බැඳීමක් නැති මුදුවක් 💔

28 වන කොටස

මගේ දෑස් විසල් වුණේ කාමරේ ඇතුලට ඇතුල් වුණා විතරයි…කාමරේ ඇඳ උඩ නිදාගෙන උන්නේ අල්ලපු ගෙදර හුරතලයට ඇති කරන කළු පූසී.කළු පූසී ඇඳ උඩට වෙලා හොඳ සැපට නිදා ගෙන ඉන්නවා ..

උ/ඹ ගෙදර ඉන්නාවනම් කීයටවත් මේ පූසීට ගෙට ගොඩ වෙන්න වත් දෙන්නේ නැති විත්තිය මට මතක් වුණේ ඒ එක්කම..

ඒ කියන්නේ උ/ඹ තවම ගෙදර ඇවිත් නැහැ..මට දුක වැඩිකමටම හොඳටම තරහා ගියා.මම තරහින් කළු පූසිව කාමරෙන් එලවලා දැම්මා..

“අම්මේ…කෝ මේ අම්මා..”

මම කාමරයේ ඉඳන් කවදාවත් නැති විදිහට මහා අයියෙන් අම්මාට කතා කළේ හිතේ තිබුණු ආවේගයටත් එක්ක.

“ඇයි පුතේ මොකෝ මේ කෑගහන්නේ …”

අම්මා මිනුම් ටේප් එකත් කරේ දාගෙන කාමරයේ දොරකඩ ළඟට දුවගෙන ආවේ කලබලයෙන් වගේ…

“අම්මලා මේ ගෙදර ඉඳන් මොනවද කරන්නේ…අර අල්ලපු ගෙදර කළු පූසි අපේ කාමරයේ ඇඳේ සැපට නිදි…අර දරුවත් නිදාගන්නේ මේ ඇඳේ.ඔය වැඩේ නිසා දරුවත් නිකරුනේ ලෙඩ වෙනවා..”

මම කවදාවත් නැතුව අම්මට එහෙම දොස් කිව්වේ හැමදේටම වඩා මට පුංචි පුතාගේ ශරීර සෞඛ්‍ය වැදගත් හින්දා…

“මම ඔය ශීට් එක අයින් කරලා වෙන ෂීට් එකක් දාන්නම් පුතේ..නිදාගන්න ඉතින් ඒ කට්ටිය එන්න එපැයි..”

“ඇයි අම්මේ.කෝ සුදු තවම ආවේ නැද්ද?..”

“තවම ආවෙ නෑ..ඇයි පුතා දන්නෙ නැද්ද?..”

“මම අද උදේ කතා කරාමත් එහෙන් පිට වෙනවා කියලා කිව්වා.ඊට පස්සේ මට ආයෙමත් කතා කරන්න බැරි වුණා..”

“තවම ආවේ නෑ පුතේ..මාත් තාත්තත් දරු පැටියා නැතුව හරිම පාලුවෙන් හිටියේ..”

අම්මා එහෙම කිව්වේ ලොකු සුසුමක් පිට කරන ගමන්..අම්මාත් තාත්තාත් චූටි පුතාට පණ ඇරලා…සතියකට පාරක් ගෙදර එන මට මෙහම පාළු නම් මුළු දවසම ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි කොයිතරම් පාළු ඇතිද?.

“දිලංක උ//ඹත් පුදුම පිරිමියෙක් තමයි..ගෑ/නිව එහෙම තනියම ගෙදර යවනවද හරි පිරිමි…එක්කෝ උ/ඹ/ට එක්කන් යන්න තිබ්බා.ඔහොම ගෑ/නු තනියම යැව්වොත් ඉතින් ගෙදර එන්නේ නෑ තමයි…”

තාත්තා කොහෙන්දෝ ඉඳන් එතනට කඩන් පැන්නේ එහෙම කියාගෙන..තාත්තාටත් ඕනේ නැති දෙයක් නැහැ .මම හිතින් එහෙම තාත්තාට බැන්නා.ඒත් එක්කම මට ආයෙමත් හිතුනේ පුංචි පුතා නැතුව අම්මට වගේම තාත්තටත් ගොඩක් පාළු ඇති කියලා..

