කාවින්දි ලියනගේ
·
30 කොටස
හා….ෆැට්ට්‍රික්…..ගොඩ කාලෙකින් නෙද…ආ…මේ ට්‍රිශා දූත් ඇවිත් තියෙන්නෙ .එන්න එන්න ඇතුලතට ……
නොනේ……මෙහෙ එන්න…පොඩ්ඩක් …..
ආනේ…ෆැට්ට්‍රික් අයියේ …ගොඩකාලෙකින් නෙද …..දූත් ආවද….
කොහොමද ඉතිං අයියේ …
වරදක් නෑ….නංගි ඉන්නවා ඉතිම් .බිස්නස් වැඩනිසා ගොඩාක් බිසි කොහෙටවත් යන්න විදිහක්වත් නෑ….
මේ…අද .මේ…..අපි ආවේ .පොඩි කාරනයක් ගැන කතා කරන්න….
මොකක්ද අයියේ ……..
මේ….අපේ දූගෙයි අකීගේයි මැරෙජ් එක ගැන කතා කරගන්න ආවේ..
ම්…මට නොනා කිව්වා විස්තරේ හැබැයි ඉතිම් පුතා එනකන් ඉන්න වෙයිනේද මේ ගැන කතා කරන්න…
ඔව්….අපි මේ ගැන තිරණ ගත්තාට මදිනේ මේ දරුවෝත් කැමති වෙන්න එපැයී .
ඔව්..ඔව්…රොහාන් මේ අපේ දූ කිව්වේ….අකී පුතා එන දවසට එයාව සප්‍රයිස් කරලා කියමු කියලා…මන් නම් ඕවා දන්නේ නෑ..දන්නවනේ..දැන් කාලේ ලමයින්ගේ වැඩ…..
මේ රොහාන් ඔයාලගේ මෙකට විරුද්ධත්වයක් තියනවද.
අපේ අකමැත්තක් නෑ…එත් ලොකු දරුවගෙන් අහන්න ඔනී .කලින් වෙච්චි දේ නිසා එයා ගොඩාක් හිතේ අමාරුවෙන් ඉන්නේ..
හරි එහෙන්ම් අපි යන්නම් රොහාන් මට දහයට මීටින් එකක් තියන්වා.පුතා ලගදිම එවිද…
ඔව්..සති දෙකකින් විතර එනව කියලා තියෙන්නේ..
මහත්තයා එහෙන්ම් පරිස්සමෙන් යන්න…සනිප උනා කියලා වැඩිය දගලන්න කරන්න එපා මාසයක් විතර යනකන් පරිසන් වෙන්න ..
හරි වෙද මහත්තයා ගොඩාක් පින් මේ කරපු උදව් වලට…
හරි මහත්තයෝ….ආයි දවසක ඇවිත් යන්න දරුමල්ලොත් එක්කම……..
මේ අකියා….මොකො බං මේකිගෙ කට වැහිලා වෙද මහත්තයා මෙකිට කටකලියාවක්වත් දැම්මද….
නෑ…බං…..වෙදමහත්තයා…
කිව්වා .ආයි එනකොට දරුමල්ලොත් අරන්ම එන්න කිව්වා.ඔය ඒකට ලැජ්ජාවේ..
හපොයි ….මේ..ඔහොම ඇට් කරලා අපේ ලාමක හිත් තලන්න එපා තරුමිණියෝ..යකෝ කසාද බැදලා අවුරුද්දකටත් ලගයි…..යසට හෙට අනිද්දට
රටේම නැති කෑම ජාති උබලාගේ අයියාට කියලා නෑන ගෙන ගන්නැද බලහන්කො….
ආව්ස්….ගහන්න එපා නංගා මම ඇත්ත කිව්වේ.මුට තියම තදියමේ හැටියට මන් හිතුවේ මූ සනීප වෙලා අයි ගෙදර යනකොට ලමයෙක් උස්සන් යයි කියලා…
ගයියා …තො…කට වහන් වාහනේ ගෙනියනවද….
