බැඳීමක් නැති මුදුවක්
29 වන කොටස
“ත/මු/සේ මොකටද මෙහෙ ආවේ?”
නැන්දම්මා හැමදාම වගේ අදත් මගෙ ඇඟට කඩන් පැන්නේ මාව පිට මනුස්සයෙක් ගානට දාලා..
“මට මෙහේ එන්න කිසිම උවමනාවක් නෑ නැන්දම්මේ…මම මෙහේ ආවේ මගේ ගෑ/නිව එක්ක යන්න…”
“සුදුට එහෙ ඉන්න බැරි නිසයි මෙහේ ආවේ..”
නැන්දම්මා එහෙම කියනකොට මගේ ඇස් දෙක ලොකු උනේ උ/ඹ/ට එහෙ ඉන්න බැරි වෙන්න එකපාරටම සිද්ධ වුණේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව…
“ඇයි එහේ ඉන්න බැරි වෙන්න මොකක්ද වුනේ?..”
මම එහෙම ඇහුවේ උ/ඹ දිහා බලාගෙන..
මම එහෙම අහනකොට උ/ඹ එක පාරටම කලබල උනා වගේ කියලා මට දැනුනා….
මෙතෙක් දවස් හොඳට හිටපු උඹට එක පාරටම මොකක්ද මේ සිද්ධ වුණේ?..
ඇයි උ/ඹ ආයෙමත් අපේ ගෙදර එන්න බෑ කියන්නේ.මගේ හිතේ ඇති වුණේ ලොකු චකිතයක්..
“මට එහෙ ඉන්න බෑ…”
“හරි ඉතින් ඉන්න බැරි වෙන්න හේතුව මම අහන්නේ …”
උ/ඹේ අතේ උන්නු චූටි පුතා ආයෙමත් අඬන්න ගත්තේ මගේ දිහා බලන ගමන්.පුංචි පුතාට තාත්තා ළඟට එන්න ඕන උනත් එන්න දෙන්නැතුව හිරකරගෙන තද කරගෙන ඉන්න නිසා පුංචි පුතා හුස්ම අල්ලන්නේ නැතිව අඬනවා.නිකරුනේ පුංචි පුතා අඬවනවා.මගේ හිතේ ඇතිවුණේ පුදුම තරහවක්…
මගේ ඉවසීමේ සීමාව පැනලා මම උ/ඹේ අතේ උන්නු චූටි පුතා පුතාව මගේ අතට ගත්තෙ බලෙන්ම වගේ.පුංචි පුතාගේ ඇඬුම නැවතුනේ මම පුංචි පුතාව අතට ගන්නවත් එක්කම ….
ලොකු මිනිසුන්ගේ වැරදි වලට හයක් හතරක් නොතේරෙන පුංචි කිරි දරුවන්ට නිකරුනේ දුක් දෙන උ/ඹ ගැන මට ඇති වුණේ වචනයෙන් කියන්න බැරි තරම් ලොකු තරහවක්..
“නෙහාරා..මාව නරක මිනිහා කරවන්නේ නැතිව මට කියනවා ත//මුසෙට එහෙ ඉන්න බැරිවෙන්න මොකක්ද සිද්ද උනේ කියලා..”
“සිද්ද වෙච්ච දේවල් දැන් වැඩක් නෑ…ඉස්සරහට අපේ දරුවට දුක් විදින්න අපි දෙන්නේ නෑ.උ/ඹ මෙහෙට වෙලා ඉදපන් දුවේ..අපිට උ/ඹ වැඩි නෑ…”
උ/ඹේ අම්මා අපි දෙන්නාගෙ මැද්දට පැනලා එහෙම කිව්වා ..පුදුම අම්මා කෙනෙක් තමයි.වෙන අම්මලා බලන්නේ තමන්ගේ දරුවන්ගේ දරු පවුල රකින්න..ඒකට මේ අම්මා..ඒ දවස් වල ඉඳන්ම උත්සාහ කළේ අපේ පවුල සුණු විසුණු කරල දාන්න.
“මේ නැන්දම්මේ ඔයා ඔයාගේ පාඩුවෙ ඉන්න..මම ඇහුවේ නෙහාරාගෙන්…”
“මේ දිලන්ක ඔයා අපේ අම්මට කතා කරන්න ඉගෙන ගන්න….”
