දෑසට ඉනු කදුලැලි ආයාසයෙන් සගාවාගනිමින් ය…..
” මගේ මැණිකයි ඉපදෙන්න හිටපු අපේ පැටියයි දෙන්නාම මාව දාල ගිහින් ……එදා මට හිතුනා ඇයි දෙවියයෙනේ මාත් මැරෙන්න නැතුව ඉතුරු උනේ කියලා…..”
” අ…අයියේ …..” අහිංසා දෑතින් සිය මුව වසාගන්න වුයේ ..මොහොතක ඇගේ සිහිය ගිලි හුනු බවක් දැනෙද්දීය ….
එතරම් විසල් වේදනාවක් . එයනම් තමන්ට සිතිමටවත් නොහැක . ඔහු එසෙනම් මේ නිසයි තමවත් විවාහ වී නොසිටින්නේ……
” කොහොම හරි මායි ලොකු මාස ගාණක් ට්‍රීට්මන්ට් කරලා තමා රිකවර් උනේ..මන් බලෙන් වගේ අයියා ලංකාවට එවලා මන් එහෙම හිටියේ ..මට අඩුම එයාලගේ මතක එක්කවත් ජිවත් වෙන්න ඕනි උන නිසා….
එ ඇක්සිඩන්ට් එකෙන් ලොකුට ටිකක් වැඩිපුර ඩැමේජ් වෙලා තිබුණ නිසා එයාට ඔපරේශන් කිහිපයක්ම කරා…එ කරපු එක ඔපරේශන් එකක සයිඩ් ඉෆෙක්ට් විදිහට තමා ලොකුට කවදාවත් දරුවෙක් හදන්න බැරි ..ඔයාට තාම මේ දේවල් එ තරම් තේරුම්ක් නැති නිසයි ..ලොකු ඔයාට මේ දේවල් නොකියා හිටියේ …….
අනික අයියා කොහොමත් හිතන් හිටියේ කවමදාවකවත් කසාද බදින්නේ නෑ..කියලා .ලොකු අම්මාගේන් බේරෙන්න බැරිම තැන තමයි ඔයාව මැරි කරන්න කැමති උනේ ..එකත් ඔයාට හොදට උගන්නලා දවසක ඔයාට හොද කෙනෙක් බන්දලා දෙන්න හිතන්..එකයි ඔය දෙන්නා මැරි කරත් ඔයලා අතර ෆිසිකල් රිලේශන්ශිප් එකක් ඇති නොවුනේ..එත් කාලයක් යද්දි එයා ඔයාට ආදරේ කරා..ඌත් හැගිම් දැනීම් තියන එකෙක්නේ දෝණී ..ඔයාට මන් ඉතුරු දේවල් කියන්න ඕනි වෙන එකක් නෑ කියලා මන් හිතනවා……
මෙතනින් පස්සේ ඔයාල දෙන්නාගේ මේ සම්බන්දේ ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔයාට …ඔයාගේ තීරණේ මොකක් උනත් මට විශ්වාසයි ඌ එකට දෙපාරක් නොහිතා කැමති වෙයි කියලා..එත් දෝණී මන් ඔයාගේ ඉල්ලන්නේ ඌව අතාරින්න එපා.මොකද ඔයා නැති උනොත් ඌ පිස්සෙක් වෙයි.මොකද ඌ එතරම් ඔයාට ආදරේයි …..” ඇගෙන් පිලිතුරක් ලැබීමට පෙර මිහිරාන්ර පිට වු ඇයට තනිවීමට ඉඩහසර ලබාදෙමිනි ……….
මතුසම්බන්ධයි ………
කතාව ගෙන්නකම් බලන් හිටිය ඔයලා නිසම හිතුවා තවත් පරක්කු නොකර කතාව දෙනවා කියලා….හොරු මොනදේ හොරකන් කරත් අපේ සිතුවිලි හොරකන් කරන්න බැනේ.