නව කතාව
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි රැජින🌹🌹
විසි හතර වන චන්ඩිකම 🙅🙅
” අයේමත් ඔය කදුළු මට පෙනුනොත් මං උඹට”
එහෙම කියනවත් එක්කම ෆෝන් එක රින්ග් වෙන්න වුණේ.විනෝද් ඇදේ ඉදගෙන ෆෝන් එක අතට අරන් ස්පීකර් ඔන් කළේ මාත් කදුළු පිහ දාන ගමන්ම ඇදේ ඉද ගනිද්දි.
” ඔව් දුලා කියපං “
” උඹ ගෙදර නේද? ඉන්නෙ.මං මේ චරියගෙ ගෙදර යන ගමන් උඹත් එනවද? “
” නෑ බං.උඹ පලයං මං මේ රශීලගෙ ගෙදර ඉන්නෙ “
” මේ වෙලාවෙ.අනික ඒකිගෙ යාළුවත් හොස්පිට්ල් කිව්ව නේද?”
” ඔව් බං රශී තනියමනෙ. මං ඒකිත් එක්ක ඉන්නව අද”
” අම්මට සිරි බොල,කොල්ල එහෙනම් වෙඩින් එකටත් කලින්ම පැණි හදේ යන්නයි කල්පනාව.එළ එළ ඒකත් අවුලක් නෑ.අපිව එහෙනම් ඉක්මනින්ම මාමල කරහන්කො ඈ..”
දුලාර අයිය එහෙම කියනවත් එක්කම විනෝද් මගෙ මූණ දිහා බලල ඇහැක් ගහනව.
” ඔව් බං මේ රශීට දැන්ම බබෙක් ඕනලු “
එයා ආයෙමත් එහෙම කිව්වෙ මනමාල බැල්මක් දාන ගමන් යටි තොලත් හපා ගෙනම.
” එළ එළ බාධා කරා නම් සොරි වෙන්න ඕනි.Happy hunny moon night “
එහෙම කියල දුලාර අයිය ෆෝන් එක කට් කළේ.ආයෙමත් ෆෝන් එක මේසෙ උඩින් තියල ලෑම්ප් එකත් ඕෆ් කරල නිදා ගත්තෙ මාවත් ඒ පපුව අස්සට ඇදල ගන්න ගමන්.
💓💓💓
උදේම නැගිටල එළවලු දෙක තුනක් එක්ක බත් එක ගැහුවෙ විනෝද්ට කන්න දෙන්න ඕන නිසා.උයල කුස්සියත් අස් කරල කිරි තේ එකක් එක්ක වතුර වීදුරුවක් අරන් කාමරේට ගියේ.විනෝද් කොට්ටෙත් බදා ගෙන හොදට නිදි.
” මහත්තයො නැගිටින්න.7.00ටත් කිට්ටුයි “
” තව ටිකක් දොයි ගමු මැණික.කෝ එන්න ළගට “
එහෙම කියල ආයෙමත් මාව ඒ පපුවට ඇදට ගත්තෙ.
” කෝ අනේ නැගිටින්න කෝලම් නොකර.කට සෝද ගෙන මේ කිරි එක බොන්න “
ආයෙමත් මූණ දිහා බලල ඇදට පෙරල ගෙන ඒ පපුවට තුරුළු කර ගන්න ගමන්.
” නැගිටින්නම් ඊට කලින් මෙතෙන්ට එකක් ඕන “
එහෙම කියන ගමන් විනෝද් කම්මුලක් පෙන්නනව.
” ම්ම්ම් දැන් හරිනෙ.කෝ කෝ නැගිටින්න “
” බෑ ස්පෙශල් එකක් ඕන “
ආයෙමත් එහෙම කියන ගමන් තොල් දෙක පෙන්නන්න වුණේ.
” අනේ…….”
ලැජ්ජාවටම අහක බලා ගත්තෙ ඒ මූණෙ හැඟීම් දරා ගන්න බැරි වෙද්දි.එහෙම්ම මූණට පාත් වෙච්ච විනෝද් මගෙ තොල් පෙති ලාවට සීරුවට ඒ තොල්වලින් අල්ල ගද්දි ඇස් දෙක අඩවන් වෙලා මගෙ අත් දෙක ඒ නිරුවත් පිට පුරා වෙළුනෙ අපි අපේම ලෝකෙක මොහොතකට තනි වෙද්දි.තත්පර ගානක්ම මගෙ තොල් පෙති අතර දග කරපු එයා ලෝභකමින් වගේ තොල් අත ඇරල නැගිට්ටෙ.
” කසාද බැන්ද දාට හැමදාම උදේට මෙහෙම ඕනෙ මැණික”
ආයෙමත් තොල්වල කෙටි හාදුවක් තවරන ගමන් එයා එහෙම කියනව.
” ඊය කටවත් හෝදල නැතුව මාව කිස් කළා” 😖
කටත් එහෙක් කරන් මං එහෙම කියන කොට එයා මූණ දිහාම බලන් හිනා වෙනව.
