නව කතාව
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
විසි පස් වන චන්ඩිකම 🙅🙅
වෝඩ් එකෙන් ඇතුළට ආපු ඒ රූපෙ දැකපු ගමන්ම මං ගැස්සිලා ගියේ කර කියා ගන්න දෙයක් නැති වෙනකොට.බෙඩ් එක ලගට ඇවිදන් එන ඒ කෙනා දිහාම බලන් උන්නෙ වටපිටාව ගැනවත් ගානක් නැති වෙනකොට.
” දැන් හොදයිද?”
ඒ මූණ දිහාම බලා ගෙන අමාරුවෙන් කෙල පොදක් ගිල්ලෙ.කතා කර ගන්නවත් බැරි තරමට වචන හිර වෙලා.අමාරුවෙන්ම මං වචන ගලපන්න වුණේ.
” හො හොදයි “
” බෙහෙත් ගන්න සල්ලි තියද? “
” ඔ ඔව් “
ඒත් එක්කම අම්ම එතනට ආවෙ බෙහෙත් තුණ්ඩුවක් අතේ තියා ගෙන.
” පුතේ ඩොක්ටර් බෙහෙත් තුණ්ඩුවක් දුන්න.මං ෆාමසියට ගිහින් අරන් එන්නද?”
අභිරූ සර් දිහාත් බලල හිනා වෙන ගමන් අම්ම එහෙම ඇහුවෙ.
” අම්ම ගිහින් අරන් එන්න.මං නිශාදි ගාව ඉන්නම්.”
” මේ මහත්තය….”
” මං අභිරූ විජේසිංහ.නිශාදිගෙ බොස් “
” ආහ්,හරි මහත්තය මං ඉක්මනට ෆාමසියට ගිහින් එන්නම්”
” ආ…ඉන්න අම්මෙ “
එහෙම කියන ගමන් අභිරූ සර් සාක්කුවෙන් පර්ස් එක අරන් අම්ම දිහාට රුපියල් 5000ක් දික් කළේ.
” අනේ මහත්තයො සල්ලි තියනව”
” කමක් නෑ අම්ම.මේක තියා ගන්නකො “
එහෙම කියන ගමන් අභිරූ සර් බලෙන්ම වගේ අම්මගෙ අතෙන් සල්ලි ටික තිබ්බෙ.
මෙච්චර වෙලා සිද්ධ වෙච්ච දේවල් හීනයක්ද? හිතන ගමන් මං ඇස් දෙකත් ලොකුකරන් ඒ මූණ දිහා බලන් උන්නෙ.වෙනද දකින නපුරුකම ඒ මූණෙ රැදිල තිබුණත් ඒ තරම් සැර පාටක් ඒ මූණෙ නැති වග තේරෙනව.ඒ උනත් හැමදාම වගේ ඒ මූණෙ හිනාවක් නම් තිබුණෙම නෑ.
” කෑම කෑවද?”
එහෙම අහන ගමන් අභිරූ සර් පුටුවක් ඇදල අරන් වාඩි වුණේ.
” තාම නෑ අම්ම ආවම කනව “
” හ්ම්ම් හොදටම සනීප උනාම ඔෆිස් එන්න “
ආයෙමත් එහෙම කියපු අභිරූ සර් සාක්කුවෙන් ෆෝන් එක ඇදල අරන් ඔබන්න වුණේ මං ගැන ගානක්වත් නැතුව.කොච්චර ලස්සන උනත් වැඩක්යැ හිනාවක් නැති ඒ මූණෙ නපුරුකම උතුරනව.ඒත් විජේසිංහ සර් එහෙම නෑ.ඕන කෙනෙක්ට හොදට සලකනව.නිතරම හිනාව පිරුණු ඒ මූණෙ නපුරුකම ගෑවිලාවත් නෑ.ඒත් අභිරූ සර් ඊට වඩා ගොඩාක් වෙනස්.නිතරම රවන් ඉන්න එයා එක්ක කතා කරන්නත් බය හිතෙනව.සමහරවිට එයා එයාගෙ අම්ම වගේ වෙන්න ඇති.
එහෙම හිතන ගමන් මං ඇදෙන් බැස්සෙ වොශ් රූම් එකට යන්න ඕන වුණු නිසා.ඒත් අඩියක්වත් තියා ගන්න ඇගට පණක් නෑ.මුළු ඇගම කැක්කුමයි.අමාරුවෙන් අඩිය තියල නැගිට ගන්නවත් එක්කම.කැරකිලා ආයෙමත් ඇදටම වැටුණෙ.ඒත් එක්කම කව්රු හරි පැනල අත් බාහුවෙන් අල්ල ගන්නව දැනුණු නිසාම මං ඔළුව උස්සල බැලුවෙ.
” කොහෙ යන්නද? හදන්නෙ “
මූණට එබිල රවා ගෙන අභිරූ සර් එහෙම ඇහුවෙ ආයෙමත් අත් බාහුවෙන් අල්ලල ඇදේ වාඩි වෙන්න උදව් වෙන ගමන්.ඒත් මෙයාට කොහොමද ? ඒක කියන්නෙ.ලැජ්ජාව නිසාම බිම බලන් උන්නෙ සද්ද නැතුව.