චූටි පුතා කොහොමත් වැඩිපුරම ඉන්නේ අත්තම්මයි තාත්තයි එක්ක…ඒ දෙන්නාට දරුවා මතක් වෙද්දි දුක හිතෙනවා වැඩියි තමයි .මම එහෙම හිතලා ලොකු හුස්මක් පිට කළා..

මම සාලේ ඉඳන් කාමරයට ගියේ ඒ කිසිම දෙයක් නෑහුනා වගේ. කාමරේට ගිය ගමන් මම උ/ඹ/ට කෝල් කරේ උ/ඹ තවමත් නාවේ ඇයි කියලා බලන්න..

හදිසියේම උ/ඹ/ට හරි චූටි පුතාට හරි කරදරයක් වත් වුනාද කියලා ඒ එක්කම මට බය හිතුනා..

කීප වතාවක් උ/ඹේ මොබයිල් එකට මම ඇමතුම් ගත්තත් එහා පසින් කිසිවෙකුවත් කතා කළේ නැහැ..හිතට දැනෙන බය එන්න එන්න ම වැඩි උනේ උ/ඹෙ/න් කිසි පිළිතුරක් නැති නිසා…

මම මගේ මොබයිල් එකේ තිබුණු උ/ඹේ මල්ලිගේ මොබයිල් නම්බර් එක හොයන්න ගත්තා ..ඒ මොබයිල් නම්බරේට මම ඇමතුම් ගත්තේ අසිහියෙන් වගේ…

කීප වතාවක් ඇමතුම් ගත්තට පස්සේ උ/ඹේ මල්ලි මගේ ඇමතුමට පිළිතුරු දුන්නා..

“හෙලෝ.”

“මල්ලි කොයි හරියෙද ඉන්නේ.?”

මම එහෙම ඇහුවේ උ/ඹ මල්ලි එක්ක අපේ ගෙදර එන ගමන් කියලා හිතලා.
මොහොතකට උ/ඹේ මල්ලි කලබල වුණා වගේ කියලා මට දැනුණේ මල්ලි මොහොතක් නිහඬව හිටපු නිසා..

“අයියේ…මම මේ ස්ටුඩියෝ එකේ ඉන්නේ..ඇයි අයියේ ?.”

“ඇයි ඔයාලා එන ගමන් නෙමෙයි ද?.අක්කා මට කිව්වනේ ඔයා එක්ක මෙහෙ එනවා කියලා..”

” අක්කා නම් ගෙදර අයියේ ..ගෙදර එක්ක යන්න කියලා මට නම් අක්කා කිව්වේ නෑ..කිව්ව නම් මම ඇවිත් අක්කා ව ඇරලවලා යනවා..”

උ/ඹේ මල්ලිගේ කතාවෙන් මට උ/ඹ කිව්වේ බොරුවක් කියලා පැහැදිලි වුණා..ඇයි උ/ඹ මට මෙහෙම කරන්නේ මගේ හිතට දැනුණේ දුකක්ද තරහවක්ද කියලා මටම හිතාගන්න බැරි වුණා.

“මම ඊයෙත් අක්කාට කෝල් කරාම අක්කා කිව්වා ඔයා එක්ක එනවා කියලා..මම හිතුවේ අද මේ එන ගමන් කියලා..අක්කයි බබයි සනීපෙන් ඉන්නවද මල්ලි..?”

මම එහෙම ඇහුවේ උ/ඹ ගෙදර නාපු හේතුව මොකක්ද කියලා හිතාගන්න බැරිව.

“ඔව්..එහෙම අසනීපයක් නෑ අයියේ ..අක්කා ආවේ නැත්තෙ ඇයි කියලා මට නම් හිතාගන්න බෑ.සමහරවිට ගෙදර ආවට පස්සෙ යන්න බෑ කියලා හිතුනද දන්නෑ..මේ ඉතින් අක්කා හැදුන වැඩුන ගෙදර නේ..මම හවස් වෙලා ගෙදර යනවා…මම අක්කට කියන්නම් අයියා කතා කරා අක්කට එන්න කිව්වා කියලා…”

“හරි මල්ලි මම තියන්නම්..”

