බැඳීමක් නැති මුදුවක්
26 වන කොටස
“කෝ එහාට යන්න අයියේ ..දැන් බබා ඇහැරෙයි..”
“බැහැ ..යන්න දෙන්නෙ නෑ….කොයි තරම් නම් කාලයක් මම තනියම හිටියද?.දැන්වත් ඔයා ළඟට වෙලා ඉන්න දෙන්න සුදු..”..
“මට කරන්න වැඩ ගොඩකුත් තියෙනවා..”
“ඔයාට උදව් කරන්න මේ ගෙදර හැමෝම ඉන්නේ…මමයි අම්මයි ඔයාට කොච්චර උදව් කරනවා ද?..”
“ඒක නං ඇත්ත තමයි…”
“එහෙනම් මම ලගට වෙලා ඉන්න..”
මම එහෙම කිව්වේ මගෙන් මිදිලා යන්න හදන උ/ඹව තව තවත් මගේ තුරුලට ගන්න ගමන්..
උ/ඹේ උණුසුම මගේ හිත නිවලා දාන්නේ මහ පුදුම විදියට..
උ/ඹේ මුහුණේ තියෙන කියඹුලතා වක් මගේ මුහුණ මතට වැටුණා..කාලෙකින් ලැබුන උ/ඹේ උණුසුමට මගේ හිත සන්සුන් වුණා..
හදවතට තනිකම ගෙනාපු ගිම්හාන කාලේ ගෙවිලා සුන්දර වසන්තය මගේ ජීවිතයට උදාවෙලා කියල මට හිතුණේ හිතට දැනුන සුවය වැඩිකමට…
උ/ඹ ළඟ නැති දාට අමාවක අහස වගේ අඳුරුව තිබ්බ මගේ ජීවිතය දැන් පසළොස්වක පෝදා රැය වගේ එළිය වෙලා කියලා මට හිතුනා..
💔💔💔💔💔💔💔💔💔💔
පුන්චි පුතා දවසින් දවස ලොකු වෙනවා.
දැන් පුතා ටික ටික හුරතල් වයසට එළඹන ගමන්..
පුංචි පුතා නිතරම මගේ තුරුලට වෙලා ඉන්න හරිම ආසයි..මගේ තුරුලට වෙලා ඉන්න චූටි පුතා අනික් වෙලාවටත් වඩා අත,පය වේගයෙන් ගසන්නේ සතුට වැඩිකම පෙන්වන්න වගේ….
පුංචි පුතා අපි හැමෝගෙම ජීවීත වලට ආදරය,සාමය අරගෙන ආපු පුංචි දේවදුතයෙක් වගේ ..
ප්‍රශ්න ,දුකම විතරක් තිබුණු අපේ ගෙදර හැමෝටම චූටි පුතා නැවුම් බලපොරත්තු ගොන්නක් ගෙනල්ලා…
මම නිදාගෙන උන්නු චූටි පුතාගේ පුංචි කකුලක් සිපගනිමින් එහෙම හිතුවේ.. ..
“අයියේ පුතා නිදිනම් ඇඳෙන් තියන්න..නැත්නම් අතට හුරුවේවී..”
උ/ඹ එහෙම කිව්වත් මට මගේ උකුලේ නිදන් ඉන්න චූටි පුතාව ඇඳෙන් තියන්නත් ලෝබ හිතෙන තරම් …
මගේ උකුලේ නිදන් හිටපු පුතා නින්දෙන් හරි ලස්සනට හිනාවෙන්නේ හීනෙන් සුරංගනාවියක් වත් දැකලාවත්ද කියලා හිතමින් මම පුතා නැහැරෙන විදියට ඇඳ මත තැබුවේ..
මම පුතාගේ පුංචි මදුරු වැල දාලා පුතාව ආවරණය කරා.
උ/ඹ සෝදලා පිරිසුදු කරපු පුතාගේ පුංචි ඇඳුම් සීරුවට නමමින් පුංචි කබඩ් එකට දාන හැටි මම බලාගෙන හිටියේ…
“ඇඳුම් ටික අස්කරලා ඉවර නම් පොඩ්ඩක් මෙහාට එන්නකෝ සුදු..”
