නව කතාව
😍නවමු තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
විසි දෙවන චන්ඩිකම 🙅🙅
” මේ පේශන්ට්ගෙ භාරකාරයො කව්ද ඉන්නෙ “
එහෙම අහන ගමන් ඩොක්ටර් බැලුවෙ නර්ස් දිහා.
” ඩොක්ටර් මේ මගෙ දුව”
එහෙම කියන ගමන් අම්ම ඉස්සරහට ආවෙ.ඒත් එක්කම ඩොක්ටර් කියපු දෙයින් මුළු ඇගම පිච්චිලා යනව වගේ දැනුණෙ.ඇස් දෙකෙන් ගලන් යන කදුළු මටම හීලෑ නැතුව ගලන් ගියේ නිශා අසරණකමින් මගෙ මූණ දිහා බලන් උන්නු අතරෙ.
” පේශන්ට්ගෙ බ්ලඩ් රිපෝට් එක ඇවිත් තියෙනව.මෙයාට ඩෙංගු.අපි දැන් ඉදන්ම ට්‍රීට්මන්ට්ස් පටන් ගන්නව.”
එහෙම කියල ඩොක්ටර් මොණ මොනවදෝ වගයක් ලියල මගෙ අතට දුන්නෙ ෆාමසියෙන් අරන් එන්න කියන ගමන්.
මං හනිකට ගිහින් ෆාමසි එකෙන් බෙහෙත් එක අරන් ආවෙ නිශා ගැනම කල්පනාවෙන්.වෝඩ් එකට එනකොටම නර්ස්ල ඇදක් තල්ලු කරන් එනව ඉස්සරහට.අමාරු ලෙඩෙක් වෙන්න ඇති. එහෙම හිතන ගමන් ලාවට ඒ පැත්ත බලල ඉස්සර බැලුවෙ.අම්ම අඩා ගෙනම දුවන් එනව.යාන්තමට දැකපු චායාවක් වගේ ආයෙමත් ඇද දිහා බැලුවෙ.හිටි තැනම ගැස්සිලා නතර වුණේ.දෙයියනේ නිශා…
” අනේ පුතේ බෙහෙත් එක ගත්තද?”
” ඔව් අම්ම “
එහෙම කියන ගමන් ළගින් ගියපු නර්ස් කෙනෙක්ට බෙහෙත් එක දීල අමත් එක්කම ඒ පස්සෙන් ගියේ.නිශාව ආයෙමත් icu ගත්තු නිසා එතනම බංකුවෙන් වාඩි වුණේ අම්මගෙ ඔළුව අරන් උරිසට වාරු කර ගන්න ගමන්.
” මොකද? වුණේ අම්ම “
” ඔයා ගියා විතරයි කෙල්ල ආයෙමත් හිස කකියනව කිව්ව.කෙල්ල ගිනි කබල වගේ රත් වෙලා උන්නෙ.මං ගිහින් නර්ස් කෙනෙක් කතා කරන් එනකොට දරුවට සිහි නැති වෙලා.”
එහෙම කියල අම්ම තවත් සද්දෙන් අඩන්න ගත්තෙ.පැයක් විතර එතනම ඉන්න ඇති අම්මගෙ උරිසට ඔළුව තියා ගෙන.මට එහෙම්මම නින්ද ගිහින් තිබුණෙ.විනෝද්ගෙ හඩින් ගැස්සිලා අවදි වුණේ.අම්ම තාමත් බිත්තියට ඔළුව තියා ගෙන නිදි.
” මෙතන මොකද?කරන්නෙ මං කෝල් කීයක් ගත්තද? බැරිම තැන ආවෙ.”
එයා දාහක් ප්‍රශ්න අහනව.ඇස් දෙකට උනපු කදුළක් පිටි අල්ලෙන් පිහ දාන ගමන් මං එයා දිහා බැලුවෙ.
” කෙල්ලට ඩෙංගු ලු.ආයෙමත් සිහි නැති වුණා.icu ගත්ත.”
” oh my god “
විනෝද් එහෙම කියන ගමන් ඔළුවටත් අත ගහ ගෙනම බංකුවෙන් ඉද ගත්තෙ.තවත් පැය භාගයකට විතර පස්සෙ නර්ස් කෙනෙක් ඇවිත් කිව්වෙ ඩොක්ටගෙ රූම් එකට යන්න කියල.අම්ම නම් තාමත් නිදි.පව් ඊයෙත් ගෙදර ගියාට හරියට නිදා ගන්න වුණේ නෑ.රෑ දෙගොඩ හරියෙත් ගැස්සිලා අවදි වෙලා නිශාව හොයනව.
අම්ම කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනිම නෑ.ඕනිම දරුවෙක් වෙනුවෙන් ආදරය,සෙනෙහස උතුරන සංවේදි හිත් ඕනි තරම් තියෙනව.තමන්ගෙම කුසින් වදපු දරුවව වැසිකිළි වලවල්වල කුණු කාණුවල දාල යන ගෑණු එක්ක බැලුවෙම මේ අම්ම අපිට මහ මෙරක්.