මම ඇමතුම විසන්ධි කරේ එහෙම කියන ගමන්.ඒ උ/ඹේ ගෙදර බව ඇත්ත වුනත් දැන් උ/ඹේ ගෙදර මේ ඉන්නෙ ගෙදර..අම්මා තාත්තා බලන්න ගියාට කමක් නෑ…ඒත් මාවයි මේ ගෙදර දාලා උ/ඹ එහෙට වෙලා ඉන්න එක වැරදියි මම එහෙම කල්පනා කරමින් නැවත නැවත උ/ඹ/ට ඇමතුම් ගත්තා..පැය ගාණක් තිස්සේ එක දිගටම ඇමතුම් ගත්තත් උ//ඹෙන් කිසිම පිළිතුරක් තිබුණේ නැහැ…

මගේ හිතේ උ/ඹ ගැන තිබුණු කෝප සහගත හැඟීම එන්න එන්නම වැඩි වුනා මිසක් අඩු වුණේ නැහැ…

සමහරවිට ගෙදර එන්න බැරි උනේ සාධාරණ හේතුවක් නිසා වෙන්න පුළුවන්..කොහොම වුණත් බොරු කියලා, මාව මග හැරලා උ/ඹ ගෙදර නෑවිත් ඉන්න එක වැරදියි කියලා මට හිතුණේ..

උ/ඹේ මේ ආත්මාර්ථකාමී බව අඩුවෙලා උ/ඹ කවදාද මම ගැන හිතන්නේ මම එහෙම කල්පනා කළේ තරහෙන්…

“මොකද පුතේ තාම ගෙදර ආපු විදියටම ඉන්නේ…ගිහින් ඇඟ පත හෝදගෙන කන්න එන්න..”

අම්මා කාමරේට ඇවිත් මට කෑම කන්න කතා කරත් මම ඒ දේවල් නෑහුනා වගේ ඇඳේ ඇල වෙලා උන්නේ හිතේ අමාරුවට..

පුංචි පුතාගේ පුංචි කටහඬ නැතිව මුළු ගෙදරම පාලුවට ගිහින්…

පුංචි පුතා කිරිදත් පෙන්නලා මා එක්ක හිනා වෙන හැටි මට මැවිලා පේනවා වගේ…

තාත්තා කියලා හුරතලේට කතා කරන හැටි මට ඇහෙනවා වගේ…

වසා තිබුණු ඇස් පියන් මම විවර කළේ පුංචි පුතාගේ හිනහව,කටහඬ සිහිපත් වෙද්දී මට ඉවසන් ඉන්න අමාරු නිසා..

ඇස් දෙක විවර කරන් උන්නත් මට මැවිලා පෙනුණේ චුටි පුතාගේ මුහුණ ,ඒ සිනහව.
ඒ චූටි කටහඬත් සවන් අද්දරින් හෙමිහිට ඇහෙනවා වගේ…

කාමරේ බැලු බැලූ අත පේන්නෙත් චූටි පුතාගේ සෙල්ලම් බඬුමයි.මේ දේවල් දැක දැක ඉවසන් ඉන්න බැරිකමට මම කාමරේ ඉඳන් එළියට ආවේ …

ටවල් එකත් අරගෙන ළිඳ ළගට ගිහින් නාද්දිත් මට මතක් වුණේ උඹව මගේ පුතාව…

නාලා ඇඳුම් මාරු කරගෙන මම මිදුලට ගියේ මේ මුළු ගෙදරම උ/ඹ ත් මගේ රන්කැටියාත් නැතිව පාළුවට ගිය සොහොන් පිට්ටනියක් වගේ දැනුන නිසාමයි..

මිදුලේ තියෙන ලී බංකුවේ වාඩිවෙලා මම මගේ මොබයිල් එක අතට ගත්තේ මුහුණ පොත පැත්තේ ගිහින් හරි හිතට දැනෙන තනිකම පාළුව මඟ හැරගන්න කියලා .

මුහුණු පොතේ බලන්න මොනතරම් දේවල් තිබුනත් මගේ ඇස් මම ඒ වෙත යොමු කරන් හිටියත් වැඩක් උනේ නෑ..වැඩි වෙලාවක් යන්න කලින් මගේ අවධානය මුහුණුපොතෙන් ගිලිහිලා ගියේ ආයෙමත් මගේ හිත අස්සට උ/ඹ/ත් අපේ පුතත් ඇවිත් එබුණු නිසා..