” කණ ඇහෙන්නෙ නැද්ද? කොහෙද? යන්න ඕන “
ආයෙමත් අභිරූ සර් සද්දෙන්ම එහෙම ඇහුවෙ මාව ගැස්සිලා යද්දි.ඒත් නිහඩවම උන්නෙ සර්ට උවමනාව කියනන බැරි ලැජ්ජාවට.මං නිහඩවම ඉන්න නිසාදෝ එයත් සද්දයක් නැතුව ආයෙමත් පුටුවෙන් වාඩි වෙලා ෆෝන් එක ඔබන්න වුණේ. ඒ නිසා මාත් සද්ද නැතුව වෝඩ් එකට එන පාර දිහා බලන් උන්නෙ අම්ම හරි රශී හරි එනවද? කියල.එහෙම උනොත් එයාලත් එක්ක වොශ් රූම් එකට යන්න පුළුවන් නිසා.
තවත් නම් ඉන්න බෑ.අම්මවත් රශීවත් පේන තෙක් මානෙකවත් නෑ.මෙතනම චූ ගියොත් එහෙම නොකිය හිටියටත් වඩා ලැජ්ජාවක්.😄 එහෙම හිතන ගමන් ආයෙමත් ඇද විට්ටමට අත බර කරල නැගිටින්න හැදුවෙ.මුළු ඇගම තලා දාල වගේ.හෙල්ලෙන්නවත් බෑ.
” ස ස ර් මට වො වොශ්…..”
එච්චරයි කියන්න වුණේ අභිරූ සර් නැගිටිල එක අතක් මගෙ බද වටෙන් දාල අනිත් අත මගෙ මගෙ කකුල් දෙක යටින් දාල මාව උස්සල ඒ දෝතට ගත්තෙ මුළු ඇගම හිරි වැටිල යද්දි.කිසිම සද්දයක් නැතුව එයා වෝඩ් එක දිගේ ඇවිදන් ඇවිත් වොශ් රූම් එක ගාවට ඇවිදන් ආවෙ.මාව දොර ගාවින්ම බිමින් තියල ආයෙමත් අනිත් පැත්ත හැරිල ෆෝන් එක ඔබන්න වුණේ.
මං දොර ඇරන් ඇතුළට ගිහින් එළියට එනකොටම ආයෙමත් මාව උස්සල දෝතට ගත්තු අභිරූ සර් වෝඩ් එකට ඇවිදන් ආවෙ.අපි එනකොට රශී ඇද ගාව හිට ගෙන බලන් ඉන්නව මුළු කටම ඇර ගෙන,ඇස් දෙකත් ලොකු කරන්.එක පාරටම හිනා යන්න ආවත් තද කරන් උන්නෙ සර්ට කේන්ති ගිහින් මාව බිමට අත අරියි කියන බයටම.
මාව පරිස්සමට ඇද උඩින් තිබ්බ අභිරූ සර් කොට්ටය ඇද විට්ටම හේත්තු කරල මගෙ උරිස් දෙකෙන් අල්ලල කොට්ටෙට හේත්තු කළේ.රශී තාමත් කට ඇර ගෙන සර් දිහාම බලා ගෙන ඉන්නව පිටසක්වල ජීවියෙක් දිහා බලන ගානට.
” රශී ඔයා දැන්ද? ආවෙ “
සර් ඒකිව දකින්න කලින්ම මං එහෙම ඇහුවෙ.
” අහ්,ඔව් නිශා මං බත් එකක් ගෙනාව.අපි කමුද? “
මං හිනා වෙලා ඔළුව වනපු නිසා රශී බත් පාර්සලේ ලෙහන්න වුණේ.
” මං ගිහින් එන්නම් නිශාදි උවමනාවක් තිබුණොත් ඇසලට හරි ධනුකට හරි කියන්න “
මගෙ මූණ දිහා බලපු අභිරූ සර් එහෙම කියල ආපස්ස හැරිල යන්න වුණේ.
” පුහ්,😏 ඒ ගෑස් එක බලපංකො “
සර් යනවත් එක්කම ඒ දිහාම බලා ගෙන රශී කටත් එහෙක් කරල ටිකක් සද්දෙන් එහෙම කිව්වෙ.ඒත් එක්කමයි වගේ අභිරූ සර් ආයෙමත් අඩියක් විතර පස්සට ඇවිත් ඇද ගාවට අවිදන් ආවෙ රශී දිහා බලල හැටට හැටේ රවන ගමන්.
ඇද ගාවට ඇවිදන් ආපු අභිරූ සර් සාක්කුවෙන් ඇදල ගත්තු පර්ස් එකෙන් දාහෙ කොළ දෙක තුනක් නවල මගෙ උකුල උඩට දාල ආයෙමත් යන්න වුණේ ආපස්සවත් නොබල.සර් වෝඩ් එකේ නොපෙනී යනකම්ම බලන් උන්නු රශී ආයෙමත් කතා කරන්න වුණේ ඒ දිහාත් මගෙ මූණ දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.
” ඈ බං මොකාද? ඒ බකමූණ 😯 බලපංකො ඔහෙක් කර ගෙන ගිය හැටි” 😏
අත් දෙකත් එහෙ මෙහෙ කරන ගමන් රශී කියපු විදියට මටත් හිනා.
” කට වහන් හිටපං බං.ආයෙ ආවොත් එහෙම.ඒ අභිරූ සර්”
” අප්පට සිරි ඒ හැක රැල්ලද?🤣 ඒක තමයි දෝලාවෙන් වැඩල වගේ හිටියෙ ” 😏
නැවත හමුවෙමු.👋👋
Like එකක් දාන් යන්න වස්තුලා