“තව කොහොම කතාකරන්නද?මම හින්දම මෙච්චර කල් මෙහෙම ඉවසන් හිටියා..වෙන මි//නිහෙක්ව බැඳල හිටිය නම් අම්මට ඒ දුවටයි දෙන්නටම වෙන්නේ දත් නැතුව බත් කන්න….මටයි මගේ ගෑ/නිටයි මේ ප්‍රශ්න විසදගන්න දීලා නැන්දම්මා පැත්තකට වෙලා ඉන්න…”
මම එහෙම කිව්වා විතරයි උ/ඹේ අම්මා මගේ දිහා බැලුවේ තරහෙන් මාව දවා අළු කළ හැකි බැල්මක් යොමු කරන්..
“මේක අපේ ගෙදර…ත//මුසේ කවුද අපේ ගෙදර ඇවිල්ලා අපිට ඔහොම කතා කරන්න…මේ ගෙදරින් එළියට බැහැලා ප//ලයන්…”
“මම මේ ගෙදරට ආවේ බින්න බහින්න නෙමෙයි..මගේ ගෑ//නිව ගෙදර එක්ක යන්න මං ආවේ..කාගෙවත් ලොකුකම් බලන්න මට ඕනේ නෑ..මට කියනවා එහෙ ඉන්න බැරි වෙන්න මොකක්ද සිද්ද වුනේ කියලා..”
“ත//මුසෙගෙ අම්මයි තාත්තයි එක්ක මේ දරුවාට ඒ ගෙදර ජීවත් වෙන්න බෑ..උන් දෙන්නා බලන්නේ කොයි වෙලාවෙත් මගේ දරුවා ආණ්ඩු මට්ටු කරන් ඉන්න…”
උ//ඹේ අම්මා එහෙම කියද්දි නම් මගේ ඇස් දෙක විසල් වුණේ ඔය කියන විදියේ කිසිම වෙනස්කමක් උ//ඹට මගේ අම්මගෙන් තාත්තාගෙන් සිද්ධ නොවිච්ච නිසා.
මගේ අම්මටයි තාත්තටයි දුවෙක් නොහිටපු නිසා ඒ දෙන්න හැමදාම උ//බට සැලකුවේ දුවෙක්ට වගේ..කවදාවත් මොනම ප්‍රශ්නයකදි වුණත් ගත්තේ මගේ පැත්ත නෙමෙයි උ/ඹේ පැත්ත.
උ/ඹේ වැරදි ගැන කවදාවත් මට කේලම් කියන්න ඇවිල්ලා නෑ..
එහෙව් අම්මට යි තාත්තා ටයි නේ උ/ඹ මේ විදිහට චෝදනා කරන්නේ…..
මම එහෙම කල්පනා කරේ උ/ඹේ දිහා බලාගෙන..
“අනේ මේ නැන්දම්මේ..මගේ ජොබ් එක නැතිවුන දා ඉඳන් මට සතෙක්ට වගේ සැලකුවේ ඔයගොල්ලො තමයි..අපේ අම්මයි තාත්තයි කවදාවත් නෙහාරා ට කිසිම වෙනස්කමක් කළේ නෑ..හැමදාම ගත්තෙ නෙහාරගේ පැත්ත..”
“අනේ මේ..දිලංක..ඔයා මොනවද ගෙදර වෙන දේවල් දන්නේ..ඔයා ගෙදර එන්නෙ සතියට පාරයි..ඒ ගෙදර මම විදින දුක දන්නේ මන් විතරයි..ඒ දෙන්න කොයි වෙලාවෙත් මාත් එක්ක රණ්ඩු වෙනවා.මට තව ඉවසන්න බැහැ..මට මෙහේ ඉන්න දෙන්න..”
