නව කතාව

😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩි #රැජින🌹🌹

විසි තුන් වන චන්ඩිකම 🙅🙅

වාහනයක් ඇවිත් මිදුලෙ නතර කරන හඩත් එක්කම කාගෙදෝ කකුල් ගැටෙන හඩක් ඇහෙන්න වුණේ හිත පුරා අමුතුම බියක් මෝදු වෙන්න ගද්දි.ඒත් එක්කම දොරට තට්ටු කරන හඩක් ඇහුණෙ විදුලියක් වගේ බය මුළු ඇගටම දැනෙද්දි.

පණ්ඩිතටකමට ආවට කවදාවත් නිශා නැතුව මං මේ ගෙදර තනියෙන් ඉදලම නෑ.ගැහි ගැහීම ඇද ළග මේසෙ උඩ තිබුණ ෆෝන් එක අතට අරන් ඔන් කලේ.වෙලාව 8.10යි.ආයෙමත් වහල තිබුණ ජනෙල් වීදුරු අතරින් එළිය බැලුවෙ බය ටිකෙන් ටික මුළු හිතම අරක් ගද්දි.කළුවරම ඇරෙන්න එළියෙන් කිසිම දෙයක් පේන්නෙ නෑ.තත්පර දෙකක් විතර කිසිම හඩක් නැතුව ගෙවිල ගියේ ඊලග තත්පරේ හිත ඕනිවටත් වඩා ගැස්සිලා යද්දි.

ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ.ස්ක්‍රීන් එකේ නම දැකපු ගමන් හිතේ බය ටිකක් අඩු වුණේ.එහෙම්ම ෆෝන් එක ආන්සර් කරල ෆෝන් එක කණේ තියා ගත්තෙ.

” හෙලෝ මැණික,දොර අරින්න මං මිදුලෙ “

ෆෝන් එක කණේ තියා ගෙනම ගිහින් දොර ඇරියෙ.

” බය වුණාද? මගෙ කෙල්ල.මොකද? මේ දාඩියත් දා ගෙනම “

එහෙම කියන ගමන් විනෝද් ගෙට ආවෙ එක අතකින් පොඩි පාර්සල් එකකුත් අනික් අතින් ඉටි බෑග් එකකුත් අතේ තියා ගෙන.නලලට උනල තිබුණු දාඩිය ටික පිටි අල්ලෙන් පිහ දාල දොරත් වහ ගෙන ඇවිත් මාත් විනෝද් ඉස්සරහම සෙටි එකෙන් ඉද ගත්තෙ එයත් අතේ තිබුණු පාර්සල් ස්ටූල් එකෙන් තියල වාඩිවෙන අතරෙම.

” ඇයි මේ වෙලාවෙ ආවෙ “

කතා කර ගන්න පුලුවන් වුණු තත්පරේම එහෙම ඇහුවෙ ඒ ඇස් දිහාම බලා ගෙන.

” ඇයි මට එන්න හොද නැද්ද?ම්ම්ම්”

එහෙම අහන ගමන් එයා නැගිටල ඇවිත් මගෙ අතින් අල ගෙන ගිහින් ආයෙමත් එයා වාඩි වෙලා උන්නු සෙටි එකේම ඉද ගත්තෙ මගෙ ඉණ වටේ අත දාල මාව ඒ පපුවට ලං කර ගන්න ගමන්.

ඒත් එක්කම ගැස්සිලා වගේ මං ඒ පපුවෙන් ඈත් වුණේ ඇදන් උන්නු නයිට් ඩ්‍රෙස් එකෙන් නිරුවත් පපුව බේරිලා පේන්න ගද්දි.ලා පාට නයිට් ඩ්‍රෙස් එකක් නිසා ඇගේ කෝමල රේඛා ඕනවටත් වඩා පේනව.

එයා ගාව කවදාවත් මෙහෙම ඉදල නැති නිසාමද, මන්ද අමුතුම හිරියක් මුළු ඇග පුරාම දිව්වෙ ලැජ්ජාව තවත් වැඩි කරල.අත් දෙකෙන් අමාරුවෙන් වහන් උන්නු පපුව දිහා හොරහින් බලන ගමන් එයා යටිතොලත් හපා ගෙන හිනා වෙනව.

