කාවින්දි ලියනගේ

🌻28 වන දිගහැරුම 🌻

කේශ්වර සුපුරුදු පරිදි උදෑසනම සුදානම් වුයේ ..සිය රාජකාරි සදහා පිටත්ව යාමටයි .වෙනදාට තමා සුදානම්වී පිටව යනතුරු තමා වටා දැවටි දැවටි හිදින ඈ අද දින නොමැති නිසාවෙන් කේශ්වර ඇය අමතමින් තරප්පුපෙල බසින්නට විය..

” දෝණී……දෝණී ඔයා කොහෙද ළමයෝ ඉන්නේ..මට පරක්කු වෙනවා..ඉන්න තැනකින් එන්න හොද ළමයා වගේ….”

” විනාඩියක් දෙන්ඩෝ මන් මේ එනවා….”

සෙරෙප්පුවේ කැඩුණු පටියක් සකසමින් තනි කකුලෙන් උඩ පැන පැන එන ඈ දැක ඔහුට සිනාව නතර කර ගැනිමට නොහැකි විය..

” මොකෝ දෝණී මේ…..තනි කකුලෙන් උඩ පැන පැන…අනික මේ කොහෙ යන්නද ලෑස්ති වෙලා ඉන්නේ ” මෝටරථය දොරවිවර කිරීමට සැරසුනද .එය අතහැර ඔහු ඇගේ අතේ වු සෙරෙප්පුව දෑතට ගනිමින් විමසන්නට විය…

” අනේ ඕක ඉක්මන්ට හදලා දෙන්නකෝ..මගේ කකුල රිදෙනවා තනි කකුලෙන් ඉදලා…” ඇය ඔහුට මැසවිලි නගන්නට විය..

” ආ…… මැටි අලේ කොහොමද ඉතිං ..”

ඇගේ හිසට පහරක් ගසමින් තිසංක පවසන්න වුයේ ..කේශ්වර පුදුමයෙන් ඔහු දෙස බලා හිදිද්දිය …..

” උබ ආවේ කොයි වෙලාවේද .වාහනේ එන සද්දේවත් ඇහුනේ නෑනේ….”

” කොහෙ ඇහෙන්නද..උබ මෙතන පැණිපෙරද්දි…”

” මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉදහන්…”

“එක නෙවෙයි මොකෝ මේ නංගී බබා තනි කකුලෙන් හිටන්…මොකෝ මූ ඔයාට දඩුවමක්වත් දුන්නද ..

ඔයා කකුල බිමින් තියන්න..මූ මොනවා හරි කිව්වොත් මන් බලාගන්නම්.”

” විකාර නොකියා මෙන්න මේක හදලා දියන් බන්.” සිය අතරැදි සෙරෙප්පුව තිසංකගේ දෑත මත තබාම්න් කේශ්වර පවසන්න වුයේ ..ඔහුගේ මුව බෙරිවෙද්දිය….

” නොදකින් තෝ වගේ ගන්කබරයෙක්..යකෝ හරියට මගේ ගෑනිගේ සෙරෙප්පුව කැඩුනා වගේනේ රෙද්ද.” කේශ්වරට බැන වදිමින් ඔහු ඇගේ පාවහන සකසා ඇය ලබා දෙන්නට විය…

” හොද අයියා ..ඔයාට මොනාද මන් ගානේ හදලා ඕනි.ඔයා කැමති දෙයක් ඉල්ලන්න ඔයාට විතරයක් කන්න හදලා දෙන්නම්.මේය දෙන්න එපා හොදද”

” මෙන්න කෙල්ලෝ…එකනේ මන් දෝණීට මේච්චර ආදරේ ..ඔයාගේ කෑම පස්සේ කමු. අද මන් ගානේ මොකෝ කියන්නේ අද හවසට අපි කේඑෆ්සී යමුද…….”

” අනේ ඔය ඇත්තමද……..”

” ඔව් බන් අපි ඔයාගේ හස්බන්ඩ් හලලා අපි දෙන්නා යන්…හොදේ…..”

” අනේ….මහත්තයා එක්ක යන් එයා පව්නේ.”

” ඇත්තද තොට…..”

” හරි හරි එක නෙවෙයි කොහෙ යන්නද

උදේපාන්දර ඩබල ලෑස්ති වෙලා ඉන්නේ…”

” මන් නම් මේ හොස්පිටල් යන්න කියලා..උබ එනකොටත් මන් මේ අහනගමන් හිටියේ .මේ නෝනා මේ කොහෙ යන්න ලෑස්ති වෙලාද කියලා .අද කැම්පසුත් නිවාඩුනේ….”

” මන් මේ ඔයා එක්ක හොස්පිටල් යන්න එනවා….”

” මොකක්…….”

” ඔව් අනේ මන් ඔයාගේන් ඊයේ රෑ අහද්දී ඔයා හා කිව්වේ ……”

” මන් එහෙම දෙයක් කිව්වා..මට මතක නෑනේ….” කේශ්වර නලල සිය දෑතකින් පිරිමදිමින් සිහිපත් කරන්න වුයේ .

සැබැවින්ම ඔහු එ වැනි දෙයක් මතකයෙ නොතිබු බැවිනි ..

” ඔව් ඉතිං තෝ රෑට මේ කෙල්ලව කන්න හදනවා මිසක් .කියන දේවල් මතක තියාගන්නවැයි ……” කේශ්වර තිසංක වෙත සීතල රැවුමක් පා කරන්න වුයේ ..අහිංසා ලැජ්ජාවෙන් ඇඹරෙමින් ඔහුගේ ලයහි මුහුණ සගවා ගනිද්දිය …..