අම්ම තාත්ත නැති අපිට අම්ම වෙන්න තරම් මේ අම්මගෙ හිතේ මොණ තරම් ආදරයක් ඇතිද? ඒ හිතේ උතුරන ආදරේ අපිට මහ මෙරක්.තමන්ගෙ ජීවිතේ ලස්සනම කාලෙ අසරණ අපි වෙනුවෙන් කැප කලාට ඔයාට ගොඩාක් පිං අම්මෙ.මේ බැඳීම සංසාරයක් ගානෙම එනව ඇති.
අම්මගෙ මූණ දිහාම බලා ගෙන කල්පනාවෙ උන්නු මං ගැස්සිලා ගියේ විනෝද්ගෙ හඩින්.
” නිශාට තවම සිහිය නෑලු”
එහෙම කියන ගමන් විනෝද් බංකුවෙන් වාඩි වුණේ.මලානික වෙලා තිබුණු මූණෙ මොකක්දෝ තේරුමක් තියෙනව දැනුණු නිසාම මං ඒ මූණ දිහාම බලන් උන්නෙ.මගෙ සිතුවිල්ල තේරිලා වගේ එයා කතා කරන්න වුණේ.
” කෙල්ලට ටිකක් අමාරුයිලු රශී.ඩෙංගු රක්තපාත තත්වයටම ඇවිත්ලු.තාම මොකුත් කියන්න බෑ කියල ඩොක්ට කියනව.අපිට හෙට එන්නලු.”
මං එහෙම්මම විනෝද්ගෙ උරිසටවාරු වුණෙ අඩා ගෙනම.
” ඉවසන්න මැණික”
එයා එහෙම කියන ගමන් ඔළුව අත ගානව.මගෙ අඩන සද්දෙටද,කොහෙද අම්මත් ඇහැරිලා.
” පුතා දැන්ද?ආවෙ “
” ඔව් අම්ම.අපි යමු “
” අනේ පුතේ තාම ඩොක්ටර් කෙනෙක් ආවෙත් නෑනෙ.මගෙ දරුවට කොහොමද?දන්නෙ නෑ “
” ඩොක්ටර් ආව අම්මෙ.නිශාට ඉක්මනට සනීප වෙයි කිව්ව.අපිට ගිහින් හෙට එන්නලු.”
මගෙ මූණ දිහාත් බලන ගමන් විනෝද් එහෙම කිව්වෙ අම්මගෙ හිත තවත් රිද්දන්න ඕන නැති නිසා වෙන්න ඇති.
අම්ම කා එකේ පිටි පස්සෙන් වාඩිකරවල මාත් අනිත් පැත්තෙන් ඉස්සරහට ගියේ වාඩි වෙන්න.
” රශී…”
විනොද්ගෙ හඩින් ඒ පැත්තට හැරුණෙ ඇයි අහන ගමන්.
” අම්මට හැම දෙයක්ම කියන්න ඕන නෑ.නැත්තං එයත් අසනීප වෙයි.ඔයත් බය නොවී ඉන්න.අපි නිශාව සනීප කර ගමු.”
ඔළුවත් අතගාල එයා එහෙම කියනව.සත්තයි මේ හිතේ ආදරේ තවත් වැඩි වුණා.මට මං ගැනම දැනුණෙ ආඩම්බරයක්.මං ගැන වගේම මගෙ අම්ම,සහෝදරී ගැන මං වගේම හිතන කෙනෙක් ලැබුණු එක ගැන.ලාවට හිනා වෙලා මාත් කා එකට ගොඩ වුණේ.එයත් එහා පැත්තෙන් ගොඩ වෙන අතරෙ.
” මං හෙට උදේම නිවාසෙට එන්නම්.රශී,ඔයා අම්මත් එක්ක ලෑස්ති වෙලා ඉන්නකො”
විනොද් එහෙම කියන ගමන් කා එක දැම්මෙ නිවාසෙට හැරෙන පාරට.
” මං ගෙදර යනව විනෝද් “
මං එහෙම කියනවත් එක්කම බ්‍රේක් එකක් එක්ක කා එක නතර වුණේඅම්මත් විනෝදුත් ගල් ගැහිල වගේ මං දිහාම බලන් ඉන්නව.
” දුව ඔයාට පිස්සුද?ළමයො.එහෙ තනියෙන් කොහොම ඉන්නද? “
” මට පුළුවන් අම්ම “
” හිතුවක්කාර නොවී ඉන්න රශී.අම්ම එක්ක නිවාසෙ ඉන්න.මං හෙට එන්නම් “
විනෝද් ටිකක් සැරෙන් එහෙම කිව්වෙ.ඒත් මට ඕනි වුණේ නිශාගෙත් මගෙත් මතකත් එක්ක ටිකක් තනි වෙන්න විතරයි.තමන්ගෙ සහෝදරී ලෙඩ ඇදට වැටිල විදවනව බලන්න කව්ද? කැමැති.මුළු පපුවම ඕනිවටත් වඩා වේදනාවෙන් ඇදුම් කද්දි මට ඕනි වුණේ නිදහසේ ගලන් යන කදුළු වැල්වලට ඉඩ දීල හිත පුරා කකියන වේදනාවත් එක්ක අපේ ඒ සුන්දර මතකයන් එක්ක තනිවෙන්නම විතරයි.
