කාවින්දි ලියනගේ

🌻 27 දිගහැරුම 🌻

” බාප්පේ ඔයා ඔහොම වැටෙන්න එපා..පොඩිට උන දේ වෙලා ඉවරයි ..දැන්වත් ඌව මෙහෙට ගෙන්නන් ඌට අලුත් ජිවිතයක් හදලා දෙන්න ..ඌ මන් කිව්වට නම් එන්නේ නෑ ..බාප්පා කිව්වොත් නම් අනිවාර්යයෙන්ම එනවා….”

” මන් කොහොමද කොල්ලෝ උගේ මූණ බලන්නේ..මන් නැති කරේ උගේ මුලු ජිවිතේම..උබලා දෙන්නා අයීසියු එකේ මාස තුනක් සිහිය නැතුව ඉද්දී මන් පිච්චුණු තරම දන්නේ මන් විතරයි …මන් වෙනම සල්ලි ගෙවලා උබලා දෙන්නට ට්‍රීට්මන්ට් කරන්ම සිංගප්පූර් වලින් ඩොක්ටර්ස්ලා ගෙන්නාවා..

හැබැයි මට ඉන්න උනේ නෑ.එ දවස් වලම තමා ඉලෙක්ශන් එක තිබ්බේ .එනිසා මන් ලංකාවට ආවා. හැබැයි මන් අයි උබලව බල්ලන්න ඇමරිකා එද්දී උබලා දෙන්නම මිසින්…කිසිම ඩීටෙල්ස් එකක් හොයා ගන්න තිබ්බේ නෑ…මන් අදටත් මිහිරාන් ඉන්නේ කොහොමද කියලාවත් දන්නේ නෑ …

මන් උබව උනත් මීට මාස හයකට උඩදි බංගලාවේදි දැක්කහම මට පුදුම සතුටක් දැනුනේ ..මොක්කද මන් බයේ හිටියේ උබලට කරදරයක් වෙලාද දන්නේ නෑ කියලා ….

උබ කසාද බැදලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා දැක්කහම තමා මට ලේ ටිකක් ඉනුවේ….” කේශ්වර දෙස සමාව අයදිනි බැල්මක් හෙලමින් ඔහු පවසන්නට විය……

” මගේ ජිවිතේ නම් බේරුනානම් තාමා බාප්පේ එත්..එ ජිවිත කාලේටම මට විදවන්න දෙයක් ඉතුරු වෙලා…..”

” එ මොකක්ද ඒ උබ මේ යස අපුරුවට ඉන්නේ..කිසිම ඉහෙන් බහින ලෙඩක් නැතුව ……”

” බහිරින්නම් මන් සුපිරි පොරක් විදිහට ඇති .එත් ඇතුලින් ……ශික් මේවා කියලා වැඩක් නෑ බාප්පේ .මොකද එ දේවල් ආයේ හදන්න පුලුවන් එවා නෙවෙයි ……

හැබැයි ආදිත්‍ය මගෙයි දෝණීගෙයි පාරෙන් අයින් කරන්න….මොකද මන් මේ පාර නම් නිකන් ඉන්නේ නෑ….” හුස්මක් හෝ නොගෙන ඔහු සියල්ල පවසා කේශ්වර නික්මෙන්නට වුයේ …ලංකාධීර සිතිමට බොහෝ දේ ඉතුරු කරමින් ය……..

” දෝණී කෝ නැගිටින්න දැන්..හොදටෝම දවල් වෙලා..ගැනු ලමයි ඔහොම පස්සට එලිය වැටෙනකන් නිදා ගන්නවද..” හිසේ සිට දෙපතුල තෙක් පොරවාගෙන ගුලි වි නිදා සිටින ඈගේ පොරෝණ ඇගේ ගතින් ඉවත් කරමින් ඔහු ඈ අවදි කරවන්න වුයේ ..සිය රැවුල ඇගේ ගෙල හා මුව පුර අතුල්ලමින් ය…

” කිචී අප්පා …අනේ එහාට වෙන්නකෝ සුදු මහත්තයයෝ ..මන් තව සුට්ටක් දොයිනම් ඔයා හොදා……යිනේ ඉතිම් ….” කේශ්වර සිය ඇගිල්ලකින් කොනක් පෙන්වමින ඈ තව තවත් ගුලි වෙමින් දෑස් වසන්නට වුයේ .කේශ්වරට ඇගේ මේ විකාර වලට සිත යටින් සිනා යද්දිය ….

