කාවින්දි ලියනගේ

🌬 නිසල සද මඩල 🌬

☁️ 09 වන කොටස ☁️

කෝපයෙන් නිවසින් පිට වු යුරාග් සිය මෝටරථය නවත්වන්න ධාවනය කරන්නට වුයේ .තමාට අයත් අධි සුඛෝපභෝගී නිවස සංකිර්ණයේ වෙතය. එහි රථ්ගාලේ සිය මෝටරථය නවතා ඔහු විදුලි සෝෆානය ගොඩ වැදුනේ තවමත් පහව නොගිය කෝපයෙනි..

” ඕ ශිට් මේ කාලකණ්ණිය ඇයි මේ අවුරුදු ගානකට පස්සේ ආයෙමත් අක්කාගේයි දෝණීගෙයි ජිවිත වලට ආවේ…මේක නිකන්ම නිකන් ආපු ගමනක් වෙන්න බෑ.මොකක්ද මේ පාර මු ගහන්න හදන්න ගේම් එක. ” සිය පෞද්ගලික නිවාසයේ වු කුඩා මිනි බාරයේ වු මත් පැන් බෝතලයක් අමු අමුවේ හිස් කරන අතරේ ඔහු කල්පනා කරන්නට විය……

” හෙලෝ.රයන්…”

” ඔව් උබ අපි තේනුක ගාවට දාල ඉන්න අපේ එකාගෙන් පොඩ්ඩක් උගේ මේ අලුතෙන් නටන්න හදන්න නාඩගම ගැන අහලා බලපන්..මන් හිතන්නේ මු එන්න හදන්නේ එච්චර හොද දේකට නෙවෙයි ..මොන දේ උනත් එකේ මෙයින් ටාර්ගට් එක කෙල්ල..

මතකනේ මන් උබලාට කියලා තියන දේ කෙල්ලට පොඩි සීරිමක් හරි උනොත් මන් තොපි එකෙක්වත් තියෙන්නේ නැ…..”

සිය දුරකථනය පසෙකින් තබා පාදය මේසය මතින් තබා ගෙන යුරාග් දෑස් වසා ගන්න වුයේ සිය නොසන්සුන් සිත් මදක් සන්සුන් කරගැනිමට ය…..

පැයක් නෑ ඊටත් වඩා අඩ අඩ හිටපු මට දන්නෙ ම නැතුව නින්ද ගිහින් කියලා මන් දැන ගත්තේ අම්මා ඇවිත් කතා කරද්දී…

අද උන දේවල් ගැන අම්මාගෙන් අහන්න ඕනි කියලා හිතුනත් අම්මාගේ අඬලා ඉදිමුණු ඇස් දැකලා මන් එ අදහස අතැරගෙන අම්මාගේ උකුලෙන් ඔලුව තියා ගත්තේ මට දාරාගන්න බැරි තරම් ඔලුව රිදෙන්න හින්දා..

” දෝණී මගේ පුතාට අම්මාගෙන් අහන්න දෙයක් නැද්ද පුතේ…”

එක සීරුවට මගේ හිස පිරිමදිමින ගමන් අම්මා මගෙන් එහෙම ඇහුවේ.අම්මටත් මගේ මේ නිහඬ බව දරාගන්න බැරි හින්දා වෙන්නැති ……

” දෝණී හැමදාමත් අහන තාත්තා එයා තමයි දෝණී තේනුක මංචනායක ..දැන් තේනුක රත්වත්තේ කියලා නම පාවිච්චි කරාට එයාගේ ඇත්ත නම තේනුක මංචනායක …

ඔයා මට වෛර කරනවද දෝණී ඔයාව එ මනුස්සයාගෙන් වෙන් කරා කියලා.” මන් අම්මාගේ උකුලෙන් නැගිට්ටේ විදුලියක් වගේ .අනේ අම්මා ඇස් දෙකේ කදුලු පුරවන් මන් දිහා බලන් ඉන්නේ පුදුම අසරණ බැල්මකින්.මට දැනුනේ මාව පුච්චනවා වගේ හැගිමක් .

” අම්මා මොනවද ඔයා මේ අහන්නේ එයා අපිව එපා කිව්වා මිසක් ඔයා එයාව දාල ආවේ නැනේ….” මන් අම්මාගේ ඇස් පිහින ගමන් කිව්වේ .අම්මා මාව තදින් එයාට තුරුල් කරගනිද්දී…..

