බැඳීමක් නැති මුදුවක් 💔
27 වන කොටස
අලුත් රැකියාවට ගිහින් රාජකාරි වැඩ කළත් මගේ හිතට හැමතිස්සෙම මතක් වෙන්නේ චූටි පුතාව.චූටි පුතා මොනවා කරනවාද දන්නේ නැහැ මම කොයිතිස්සෙත් කල්පනා කළේ එහෙම.
චූටි පුතාගේ හුරතල් මුහුණ ,ඒ හුරතලේ මතක් වෙද්දී හිතෙන්නේ චූටි පුතා ළඟට දුවලා යන්න..පහුගිය දවස් ටිකේ චූටි පුතා එක්කම කාලය ගත කරලා තනිවෙලා මේ ගෙවන ජීවිතේ දැන් හරිම හුදකලාකාරී බවක් දැනෙනවා…
උදේ නවයේ ඉඳන් රෑ නවය වෙනකම් කවුන්ටර් එක ළඟ හිටගෙන ඉඳලාම කකුල් දෙකත් කකියනවා.රෑ නිඳාගන්න සයනයට වෙලා හිටපු මගේ දෑස් නොපියවුණේ නිදිමත නැති නිසා නෙමෙයි .පුංචි පුතා මතක් වෙලා …
ඒ චුටි අත් කකුල්,ඒ කිරි සිනහා මගේ ඇස් ඉස්සරහා මැවි මැවි පෙනෙන්නේ නිදිමතත් අමතක වෙලා…
නිවාඩුවට මම ගෙදර ගියේ කිසිම ඉස්පාසුවක් නැතිව..බස් එකේ එද්දිත් මැවි මැවී පෙනුණේ චූටි පුතාගේ හුරතල් මුහුණ ..
ගෙට ගොඩ වෙද්දි මට දැනුනේ සුරපුරයකට ගියා වගේ…
ගෙට ගොඩ වෙච්ච හැටියෙම මට ඇහුනේ චූටි පුතා කෑගහලා අඬන සද්දේ..මම කලබල වුණේ හදිසියේ ම පුතාට මොනවා හරි කරදරයක් වත් වුනාද කියලා …
මම පුතාගේ සද්දෙ ඇහෙන අපේ කාමරයට දිව ගෙන ගියේ කලබලයෙන්.මගේ හිතට සැනසීමක් දැනුනේ මම එනකොට උ/ඹ දරු පැටියා ව නාවමින් උන් අයුරු දැකලා..
පුංචි හොර ගෙඩියා අඩලා තියෙන්නේ නාවපු නිසා එහෙනම්…මම පුංචි පුතා දිහා
බලාගෙන උන්නේ ආදරයෙන්..
“චූටි බබාව අම්මා ඇඩෙව්වාද?.”
වතුර බේසමක් ළඟ තියාගෙන පුංචි පුතාව නාවන උ/ඹ එකපාරටම තිගැස්සිලා වගේ මගෙ දිහා බැලුවා….
“අම්මෝ අයියේ…ඔයා මාව හොඳටම බය කලා…ඇවිත් සද්ද නැතුව හොරා වගේ හිටිය නේ..”
උ/ඹ එහෙම කිව්වේ නාවල ඉවර වෙච්ච චූටි පුතා ව පුංචි ටවල් එකෙන් ඔතන ගමන්..
මම හිමින්සැරේ චූටි පුතා ලඟට ලං උනේ තවත් නම් ඒ හුරතල් මූණ දිහා බලාගෙන දුරට වෙලා මට ඉන්න අමාරු නිසා..
මාව දැකපු හැටියේ චූටි පුතා හයියෙන් අත පය ගසන් උ/ඹේ අතින් මගෙ ලගට පනින්න උත්සාහ කළේ..