” මෙන්න මේ වර … මේච්චර නිදාගෙන තවත් නිදා ගන්න කතාව…” කේශ්වර ඈ ඔසවාගෙන බාත්රූම් වෙත පා තබන්න වුයේ ..ඈ දෑතින් ඔහුට පහරන් දෙන අතරේය …

” ඔය හඩු ගද යන්න හොදට නාගෙන එනවා.” ඇයව වතුර පිරවු බාත් ටබ් එක මතට අතහරිමින් ඔහු පවසන්න වුයේ ..ඈය රවන අතරවාරයේ ය……

” හෙලෝ..ඔව් විකී කියහම් උබ මන් කිව්ව දේ ගැන හෙව්වද…….”

” ඔව් සර් මීට අවුරුදු හයකට කලින් එ වෙච්චි ඇක්සිඩන්ට් එක නිසා කේශ්වර මහත්තයාට කවදාවත් …………..”

ලංකාධීර දැනුනේ සිය හිස බබන සේයවක්‍ ය.ඉරුගල්බණඩාර පරම්පරාවට පිරිසිදු ලේ ඇති එක උරුමක්කාරයා වු ඔහුට එවැනි දෙයක් …….

” මොකක්….

උබට හොදටම විශ්වාසයිද….” සිය එක් අතකින් නලල පිරිමදිමින් ලංකාධීර විමසන්න වුයේ …ගෙල දෙපසින් ගලන දාබිදු පිසදමමින් ය……

” ඔව් සර්…මන් එ හොස්පිටල් එකේ කේශ්වර මහත්තයාට ට්‍රීට්මන්ට් කරපු ඩොක්ටර්ගෙන් තමා මේ හැමදේම දැන ගත්තේ …හැබැයි සර් අපිට මේ දේටනම් කෙශ්වර සර් සමාව දුන්නත් සොබාදහමෙන් නම් කවදාවත් සමාව ලැබෙන එකක් නෑ සර්…

” ශික් බලහන් වීකී මන් නිසා මේ අහිංසක කොල්ලා ජිවත කාලේම විදවන්න එපැයි..එක තමයි එහෙනම් ඌ කසාද බදින්න එක පරක්කු කරේ……”

” මොකක්ද සර් අපි දැන් මේකට කරන්නේ ..”

” හරි උන අදම ලංකාවට වරෙන්..ඉතුරු ටික මන් ආවහම උබට කියන්නම්…ආ..තව දෙයක් මන් මිලාන්ට කතා කරා.උබ එන ගමන් ඌවත් අරන් වරෙන් කොල්ලා ලංකාවට එන්න කැමති උනා…හැබැයි ඌව කිසිම කෙනෙක්ට ඇහැ නොගෙන්න අපේ නුවරඑළිය බංගලාවට දාහම්….”

” හරි සර්..සර් මට බේබි ඉන්න ලොකේශන් එක දන්නකෝ.මන් ගිහින් ගන්නම්කෝ..”

” හරි උබ මේ වැඩේ පරිස්සමට ගැස්සෙන්නේ නැතුව කරහන්..අපි මේක මේ පාර මේ කේස් එක ඉවරම කරලා දාමු..”

” ඔකේ බොස්….”

හෙලෝ…ඔව් කියහන් බන්…..”

” මන් හෙට ලංකාවට එනවා.”

” මොකක් උබ සීරියස් නේද ……”

” ඔව් බන් අයියේ …අප්පච්චී මාව එන්න කිව්වා..එ මදිවට මාව අරන් එන්න ගාඩ් කෙනෙකුත් එවලා කියහන්කෝ….”