ඉර එළිය හොඳටම පායලා තිබුනත් මට මුළු වටපිටාවම පෙනුනේ මහා අඳුරුවට වගේ..දහවල් කාලය පවා මට පේන්නේ මහා අඳුරු රාත්‍රියක් වගේ.. ඒ තරමට උ/ඹ/ත් මගේ පුතාත් නැතුව මගේ ජීවිතය පාළුවට ගිහින්…..

මිදුලේ තියෙන මල් පඳුරු නෙක නෙක මලින් පලබර වෙලා තිබුනත් වෙනදාට ඒ මල් ගොමුවේ තියෙන සුන්දරත්වය පවා මට අද පෙනෙන්නෙ නෑ වගේ..වෙනදාට නැහැ තුඩු පිරී ඉතිරී යන තරමට සුවඳ දැනුණත් අද ඒ කිසිම සුවඳක් දැනෙන්නේ නෑ වගේ..

උ/ඹ/ත් මගේ දරුවත් නැතුව මට මගේ ලෝකයම පාලුවට ගිහින්..මම ලොකු හුස්මක් පිට කළේ මේ තනිකම ,පාළුව මට ලොකු වේදනාවක් ගෙන දුන් නිසා..

අදම දැන්ම ගිහින් උ/ඹ/වත් මගෙ දරු පැටියා වත් එක්කගෙන එන්න මට ඒ මොහොතේ ඒ මොහොතේ සිතුවිල්ලක් ඇතිවුනා .මම මිදුලෙන් නැගිට්ටේ මහන්සිය නොබලා මේ මොහොතේම ගිහින් ලෑස්ති වෙලා උ/ඹ/වත් දරු පැටියාවත් ගෙදර එක්කාගෙන එන්න..

ඒ එක්කම එතැනට ආවේ අම්මා..

“මොනවද පුතේ මෙතනට වෙලා කරන්නේ…අන්න මම බත් බෙදලා තියෙන්නේ ගිහින් කන්න..”

“මට බඩගිනි නෑ අම්මේ…”

මම එහෙම කිව්වා විතරයි අම්මා මගේ දිහා බැලුවේ අනුකම්පාවෙන් වගේ කියලා මට හිතුනේ..

“පිස්සු නැතුව ගිහින් කන්න පුතා..ඒ දරුවා පුතා එක්ක හෙට අනිද්දා එයි..මොනවා උනත් ඒ ඒ දරුවා හැදුනු වැඩුණු ගෙදරනේ..ඒ දරුවාට ආසා ඇති අම්මා ළඟට වෙලා ඉන්න ඕක ගණන් ගන්න එපා පුතේ..”

“ඕක ඔයහැටි කල්පනා කරන්න දෙයක් නෙමෙයිනේ පුතේ ..ඒ ළමයාට කෝල් එකක් අරන් බලන්න”

“ආන්සර් කරන්නේ නෑ අම්මේ…”

“ඒ ළමයාට දරුවාගේ වැඩ එක්ක ෆෝන් එක බලන්න වත් වෙලාවක් නැතිව ඇති…රෑ වෙලා ගන්න පුතේ…”

“මම මේ කල්පනා කරේ ගිහින් එක්කගෙන එන්න..”

“එහාට යනකොටම රෑ වෙයි..මෙහේ එද්දි කීය වෙයිද ?.ඔය නොදරුවාත් අරන් රෑ තිස්සේ එන්න පුළුවන්ද ?ඔය ළමයට හෙට වැඩත් එක්කනේ..පුතා බය නොවී ඉන්න ඊළඟ පාර ගෙදර එද්දි ඒ දරුවා බබා එක්ක ගෙදර ඇවිල්ලත් ඉඳීවී.අපි දැන් කමු…කාලා පුතා පොඩ්ඩක් නිදාගන්න.පුතා මහන්සි වෙනවා වැඩියි…”

අම්මාගේ වදේට මම ගෙට ගිහින් බත් එක අතට ගත්තත් බත් කන්නවත් කිසිම පිරියක් මට තිබුණේ නැහැ…

කඩෙන් කන දියාරු කෑම එක කාලා වෙනදාට මම ගෙදර ඇවිත් අම්මා උයපු බත් එක කන්නේ රසමසවුලක් කනවා වගේ…

ඒත් අද ඒ රසමසවුලක පවා මට රහක් නොදැනෙන හැටි කියලා හිතමින් මම බත් එක අතගාමින් හිමිහිට කන්න වුණේ කිසිම පිරියකින් නෙමෙයි …

අම්මා කොයිතරම් දේවල් කිව්වත් මගේ හිත මට කියන්නේම මගේ හිතේ උ/ඹ ගැන තියෙන හැඟීම ,උ/ඹේ හිතේ නැහැ කියලා..