උ/ඹ කොයි තරම් එහෙම කිව්වත් මගේ හිත ඒ දේවල් පිළිගත්තෙ නැත්තේ මම උ/ඹ ගැනත් අපේ ගෙදර උදවිය ගැනත් හොඳාකාරයෙන්ම දන්න නිසා…
“මට ඔය බොරු අහන්න ඕනේ නෑ…සුදු කරුණාකරලා මේ දැන්ම ඔය දරුවා අරගෙන මාත් එක්ක ගෙදර යන්න ලෑස්ති වෙනවා…”
“ඔය මහා ජෝඩුව ගෙදරින් පන්නන කම් මම මගේ කෙ//ල්ලට එහෙට යන්න දෙන්නෙ නෑ…අපි දරුවෝ හැදුවේ නිස්කාරනේ දුක් විඳින්න නෙමෙයි…”
උ/ඹේ අම්මා එහෙම කියද්දී නම් තවත් මට ඉවසන්න බැරි වුණා..අම්ම කෙනෙක්ට පුලුවන්ද තවත් අම්මා කෙනෙක්ව පාරට දාන්න කියලා කියන්න..මේ නම් කිසිම මනුස්සකමත් දන්නේ නැති පවුලක්…
“ඔයත් අම්මා කෙනෙක් නේද?..ඔයාට පුලුවන්ද තවත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ගෙදරින් පන්නන්න කියලා කියන්න…ඔයාට දවසක තේරෙයි ඔයාගේ පුතා ඔයාට ඒ වගේ දෙයක්/කළොත්.නැන්දම්මේ ඔයා තමයි හැමදාම අපේ පවුලට ප්‍රශ්න ගේන්නේ..මම සුදු මෙහෙට එව්වේ එයාත් එයාගේ අම්මා තාත්තා බලන්න ආසයි නේද කියලා..කරුණාකරලා ඔයා ඔයාගේ පාඩුවෙ ඉන්න..”
නැන්දම්මා තවත් මොනවද කියන්න උත්සාහ කළා..
“සුදු ඔයාගේ අම්මට කටවහගෙන ඉන්න කියන්න…ම//නුස්සයෙක්ට හැමදාම එක වගේ ඉවසන්න බෑ..”
“හරි අම්මා සද්ද නොකර ඉන්නකෝ..අපි මේක විසඳගන්නම්.”
උ/ඹ එහෙම කිව්වම උ//ඹේ අම්මා සාලෙන් පිට වෙලා කුස්සියට ගියේ මගේ දිහා බලාගෙන ගස්සගෙන…
“සුදු මේ මොකක්ද ත/මුසෙට වෙලා තියෙන්නේ…ඇයි මාව මේ විදියට ත/මුසෙගේ ගෙදර මිනිස්සු ඉස්සරහා පාච්චල් කරවන්නේ…”
මම එහෙම ඇහුවේ උ/ඹේ ඇස් දෙක දිහා එකඑල්ලේ බලාගෙන..මටත් දැන් ඇත්තටම මේ හැම දෙයක්ම එපා වෙලා..මේ දරුවා නැත්නම් ඇත්තටම මම මේ තරම් ඉවසන්නේ නෑ නෑ..
“මට එහෙ ඉන්න බැහැ..එක්කෝ මාව කුලී ගෙදරකට ගෙනියන්න..”
“ත//මුසෙට පිස්සුද සුදු..ගෙවල් දොරවල් තියෙද්දි මොකටද කුලි ගෙවල් අස්සේ රිංගන්න යන්නේ.කුලී ගෙදරකට ගියොත් තනියම සේරම කරගන්න වෙන්නේ.අම්මා තමුසට කොච්චර උදව් කරනවද?ගෙදර දොරේ වැඩ සේරම කරන්නේ අම්මා..දරුවාගේ වැඩ කරන්නත් අම්මා උදව් වෙනවා…එච්චර උදව් කරන ඒ මිනිසුන්ව ඇයි නැති කරගන්න හදන්නේ”
මම එහෙම කිව්වම උ/ඹ මොහොතක් නිරුත්තර වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියේ…
“දරුවා ගැන හිතලා දැන්වත් අපි හොඳින් ඉමු සුදු ..මම කියන දේ අහලා හොඳ ළමයා වගේ ගෙදර යන්න ලෑස්ති වෙන්න..”
උ/ඹ කිසිම පිළිතුරක් නොදොඩා නිහඬව කල්පනා කරන්නට වුණා..