සොරි හොදේ…..ඔබේ සූටි හදවත් රිදුනාද…උබේ පැණි කෑල්ලට බැන්නාම….
හැබැයි ලගක්දි ඉදන් මන් දන්න එකෙක්ගෙනම් හදවත හෝ ගලා ගැහෙනවලු…ආරංචි විදිහට පොරට මල්සරා සැරටම විදලා……..
ක්රීක්ක්ක්…..යකො…. තොට
මොන මගුලක් වෙලාද..බ්‍රෙක් ගහන්නේ බලහන් තව පොඩ්ඩෙන් පැන්චිගේ ඔලුවත් වදිනවා ……
අනික..චූටි ..ඔයාට මොකද ඔච්චර දාඩිය දලා මේ එසී එකේ…..
නෑ..අයියා මට මෙ..මේ…නින්ද ගියා මම මේ..මේ..නරක හීනයක් දැක්කා ඒකයි…..
ආ…එහෙමද…මටත් තේරුනා ලගකදි ඉදන් හීන දකිනවා වැඩි කියලා….
මේ..ගයියා ඔය හොද කඩයක් බලලා නතරකරහන් මොනා හරි බඩට දාන් යමු….
මැනික ඔයා නංගි එක්ක වාහනෙම ඉන්න අපි දෙන්න පොඩ්ඩක් අරහෙට යනවා…
මේ..ගයියා …මම කෙලිනම උබෙන් අහන්නම්…..
මේ උබයි අපේ නංගි අතරේ මොකක් හරි සම්බන්දයක් තියනවද….
මෙ ….. මේ …..
මේ මේ..නෙවෙයි යකෝ..මම අහපු දෙට උත්තරයක් දියන්….
ඔව් බං මගේ හිතේ නංගි ගැන අදහසක් තිබ්බා මම එක කෙල්ලට කිව්වා එකිත් කැමති උනා.මම මේ උබට හෙමිට කියන්න හිටියේ.මේ උබ අකමැතිනම් කියහන්…මම අදම මේක නවත්තන්නම්….
ශික්….නොදකින් විතරක් ….තෝ මගේ යාලුවෙක් කියන්නත් ලැජ්ජයි බං……
අනේ ඇයි බං එහෙම කියන්නේ….මම නංගි එක්ක යාලු උනාට උබ අකමැතිද.උබ හිතනවද…මම ලගම ඉදන් ඔබට ද්‍රොහී වුනා කියලා…
නෑ…යකො…එහෙම මගුලක් නෙවෙයි …..තෝ…පිරිමියෙක් නේද …
කෙල්ලෙක් එක්ක යාලු වෙලා එකිගේ අයියා අකමැතිනම් එක පාරින් දාල යන්නේ තෝ සිරා නෙවෙයිද ලව් කරන්නේ….ආ…
තෝ සිරා ලව් ..නම් එකිගෙ අයීයා නෙවෙ මොකා විරුද්ධව උනාත මාරගෙන මැරිලා හරි කෙල්ලව ගන්න එකනේ…නොදකින් තෝ වගේ එකෙක් ..
අපේ නංගිට උබ වගේ එකෙක් හරි යන්නේ නෑ …
අනේ…අකියා….එහෙම කියන්න එපා බං.මම ඇත්තටම එකිට ආදරේයි බං. මගෙ හිතේ ඕක ගොඩක් කල් ඉදන් තිබ්බා .එත් කෙල්ල එක්සැම් කරපු නිසා මම මුකුත් අහන්නැත්තුව හිට්යේ.
ම්…බලමු…බන්…එක මෙහෙම ආවට ගියාට ගන්න පුලුවන් තිරණයක් නෙවෙයි.මම අම්මලත් එක්ක කතා කරලම් මේ ගැන උබට කියන්නම්….
31 කොටස
සතියකට පසු.
අඩේ……ගයියා පුලුවන් තරම් ඉක්මනට අපේ ගෙදරට පලයන්කො…..මම මේ බණ්ඩාරවෙල ආවා.අපේ තාත්තාට ටිකක් සනීප නෑ….අනේ ගිහින් බලලා හොස්පිටල් වත් එක්ක පලයන්කො..
