·
🌬 නිසල සද මඩල 🌬
☁️ 06 වන කොටස ☁️
සිය මුවට නැගුණු සිනාහව ආයාසයෙන් මැඩගෙන යුරාග් දෑතින් ඇගෙන් ඇයි දැයි විමසු විට ඈ හිස දෙපසට සොලවා ඔහුගේ ගෙල පාමුලින් හිස සගවාගෙන ගුලි වුයේ .යුරාග් ඇයට නොදැන සේ ඇගේ හිස් මුදුන සිප ගනිද්දිය ……..
ඈ ප්‍රවේශමට ඉදිරි අසුනෙන් තබා ඔහු රියට ගොඩ වුයේ ..ඈ පාද අසුන මතට ගෙන දණහිස් මතින් හිස තබාගෙන ඔහුගේ මුව සගවා ගැනීමට උත්සහ කරන අතරවාරයේය .
” දෝණී කන්න ආස දෙයක් තියෙනම් කියන්න .”
නෑ මට ඇහැණා වැරදිද..නෑ එහෙම වෙන්න බැ..අපි දෙන්න් විතරනේ මෙතන ඉන්නේ .මට හීනයක්වත් පෙනුනද..
” දෝණී කන ඇහෙන්නැද්ද ළමයෝ.කන්න ආස දෙයක් තියනවනම් කියන්න .මන් දන්නවා තමුසෙ ඔහොම ඔලුව ඔබන් හිටියට නිදි නෑ කියලා ….”
හුටාපටස්…මේ යකා එ මට නේ කතා කරලා තියෙන්නේ ..දැන් නම් හන්ඩ්‍රට් ප්‍රසන්ට් ශුවර් ඉස්සෙලාතේ මේ උගුඩුමොටා තමා කතා කරලා තියෙන්නේ ….
මන් හෙමින් සැරේ ඔලුව උස්සල එය දිහා බැලුවේ එයා කිව්ව කතාව ඇත්තද කියලා දැන ගන්න..මොකද මේ ගෙවිච්ච අවුරුදු ගානට එයා මා එක්ක කතා කරලා තියෙන්නේ ඇගිලි ගානටත් අඩුවෙන් නිසා..
” මොකද දෝණී නිකන් අමුතු සතෙක් දිහා බලනවා වගේ මන් දිගා බලන්නේ ..මන් අහපු දේ තමුසෙට ඇහුනේ නැත්තේ නෑනේ…සාමාන්‍යයෙන් තමුසෙට මැරිලා හිටියත් කෑම ගැන කතා කරද්දි පණ එන එකේ මොකෝ මේ අද කට වැහිලා..”
ඈ යකෝ..මන්ද ෆෙන්ට් උනේ..මේ උගුඩු මොටාද..ඇයි අප්පා මන්දන්න දවසේ ඉදන් අම්මා එක්ක උනත් වචන පහක් හයක් කතා කරන්නෙ නැති මේ මුකලන් බස්සා අද නස්ටොප් මා එක්ක කතා කරන්නේ..මට නම් පෙන්නනේ මේකාගේ ඔලුව කොහෙ හරි වැදිලා…
හරි හරි පස්සේ බැරියා මේකට වෙච්චි එක ගැන හිතන්න . සියල්ලට ප්‍රථම කෑමනේ.ඔන්න ඔහේ මේක මෙච්චර අරන් දෙන්න දගලනේ එකේ හා කියමු……
මෝටරථය ඉදිරියට ගෙන යන අතරවාරයේය ඔහුගේ දෙනෙත් ඔහුටම අකිකරු වී ඈ දෙසට වරින් වර පාවෙන්නේ..ඇගේ හැසිරීම් අබියස ඔහුට සිනා යද්දිය .
වරෙක දැතින් ඔලුව මදක් කසමින් කල්පනා කර ඈ තවත් මිනිත්තු කිහිපකින් පාදද අසුනමත ගුලි කරගෙන ඇගිල්ලක් කටේ ගසාගෙන කල්පනා කරයි .තවත් විටෙක දෑගිලි වලින් නලල තෙරපවමින් වරින් වර තමා දෙස හොරෙන් බලමින් කල්පනා කරයි ..ඇයනම් එකම විකාරයකි..
” මේ ඔයා ඇත්තටම නේ අරක ඇහුවේ..”
” මොකක්ද…..”
” අර මේ..මේ මන් කන්න කැමති දෙයක් තියෙනම් කියන්න කිව්වේ ..සීරියස් නේ…”
” ඔව් ඔව් මට තමසේ එක්ක විහිලු කරන්න පිස්සුද ඇ…” ඇයට රැවුමක් පා කරමින් ඔහු පවසන්න වුයේ සුපුරුදු දඩබ්බර පෙනුම මවාගනිමින් ය……
” ආ..හරි එහෙනම් මට පිසා එකයි එග් බන් එකයි.සෝසේජ් බන් දෙකයි..බර්ගර් බන් දෙකයි රෝලස් දෙකයි .ආ..තව හයිලන්ඩ් චොක්ලට් කුක්කු එකකත් ඔනේ……” මන් අතේ ඇගිලි එක එක නවන ගමන් මන් කැමතිම කෑම ටිකේ ලිස්ට් එකම එක හුස්මට කියවන් ගියත් එකපාරටම මාව ඉස්සරහ විසි වෙලා ගියෙත් .එයා මාව අල්ලගත්තේ එකපාරමයි .