“දැක්කා නේද අම්මා එක්ක කොච්චර හිටියත් පුතාට ඕනේ තාත්තා කියලා”
“මේ අයියේ…ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න..ඔය බස්වල ඇවිල්ලා මොන මොන විසබීජ තියෙනවද දන්නෑ…ඒ පිටින් දරුවා ළඟට ගන්න එපා …”
උ/ඹ ඒ කිව්වේ ඇත්තක් නේද කියලා මට මතක් උනේ ඊට පස්සේ…චූටි පුතාගේ හුරතල් මූණ දැක්කා විතරයි මටත් ඒ සේරම අමතක වෙලා ගියා..
“”මම යනවා පුතේ…නැත්තං අම්මි ගෙන් හොඳටම බැනුම් අහන්න වෙන්නේ.ඉන්න මම මම වොෂ් දාගෙන එන්නම්..මම හනිකට කාමරේට ගියේ ටවල් එකකුයි ඇඟ හෝදලා අඳින ඇඳුමකුයි අරගන්න.”
මම එතනින් පිට පිට වෙනවත් එක්කම චූටි පුතා මහා හයියෙන් හඬන සද්දේ මට ඇහුනා..මම වඩාගන්නේ නැති නිසා වෙන්නැති චූටි පුතා හඬන්නේ මට චූටි පුතා ගැන ඇති උනේ දුකක්…
මම ළිඳ ළඟට ගිහින් වෙනදා වගේ හිමින් සීරුවේ නැතුව කඩිමුඩියේ ඇඟපත හෝද ගත්තේ ඉක්මනට චූටි පුතා ලඟට යන්න ඕන නිසාමයි..ඇඟ පත හෝදගෙන මම අරගෙන ආපු ඇඳුම දාගෙන ගේ ඇතුලට ගියේ කලබලයෙන් වගේ…
මම යනකොට උ/ඹ චූටි පුතාව තුරුලු කරගෙන පුතාගේ කටේ කිරි බෝතලය තියාගෙන උන්නා..මගේ රන් පුතා ඉඳලා තියෙන්නෙ හොඳටම බඩගින්නෙන් ද කොහෙද?පුතා එක හුස්මට කිරි උරමින් බොමින් හිටියා..
උ/ඹ මගේ දිහා බැලුවේ ලොකු දුකකින් වගේ ..ඒ ගමන මොකක්ද වෙලා තියෙන්නේ මම උ/ඹ දිහා බැලුවෙ නොඉවසිල්ලෙන් වගේ….
“ඇයි සුදු මොකක්ද වෙලා තියෙන්නේ?..”
“බලන්නකෝ අයියේ වෙච්ච වැඩේ…”
උ/ඹේ කටහඩේ තිබුණෙ ලොකු පසුතැවිල්ලක් කියලා මට වැටහුනේ..
“ඇයි ඒ ගමන මොකක්ද වෙලා තියෙන්නේ?..”
“අයියේ..පුතාට නිකමට පිටිකිරි දෙන්න පුරුදු කරන්න කියලා බෝතලෙන් කිරි පොවන්න පටන් ගත්තනේ..”
“මම ඔයාට එදත් කිව්වානේ නෙහාරා…ළමයට පිටිකිරි දෙන්න එපා කියලා..තවම මාස හය පහුවුණා විතරයි…අර මිඩ්වයිෆ් කිව්වා මතකද මව්කිරි හොඳටම ඇති කියලා..මව් කිරි දෙන ගමන් ආහාර දෙන්න කියලා කිව්වෙනේ..ඕව දුන්නා කියලා ළමයෙක්ට ඇති ගුණක් නැහැ..”
“ඉතින් කෑගහන්නේ නැතුව ඉන්න ..මුලින්ම මට කියන්න දෙන්න..දැන් දරුවා පිටිකිරි දුන්නට පස්සේ මගේ කිරි බොන්නෙම නෑ..දැන් මට කිරි එරෙන්නේ ත් නෑ..”