උ/ඹත් අපේ දරුවාත් මට මගේ මුළු ලෝකයම වුනත් ,උ/ඹ/ට මම ගැන කිසිම නිනව්වක් වත් නෑ කියලා ..

උ/ඹ නාවත් කමක් නෑ අඩුම තරමේ උ/ඹ/ට මගේ ඇමතුමකට වත් පිළිතුරු දෙන්න තිබුණා ..උ/ඹ මගේ ඇමතුමකට වත් පිළිතුරු නොදෙන්නේ උ/ඹ/ට මාව ඒ තරම්ම නොවටිනා කෙනෙක් නිසා කියලා හිතද්දී නම් හිතට දැනෙන දුක දරාගන්න බැරි තරම්…

මම උ/ඹ/ට පණ ඇරලා ආදරේ කළාට උ/ඹ මට එක දවසක්වත් ආදරේ කරලා නැතුව ඇති කියලා හිතෙද්දි කොහොම නම් ඉවසා දරාගන්නද?..

මම ලොකු හුස්මක් පිට කළේ හිත්පිත් නැති හදවතක් නැති මිනිසුන් අතර හදවතක් සහිතව ඉපදෙන එක මොනතරම් කරුමයක්ද කියලා හිතමින්..

මම ගෙදර ඉදන් රාජකාරි ස්ථානයට ගියේත් හිතේ සතුටකින් නම් නෙමෙයි..ෆුඩි සිටියේ වැඩ කරන අතරතුරත් මට හිතේ එකලාසයකින් වැඩක් කරගන්න බැරි වුණේ උ/ඹ යි දරුවායි ආයේ කවදාවත් දකින්න බැරිවෙයිද කියලා හිතේ දෙගිඩියාවක් තිබුණු නිසා…

උදේ වැඩට යන්න කලිනුත් රෑ වැඩ ඇරිල ආවමත් මම සැරින් සැරේ උ/ඹ/ට ඇමතුම් ගත්තත් උ/ඹ ඒ එක ඇමතුමකටවත් පිළිතුරු නොදුන්නේ මගේ හිතට දුකක් තරහවක් ගෙනත් දෙමින්…

උ/ඹ/ට තිබුණා අඩුම ගානේ මගේ මොබයිල් එකට කෝල් එකක් දීලා ගෙදර එන්න තව ටිකක් පරක්කු වෙනවා කියලා හරි කියන්න…එහෙම නොකියන්නේ උ/ඹ/ට මාව ඒ තරමට නොවටිනා නිසා වෙන්න ඇති..

පහුගිය මාස කීපයේ මාත් එක්ක මේ තරම් ආදරෙන් ඉඳලා මෙහෙම එකපාරටම උඹ හැසිරෙන්නේ කොහොමද කියලා හිතනකොටත් මට පුදුමයි..

කලින් වතාවෙ වගේම උ/ඹ මෙදා පාර ගිහින් තියෙන්නේ ආයෙමත් නොඑන්න හිතාගෙන වෙන්න ඇති..මගේ දරුවා අරගෙන උ/ඹ/ට එහෙම මගෙන් වහන් වෙලා යන්න දෙන්න බැහැ….මෙදා පාර නිවාඩුවට කෙලින්ම උ/ඹේ ගෙදර යන්න කියලා මම තීරණය කළා..

මම ඕෆ් වෙලා බෝඩිමට ඇවිත් ඇඟපත සෝදගෙන ලැහැස්තිවෙලා කෙලින්ම ගියේ උ/ඹේ අම්මාගේ ගෙදරට….

මම උ/ඹේ ගෙදරට ගොඩ වෙනකොටම මම දැක්කේ චූටි පුතාව.චූටි පුතා ගේ ඇතුළේ කාර් එකක් තියාගෙන සෙල්ලම් කර කර හිටියා ..

