කාවින්දි ලියනගේ

🌬 නිසල සද මඩල 🌬

☁️ 08 වන කොටස ☁️

” දෝ….දෝණී ඔ..ඔයා නිදාගෙන නෙවෙයිද හිටියේ ….” කඩිමුඩියේ මුලුතැන් ගෙට ඇවිද ආපු අම්මා ආලින්දයත් මුලුතැන් ගෙයත් වෙන් වන බිත්තියට පිටදි බිම හිදගෙන හිටිය මාව දැකලා ඇහුවේ.අම්මා මන් එහෙම ඉදී කියලා හිනෙකින්වත් හිතපුනැති හින්දා වෙන්නැති …….

” එ…එ..ඒ ම..ම..මගේ තා ..තාත්තාද …..” වචනයක් කතා කරගන්න බැරි තරම් මගේ උගුර කට වේලිලා තිබ්බත් මන් ආයාසයෙන් වදන් එකතු කරන් අම්මාගේ ඇහුවේ..මන් මේච්චර වෙලා හිර කරගෙන හිටපු කදුලු බිදු මට හොරෙන් මගේ කොපුල් තෙමාද්දී…..

” දෝණී ………” අම්මා මන් ලගින් බිම ඉදන් මාව තුරුල් කරන් ඇඩුවේ.මගේ ප්‍රශ්නේට උත්තරයම් මටම හම්බේද්දී .ඒ එහෙනම් එයා..මන් අද වෙනක් නොදැකපු මගේ ඇමැති තාත්තා .නමට තාත්තා ……

” කියන්නකෝ අම්මා ඇ…ඇ..ඇයි එ..එයා ආ…ආවේ….” මට මෙච්චර වෙලාවක් තිබ්බ ප්‍රශ්නේ මන් අම්මාගේ ඇහුවත් එකට අම්මාට උත්තරයක් දෙන්න බැරි උනේ …එයා අපි ලගට ආව නිසා …..

” රේණු ……..” එයා අම්මාව හොයන් ආවත් මාව තුරුල් කරන් බිම ඉන්න අපි දෙන්නවා දැකලා එයාගේ ඇස් පුදුමයෙන් විසල් උනේ..එයාගේ අතක් එයාගේ පපුවක් මත නතර වෙද්දි ..

” අහ්……”

එයා අඩියක් පසෙකට තියලා බිත්තියට වාරු උනේ එයාට හිට ගෙන ඉන්න තරම් හයියක් නැති හින්දා වෙන්නැති…මන් එයාගේ දිහාවට හැරිලා තිබ්බ ඇස් පියාගනිද්දි මන් දැක්කේ.. එයාඅ බිත්තිය දිගේ රූටලා වැටෙනවා..මන් කිසිම එ කිසි දෙයක් නොදැක්කා ගානට ඇස් පියා ගත්තේ මට එ රූපේ දකිද්දිත් කේන්ති යන නිසා..

ඈ කවුරුන්ද කියා විමසිමට කිසිදු අවශ්‍යතාවක් නොමැත..සිය දෑස් එලෙසම පිහිටා ඇති ඈ සිය ලේ බව හදුන ගැනීමට ඔහුට මොහොතක් ගත නොවුනි…

” දෝ….දෝණී ……” වසර දාසයකට පසු ඔහු තම මුවින් ප්‍රථමවතාවට සිය දියණිය අමතන්න වුයේ .රේණුගේ හඩා වැටෙද්දිය ..

තේනුක ඈ දෙසට දෑත් දිගු කරමින් දැසින් ආරෝහිට සිය තුරුලට පැමිනෙන ලෙස ඉගි කරන්න වුයේ ..ඔහුගේ කොපුල් සිහින් කදුලු බිදු වැලකින් තෙමාලමින් ගලා යද්දිය …….

” මේ බන් මන් ගෙදර යනවා .හදිස්සිය දෙයක් තිබ්බොත් උබ සයින් කරහන්…….”

” හරි බන්..මේ උබ ඔය ගත්ත තිරණේ ගැන දෙපාරක් හිතහන්..මොකද ඕකෙන් වෙන්නේ අර අහිංසකිට කවුරුත්ම නැති වෙන එක” නිසල් පිටව යන යුරාග්ට පවසන්න වුයේ ආරෝහි පිලිබද පශ්චාත්තාපයෙනි …….

යුරාග් කිසිවක් නොපවසා නිහඬව කුටියෙන් ඉවතට පැමිණ විදුලි සෝෆාන ගොඩ වුයේ සිය මනස සමග තර්ක කරමින් ය..