ඇය කටපාඩිමින් කියාගෙන යන කෑම වට්ටෝරුව සවන් වැකුනු සැනින් යුරාග්ට බ්‍රේක් පෑගුනේ නිරායාසයෙනි …ඇය සිට් බෙල්ට් නොපැලද ගෙන සිටි නිසාවෙන් ඇ ඉදිරියට විසි වෙන්න ගියද..ඊට පෙර ක්‍රියාත්මක වු ඔහු ඈ අල්වාගන්නට විය.
” ඕ සොරි ……මේ තමුසෙට බඩක්ද කල්දේරමක්ද තියෙන්නේ . ඔච්චර කන්න පුලුවන්ද…මී පැටියෙක් වගේ ඉදන් අලියෙක්ගෙ කෑම කන්න කතාව ” මුල ටික ඈයටත් ඇසෙන්න පවසා අවසන් කොටස ඔහු තනිව මුමුණන්නට විය…..
‘” පොඩි …ඇයි මේ දෝණීට මොනා වේලාද.අද මෙයා ඉස්කෝලේ ගියෙ නැද්ද….”
” හයියෝ අක්කා පොඩ්ඩක් ඉන්න…මන් ඔයාගේ ප්‍රශ්න ඔකෝකොටම උත්තර දෙන්න.ඔයා ඉසෙල්ලාම දොණිට වොශ් එකක් දාගන්න උදව් කරලා මේ විටමින් ටික එයාට දීල එන්න ..මන් ඊටපස්සේ ඔයාට විස්තරේ කියන්නම්..හැබැයි ඔයා කිසිම දෙයක් දෝණීගෙන් අහන්න යන්න එපා…”
වැඩි යමන් නොපවසා යුරාග් නැවත මෝටරථයට ගොඩ වුයේ දුරකථනය කනේ තබාගනිමින් ය……
” යකෝ ඔය ඇති බිව්වා …උබ ඔහොම බිව්වා කියලා මේ ප්‍රශ්නේ විසදෙන්නේ නෑනේ..දැන් තෝ මට එන්න කිව්වේ උබ බොනවා බලන් ඉන්න නෙවෙයි නේ.”
” මන් වෙන මොනා කරන්නද නිසලයා..අර පොඩි කෙල්ලට ඩීප්‍රෙශන් කිව්වාම.උබ හිතන් මන් කොහොමද ඉවසන්නේ කියලා..ඇත්තමයි මට වෙලාවකට හිතෙනවා අර ගල් මුසලායගේ හොම්බට හැටක් ඇනලා ඇදන් එන්න..ඇයි බන් උබ හිතන් අක්කා උනත් පොඩි එකි ඉපදිච්ච දවසේ ඉදන් විදවන්නේ සුළු පටු වේදානවක්ද..අනිත් අතට කෙල්ල…කෙල්ලෝ කොහොමත් තාත්තාට වැඩිපුර ආදරේ ..එත් මෙකිට තාත්තා කියන එකාට ආදරේ කරන්න තියා ඇහැට දකින්නවත් පුලුවන් උනාද……”
” අඩෝ එකනම් සිරා කතාව බන්..මන් දැකල තියනවා කෙල්ල අපේ ගෙදර ආවහමත් අපේ එකි අප්පච්චී එක්ක හුරතල් වෙනදිහා බලන් හොරෙන් අඩනවා.මන් කියන්නේ දැන් කරන්න තියන හොදම දේ උබ හරි කෙල්ලට ලංවෙන එක …..”
” ඔව් මාත් එක තාම බන් හිතුවේ..මන් කොහොම හරි තව අවුරුදු දෙකක් ඉවසන් කෙල්ලට ලං වෙනවා .ඊටපස්සේ කෙල්ලට දහ අට ලබපු ගමන් මන් කලින් හිතන් හිටපු විදිහටම බිස්නස් හැමදේම කෙල්ලට ලියලා ඇමරිකා යනවා……..”
” යුරාග් පිස්සු කෙලින්න එපා යකෝ…”
” නිසලයා උබ ඇත්ත දන්නේ නැ වගේ හැසිරෙන්න එපා බන් .උබ හොදාකාරවම දන්නවා ඇයි මන් එකිට ලං නොවි මෙච්චර කල් හිටියේ කියලා..එත් දැන් එකිට ලංවෙනවා ඇර කරන්න දේකුත් නැ..කවදාවත් ඉෂ්ට නොවෙන හිනයක් උනත් මන් ඒ හිනේටත් ආදරේ කරනවා බන්.”
” එකියන්නේ උබ තාමත් එහෙමයි……”
” ඔව් නිසලයා මේ ගෙවිච්ච අවුරුදු දහයට එකි දවස ගානේ වැඩි උනා ඇරෙන්න කිසිම දෙයක් උනේ නෑ..එක අදටත් හෙටවත් හැමදාමත් එහෙමයි…මන් මැරෙනකන් එකේ වෙනසක් වෙන්න නෑ…….”
විදුරුවේ තිබු අවසන් මත්වතුර උගුරත් මුවට හලා ගනිමින් ඔහු පවසන්න වුයේ දෙනෙතින් මොදු වු කදුලක් රහසේම පිසගන්නා අතරවාරයේය
මතුසම්බන්ධයි