” හී…සොරි ඈ …..උබ දන්නවානේ මට කියවන්න ගියහම කටට බ්‍රේක් නෑ….” හරි හරි යමන් හොස්පිටල් එක උබේ අප්පච්චීගේ නෙවෙයි නේ අපිට ඕනි වෙලාවට යන්න….

දෝණී කොහෙවත් නොයා මේ රූම් එකෙම ඉන්න .මන් එන්න ටිකක් වෙලා යයි හොදද.”

හදිස්සිය සිසේරියන් සැත්කමක් සදහා ශල්‍යාගාරය වෙත යැමට සුදානම් වන අතරේ ඔහු පවසන්න වුයේ ඇගේ හිස පිරිමදිමින් ය.

” ඩයනා පොඩ්ඩක් මේයාව බලන්න හොදද.”

අසල හිදි ඇටෙන්ඩන් වරියකට පවසමින් ඔහුගේ සායනික කාමරයේන් පිට විය…

” මේ මිස් මට මෙහෙම ඉන්න කම්මැලි . අනේ අපි බබාලා ඉන්න වෝඩ් එකට යන්කෝ..අනේ අනේ ……ඔයා හොදයිනේ අපි මහත්තයා එන්න කලින් එමු….”

” අනේ මිස් හදන්නේ මට බැනුම් අස්සන්නද ඩොක්ටර්ගෙන්…..” ඇගේ හිස පිරිමදිමින් ඈ පවසන්න වුයේ සැබැවින්ම ඈ පිලිබදව සෙනෙහසිනි .

” අනේ එයා බනින එකක් නැ..බැන්නෝත් මන් එයාට කියන්නම් මන් බල කලේ කියලා අනේ යමුකෝ….” ගෙල මදක් ඇලකර සුරතල් පෙනුමින් ඈ පවසද්දී ඇටෙන්ඩන්වරියට ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමට නොහැකි විය…

‘ හරි එහෙනම් යමුකෝ…..” ඈ සතුටින් ඈ පසුපසින් දිව යන්න වුයේ .කුඩා බිළිඳුන් දැකබලා ගැනීමේ නොවිසිල්ලෙනි…

” අනේ මෙයාලා ශොයිනේ අප්පා මට ගෙදර ගෙනි යන්න හිතෙනවා….” කුඩා බිලිදුන් පිරිමදිමින් ඈ හිනෙහෙන්න වුයේ ..

සොම්නසිනි ….

” අනේ අම්මා මට මේ බබාව සුට්ටක් වඩා ගන්න දෙන්න පුලුවන්ද ..අනේ චුට්ටම චුට්ටකට දෙනවද…….” රෝස පැහැ කුඩා පැනල් රෙදිකඩකින් ඔතා උන් බිලිදියක් දැක ඈ පවසන්න වුයේ .සැබැවින්ම එම බිලිදිය සුරතල් නිසාය….

” ඔ..ඔයා කවුද …..”

” ආ..අම්මා මේ ඩොක්ටර් කේශ්වරගේ වයිෆ්.අද ඩොක්ටර් එක්ක හොස්පිටල් ඇවිත් .ඔය ආසාදට ඉල්ලන්නේ..ඔයා කැමති නම් පොඩ්ඩක් දෙන්න…”

” අනනේ එහෙමද සොරි මැඩම් මන් දැනන් හිටියේ නෑ..මිස් නම් හරි ලකී..කෙශ්වර ඩොක්ටර් හරිම හොද කෙනෙක් ..ආ හෙමිට ගන්න ඔයාට තාම හුරුනැතුව ඇතිනේ ..”

” අනේ අක්කි මට මැඩම් ගන්න ඕනි නැ..නංගී කියන්න මන් ඔයාටත් වඩා හුගාක් පොඩි නේ..මේයා අක්කිගේ පලවෙනි බබාද..අනේ ශොයි මේයා මට ඉඹින්නමයි හිතෙන්නේ …”

“නෑ නංගී ..තව එක්කෙනෙක් ඉන්නවා…එයාට දැන් අවුරුදු තුනක් විතර වෙනවා…”

” දෝණී ……….” සිය දෙසවන් අද්දරින් ඇසුනු ඔහුගේ හඩ නිසාවෙන් ඈ දැස් පියාගන්න වුයේ …බැනුම්ක් ඇසීමට සිදුවන බව ඉන්තේරුවෙන් දැන ගෙනය……

” කෝ ඔය බබා මේ අම්මට දෙන්න..මන් කිව්ව දේ අහපු විදිහනම් හරි ශෝක්….මේ මනුස්සයවත් රවට්ටන් ආවා නේද……..

අනේ සොරි අම්මා..මෙයා ආසාවට ගන්න ඇත්තේ බබාව හොදද….”

” එකට කමක් නෑ ඩොක්ටර් .නංගී මගෙන් අහලා බබාව ගත්තේ ….”

” මන් යන්නම් අක්කි …”

බිළිදාගේ මවට සිනහාවකින් සංග්‍රහ කර ඇයට කිසිවක් නොපවසා ඔහු ඈ සිය ගතට වාරුකරගනිමින් වාට්ටුවෙන් ඉවතට පා තැබිය ……..

මතුසම්බන්ධයි

Advertisment