” මෙන්න මෙහෙ වරෙන් බන් ඕව ඉතින් ආයෙ වෙන එකෙක්ට දෙන්නයැ”

එහෙම කියන ගමන් මාව ඇදල අරන් ඒ පපුවට හිර කර ගත්තෙ.

” දාඩිය ගදයි නේද? මැණික.”

එයා දවල් ඇදන් උන්නු ටී ෂර්ට් එකම ඇදන් උන්නු නිසා වෙන්න ඇති එහෙම අහන්නෙ.

” ගෙදර ගියාට හිත හදන් ඉන්න බෑ මැණික.ඔයාව තනියෙන් දාල ආව එක හිතට වදයක්.ඒ නිසාම ඇදුම් ටිකකුත් දා ගෙන ආයෙත් ආව”

එයා එහෙම කියන ගමන් මගෙ හිස් මුදුන ඉබිනව.එහෙම්ම ඔළුව උස් කරල බැලුවෙ ඒ මූණ දිහා.

” දැන් ඔය කල්පනා ක්රන්නෙ අම්න මොකද? කිව්වෙ කියලනෙ.බය වෙන්න එපා.එයා පර්මිශන් දුන්න.එයාගෙ ලේලිව පරිස්සම් කර ගන්න කිව්ව්.”

එයා මගෙ හිත තේරුම් අරන් වගේ එහෙම කියල කම්මුලක් ඉම්බෙ.

“හැබැයි දැන් කෙල්ලව මගෙන් පරිස්සම් කර ගන්න එක නම් ටිකක් අමාරු වෙයි “

විනෝද් ආයෙමත් එහෙම කියල මනමාල බැල්මකුත් දාන ගමන් ඇහැකුත් ගහල ඉටි බෑග් එකත් අරන් කාමරේට ගියේ මං ලැජ්ජාවෙන් රතු වෙලා යද්දි.

” බබා ඕකෙ රයිස් දෙකක් ඇති.එකක් අරන් කන්න.මං වොශ් එකක් දාන් එන්නම්.”

කාමරේ ඉදන් ආයෙමත් එයා සද්දෙන්ම එහෙම කියද්දි මං ස්ටූල් එක් උඩ තිබුණු පාර්සල් එකත් අතට අරන් කාමරේට ගියේ.ෂවර් එකෙන් වතුර වැටෙණ හඩ ඇහෙනව.එයා නානවද? කොහෙද?අතේ තිබුණු බත් පාර්සල් එකත් මේසෙ උඩින් තියල මේසෙ උඩ තිබුණ එයාගෙ ෆෝන් එකත් අරන් ඇදට ආවෙ. ඇද විට්ටමට හේත්තු කරපු කොට්ටෙන් පිට තියා ගෙන ෆෝන් එක ඔන් කලේ.

” දාඩිය නිසාම නා ගත්ත මැණික.”

ටික වෙලාවකින් විනෝද් කාමරේට ආවෙ එහෙම කියන ගමන්.කොණ්ඩෙ රැදිල තිබුණු වතුර බින්දු අති ගසා දාන ගමන්ම.ඒ නිරුවත් පපුවෙ රෝමවල රැදිල තිබුණු වතුර බින්දු පපුව දිගේ ගලන් යනව.හිතට දැනුණු ලැජ්ජාව නිසාම ෆෝන් එකට තව තවත් මූණ ඔබා ගත්තෙ.

” ඔයා තාම කෑවෙ නැද්ද? රශී “

එහෙම අහන ගමන් එයා අතේ තිබුණු තුවාය රැක් එකට දාල මේසෙ උඩ තිබුණු බත් පාර්සල් එක අතට ගත්තෙ.මාත් ෆෝන් එක ඕෆ් කරල මේසෙ උඩින් තියන අතරෙම.