“අයියා නම් දැන් පොඩි ළමයෙක් වගේ…කොයි වෙලාවෙත් හුරතල් වෙන්න
හදන්නේ…”
උ/ඹ එහෙම කිව්වේ ඇඳේ මගේ යාබදින් ඉඳගන්න ගමන්.
“ඉතින් සුදු මම ඔයා නැතුව වෙන කාත් එක්ක හුරතල් වෙන්නද?.”
බබා එහෙම කිව්වම උ/ඹේ ඔහොම උනේ මතුවුණේ සරදම් හිනාවක්.උ/ඹ මොනවදෝ කියන්න ගිහින් ගිල ගත්තා වගේ මට දැනුනා…
“ඇයි සුදු..?”
“මොකුත් නැහැ..”
“නෑ කියන්නකෝ…”
“නෑ අයියේ මම කියන්න ගියේ දැන් හැමදාම ඔයා මෙහෙම ගෙදරට වෙලා හිටියා ඇති කියලා ..පුතාගේ වියදම් එන්න එන්න වැඩි වෙනවා…දැන් ඔයාගේ අතේ තිබ්බ සල්ලි ඉවර වෙන්නත් ලඟයි..”
මම මොහොතක් උ/ඹ කී දේ ගැන කල්පනා කළා..උ/ඹ කියන දේ ඇත්ත මමත් පහුගිය දවස් ටිකේම ඒ ගැන තමයි හිතමින් හිටියේ…
“ඔව් සුදූ..මාත් මේ කල්පනා කලේ ඒ ගැන…දැන් නම් මේ ජොබ් එකක් නොකර ගෙදරට වෙලා හිටියා හොඳටම ඇති…ඒත් ඉතින් ජොබ් එකක් හොයාගන්න කොළඹ යන්න වෙනවා..ඔයාවයි පුතාවයි දාලා
යන්නේ කොහොමද කියලා මම කල්පනා කලේ…”
“එහෙම කියල බෑනේ අයියේ …දරුවා ලොකු වෙන්න ලොකු වෙන්න වියදම් වැඩි වෙනවා.
දරුවා ට දුක් දෙන්න බෑනේ..අයියට පුළුවන්නේ ඉස්සර වගේ වීකෙන්ඩ් එකේ ගෙදර එන්න…”
ජීවිතයට හුඟ කාලෙකින් මේ සතුටක් ලැබුණා මයි..උ/ඹත් මගේ දරුවත් එක්ක ජීවත් වෙනකොට හිතට අමුතුම පරිපූර්ණ ගතියක් දැනෙනවා..ආයෙමත් බෝඩිම් කාමර වලට කොටුවෙලා ජීවත් වෙන්න වෙනවා කියලා හිතෙද්දිත් හිතට මහ අමුතු දුකක් දැනෙන්නේ…
“ඔව් සුදු…ජොබ් එකක් හොයාගන්න ඕනේ…අපි යන්තම් මේ ඔලුව උස්සන් ඉන්නේ අයියා නිසා…අයියා නැත්තං මේ ප්‍රශ්නවල කෙළවරක් නෑ..වෙලාවක අපි දෙන්නා එක්ක අයියා ලා ගේ ගෙදර ගිහින් එමු…”
විදේශගත වුණේ ගේ හදන්න ගත්ත ලෝන් එක ගෙවන්න වුනත් අනපේක්ෂිත විදිහට ලංකාවට එන්න වුණ නිසා ලෝන් එක ගෙවන්න බැරි වුණාම අපිට පිහිට වුණේ අයියා තමයි..අයියා අයියගේ නමට තිබ්බ ඉඩමක් විකුණලා අපේ ඒ ණය පියවලා දුන්නේ..අයියා ඒ විදියට උදව් කරේ නැත්තම් අද අපි සේරම මහ පාරේ..
“ඒවා ඉතින් අයියාගේ යුතුකම් නේ..”
උ/ඹ එහෙම කිව්වේ ගානකට නැතිව..