” ඔයා එයා එන්න කිව්වොත් මාව දාල යන්නේ නෑ නේද……”

මන් අම්මාට උත්තරයක් දෙන්න හැදුවත් මන් දැක්කේ ඇස් දෙකත් රතු කරන් කාමරේ දොර ගාව ඉන්න එයාව……

” අක්කා ………….” එයා මහ සද්දෙට කෑගහන් ආවේ අම්මා මාව පැත්තට කරලා ඇදෙන් නැගිටිද්දි.

” ම..මල්ලි ඔ..ඔයා කොයිවෙලාවෙද ආවේ..”

” එකෙන් වැඩක් නෑ..මට කියනවා මොකක්ද තමුසෙ දැන් මේ දෝණීට කිව්වේ..ආ..මට කියනවා මොනාද එ මනුස්සයා ඇවිත් කිව්වේ ..මන් ඔයාට කියලා තියනවා අක්කි එ මනුස්සයාව මේ ගේට්ටුවෙන් ඇතුලට වද්ද ගන්න එපා කියලා ..එහෙම කියලා තියෙද්දිත් ඔයා එ මනුස්සයා ගෙන්න ගත්තා ..මන් දන්නවා මොන දේ උනත් එ ඔයාගේ මනුස්සයා කියන්න එත් .අපි මැරිලා ඉපදුනේ නෑනේද ඌ කරපුවා අමතක වෙන්න..

හරි එවගෙන් වැඩක් නෑ..ඌ මොනාද කිව්වේ .දෝණී ගැන මොනවා හරි කිව්වද.”

” නෑ..නෑ..එ ..එ..එයා දෝණීව බලන්න ආසයි කියලා විතරයි කිව්වේ.”

” ඉපදීච්ච ගමන් අතටවත් ගන්නේ නැතුව සත්තු වගේ ගෙයින් එලියට දාපු ලමයාව දැන් බලන් අහන්නේ ඌ රෙදි නැතුවද…..”

මුල ටික මහ සද්දෙට කියලා අන්තිම ටික එයාට විතරක් ඇහෙන්න බනින ගමන් එයා මන් දිහාවට හැරුනේ..මගේ දිහාවට ඇගිල්ලක් දික්කරන ගමන්….

” මන් මේ කියන එක හෝදට ඔය ඔලුව ඇතුලට දාගන්නවා..මන් කියන දේට පිටින් ගිහින් මාව මාරය කරගන්නේ නැතුව ….

අද ඉදන් තමුන්ට මේ ගෙදරින් එලියට යන්න් පුලුවන් මා එක්ක හරි රයන් එක්ක හරි විතරයි .ඔයාව උදේට ස්කෝලෙට දාලා හවස ගන්නවත් අපි දෙන්නාගෙන් කෙනෙක් එනවා..මොන හේතුවක්ටවත් මොන හදිසියකටවත් අපි දෙන්න නැතුව කොහෙ හරි ගිහින් තිබ්බොත් එ එලියට යන අන්තිම දවස වෙයි……”

” අනේ..මා..මාමේ….”

” ශ්….කතා බෑ මන් කියපු දේ එ විදිහට වෙන්න ඕනි තව විනාඩි දහයක් ඇතුලත තමුන්ට කාල්ස් තියන දවස එ කොහෙද කියටද පටන් ගන්නේ ඇරෙන්නේ කියටද කියලා ලියාලා ගෙනත් දෙනවා….අක්කා ඔයා පොඩ්ඩක් පහලට එන්න මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා…..”

ආලින්දයේ වු අසුනකට බර වෙමින් යුරාග් මොහොතක දැස් පියන් කල්පනා කරන්න වුයේ තමාට රයන් විසින් ලබා දුන් ඒ තොරතුරයි….

ඉදියේ පැවැත් වීමට නියමිත මහ මැතිවරණයේ පසු තේනුකට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට නම් ඔහුගේ දියණිය සිය පුතුට විවාහ කර දෙන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවයි…..

එය දැනගත් මොහොතේම ඔහු නිවස වෙත කඩිනමින් ලගා වුයේ .පෙරටත් වඩා ආරෝහිගේ ආර්ක්ෂාව තරකිරීමට සැලසුම් සකසමිනි…..

මතුසම්බන්ධයි