උ/ඹ එහෙම කිව්වම නම් මගේ හිතට දැනුනේ ලොකු තරහවක්..කාලයක් තිස්සේ උ/ඹ දරුවාට පිටිකිරි දෙන්න අර ඇද්දා..එදා ඩොක්ටර් මිඩ්වයිෆ් කොච්චර කිව්වද පුතාට පිටිකිරි ඕනේ නෑ කියලා ..
කියන දේ අහන්නේ නැතුව පණ්ඩිතකම් කරන්න ගිහින් දැන් ඔය කරගෙන තියෙන්නේ හොඳ වැඩක්..දරුවාට අන්තිමේදී මව්කිරි නැතිවෙලා ගියා…මම එහෙම කල්පනා කළේ උ/ඹේ දිහා රවා ගෙන බලන ගමන්..
“ඔය කරගත්තේ වැඩක්..මම කොච්චර ඔයාට කිව්වද ඔය දේ කරන්න එපා කියලා..අඩුම තරමේ අවුරුදු එකහමාරක් වත් පුතාට කිරි දෙන්න තිබ්බා…”
මම එහෙම කිව්වේ කිරි බොමින් නින්ද ගිහින් හිටපු චූටි පුතා දිහා බලන ගමන්..
මම උ/ඹේ අතේ හිටපු චූටි පුතා අතට ගත්තේ පුතාගේ කිරි පිට උගුරේ යෑම වළක්වන්න ගුඩුස් යවන්න..
පුතාගේ ගුඩුස් ගියාට පස්සේ මම පුතාව හිමින් සීරුවෙ ඇඳ මතින් තියලා වටේටම කොට්ට තිබ්බා..ඊටත් පස්සේ පුංචි නෙට් එක දාලා පුතාව ආවරණය කළා…
උ/ඹේ ඔය හිතුවක්කාර වැඩ ගැන තරහින් මම ගැහෙන්න ගත්තා..උ/ඹ වෙනස්වුණා කියලා හිතුවත් වෙනස් වෙලා නෑ තවමත් ඒ විදිහමයි..
දෙන්නෙක්ගේ දෙමහල්ලෙක් උනාම තීරණයක් ගන්න ඕනේ දෙන්නත් එක්කම එකට කතා කරලා..උ/ඹ ඒ කතා කරපු දේවල් අමතක කරලා කරන්නෙත් උ/ඹ/ට ඕනේ දේවල්ම විතරයි ..මම උ/ඹ/ට රැව්වේ එහෙම හිතන ගමන්..
“මොකද මට රවන්නේ..”
“රවලා මදි..හරි නම් ගහන්න ඕනේ..මම කොච්චර එපා කිවුවද..?.කොහෙද කරන්නේ තමුන්ට ඕන දේවල් විතරනේ..”
මම එහෙම කියපු ගමන් උ/ඹේ මුහුණ තරහින් රතු වෙන්න ගත්තා..
“ඕකට ඔච්චර කියවන්න දෙයක් නෙමෙයි…ඕක මහ ලොකු දෙයක්ද?..”
උ/ඹ එහෙම කියද්දි නම් මට තවත් තරහා ගියා..දරුවාට මාස හයට කලින් කිරි නවත්තන්න වෙච්ච එක උ/ඹ/ට මහ ලොකු දෙයක් නෙමෙයිලූ.
“ලොකු දෙයක් තමයි…පුංචි කිරි සප්පයෙක්ට අම්මගේ කිරි තරම් දෙයක් තව වටින දෙයක් තියෙනවද?”
“අනේ මේ නිකන් කට පියාගෙන ඉන්නවා..මේ මම ඕන කමින් කරපු දෙයක් නෙමෙයි…දරුවාට මට තමුසේ ඕන කාලේ තමුසේ රට ගියා..මමයි ඒ සේරම දේවල් තනියම කරගත්තේ..මට උදව්වට හිටියේ මගේ අම්මා විතරයි…අපේ අම්මා ලා දරුවෝ ගැන නොදන්න උදවිය ද? අම්මම තමයි කිව්වේ හදිසියට පිටිකිරි ටිකක් බොන්න පුරුදු කරන්න කියලා…”
උ/ඹ එහෙම කිව්ව නෙමේ උ/ඹේ කටින් එහෙම පිට වුණා..දැන් මට සේරම පැහැදිලියි..උ/ඹ මේ සේරම කරන්නේ උ/ඹේ අම්මගෙ ඉගැන්නුම් බස්..දුරට වෙලා හිටියත් උ/ඹ/ව මෙහෙයවන්නේ උඹේ අම්මා..