උ/ඹට කොහොමත් අම්මව වගේම අයියා වත් පෙන්නන්න බැහැ..අපේ නෑදෑ සනුහරේ කාවවත් උ/ඹට පෙන්නන්න බෑ.උ/ඹේ ඒ ජම්ම ගති කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මම උ/ඹේ තුරුලේ ඉදන්ම එහෙම හිතුවේ…
සති ගානක් එක දිගට ඉරිදා පුවත්පත් බලමින් රැකියාවල් හොයපු මට තවමත් රැකියාවක් හොයාගන්න බැරි උනා….
නිකමට වගේ මම කොළඹ වැඩ කරපු කාර්යාලයේ ලොකු මැඩම්ව සිහිපත් වුණා…
මම උදෑසනක ලොකු මැඩම්ගේ මොබයිල් එකට ඇමතුමක් ගත්තේ එහෙ රස්සාවක් හොයාගන්න පුලුවන්ද කියලා බලන්න..
කිහිප වතාවක් එක දිගට ඇමතුම් ගත්තත් මැඩම්ගෙ මොබයිල් එකෙන් පිළිතුරක් ලැබුණේ නැහැ .සමහරවිට මැඩම් ඉන්නේ
රැස්වීමක කියලා හිතුණ නිසාම මම මැඩම්ට ආයෙමත් ඇමතුම් දෙන්න ගියේ නෑ…
මොබයිල් එක පැත්තකින් තියලා මම පුංචි පුතා එක්ක සෙල්ලම් කරන්න ගත්තා ..
“අයියෙ පොඩ්ඩක් පුතා එක්ක සෙල්ලම් කරන්න..මම ඉක්මනට පුතාගේ කෑම එක හදාගෙන එන්නම්..”
ළිඳ ගාව ඉඳන් ආපු උ/ඹ තෙත කොණ්ඩේ හොඳින් පිහිදාන ගමන් එහෙම කිව්වේ..
“අම්මට කියන්න අම්මා හදාවී.අම්මා කොහොමත් දැන් කුස්සියේ උයන එකනේ ..”
“අපෝ බෑ…පුතාගේ කෑම මගේ අතින් හොඳට පිරිසිදුව හදන්න ඕනේ….උයන්න ගන්න භාජන පවා හොඳට තම්බලා උයන්න ඕනේ…එහෙම නැත්තම් දරුවාට බඩේ අමාරුව හැදෙයි …”
උ/ඹ එහෙම කියමින් එතනින් පිටවෙලා ගියා …උ/ඹේ ගතිගුණ මොන වගේ වුණත් උ/ඹ හොඳ අම්මා කෙනෙක් ..පුතාගේ වැඩ හරි සැලකිල්ලෙන් පිළිවෙළට කරනවා..
උ/ඹ කාමරෙන් පිට වෙලා මොහොතක් ගතවුණාට පස්සේ මගේ මොබයිල් එකට ඇමතුමක් ආවා..මම පුතා එක්ක සෙල්ලම් කරන ගමන් ඒ ඇමතුමට පිළිතුරු දුන්නා..
“හෙලෝ.මේ දිලංක නේද?..”
“ඔව් මැඩම්..මම හිතුවේ මැඩම් මාව අඳුරගන්න එකක් නෑ කියලා..”
“මගේ ෆෝන් එකේ දිලංකගේ නම්බර් එක සේව් කරලා තිබුණ නිසා අඳුර ගත්තා.ඔයා රට ගිහින් ඉක්මන්ට රට ඉදන් ආවා ද දිලංක ?.”
මම විදේශගත වෙලා සිද්ධ වෙච්ච අකරතැබ්බය ලොකු මැඩම්ට කිව්වාම මැඩම් සාවධානව ඒ සේරම අහගෙන උන්නා…
“අයියෝ හරි කරදරයක්නේ වෙලා තියෙන්නේ ..දැන් ඉතින් දිලංක මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?..”
“ඒකට තමයි මැඩම් මම කෝල් කලේ..මම දැන් මේ ජොබ් එකක් හොයනවා..මැඩම් දන්න තැනක ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද කියල බලන්න මම මේ කතා කරේ..?”