මගෙ පෙ පෙරැත්තය නිසාම විනොඉද් අම්මව නිවාසෙන් බස්සල ආයෙමත් කා එක අරන් ආවෙ අපේ මතකයන් පිරුණු නිශාගෙත් මගෙත් චූටි ගෙදරට.
” රශී මං නම් කැමැති නෑ ඔයා මෙහෙ තනියෙන් ඉන්නවට “
කා එක ගෙදර මිදුලට දානගමන් විනෝද් ආයෙමත් කියනව.කල්පනාවත් එක්ක ඈතටම දුවල තිබුණ හිත ආයෙමත් පියවි සිහියට ආවෙ විනෝද්ගෙ හඩින්.
” මට තනියක් නෑ.පුරුදු තැනනෙ.”
එහෙම කියන ගමන් මං කා එකේ දොරත් ඇරන් එළියට ආවෙ.
” අනේ මංද රශී ඔයාගෙ හිතුවක්කාරකම නම්.පරිස්සමට ඉන්න එහ්නම් උවමනාවක් උනොත් කෝල් එක දෙන්න “
එහෙම කියන ගමන් ඒ සීතල තොල් දෙකෙන් නලල සිප ගත්තු විනෝද් මගෙ කම්මුලක් මිරිකල යන්න ගියේ තවත් දාහක් නීති දාලයි.මේ වගේ වෙලාවක හිත සනසන්න ඒ වගේ ආදරයක් තියෙන එකම මේ හිතට සැනසීමක්.කා එක නොපෙනී යනකම්ම බලන් හිටපු මං දොරත් ඇර ගෙන ගෙට ආවෙ.
මුළු ගේම පාළුයි.දොරත් වහල ඇවිත් සෙටි එකෙන් වාඩි වුණේ සාක්කුවෙ තිබුණු ෆෝන් එකත් ස්ටූල් එක උඩින් තියන ගමන්.ආයෙමත් පාරක් මුළු ගේ පුරාම ඇස් දෙක යැව්වෙ හදවත කොණක වේදනා දෙන රිදුම් මුළු හදවතම පාරවන්න ගනිද්දි.
නිශාගෙ කට හඩ තාමත් මුළු ගේ පුරාම රැව් දෙනව.ආයෙමත් ඇස් දෙකම තෙත් කරපු කදුළක් පිටි අල්ලෙන් පිහ දාන ගමන් මං මගෙ හිතටම පොරොන්දුවක් වුණේ.#මංඋඹවකොහොමහරිසනීපකරගන්නව_නිශා ආයෙමත් මේ ගේ ඇතුලෙ ඔය හිනා හඩ ඇහෙන දවස වැඩි ඈතක නෑ.
එහෙම හිතන ගමන් කාමරේට ගියේ ඇදුම් ටික උනා දාල නා ගන්න.පැය භාගයක් විතර ශවර් එකෙන් වැටෙන සීතල වතුරත් එක්ක උණුවට කඩා හැලෙන කදුලු දුකත් එක්කම දිය කරල දැම්මෙ.කොච්චර ඇඩුවත් මේ හිතට දැනෙන වේදනාවෙ නම් අඩුවක් නෑ.
තෙත කොණ්ඩෙ පිහ දාන ගමන් නයිට් ඩ්‍රෙස් එකත් ඇදන් කුස්සියට ආවෙ.ෆ්‍රිජ් එකේ නම් එළවලු ඕනෙ තරම්.ඒත් කුස ගින්නට වඩා හිතේ ගින්න ඇවිලෙන්න ගද්දි වතුර උගුරු දෙක තුනක් බීල ආයෙමත් කාමරේට ආවෙ.
වෙලාව රෑ 7.30ට විතර ඇති.ලයිට් එකත් ඕෆ් නොකරම ඇදට ඇවිත් ඇද විට්ටමට කොට්ටෙ හේත්තු කරල කොට්ටෙට පිට තද කර ගත්තෙ නිශාගෙ කොට්ටෙ අතට අරන් නාස් පුඩුවලට හිර කර ගන්න ගමන්ම.
වාහනයක් ඇවිත් මිදුලෙ නතර කරන් හඩත් එක්කම කාගෙදෝ කකුල් ගැටෙන හඩක් ඇහෙන්න වුණේ හිත පුරා අමුතුම බයක් මෝදු වෙන්න ගද්දි.ඒත් එක්කම…..
නැවත හමුවෙමු