හරි…බං..මම යන්නම් උබ කලබල නොවී පරිස්සමෙන් වරෙන්..
ම්…. ගෙදර ලයිට්ටුත් ඕෆ්..කරලා….ආන්ටිකාට කරදරයක්වත්ද…….ම්..මලා දොලහටත් ලගයි..අකිය කිව්ව විදිහට අන්කල්ට අමාරුනම් ඇයි මේ ගෙදර ලයිට් වත නැත්තේ….ශික් මේකි ෆොන් එක උස්සන්නෙත් නෑ…මගුල….ඕන දෙයක් වෙන්න ඇතුලට ගිහින් බලමු..
ඈ…..ගෙදර දොරවත් ලොක් කරලා නෑ…..
කොහෙ ගියාද මේ මිනිස්සු ..
Happy Birthday to you…..
Happy Birthday to you..
Happy Birthday dera…gayan.
Happy Birthday to you…….
කෙක් එක්ක් උසන් ගයාන් ඉදිරියේ අකීශා සිටියද්දී.
අකී තරු….අකීගේ මවත් පියත් ගයාන්ගේ මවත් පියත් සොහොයුරාත් පැන්චි සුබපැතුම් එක්කරන්නට විය.
යකො…..ඔය කට වහගනින්..
ඒ මල්ලී ඉස්සෙලා ඔය ලයිට් ටික ඔන් කරහන්….
මේ..තෝ…ඔය ප්‍රශ්න ටික අහන්න කලින් මේ කෙක් එක කපහන් අපේ එකී නිකට රහබලන්නවත් කෑල්ලක් දුන්නේ නෑ….
ගයාන් අකීගේ විහිලු තහලු..මැද කෙක් එක කපා පලමුව පැන්චිටත් සිය මවටත් පියාටත් සොහොයුරාත් පිලිවෙලින් කවා.පසුව අකීටත් තරුමිණිටහ් අකීශාටත් අකිගේ දෙමාපියන්ටත් කවන්න විය.
හරි.යකො…උබ අහන්න හදන්නේ මම කිව්ව එක ගැනනම් ඒ ගැන වැඩිය හිතන්න එපා උබ ගෙන්න ගන්න ඉක්මන්ට ගෙන්න ගන්න තිබ්බ එක ක්‍රමේ පාවිච්චි කලේ….
අම්මා ..ඔයලා කොයිවෙලේද ආවේ.
අපි රෑ කෑම කලා ඔයා රූම් එකට ගියාහම අවේ.අපිට අකී පුතා කොල් කරලා කිව්වේ විස්තරේ ….
හරි….එහෙම දැන් අපි බර්ත් ඩේ බොයිට ගිෆ්ට් දෙමු …..
හැපි බර්ත් ඩේ ලොකු…
ආ මගෙන් පොඩි තෑගක්…
ආ….අප්පච්චි.මේ…මේ…මට යතුරක් මොකටද…..
ඕක ඔයාටයි ඔයාගේ වයිෆ්ටයි වෙඩින් එකෙන් පස්සේ පදිංචි වෙන්න.මොකො කසාද බැන්දට පස්සෙත් අම්මට වද දෙන්නද හිතන් ඉන්නේ……
මොන…මොන…වෙඩිමක් ගැනද….මේ ඔයා කියන්නේ…
වෙනකාගෙද බං. උබේ මිසක්…
මොකක්…මන් කවද..බදින්නේ……ඔයාලට පිස්සුද ….
හපො…ගයියා ඔයා හැකර කට වහගනින්…..සද්ද නැතුව තෑගි ටික ගනිනකො…..
පුතා මේක මගෙන් ඔයාට…
මොකක්ද අනකල්.. මේ..
වෙහිකල් එකක කී එකක්…
ඔව්..අර..තියෙන්නේ වයිට් කලර් හයිබ්‍රිඩ් එක එකේ කී එක ඔය.