“දැන් ඔය කල්පනා කරා ඇති..අපි ගෙදර යමු..ඔයා ගිහින් ලෑස්ති වෙන්න..මම එතකම් පුතාව බලාගන්නම්..”
උ/ඹ කිසිවක් නොදොඩා ගේ ඇතුලට ගියා..වැඩි වෙලාවක් නොගෙන උ/ඹ ලෑස්ති වෙලා ආවේ මාව පුදුමයට පත් කරලා..
අපි ටැක්සි එකක් අරන් පිටවෙලා එනතුරු උ/ඹේ අම්මා නම් ආයෙමත් අපිට මුහුණ දෙන්න වත් ආවේ නැහැ..
පුදුම උද්දච්ච ගැහැණියක්.තමන්ගේ දුවගේ ජීවීතයට වඩා නෙහාරාගේ අම්මාට පුහු මාන්නේ මහන්තත්වය ලොකුයි..
මේ වගේ අම්මලා අම්මා කියන නමටත් නිග්‍රහයක් මම ගෙදර යනතුරු උ/ඹේ අම්මාට හිතින් දොස් නැගුවා..
💔💔💔💔💔💔💔
කාලය වේගයෙන් ගත වෙලා ගියේ හීයක් වගේ..පුංචි පුතා ලොකු වෙන්නේ බලාගෙන ඉන්නකොටමයි..
පුතෙක් කියන්නේ තාත්තෙක්ට ලොකු ආඩම්බරයක් කියලා මට තේරුණේ මගෙ පුන්චි පුතා ටික ටික උස් මහත් වෙද්දි..
උස් මහත් වෙන්න වෙන්න පුංචි පුතා මගේ කපාපු පලුව වගේ කියලා ගමේ හැමෝම කිව්වේ..
ඉස්සර නිවාඩු දවසේ ගෙදර ආපු ගමන් නිදා ගත්ත මට දැන් ඒ වගේ නිදාගන්න හම්බ උනේ නැත්තේ පුතා එක්ක සෙල්ලම් කරන්න කියලා මට පුංචි පුතාගෙන් බේරුමක් තිබුණේ නැති නිසා.
“තාත්තේ නමු අපි බෝල ගාන්න..”
ඇඟපත සෝදාගෙන ගෙට ගොඩ උන ගමන්ම පුංචි පුතා මගේ ළඟට දුවගෙන එන්නේ බැට් එකයි බෝලයයි අරගෙන…
“පුතේ තාත්තක් ගෙදර ආපු ගමන්මනේ..තාම අවුවත් එක්ක..හවස් වෙලා අව්ව අඩු වුනාට පස්සේ ක්‍රිකට් ගහන්න හැමදාම ඔහොම තමයි..සෙල්ලම් කරද්දි අවුට් වුණාම මහා හයියෙන් බෙරිහන්
දීගෙන අඬනවා..බෝල ගහන්න පුතා කැමැති ම නැහැ .පුතා කැමති බැට් කරන්න විතරයි..
“එහෙනම් පුතා තව ඕවර් පහක් විතරයි..තාත්තා ට දැන් මහන්සියි…”
“හලි ඕලර් පායි…”
චූටි පුතා අතේ ඇඟිලි පහ පෙන්නලා හයියෙන් උඩ පනිමින්..සතුටු වුණ හැම වෙලාවකම චූටි පුතා උඩ පැන පැන අත්පුඩි ගහන්නේ පුරුද්දකට වගේ..
චූටි පුතා ආයෙමත් බැට් කරන්න පටන් ගත්තා…
“තාත්තී හයායි…හතලායි..”
වේගයෙන් අත දිග ඇරලා පන්දුවලට ගහමින් පුතා එහෙම කෑ ගහනකොට හරිම හුරතල්..පුංචි පුතා ඉපදුණාට පස්සේ අපි හැමෝගෙම ජීවිත නැවුම් වෙලා වගේ…
“අයියේ තේ අරගෙන ආවා ..බීලා ඉන්න..””
උ/ඹ මගෙයි චූටි පුතාගෙයි තේ කෝප්ප දෙක අරගෙන එතනට ආවේ..