” නෑ ඔයා එනකං හිටියෙ “

” මං කෑම එකක් ගෙනාවෙ නැත්තං මගෙ කෙල්ල බඩගින්නෙම නිදා ගන්නව කියල මං දන්නවනෙ “

විනෝද් එහෙම කියන ගමන් බත් එකක් ලෙහුවෙ.මාත් අත හෝද ගෙන ඇවිත් පුටුවෙන් වාඩි වුණේ.එක බත් කටයි කෑවෙ.ඒකත් හිර වෙන්න වුණේ.

” හෙමින් කන්න ළමයො “

එයා එහෙම කියන ගමන් වතුර එකක් දුන්නෙ.

” නිශා බඩගින්නෙ ඇත්තෙ.ඒකයි හිර වෙන්නෙ “

එහෙම කියල මං අත සෝද ගන්න නැගිට්ටෙ.

” විකාර නැතුව කන්න රශී.එයාට ඩොක්ටර්ස්ල සේලයින් දීලනෙ තියෙන්නෙ.ඔයා දවල්ටත් කාල නෑනෙ.ඒකයි හිර වුණේ.ඔයත් ලෙඩ වෙන්නදා?හදන්නෙ ආ….”

අන්තිම ටික නම් එයා ටිකක් සැරෙන් කිව්වෙ.ඒ නිසාම බත් කටවල් දෙක තුනක් කාල අත සෝද ගත්තෙ.

” නිදා ගම්මු කෙල්ල.හෙට උදෙන්ම යන්නත් එපැයි “

එයා එහෙම කියල දොරත් වහල.ලයිට් එකත් ඕෆ් මේසෙ ලගම තිබුණු ලෑම්ප් එක ඔන් කරල ඇදට ආවෙ.

” මොකද? කෙල්ලෙ ඈතට වෙලා.ළගට ආව කියල බබ්බු හම්බ වෙන්නෙ නෑ.🤣මෙන්න මෙහෙ වර”

එහෙම කියල ඒ පපුව උඩට ඇදල ගත්තෙ.මං රෝම පිරුණු ඒ පපුවෙ තොල් දෙක තද කර ගත්තෙ ඇස් දෙක අඩවන් වෙලා පිය වෙද්දි.හිතේ කොච්චර දුක වේදනාව තිබුණත්,ඒ උණුහුමට ආවම සත්තයි මුළු හිතම නිවිල යනව.

මුණ ගැහිල වැඩි කාලයක් නොවුණට අපි කල්පයක් ආදරෙන් බැදිල වගේ. කල්ප කාලයක් ඒ හිත මත්තෙම නැහෙන්න පුලුවන්.දාහක් දේවල් හිතට එද්දි ආයෙමත් නිශාගෙ මතකයන් හිත පාරවන්න වුණේ මුළු පපුවම වේදනාවෙන් ඇදුම් කද්දි.මටත් අවනත නොවීම කදුළු වැල් ගලන්න වුණේ.

” කෙල්ල ආයෙමත් අඩනවද? “

එහෙම අහන ගමන් විනෝද් මාව ඇදල අරන් කොට්ටෙට තද කරල මගෙ මූණට එබුණෙ.මෙච්චර වෙලා නිවිල තිබුණු ඒ මූණට යාන්තමට කේන්තියක් මෝදු වෙලා.

” මේ බලනව “

එහෙම කියන ගමන් එයා ඒ රෝම පිරුණු පපුව පෙන්නනව.මට අවනත නොවීම ගිලිහෙච්ච කදුළක් ඒ පපුව දිගේ රූටගෙන යනව.

” ඔය කදුළු මේ පපුව උඩට වැටුණම මේ පපුව කොච්චර රිදෙනවද? කියල දන්නවද? ආ….”

එහෙම අහන ගමන් මගෙ කට දෙපැත්තෙන් අල්ලල තදට මිරිකුවෙ වේදනාවට කදුළුත් ඇහෙන් පිට පනිද්දි.

” ආයෙමත් ඔය කදුළු මට පෙනුනොත් මං උඹට……”

එහෙම කියනවත් එක්කම……

නැවත හමුවෙමු.👋👋

කතාව කියවන කට්ටිය අඩු වෙලා.ගොඩක් අය කතාව කතාව දාල ගිහින් 😭 කතාව හොද නැද්ද? වස්තුලා.