“මේ සේරම ත/මු/සෙ/ගේ අම්මගේ වැරදි..අම්මා තමයි සේරම විසබීජ ඔලුවට දාන්නේ..”
මම උ/ඹ/ට එහෙම බැන වදින්න ගත්තා..
“තමුසේ සේරටම අපේ අම්මාව ගාව ගන්න එපා..”
උ/ඹ එහෙම මහා මහ හයියෙන් කෑගහගෙන ආවා. උ/ඹේ කෑගැහිල්ලට නිදාගෙන ඉන්න චූටි පුතා ඇහැරේවි කියලා මට හිතුනා …
“නෙහාරා කියන දෙයක් හිමිට කතා කරනවා…මේ නිදන් ඉන්න පොඩි එකා ඇහැරවන්නේ නැතුව.”
මම එහෙම කියපු ගමන් උ/ඹේ ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ ලොකු වුණා…
“මමයි දරුවාගේ වැඩ හැමදේම කරගන්නේ නිවාඩු දවසේ ඇවිල්ලා බොරුවට මට කෑගහනවා..මට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තම් මම ගෙදර යනවා..”
උ/ඹ වැලපෙමින් අඬන්න ගත්තේ එහෙම..
කොහෙදෝ ඉඳපු තාත්තා අපේ කාමරේට කඩාගෙන පැන්නේ ඒ එක්කමයි…
“මොකෝ දිලංක උ/ඹට මේ වෙලා තියෙන්නේ…මොකෝ මේ සුදු නෝනාව ම/රාගෙන කන්න හදන්නේ …ඒකිට පාඩුවේ ඉන්න දිය//න්..”
තාත්තා එහෙම කියාගෙන ආවම උ/ඹේ ඇඩිල්ලත් එකපාරටම වැඩි වුණා..
“ඔව් බලන්න තාත්තේ බොරුවට කෑ ගහනවා…”
තාත්තා මගේ දිහා රවලා බැලුවේ ඒ එක්කම..
“මේ තාත්තේ ඔයා මෙතන අපේ දේවල් වලට මැදිහත් වෙන්නේ නැතුව ඉන්න..”
“ඇයි උ/ඹ මෙතන වීරයා වෙන්නද හදන්නෙ?.අපිට මේවට කතා කරන්න අයිතියක් තියෙනවා…අපිට උ/ඹේ/යි මේ දරුවගෙයි කියලා වෙනසක් නෑ..මේ ඉන්නෙත් අපේම දුවෙක්..උ/ඹ මෙතන ඉන්නවනම් පාඩුවේ ඉඳ//පන්…”
තාත්තා හයියෙන් කෑ ගහන්න ගත්තේ මගේ තරහව තවත් වැඩි කරමින්…
“මේ තාත්තේ කෑ ගහන්න ඕනේ නම් සාලෙට ගිහින් කෑ ගහන්න..මෙතන දරුවා නිදි..”
තාත්තට එතනින් එහා මුකුත් කියන්න නොලැබුණේ ඒ එක්කම අපේ කාමරේට ආපු අම්මව දැකලා..
“මේ ඒ දෙන්නගේ ප්‍රශ්න ඒ දෙන්නට විසඳගන්න දෙන්න..එනවා මෙතන හැමදේටම ඇඟිලි ගහන්න…අපි යමු…”
අම්මා බොහොම අමාරුවෙන් තාත්තාව මෙල්ල කරගෙන අපේ කාමරෙන් පිට වෙලා ගියේ ..
