කාවින්දි ලියනගේ
🌬️ නිසල සද මඩල 🌬
☁️ 07 වන කොටස ☁️
දින සෙමෙන් ගත වි යන්න වුයේ හියක වේගයෙනි ……..
ඉස්සර මත් එක්ක වචනයක්වත් කතා කරන්න තියා මුණවත් බලන්න අකැමැති උන එයා දැන් මා එක්ක හොදට කතා බහ කරන්න ගත්තේ මගේ ජිවිතේ හැමදේම වෙනස් කරමින්.
පුංචි කාලේ ඉදන් තාත්තා කියන කෙනා කොයි වගේද කියලවත් නොදැන හිටිය මන් ඒ ආදරේ උනුසුම හෙව්වේ එයාගෙන් ..අම්මා තරම් නෑ ඊටත් වඩා එයා මට පුංචිම කාලේ ආදරේ කරා..
ඉස්සර එයා ස්කොලේ යද්දිහැමදාම මාව කර උඩ තියන් මොන්ඩිසෝරියට එක්ක ගියේ.හවස අම්මා මාව එක්ක යන්න එනවා මිසක් අම්මා කවදාවත් මාව උදේට එක්ක ගියේ නෑ..
අම්මා කියන විදිහට මට තුන් වේලම කවලා තියෙන්නේ එයාලු .එයා කැව්වේ නැත්තන් මන් කෑම කටේ තියන්නේ නැලු .රෑට නිදගත්තෙත් එයා ලගලු..මටත් සමහර දේවල් ලාවට වගේ මතකයි…
එත් එ හැමදේම වෙනස් උනේ එයා කැම්පස් ගියාට පස්සේ..එයා කැම්පස් යද්දි එයාට මග ඇරුණා..ඊටත් පස්සේ මන් ලොකු වෙද්දි එයා මගෙන් ඈත් උනේ මට හිතාගන්න බැරි විදිහට …..
එත් කමක් නෑ..දැන් එයා මගේ ලගින්ම ඉන්නවානේ…
බැල්කණි එකේ හිටපු කල්පනාව එකපාරට බිද වැටුනේ වාහනයක් ගාර්ඩ්න් එකට දානවා ඇහිලා .මේ වෙලාවේ කවුද කියලා හිතන ගමන් එ පැත්තකට ඇස් යවද්දි මන් දැක්කේ ගර්ඩ්න් එකේ තියන ඩිෆෙන්ඩර් එකකින් එලියට බහින………
මේ..මේ මේය මොකක්ද මෙහෙ කරන්නේ…
එ වෙහිකල් එකෙන් බැස්සේ වෙන කවුරුත් නෙවෙයි .ලංකාවේ නම ගිය බිස්නස්මන් කෙනෙක් වගේ ඇමැති කෙනෙක් උන
තේනුක රත්වත්තේ
එහෙම හිතන ගමන් මන් හෙමින් සැරේ පහලට ඇවිත් සාලේ ගාව බිත්තියට හේතු වෙලා කන එ පැත්තක හැරෙව්වේ .මොනාද කතා වෙන්නේ අහන්න…
” යුරාග් මොකක්ද මේ පාර උබ නටන්න හදන නාඩගම ……” එක්වරම යුරාග් රැදි සිටි කැබිනයේ දොර විවර කරගෙන නිසල් ඇතුලට පැමිනෙන්න වුයේ රතු වු මුහුණෙනි.
” මොකද යකෝ බිරිහන් දෙන්නේ…උබ හිතුවේ මගේ කන ඇහෙන්නේ නෑ කියලද..කියන් දෙයක් තෙරෙන්නේ කියපන් නැට්ට පාගන් දගලන්නේ නැතුව …”
” ආ බලපන් ඇස් දෙක ඇරලා බලපන්..එක අතකට තොට බලන්න දෙයක් නෑ..උබ දන්නවා මේ මොකක්ද කියලා ….”
ඔහුගේ මේසය මතට සිය අත රැදි ලියුම් කවරය විසි කරමින් අසුන් ගන්න වුයේ ඔහුට රැවුමක් පා කරන අතරවාරයේය ….
” ඕ මේක මෙච්චර ඉක්මන්ට ඇවිත්ද..මන් හිතුවේ .වීසා එන්න කල් යයි කියලා….”
ඇමරිකාව සදහා ඉල්ලුම් කල විසා අයදුම්පත අනුමැතිය ලැබි පැමින ඇත්තේ තව මාස කිහිපයකින් ඔහුට විදෙස් ගත වීමට හැකියාව ලැබෙන පරිදි ය….