මම එහෙම කිව්වම මැඩම් මොහොතක් වෙලා නිහඬව උන්නා ..ඒත් එක්කම මාත් එක්ක සෙල්ලම් කර කර හිටපු පුංචි පුතා අඬන්න ගත්තේ මගේ අවධානය දුරකථන ඇමතුමට යොමු වුණු හින්දා…..
“දැන් බබෙකුත් ඉන්නවද?.අපේ කම්පැනි එකේ නම් මුකුත් වේකන්සි එකක් නෑ…මගේ යාළුවෙක් නම් ලඟදි ජොබ් එකට කෙනෙක්ව හොය හොයා හිටිය..පොඩි සුපර්මාකට් එකක කැෂියර් කෙනෙක්ට..දිලංක ඉගෙන ගෙන එහෙම තියෙනවනේ..”
“ඔව් මිස් එලේවල් හොඳට පාස්..diploma වගේකුත් කරා…”
“එහෙනම් උගත් ළමයෙක් නේ…පොඩ්ඩක් ඉන්න මං කතා කරලා බලන්නම් ඒ වේකන්ට් එකට කෙනෙක්ව අරගෙන ද කියලා…මම ඔයාට හොයලා බලලා කියන්නම්.මට ටික දවසක් දෙන්න.”
“ජොබ් එකක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් මිස්…”
“පුළුවන් දෙයක් දෙයක් තියෙනවනම් මම කරලා දෙන්නම්.මම එහෙනම් තියෙන්නම්..”
ලොකු මැඩම්ගෙ ඇමතුමත් එක්ක මගේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් වුණා වුනා වගේ මට දැනුනේ ..හිතේ පුංචි බලාපොරොත්තුවක් මෝදු වුණා…
ලොකු මැඩම් ගෙ උදව්වෙන් මට කොළඹ කොට්ටාව ප්‍රදේශයේ පුංචි සුපර්මාකට් එකක ජොබ් එකක් ලැබුණා..
උ/ඹවයි දරුවවයි දාලා යන්න හිතද්දිත් අමාරුයි වගේ…පුංචි පුතාගේ හුරතල් මුහුණ දිහා බලාගෙන යන්න හිතට හරිම ලෝබයි..
“දවල්ට කාලාම ගියානම් හරි අපි යමු…”
“පැටියා ඇහැරුනොත්..”
“දැන් නිදා ගත්තේ.දැන්ම ඇහැරෙන එකක් නෑ..”
“ඒ උනාට පුතාගැන පරිස්සමෙන් ඉන්න…ඉස්සරහට මමත් නෑනේ..”
“හරි හරි ඔයා බයවෙන්න එපා..මම පුතාව හොඳට බලා ගන්නවා..”
උ/ඹ එහෙම කියලා මගේ දෑතේ එල්ලූණාම මගේ හිතට දැනුනේ අමුතුම සතුටක්..
උ/ඹ හැමදාමත් මේ විදියටම ඉන්නවනම් කියලා මට හිතුනේ උ/ඹේ මේ හැසිරීම හිතට ලොකු සහනයක් ගෙනත් දෙන නිසා …
අපි සාලෙට යනකොට අම්මා කෑම සූදානම් කරලා බෙදලා තිබුණේ.අම්මා උ/ඹටයි මටයි කොත පිරෙන්න ලොකු බත් දෙකක් බෙදලා තිබුණා ..
කිරි කොස් මාලුවකුත් කොරලි මාලු මිරිසටත් කලවම් පලා මැල්ලුමකුත් බත්පතේ තිබුනා ..
මගේ ඇස් දෙක දිලිසුනේ ඒ මම කන්න වැඩිපුරම කැමති කෑම ජාති නිසා..
“කොහෙන්ද අම්මෙ මාළු “
“තාත්තට කියාලා මම ඔය හොයාගෙන ගෙනාවේ…ආයේ ඉතින් පුතාට කටට රහට කෑමක් වත් කන්න ලැබේවිද දන්නේ නෑ කියලා හිතුනා ..”