මට වැඩිපුරම තරහ ගියේ උ/ඹ/ත් එක්ක නෙමෙයි..මගේ තාත්තත් එක්ක..මට කවදාවත් අම්මයි තාත්තයි කොහොමත් උ/ඹ/ට සැරවැර කරන්න දෙන්නෙ නැත්තේ එයාලට ඉන්නෙ පුතාලා ම දෙන්නෙක් විතරක් නිසා…ඒ නිසා ඒ දෙන්නම උ/ඹ/ට ආදරේ කරේ තමන්ගෙම දුවෙක්ට වගේ…
තාත්තාලා කොහොමත් වැඩිපුර ආදරේ දුවලාට ලු..මම එහෙම හිතලා මගේ හිතේ තිබ්බ තරහව තුනී කරගත්තා..
පුංචි පුතා ලොකු වෙන්නේ බලාගෙන ඉන්නකොට..දැන් පුතාට අවුරුද්දක් ලබලා.පුතා බහ තෝරනවා..ගේ පුරා දුව ඇවිදිනවා..ගෙදර පොඩ්ඩක්වත් පාළු නෑ….
“අම්මා..
“තාත්තා..”
කියමින් දවස පුරාම ගේ වටේ දුවනවා..පුංචි පුතාගේ දඟකාර කම් වල හුරතල් වල කෙළවරක් නම් නැහැ…නිවාඩු ඉවර වෙලා ආයේ වැඩට යන දවස වෙනකොට ඉවසන්නම අමාරුයි.පුංචි පුතා ඒ තරමටම දැන් මගේ ලෝකය වෙලා..
පුතා ලොකු වෙන්න ලොකු වෙන්න මගේම හැඩරුව ගන්නවා කියලා හැමෝම කියන දෙයක්..පුතා හරියට මගේම අනුරුවක් වගේ..හැඩකාර දඟකාර පුංචි පුතා ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ආඩම්බරයක්..
“ආ පුතේ බත් එක..”
අම්මා මගේ අතේ බත් එක තබමින් එහෙම කියනකම්ම මම අම්මා එනවා නිකමටවත් දැක්කෙ වත් නෑ..ඒ තරමට මම උන්නේ පුතාගේ සිහියෙන් ..
“පුතේ දැන් තාත්තගේ අතින් එන්න..”
උ/ඹ කොයිතරම් කතා කරත් පුංචි පුතා මගේ අතින් බැස්සෙම නෑ..මගේ බෙල්ල තව තවත් තද කරගෙන ඉන්නේ..
“කෝ එන්නකො පුතේ තාත්තට පරක්කු වෙයි..”
“මත බෑ තාත්ති උනේ…”
පුංචි පුතා මගේ බෙල්ලේ එල්ලී ගෙන එහෙම කියද්දී මගේ හිතට දැනෙන්නේ ලොකු ලෝබකමක්…
“අයියේ…මම එදා ඔයාට කියපු දේ මතකද?..”
“ඒ මොකද්ද සුදු…”
මම එහෙම ඇහුවේ ඇත්තටම උ//ඹ කිව්වේ මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වුන නිසා..
“ඇයි මම එදා කිව්වේ හෙට ගෙදර යනවා කියලා..”
“යන්නම ඕනේද සුදු?..”
මම එහෙම ඇහුවේ ඇත්තටම උ/ඹ/යි දරුවයි නැතුවත් මට එක දවසක්වත් ගෙවා ගන්න අමාරු නිසා…වැඩකරන දවස් ටිකේ මම ඉවසන් ඉන්නෙත් අමාරුවෙන්…ගමේ වටපිටාවෙන් ජොබ් එකක් හොයා ගන්න තිබුණා නම් මම කවදාවත් උ/ඹ/ව/ත් මගේ කිරිසප්පයාවත් දාලා යන්නේ නැහැ.