” මට කියපන් උබ මොකක්ද මේ පාර කරන්න හදන්නේ .පින් සිද්ද වෙයි කරන දෙයක් කියලා කරපන්…..”
” මන් ඇමරිකා යන්න කියල හිතුවේ නිසලයා.මන් හිතන් හිටියේ නම් දෝණීට අවුරුදු දහඅට ලබනකන් ඉන්නවා කියලා එත් මන් දෝණීට එක්සැම් ඉවර උන ගමන් ෆ්ලයි කරනවා..”
” එතකොට උබ යන්නේ සෙට්ල් වෙන්න නෙවෙයි නේ…..”
” නෑ බන් මන් යන්නේ සෙට්ල් වෙන්න .මන් අයි කවදාවත් ලංකාවට එන්නේ නෑ…දෝණී එක්ක මේ දේවල් උබ හැඩල් කරහන්..දෝණීට දහඅට ලබනකන් උබට තමා මේකේ ලිගකි අයිතිය තියෙන්නේ . ඊටපස්සේ මන් උබලා දෙන්නටම ශෙයාර්ස් බෙදලා තියෙන්නේ ……”
චාටාස් ………….
යුරාග්ට සිය වදන් අවස් කරන්න නොහැකි වුයේ අනපේක්ෂිත නිසල්ගෙ එල්ල වු අතුල්පහරක් නිසාවෙන් ය..
” මොකක්ද ### උබ කියන්නේ ආ…කියපන්..ශික් උබ පිරිමියෙක් නේද..
ප්‍රශ්නයක් උනහම මෙහෙම පැනල යන්නේ .උබ කවදා වෙනකන් මෙහෙම මේ ප්‍රශ්නේ න් පැනලා යන්නද..එකත් උබේ හෘද්දසාක්ෂියෙන් ……”
” මන් වෙන මොනවා කරන්නද බන්..මා..මාත් අසරණයි බන්…මන් කවදා වෙනක් මේවා හංගන් ඉන්නද..මාත් හැගිම් දැනිම් තියන මනුස්සයෙක් බන්…..” සිය දැසින් ගලායෑමට වෙරදරන කදුලු රහසෙම සගාවාගනිමින් ය.
” අඩෝ මචං යුරාග් ……
නිසල් ඔහු වැලදගන්න වුයේ .. සැබැ සොහොයුර ප්‍රේමයෙන් ය……
” දෙ…දෙ…දෙවියනේ තේනුක ඔ..ඔයා මෙහෙ අනේ පින් සිද්ධ වෙයි දැන් නම් එන්න එපා දෝණිත් අද ගෙදර ඉන්නවා..එයා ඔයා කවුද කියලවත් දන්නේ නෑ…” ඇගේ වදන් නොඇසුනා සේ ඔහු අසුන් ගන්න වුයේ ඇයට සිය අසුනකට ඉදියෙන් වු අසුන දෑසින් පෙන්වමින් ය…..
” තේනුක ඔයා මොකක්ද අනේ මේ කරන්න හදන්නේ මට දුන්න ගින්දර මදි වෙලාද මේ..”
” මන් ආවේ පොඩ්ඩක් කතා බහ කරලා යන්න..දෝණී කෝ මට එයාව බලන්නවත් අවසරයක් නැද්ද රේණු…..”
” ඇයි තේනුක ඔයාට මේ දේවල් තේරුම් ගන්නේ නැත්තේ..හදිස්සියේන් හරි දැන් මල්ලි ආවොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා..ඔයා දන්නවනේ එයා ඔයා එක්ක කොච්චර ලොකු තරහකින්ද ඉන්නේ කියලා….”
” මන් දන්නවා රේණු ..මට දැන් දවස් දෙක තුනකට උඩදි මිනිහා හම්බුනා.ඌ මගේ මුණවත් බැලුවේ නෑ…..”
” හරි හරි ඔයා කාලද ඉන්න තේනු මන් මොනවා හරි ගෙන්නද….”
” මන් බඩට කෑවාට හිත පිරෙන්න කාපු දවසක් මතකවත් නෑ රේණු .පුලුවන් නම් ඔයා අතින් හදපු තේකක් උනත් කමක් නෑ මට දෙන්න….”
” ඔහොම ඉන්න පොඩ්ඩක් මන් උයපුවා ඇති මන් අරන් එන්නම් ..හැබැයි ඔයා දෝණී නිදාගෙන ඇත්තේ ඇහැරෙන්න කලින් ඔයා යන්න ” ඔහු නිහඬව හිස සලා එය පිලිගන්නට විය…
මතුසම්බන්ධයි ………
කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැ..එකවුන්ට් එකට දවස් තුනක් තිස්සේ සැප්ම් වැදිලා සමාවෙන්න