කාවින්දි ලියනගේ

🌻 29 දිගහැරුම 🌻

දින සති මාස ගෙවෙමින් නොදැනිම වසරක් ගත වී යන්න වුයේ ..අහිංසා සිය දෙවන වසරේ අධ්‍යානය කටයුතු නිමා කරද්දිය ..

ගත වු වසරක කාලය තුල බොහෝ සිදුවීම් සිදු විය..ලංකාධීරගේ මැදිහත්වීම මගින් අහිංසාට සිදුවු ආදිත්‍යගේ කරදර නිමා වුවා සේම.ඔහු ඇන්ඩ්‍රියා දික්කසාද කර ආදිත්‍ය හා ඇමරිකාව බලා පිටත්කරහරින්න වුයේ නැවතත් කිසිම දිනක ඔවුන්ට සිය පවුලේ කිසිවෙකුට කරදරයක් කිරිමට නොහැකි වන ලෙස රහසේ කටයුතු සකසමිනි …

එසේම සිදු වු තවත් වැදගත්ම සිදුවීම වුයේ වසර ගණනාවක් ලංකාධීර හා ඉරුගල්බණඩාර වලව්ව අතර පැවති අමනාපකම් දුරුවී නැවත එම පවුල එකතු විය..

එක් සන්ද්‍යාවක මිගාර කේශ්වරගේ නිවසට ගොඩ වී ඔහු හා කතා බස් කරන්න වුයේ අහිංසා හමුවී කතා බහ කලද කෙශ්වරට මෙවෙනි නිදහස් මොහොතක් ලැබෙන්නේ ඉදහිට නිසාවෙනි .

” තාම ලොකු අම්මා අවුල්ද බන් නංගී එක්ක..” ආගිය තොරතුරු කතා බස් කර මොහොතක් ගත කල මිගාර වෙනස්ම මාතෘකාවකට මුලපුරන්නට වුයේ .එය කාලයක් පුරාවට සිය සිතේ පැන නැගී තිබු බැවිනි ..

” ඔව් බන් අම්මා දෝණී එක්ක පුදුම තරහකින් ඉන්නේ ..මන් එකයි වැඩිය නුවර එහෙම යන්නෙ නැත්තේ..දෝණිට මගේ අප්පච්චී හිත් බැදුණට අපේ අම්මාගෙයි ආච්චි අම්මාගෙයි නම් හිත් කවදාවත් බැදෙන එකක් නෑ…….” කේශ්වර පශ්චාත්තාපයෙන් පවසන්න වුයේ සිය බිරිද ලෙස ඈ සිය නමට ලිය වුනද..සිය පවුලේ සමාජිකයන්ගේ හිත් හා ඇගේ හිත විවාහ වී වසර දෙකක් ගෙවි ගියද තවමත් නොබැදුණු බැවිනි.

” එකත් එහෙමද ..එ ගැන දුක් වෙන්න එපා බන් අයියේ ..ලොකු අම්මායි ආච්චි අම්මායි කොහොමත් හිතන විදිහ වෙනස් කියලා උබ දන්නවනේ ..ඕක තව ටික කාලයක් යද්දි හරි යයි.දැනටමත් මන් හිතන්නේ ලොකු අම්මා නම් නංගීට කැමති ..එයා එක පිලිගන්න ලැජ්ජාවෙන් ඉන්නේ මන් හිතන්නේ ..”

” උබ කොහොමද එහෙම කියන්නේ ..අම්මා උබ එක්ක මොනාව හරි කිව්වද එ ගැන..”

” නෑ ..බන් කතා කරද්දි මට එහෙම එකක් තේරුනා..උබ දන්නවනේ ඉතිං උබේ අම්මා ගැන..උබ තරහ උනත් මට කියන්න වෙනවා..ලොකු අම්මාට කොහොමත් වලව් මාන්නෙ.නේ…..”

” මොන මගුලකට තරහ වෙන්නද බන්..උබ කිව්වේ සහතික ඇත්තනේ…මේ එක නෙවෙයි පොඩි මන් මේ උබෙන් දෙයක් අහන්න වැරැදියට හිතන්න එපා ……”

” කියහන් ලොකු .මොක්කද ප්‍රශ්නේ ……”ඔහු තමාට පොඩි ලෙස බොහො විට අමතන්නේ .

බැරෑරුම් දෙයක් පැවසීමට ඇති විටය….

” මේකයි උබ දැන් හැමදාටම ඔහොම ඉන්නද කල්පනාව.මන් දන්නවා මහේෂිට උබ ගොඩාක් ආදරේ කරා කියලා එ විතරයක් නෙවෙයි ..එ ලැබෙන්න හිටිය දරුවා වෙනුවෙන් උබ කොච්චර හීන දැක්කද කියලා මන් දන්නවා ..එත් දැන් අපි දුක් වුනා කියලා අපිට ඒ දේවල් ආයි ලබා ගන්න බෑනේද…අනික මහේෂි හැමදාමත් හිතුවේ උබේ සතුට ගැන..කෙල්ල උනත් ඉන්න තැනක ඉදන් සතුටු වෙයි උබ පිලිවෙලක් උනොත්…….”