මම සතුටින් බත් එක බෙදාගෙන කෑවත් උ/ඹ බත් එක කෑවේ මූණ නරක් කරගෙන..ඒ එක්කම තමයි මට මතක් උනේ උ/ඹ වැව් මාළු ,කොස් කන්න අකමැති විත්තිය…
“අම්මේ බිත්තරයක් බැදගෙන එන්නකෝ…”
“මේ මාළු තියෙන්නේ පුතේ..”
“නෙහාරා මේ කොසුයි වැව් මාළුයි දෙකම කන්න කැමති නෑ…”
“අනේ පුතේ…මේ කිරි දෙන අම්මා කෙනෙක්ට කොයිතරම් ගුණ කෑම ද?..ඔය කැරට් බෝංචි චිකන් කෑවට කිරි එරෙන්නේ නැහැ…කිරි එරෙන්නේ නම් මේ වගේ කෑම ජාති කන්න ඕනේ..දුවට මම බිත්තරයක් හදාගෙන එන්නම්..හැබැයි දුව ඕවත් කන්න ඕනේ…”
අම්මා කුස්සියට ගියේ එහෙම කියාගෙන…
“ඕනෙ නෑ අම්මේ ..”
උ/ඹ එහෙම කිව්වේ තරහෙන් වගේ…
ආයෙමත් මම වැඩට ගියාට පස්සේ උ/ඹ ඉස්සර වගේ නපුරු ,උද්දච්ච කෙනෙක් වේවිද කියලා මගේ හිතේ පුංචි සැකයක් ඇතිවුණා…
“නෙහාරා.ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි..තරහ යනවා අඩුයි…මම ආයෙමත් එනකොටත් ඔය වගේ ඔයා ඉන්න ඕනේ..තේරුණා නේද ?..”
මම එහෙම කිව්වම උ/ඹ මගේ දිහා බලලා සිහින් මදහසක් පෑවා…
මම කෑම කාලා අවසන් වෙලා අම්මට වැඳලා ආයෙමත් කාමරයට ගියේ නිදාගෙන ඉන්න චූටි පුතා දිහා මොහොතක් බලලා එන්න .
චූටි පුතා තවම හොඳ සනීපෙට නිදි. මම වැඩි වෙලාවක් පුතා දිහා බලාගෙන හිටියේ ආයේ මට පුතාව දකින්න සතියක්ම ඉවසන් ඉන්න වෙන්න වෙන නිසා..හිත පිරෙන්න ඇහැ පිරෙන්න මම ඒ චූටි මූණ දිහා බලාගෙන උන්නා…
“පුතාව දාලා යන්න දුකයි වගේ සුදු…”
මම එහෙම කිව්වේ නිදාගෙන ඉන්න පුතාගේ චූටි කකුලක් සිප ගන්න ගමන්…
“දැන් ඇති පුතා ඇහැරේවී ..”
මම පුතාගෙන් මිදිලා උ/ඹව සිප වැළඳ ගත්තේ වෙන්වෙලා යන වේදනාව හිතට ගොඩක් දැනුනු නිසා..
“මම යන්නම් සුදු…ඔයාවයි පුතාවයි දාලා යන්න දුකයි..”
“ඔයාට නම් පි/ස්/සු අයියේ …දාලා යන්න යනවා නෙමෙයි නේ..වීක් එන්ඩ් එකේ එනවනේ…”
ඇත්තටම උ/ඹ එහෙම කිව්වම නම් මගේ හිතට දුකක් නොදැනුනාම නෙමෙයි..උ/ඹ ඇත්තටම හරිම වෙනස් ඒ මොහොතේදී මට හිතුනා . ඒ කොහොම වුණත් කමක් නෑ ආයේ මම ගෙදර එනකොට කලින් හිටපු නෙහාරා නොවී මම එහෙම හිතලා ලොකු හුස්මක් පිට කරා.
හමුවෙමු මීළඟ කොටසින්💔💔💔💔
අහක බලාගෙන යන්නේ නැතුව ලයික් කමෙන්ට්ස් කමෙන්ට්ස් දාගෙන යන්න