” අඩෝ පට්ටනේ ..හරි හරි එහෙම වරෙන් මන් උබට කොච්චර කිව්වද ලංකාවට වරෙන් කියලා…කෝ උබ ඇහුවද .නැ…හැබැයි තාත්තා එකපාරයි කියන්න ඕනි එනවා නේද.අනේ ඉතිං උබත්…….”

” එහෙම එකක් නෑ බන්..උබ දන්නවානේ මන් එන්නැත්තේ ඇයි කියලා…එත් අප්පච්චී අසනීපෙ ගැන උබ කිව්ව එවා එක්ක මන් ආයි එන්න කියලා හිතුවේ…අනික මන් තාම මගේ නෑනා දැක්කෙත් නෑ….”

” ආ..උබ එතකොට මේ තකහනියක් කඩාගෙන බිදගෙන එනනේ මගේ ගෑනි බලන්නද……”

” නැත්නම් උබේ ඔය උගුඩු මුණ මන් අවුරුදු ගානක් එපා වෙනක් දැකලා එපා වෙලා ඉද්දී මොන මගුලකටද උබ බලන්න එන්නේ..එත් බලහන්කෝ මගේ නෑනා..බොනික්කි වගේ ඉන්න ලස්සන..එක අතකට උබ වගේ ගන්කාබරයෙක්ට එකි මොකට කැමති උනාද දන්නේ නෑ….ආවහම පොඩි ට්‍රයි එකක් දැම්මොත් මට සෙට් කරගන්න පුලුවන් වෙයි නේ…උබට ඉතිං පුත්‍තලම් බුරූවෝ

දෙන්නෙක්ගේ විතර වයස නිසා මට තමා කෙල්ල හරියන්නේ……..”

” ම්..උබට සෙරෙප්පු පාරක් හරි පොලු පාරක් හරි කන්න ආසාවක් තියෙයිනම් කෙල්ලගෙන් අහලා බලපන් මගේ නම් කිසි අකමැත්තක් නෑ……”

” හරි හරි ජොක් නෙවෙයි බන්..මන් මේ උබට ගත්තේ වැදගත් දෙයක් කියන්න…”

” මොක්කද …………”

” උබේ අර ප්‍රශ්නේ ගැන අප්පච්චී දැනගෙන..”

” මොකක්……..”

” ඔව් බන් අප්පච්චී මගෙන් එකපාරටම ඇහුවම මාත් ඩිම් උනා..උබයි මායි තිසංකයයි ඩොක්ටර්යි ඇරුනහම එ දේ ගැන වෙන කවුරුත් දන්නේ නෑ නේ….බලද්දි අප්පච්චී කාවද දාලා ඩොක්ටර් උස්සලා උගෙන් දැන ගෙන තියෙන්නේ …..”

” අඩෝ අපි දැන් මොක්කද කරන්නේ ..බාප්පා අපේ අප්පච්චී එක්ක කියයිද..මෙ දේවල් මන් තාම කාටවත් කියලා නෑ බන්….”

” මොකක් එතකොට තෝ නංගිට කියලා නෙවෙයිද .එ කෙල්ලව කසාද බැන්දේ….”

” නෑ…බන් එ පොඩි එකිට කොහොමද බන් මන් මේ දේවල් තේරුම් කරන්නේ..එකි හැසිරෙන්න තාම පහේ පන්තියේ පොඩි එකෙක් වගේ ..එ වගේ කෙනෙක්ට කොහොමද බන් මන් මෙච්චර සංකිර්ණ දෙයක් කියන්නේ ..මට තේරෙන්නේ නෑ බන් මට පිස්සු වගේ……..”

” හරි හරි උබ එ ගැන වැඩිය හිතන්න එපා..මන් ආවහම අපි එ ගැන කතා කරමු .එහෙනම් මන් තියන්නම් බන්..තව පැය දෙකකින් ෆ්ලයිට් එක….”

” හරි එහෙනම් පරිස්සමෙන් වරෙන් පොඩි ..”

දුරකථනය ටීපෝව මතින් තබා කේශ්වර යහන මත දිගා වුයේ පැන යා නොහැකි තරම් තදින් සිරවී ඇති මේ පැනය කෙලෙස බේරුමක් කරගන්නේදැයි සිතමිනි ……

මතුසම්බන්ධයි