මාව දැක්කා විතරයි චූටි පුතා අතේ තියන කාර් එකත් බිම දාලා මා ගාවට දුවගෙන ආවා …

චූටි මුහුණේ හිනාකටක් පිරුණා…

“තාත්තා…”

පුංචි පුතා ඇවිත් මගේ අතට පැන්නා.ඒ වෙලාවේ මගේ හිතට දැනුනේ වචනයෙන් කියලා නිම කරන්න බැරි ලොකු සතුටක්…

කවුරු මට ආදරේ නැති වුණත් කමක් නෑ

මගේ පුතා මට ආදරේ නම්..මම එහෙම හිතමින් චූටි පුතාව තුරුල් කරගත්තා…

“ඔ..යා ඔ..ය කො..යි වෙ..ලා..වෙ..ද මෙහෙට ආවේ ?..”

උ/ඹේ කටහඩේ තිබුණේ ලොකු පුදුමයක්,අනපේක්ෂිත බවක් කියලා මට වැටහුණා.

“චූටි පුතා කෝ එන්න අම්මා ලඟට…”

උ/ඹ මගේ අතේ උන්නූ පුතාව ලඟට ගත්තේ බලහත්කාරයෙන් වගේ. පුංචි පුතා අඬන්න ගත්තේ මුහුණත් බෙරි කරගෙන…

හයක් හතරක් නොතේරෙන පුංචි කිරි සප්පයා ගේ හිතත් රිදවලා උ/ඹ මගෙ ළඟ උන්නු දරුවා අඳුරගත්තේ…

දරුවා අයිති උ/ඹ/ට විතරක් නෙමෙයි….

මේ මගේ ලෙයින් ඉපදුනු මගේම දරුවා ….

අවුරුදු එකහමාරක් විතර මාත් එක්ක හොඳින් හිටපු උ/ඹ/ට එක එකපාරටම මේ විදියට වෙස් පෙරළෙන්න සිද්ධ වුණේ මොකක්ද කියලා මම කල්පනා කලේ උ/ඹේ මූණ දිහා බලාගෙන තරහෙන්….

“ඇයි සුදු ඔය ළමයා අඬන්නේ…”

ගේ ඇතුළේ ඉඳන් උ/ඹේ අම්මා එහෙම කෑ ගහගෙන සාලේට ආවා..මාව දැකපු හැටියේ ම නැන්දම්මාගේ මූණ තරහෙන් රතු වුණා ..

“ත/මු/සේ මොකටද මෙහෙ ආවේ?”

නැන්දම්මා හැමදාම වගේ අදත් මගෙ ඇඟට කඩන් පැන්නේ මාව පිට මනුස්සයෙක් ගානට දාලා..

“මට මෙහේ එන්න කිසිම උවමනාවක් නෑ නැන්දම්මේ…මම මෙහේ ආවේ මගේ ගෑ/නිව එක්ක යන්න…”

“සුදුට එහෙ ඉන්න බැරි නිසයි මෙහේ ආවේ..”

නැන්දම්මා එහෙම කියනකොට මගේ ඇස් දෙක ලොකු උනේ උ/ඹ/ට එහෙ ඉන්න බැරි වෙන්න එකපාරටම සිද්ධ වුණේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව…

“ඇයි එහේ ඉන්න බැරි වෙන්න මොකක්ද වුනේ?..”

මම එහෙම ඇහුවේ උ/ඹ දිහා බලාගෙන..
මම එහෙම අහනකොට උ/ඹ එක පාරටම කලබල උනා වගේ කියලා මට දැනුනා….

මෙතෙක් දවස් හොඳට හිටපු උ/ඹට එක පාරටම මොකක්ද මේ සිද්ධ වුණේ?..
ඇයි උ/ඹ ආයෙමත් අපේ ගෙදර එන්න බෑ කියන්නේ.මගේ හිතේ ඇති වුණේ ලොකු චකිතයක්..

හමුවෙමු මීලඟ කොටසින්💔💔💔💔

අහක බලාගෙන යන්නේ නැතුව ලයික් කමෙන්ට්ස් දාගෙන යන්න..කතාව කියවන ඔයාලා හැමෝටම ස්තූතියි.