” පාර කියන අත්තම්මා “
5 ශ්‍රේණිය සිංහල කියවීම් පොත කියවන පුංච් ලමයින්ට නම් මේ පාඩම රසවත් පාඩමක් වෙන්න ඇති. ඒ වගේම ආදර්ශමත් පාඩමක් වෙන්න ඇති. අද මේ කියන්න යන්නේ ඒ පාඩමට කතා වස්තුව වුන අත්තම්මා ගැන කියන්නයි.

පාසල් දරුවන් යනු අප රටේ මතු අනාගතයයි, ඔවුන් ආරක්ෂා කිරීමට අදටත් වෙහසෙන වයස අවුරුදු 84ක් වූ මේ අපූරු අත්තම්මාගේ සේවය නම් අගය කරන්නම ඕන ක්‍රියාවක්. දරුවන් මෙවැනි මිනිසාට සේවය කරන ආදර්ශමත් චරිත ඉගැනීම තුළින් මතුවට දරුවන් තුළද එවැනි යහපත් ආකල්ප සහිත පුදගලයින් බිහිවීම අපේ රටට වටිනා ආයෝජනයක්.

මේ අත්තම්මා ඉන්නේ කෑගල්ල ප්‍රදේශයේ. ඇය නමින් ලිලි වයලට්. උදෑසන කෑගල්ල නගරයේ එහා මෙහා යන අය නම් මේ අත්තම්මව දැකලා ඇති. මේ අත්තම්මගේ වයස අවුරුදු 84 ක් වෙනවා. කිසිම ලාබ ප්‍රයෝජනයක් නොගෙන පාසල් දරුවන්ගේ ආරක්ශාව වෙනුවෙන් පරාර්තයෙන්ම කැපවෙන මේ අත්තම්මා ඇත්තටම මුලු රටටම ආදර්ශයක්.  මේ අපූරු අත්තම්මාගේ සේවය පාසල් පෙළපොතට ඇතුලත් කිරීම ඇත්තටම අගය කළ යුතු වැඩක්.

රැල්ලට නොව හදවතින්ම මිනිසාට සේවය කරන මෙවැනි උතුම් දෙව් මිනිසුන් චිරාත් කාලයක් නිරෝගීසම්පන්නව වැජඹේවා !!!