සිය මෝටර් නිවසට ඇතුල් කරද්දි ඔහුගේ නෙත ගැටුනේ .නිවසේ ගෙමිදුලේ නවතා ඇති වාහන ද්විත්වය හා තැන තැන හිදින ආර්ක්ශකයින් ය.. ඔහු වාහන ගෙමිදුලේ මග නවතා සිය මෝටරථයෙන් ඉවතට පැන නිවස වෙත දිව යන්න වුයේ ..ඔවුන්ට යම් කරදරයක් වි දැයි සැකයෙනි……..

” ආරෝහි ………….”

නිවස දෙදරවන තරම් උස් හඩින් යුරාග් ඇයට කෑගසන්න වුයේ .තේනුක ඈ වෙත ලං වෙනු දැකය……..

” මා…මා….මා..මාමා …..ඇස් දෙක පියාගෙන හිටිය මාව ගැස්සිලා ගියේ .මේ වේලාවේ බලාපොරොත්තු නොවුන එයාගේ රූපේ දැකලා . බලන්න බැරි තරම් රතු වෙච්චි ඇස් එක්ක කේන්තියෙන් වෙව්ලන එයාව දැකලා මගේ ඇගම දඩියෙන් තෙත් උනා….

” ආරෝහි මගෙන් මැරුම් නොකා පලයන් කාමරේට ……මොනවද යකෝ තවත් බලන් ඉන්නේ මගේ අත ඉසෙන්න කලින් පලයන්…..”

කොයි වේලාවෙත් නැට්ට පාගන් ඉන්න එයා මේච්චර කේන්ති අරන් ඉන්නවා මන් කවදාවත් දැකලා..කේන්ති ගියහම කවුරු කින්ද මන්දා නොබලා එයා අත උස්සනවා කියලා දන්න නිසා.මන් මගෙ වෙව්ල දෙපා වලට වාරු අරන් කාමරේට දිව්වේ එක තත්පරේකින්…..

” මගෙ යකා අවුස්ස ගන්නේ නැතුව බැහැපන් මේ ගෙදරින් ……තේනුක මන් උබට සැරයක් කිව්වා.මන් මෙච්චර හරි ඉවසන්නේ උබ මගේ අක්කාගේ මිනිහා නිසා නැත්නම් මන් උබව බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නේ. එනිසා මගේ මාරය අවුස්ස ගන්නේ නැතුව නම්බු ඇතුව බැහැපන් එලියට …”

ඈ ගිය බව තහවුරු කරගත් සැනින් යුරාග් කෝපයෙන් ගුගුරන්න වුයේ නිවස දෙදරවන තරම් උස් හඩින් ය…

සිය එක කුස උපන් සොහොයුරිය කුඩා බිලිදය සමග ඔහු නිවසින් පන්නා දැමු දිනයේ ඇගේ දැසේ තිබු ඒ අසරණ බාවය මතක් වන වාරයක් වාරයක් පාසා යුරාග්ට සිය ලය දැවි යන තරම් වේදනාවක් අදටත් දැනෙද්දී . තේනුක පිලිබද දැනෙන කෝපය නිම්හිම් නැත….

” ආ…මේකත් මතක තියාගෙන පලයන්.ආයි කිසිම දවසක මේ ගෙදර උබට පස් පාගන්න බෑ.එ වගේම එ කෙල්ල දිහා උබට බැරි වෙලාවත් බලන්නවත් බෑ..කවදම හරි උබ එ කෙල්ලට අතක් හරි තියලා තිබ්බොත් එ උබ ජිවත් වෙන අන්තිම තත්පරේ කියලා හිතාගනින්.උබ ඇමැති නෙවෙයි ජනාධිපති උනත් මට කමක් නෑ .හැබැයි උබ දෝණීගේ පාරෙන් අයින් වෙලා ඉදහන්…..”

යුරාග්ගේ හඩට ආර්ක්ශකයින් නිවසට ගිනිඅවි අතැතිව ඇතුලු වුවත්..තේනුක දෑතින් ඔවුන්ට කලබල නොවන ලෙස ඉගි කල නිසාවෙන් .ඔවුන් සිය ගිනි අවි පහත හෙලා එ දෙසට දෙනෙත් යොමු කරන් හිදින්නට විය.

යුරාග් ඔහුට අවසන් නියෝගය නිකුත් කර දෑසින් නිවසේ දොර පෙන්නන්නට වුයේ ..තේනුක නිහඬ සිය ආර්ක්ශකයිට තමා සමග පැමිණෙන ලෙස ඉගි කරමින් නිවසින් ඉවතට පා ඔසවද්දීය ……

” ම…ම..මල්ලී….” රේනුකා යමක් පැවසීමට උත්සහ කලද .යුරාග් ඇයට නිහඬව වන ලෙස දෑතින් සන් කරමින් එතනින් පිට වුයේ අසල වු මල් බදුනට පයින් පහරක් ගසමින් ය…

මතුසම්බන්ධයි