මේ..මට….අනේ..අන්කල් …මෙච්චර ලොකු ගිෆ්ට් එකක මට එපා…ඔයාට පිස්සුද මේ මටඒ වගේ එකක් දෙන්න…
ම්..ගිෆ්ට් එකන් මම නෙවෙයි තේරුවේ..ඔක අකී තමා ඔයාට දෙන්න කියල මට දුන්නේ….
අකී….මචන්…මෙච්චර ලොකු ගිෆ්ට් එකක් මට දෙන්න උබට පිස්සුද බන්……මම වගේ එකෙක්ට මේ වගේ…දෙයක්.
මේ…ගයියා මට කියල තෝ ඔයා කන්න හදන්නේ…කට වහන් හිටපන්…
ගයියන් අයියා මටනම් ඉතිම් ගිෆ්ට් දෙන්න සල්ලී නෑ…
මේ ඔයාගේ මහ ලොකු බොසාගේ ගිෆ්ට් එක ඉල්ලන්නකො…
පිස්සුද බං…උබෙන් මොන තෑගිද..මට..
හරි නේ..එහෙනම් දැන් මම තෑග්ග දෙන්නම් නේද අප්පච්චි …
අකී සිය නැගනියගේ එක් අතකින් අල්ලන් සෙමෙන් ගයාන් දෙසට පා තබන්නට විය.
ම්..මම හිතුව බං..උබට අද කවදාවත් අමතක නොවෙන තෑග්ගක් දෙන්න…
අකී ගයාන්ගේ අත ගෙන එ මත සිය නැගනියගේ අත තබන්නට වුයේ ගයාන් ගේ මුව….විවරවෙද්දිය..
අද ඉදන් මගේ පණ උබට බාරයි.
අ…..අකී……
යකො.. ඔහොම බල්න්න එපා..
ගයියා අකීශාව සිය තුරුලට ගෙන මද වෙලාවක් සිට ඇගේ නලලත් සිය දෙතොල් අතුරා ඈ මදක් ඈත් කර අකී දෙසට පිය මනින්ට විය..
මචං …මෙ …අනේ මන්දා බන් මට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ …..
ඇත්තටම මට උන නංගිව දෙනවද…..
යකො…තෝ හිතුවද මට පිස්සු කියලා මේ ඔක්කොම ඉස්සරහට බොරු කරන්න.
මම එද උබට එහෙම කිව්වේ.තරු මට කිව්වා උබට සප්‍රයිස් කරලා නංගිව ප්‍රොපොස් කරමු කියලා.ඉතිම් මම අපේ අම්මලා එකකයි උබේ ගෙදර එක්කයි හැමදේම කතා කරලා තමා මේ තිරනේ මෙහෙම කිව්වේ..
අඩේ .තෑන්ක්ස් බං..අන්කල් ආන්ටි ..අකි..උබ පොඩ්ඩක් වත් බය වෙන්න එපා උබලා මෙච්චර කල් නංගිව බලාගත්තටත් වඩා හොදට මන් නංගිව බලා ගන්නම්…
හරි බන්…ඕක කියන්න දෙයක්ද…මම නැතුව උබ මේ මාස ගානම අපේ පවුලම බාල ගත්තා ..අනික මම උබව දන්නේ අද ඊයේ ඉදන්නද….
හරි එහෙන්ම් පරිස්සමෙන් ගෙදර පලයන්…ආ…තව දෙයක් තව මාස හයකින් තොපේ වෙඩිම ගන්නවා…
මොකක්…….
කොකක්…නෙවෙයි ..අම්මලා..වෙලාවල් බලලා ඔකොම ලෑස්ති කරලා තියෙන්නේ මනමාලි මනමාල මහත්තයයි ලෑස්ති වෙන්නකො….හෙමිහිට ……
තරු…….මැනික …..
ඕ……කියන්න.අයියේ ..
මේ..අද රෑට පොඩි පාර්ටි එකක් තියනවා මගේ යාලුවෙක්ගේ ලෑස්ති වෙනන්න යන්න.මම ඔයාර ඇදුම්ක් තියලා ඇති බෙඩ් එක උඩින් …..
හරි..මම රෙඩි වෙන්නම්