“අම්මේ..බබාතයි තාත්තිටයි තේ අපා.අම්මි ගෙත යන්න.
ක්‍රිකට් සෙල්ලම නවත්තන්න වෙයි කියලා චූටි පුතා තේත් එපා කියලා අම්මා ව ගේ ඇතුලට එලවන්න හදනවා.
“පෙනේද තාත්තා ගෙදර ඉන්නකොට අම්මි ඕනේ වත් නැහැ..දැන් ඇති පුතා සෙල්ලම් කරා..තාත්තා තේ බොන්න ඕනේ..පුතාත් තේ බොන්න ඕනේ….අන්න ආච්චි කොස් ඇට අග්ගලා හදනවා..ගිහින් කන්න..”
කොස් ඇට අග්ගලා කිව්වා විතරයි චූටි පුතාට ක්‍රිකට් සෙල්ලමත් අමතක උනා..
“ඉන්න තාත්තේ මම ආච්චාගෙන් ඉල්ලම් එන්නම්..”
පුංචි පුතා ගේ ඇතුලට දුවගෙන ගියේ කලබලෙන් වගේ…
මම ගේ ඇතුළට දුවගෙන යන චූටි පුතා දිහා බලාගෙන තේ කෝප්පය තොල ගාන්න ගත්තා..
“අයියේ මම ඔයා එක්ක ටිකක් කතා කරන්නේ කියලා හිටියේ..”
උ/ඹ එහෙම කිව්වේ වටපිට බලමින් ඒ ඇතුළේ ඉඳන් කවුරුහරි එලියට එනවද කියලා පාර බලමින් වගේ..
උ/ඹ මේ අර අදින්නේ මොකටද කියලා මම කල්පනා කරමින් මම උ/ඹේ දිහා බලාගෙන උන්නේ මොහොතක්..
“අයියේ..ඔයා ඔය හම්බ කරන පඩියෙන් දැන් ජීවත් වෙන්න අමාරුයි..දැන් හැමදේම ගොඩක් ගනන්.පුතත් ඉන්න නිසා වියදම් වුනත් සැරයි..”
“ඔව්..ඒක එහෙම තමයි..ඒත් අපි පුළුවන් විදියට ජීවත් වෙමු සුදූ..”
මම එහෙම කිව්වේ උ/ඹේ මූහුණ දිහා බලාගෙන..අද උබේ ඇස් වල වෙනදා වගේ නෙමෙයි..ලොකු වෙනසක් මම දැක්කේ…ඒ ඇස්වල බලාපොරොත්තු පීදිලා තිබුණා ..
“හැමදාම මෙහෙම ජීවත් වෙන්න බැහැ අයියේ..අලුතින් ඇඳුමක් ගත්ත කාලයක් මතක නැහැ.හැමදාම මෙහෙම ජීවත් වෙලා බෑ..මම තීරණයක් ගත්තා..”
“තීරණයක් ඒ මොකක්ද?..”
උ/ඹේ මේ තීරණය මොකක්ද කියලා මම කල්පනා කරන්න ගත්තේ ලොකු කුතුහලයකින්.
“මම රස්සාවකට යන්න තීරණය කළා..”
“රස්සාවක්..ඒ ගමන් එක පාරට හැදිච්ච පිස්සුව මොකක්ද ?.”
මම එහෙම ඇහුවේ උ/ඹේ දිහා බලලා මවිතයෙන් වගේ..
මෙතෙක් දවස් ප්‍රශ්නයක් නැතිව නිදහසේ හිටියා .උ/ඹ ඒ ගමන මේ සූදානම් වෙන්නේ අලුත් ප්‍රශ්නයක් ඇතිකරන්නද ?….
උ/ඹ මේ හදිසියේම යන්න සූදානම් වෙන රස්සාව මොකක්ද ?..
උ/ඹ රස්සාවට ගියාම අපේ චුටි පුතාව බලාගන්නේ කව්ද මම එහෙම කල්පනා කරේ අහස පොළව ගැට ගහන්න වගේ..
හමුවෙමු මීලඟ කොටසින් 💔💔💔💔💔💔
අහක බලාගෙන යන්නේ නැතුව ලයික්,කමෙන්ට්ස් දාගෙන යන්න