” මන් කොහොමද ලොකු වෙන කෙල්ලෙක්ට මගේ පණට දුන්න තැන දෙන්නේ…එ විතරක්ද ලොකු එ ඉපදෙන්න හිටිය අපේ මැණික .මන් කොහොමද බන් එ හැමදේම අමතක කරලා අයි කසාදයක් කරගන්නේ. එ නැති උනේ මගේ පණ යකෝ. මන් මෙහෙම හැමෝටම පෙන්න ජිවත් උනත් මන් දැනටමත් බාගෙට මැරිච්ච මිනිහෙක්……මන් මැරෙනකන් එකි නමින් ජිවත් වෙනවා ලොකු ..” සිය දෑස් වල ඉනු කදුලැලි පිට අල්ලෙන් පිස දමමින් මිගාර වදන් කරන්නට වුයේ බිදුණුහඩකිනි ……..

” සොරි පොඩි මට උබව රිද්දන්න ඕනි උනේ නෑ…උබ ඔහොම තනියම ජිවත් වෙද්දි මට හරි වේදනයි බන් එකයි..එක්කො උබ අර මොකාද එකා වගේ තට්ට තනියම එහෙ ඉන්නේ නැතුව බාප්පා එක්ක ඉදහන් එහෙම නැත්තන් අපේ දිහාවේ ඉදහන්…බාප්පා උනත් එයා කරපු කියපු දේවල් වලට විදවන වනේ බන්……” තමා විවහා වි සතුටින් කාලය ගත කරද්දි.සිය ප්‍රණසම සොහොයුරා විදවන අයුරු දැක වේදාවෙන් ඔහු පවසන්න වුයේ ..සැබැවින්ම ඔහු පිලිබදව විසල් වේදනාවකින් ලය දවාලද්දිය……..

” එයා මොන දේ කිව්වත් මගේ බිදුණු හිත අයි කවදාවත් හැදෙන එකක් නෑ..එයා එ ඇක්සිඩන්ට් එක නොකෙරුවත් එක උනේ එයා නිසා කියන එක මට කවදාවත් අමතක කරන්න බෑ අයියේ ……” හදිසි අනතුරකට මුහුණ පා රෝගිව හිදින හිටපු අග්‍රාමාත්‍ය ලංකාධීර සිහි කරමින් ඔහු පවසන්න වුයේ කනස්සල්ලෙනි…

” මේ නංගී කෝ බන්……..”

” දෝණී පහල මොනවද කෑමක් හදනවා .එකි ඉතිං උබ ආවහම කරන්නේ රටේම තියන කෑම ජාති ටික හදන එකනේ..ආන් අදත් මොක්කද මන්දා පණදමාගෙන හදනවා…”

” අනේ මන්දා එකි මාර විදිහට මාර ආදරේයි ලොකු..උබ කියන්න ලොකු සමහර වෙලාවට මේකි මගේ කරේ…පුදුම දාන්ගලයක් තියෙන්නේ .උබ කොහොම ඉහගහනවද මන්දා …..”

” මා එක්ක එහෙම නටන්න එන්නේ නෑ බන් වැඩිය .අනික මට එහෙම වෙලාවකුත් නෑනේ..එකයි ඔය උබ ආවහම උබව අල්ලගන්නේ…..”

” හරි හරි එක නෙවෙයි .ඇයි දැන් උබ මේ හදිස්සියේ දෝණී කෝ ඇහුවේ …..”

” මේකයි ලොකු උබ තාම උබේ ප්‍රශ්නේ ගැන නංගීට කිව්වේ නැද්ද …….”

” නෑ බන් මන් තාම කිව්වේ නෑ ..මට බයයි බන් එ ගැන දැන ගත්තහම කෙල්ල මාව දාල යයි කියලා.මට දැන් එකි නැතුව ජිවිතයක් නෑ……” ඇය හා ගෙවු මේ වසර දෙක කේශ්වර දැනුනේ සිය දිවියේ සොදුරම කාල පරිජ්ජේදය ලෙසයි….

” එත් මන් නම් හිතන්නේ දැන් එ ගැන කියන්න හොදම කාලේ..මොකද දැන් නංගීට උනත් යමක් කමක් තේරෙනවා .මන් හිතන් නෑ එච්චර දෙයක් තේරුම් ගන්න බැරි තරම් මෝඩ කෙල්ලෙක් කියලා දෝණී ..ප්‍රශ්නයක් වෙන්න කලින් දැම්ම කියහන් අයියේ ..ඕනිම දේකදි මන් උබ එක්ක ඉන්නවා..අපි ඉසෙල්ලා මේක කියමු ප්‍රශ්නයක් උනොත් ඊටපස්සේ බලමු මොක්කද කරන්නේ කියලා.”

” උබ මට කියන්නේ මට කිසිම දවසක අපේම කියලා #දරුවෙක් හදන්න මට බෑ කියලා කෙල්ලට කියන්න කියලද පොඩි ……”

” සලාං ………….”

මහ හඩක් නංවාගනිමින් විදුරු බදුන් බිම වැටි බිද වැටෙන හඩින් .ඔවුන් තිගැස්සි පසුපස දොර දෙසට හැරෙද්දි .ඔවුන්ගේ නෙත ගැටුනේ .

කොපුල් තෙමාලමින් කදුලු බිදු වැගිරෙද්දි අතකින් මුව වසාගෙන හිදින ඇයයි……

මතුසම්බන්ධයි