” එහෙනම් මං කිස් කරන කොට සද්ද නැතුව හිටියෙ.හොර කෙල්ල ” 😀
එහෙම කියන ගමන් කම්මුලට තට්ටුවක් දා ගෙන නැගිට්ට විනෝද් මේසෙ උඩ තිබුණ වතුර වීදුරුව අරන් ජනේලෙ ළගට ගිහින් කට සෝදල වතුර එළියට විසි කළේ.
” හැමදාම උදේට මෙහෙම කරනවට මං ආසයි මැණික “
එයා එහෙම කියන ගමන් හිස් වීදුරුව මේසෙ උඩින් තියල කිරි වීදුරුව තොල ගාන්න වුණේ මාත් ඇදෙන් ඉද ගෙන ලෙහිල තිබුණ කොණ්ඩෙ ගෙඩියක් ගහ ගන්න අතරෙ.
💓💓💓
” මැණික ඔයා ලෑස්තියිද ?”
ලෑස්ති වෙලා පිගන් දෙකකට කෑම දෙකක් බෙදල වට්ටිය යටින් තිබ්බෙ.එයත් එහෙම අහන ගමන් කාමරෙන් එළියට ආවෙ ෂර්ට් එකේ උඩ බොත්තං පියවන ගමන්.
ලා නිල් පාට ඩෙනිම් එකට කළු පාට පසුබිමේ සුදු පාට චූටි බෝල තියෙන ෂර්ට් එකක් ඇදල ඩෙනිම් එකට යට කරල.විනාඩියක් විතර ඒ කඩවසම් රූපෙ දිහා බලන් උන්නෙ හිත පුරාම ආදරේ පිරිල යද්දි.
” මොකද? ම්ම්ම් “
එහෙම අහන ගමන් එයා ඇවිත් පුටුවක් පස්සට කරල වාඩි වුණේ.ඔළුව දෙපැත්තට වනල ආයෙමත් කුස්සියට ගිහින් වතුර දෙකක් අරන් ඇවිත් මේසෙ උඩින් තියල පුටුවක් පස්සට කරල මාත් ඉද ගත්තෙ.කෑම වහල තිබුණ වට්ටිය අයින් කරන ගමන්.
” ම්ම්ම් සුවදයි කෙල්ල.රසත් ඒ වගේමයි.මගෙ මැණිකට හොදට උයන්න පුළුවන්නෙ “
එයා එහෙම කියන ගමන් බත් කටක් කාල මූණ දිහා බලල හිණා වුණේ.
දෙන්නත් එක්ක කාල ඉක්මනට පිටත් වුණේ අම්මවත් අරන් හොස්පිට්ල් එකට යන්න ඕන නිසා.විනාඩි පහළොවකින් විතර හොස්පිට්ල් එකට යන්න පුළුවන් වුණා.
” ඩොක්ටර් මගෙ දරුවට දැන් කොහොමද?”
” පේශන්ට්ට නම් තාම සිහියක් නෑ.කොයි වෙලේ සිහිය එයිද? කියලත් හරියටම කියන්න බෑ.”
💓💓💓
දවස් තුනක්ම ගත වෙලා ගියේ.නිශා ඒ දවස් තුනේම සිහි නැතුව icu එකේ හිටියෙ.
” අම්ම නිශාට සිහිය ඇවිත්.තව ටිකකින් වෝඩ් එකට දානව කිව්ව “
පැය භාගයකට විතර පස්සෙ නිශාව ඈයෙමත් වෝඩ් එකට දැම්මෙ.
” මගෙ පුතාට කොහොමද?දැන් “
” ඇග ටිකක් රිදෙනව අම්ම.”
ඇද විට්ටමට හේත්තු කරල තිබුණු කොට්ටෙට පිට තියා ගන්න ගමන් නිශා එහෙම කිව්වෙ.
” මං මැරුණෙ නැති ටික විතරයි දරුවො.දවස් තුනක් ඔයා සිහිය නැතුව හිටිය.”
එහෙම කියන ගමන් දේවිකා අඩන්න වුණේ.
” අඩන්න එපා අම්ම.මට දැන් හොදයිනෙ.කෝ අම්ම රශී “
” කෙල්ලත් මේ වෙනකම්ම හොස්පිට්ල් එකේමයි උන්නෙ.අන්න විනෝද් දරුවත් එක්ක ගියා ඔයාට ඇදුම් ටිකක් අරන් එන්න කියල “
ඒත් එක්කමයි නර්ස්කෙනෙක් ඇවිත් කිව්වෙ දේවිකාට ඩොක්ටර් හම්බ වෙන්න යන්න කියල.
අම්ම ගියපු නිසා මේසෙ මේසෙ උඩ තිබුණු ෆෝන් එක අතට ගත්තෙ.ඒත් එක්කම ඈතින් කව්රු හරි එනව වගේ දැකපු චායාවෙන් ඇස් දෙක උස් කරල බැලුවෙ.වෝඩ් එකෙන් ඇතුළට ආපු ඒ රූපෙ දැක්ක ගමන්ම ගැස්සිලා ගියේ කර කියා ගන්න දෙයක් නැති වෙනකොට……
නැවත හමුවෙමු.👋👋
Like එකක් දා ගෙන යන්න බබාලා