“අනේ අයියේ කාලෙකින් යන්න බැරි වුනානේ..අම්මලා මම එනකම් බලන් ඉන්නවා..”
“මම අඟහරුවාදා ගෙදර එන්නේ ඔයගෙයි පුතාගෙයි මූණ බලාගන්න ආසාවෙන්..”
“ඉතින් අයියේ ..මම අඟහරුවාදා වෙනකම් ඉන්නේ නැහැ.මම හෙට ගිහින් ඉරිදා එනවා..”
උ/ඹේ අම්මා මා එක්ක තියෙන වර්ජනය නිසා දැන් අපේ ගෙදර එන්නේ නැති එකේ
උ/ඹ/ටවත් එහේ යන්න දෙන්න ඕනේ කියලා මට අනුකම්පා හිතුණා ..
මොනවා වුණත් ඒ උ/ඹේ දෙමාපියන් .උ/ඹ හැදුණු වැඩුණු තැන මම එහෙම හිතලා උ//ඹට එකඟ වුණේ ..
“මේ දරුවා එක්ක තනියම බස්වල යන්නේ කොහොමද සුදූ..”
“මල්ලි එනවා කිව්වා එක්කගෙන යන්න..ආයේ ගෙදර බස්සනවා කියලත් කිව්වා..”
උ/ඹ එහෙම කිව්වාම මගේ හිතේ උ/ඹ/යි දරුවාගෙයි ආරක්ෂාව ගැන තිබුණු බිය
නැතිවෙලා ගියා ..
“හරි..එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න.හැබයි කිව්ව දවසට හරියටම එන්න ඕනේ…”
මම ගෙදරින් පිටවෙලා ගියෙත් උ/ඹ/යි මගේ දරුවා ගැනයි කල්පනා කරමින්…
💔💔💔💔💔💔💔💔💔
ෆුඩ් සිටියේ රාජකාරී දවස්වල කොයිතරම් කාර්‍යබහුල වෙලා හිටියත් බෝඩිම් එකට ආපු හැටියේම මම කළේ උ/ඹ/ට ඇමතුමක් ගත්ත එක .
උ/ඹ/යි මගේ දරු පැටියයි බලන්න යන නිවාඩු දවසත් හෙමිහිට ළඟා වුණා ..මම අඟහරුවාදා උදේම බස් එකට නැග්ගේ උ/ඹ/ට ඇමතුමක් අරගෙන උ/ඹ ගෙදර ආවා කියලා තහවුරු කරගෙනමයි..
බස් එකෙන් බැහැලා පැණි බූන්දි මුලකුයි ඇපල් ගෙඩි දෙකකුයි මම සල්ලි දීලා අරගත්තේ උ/ඹ/ටත් මගේ දරුවාටත්..
බූන්දි කන්න උ/ඹ හරිම ආසයි.
ඉපුංචි පුතා ඇපල් කන්න හරිම ආසයි ..
අතේ ලොකුවට සල්ලි තිබුණේ නැතත් මම ඒදේවල් අරගත්තේ හිතේ ලොකු සතුටකින්..
මම ගෙදර ආවේ උ/ඹෙ/ත් මගේ දරු පැටියාගෙත් හඬක් ඇහෙනවාද කියලා ඇහුම්කන් දීගෙනමයි..ඒත් මුළු ගේම පාළුවට ගිහින් විත්තිය මට දැනුණේ ගෙට අඩිය තියෙනවාත් එක්කමයි…
සමහර විට චූටි පුතා කාමරේ නිදි ඇති..ඒ නිසා උ/ඹ/ත් නිහඬවම ඉන්නවා ඇති මම එහෙම හිතමින් කාමරේ ඇතුලට ගියේ …
මගේ දෑස් විසල් වුණේ කාමරේ ඇතුලට ඇතුල් වුණා විතරයි…
හමුවෙමු මීළඟ කොටසින්💔💔💔
අහක බලාගෙන යන්නේ නැතුව ලයික් ,කමෙන්ට්ස් දාගෙන යන්න