කාවින්දි ලියනගේ
·
🌻 26 දිගහැරුම 🌻

මේ හැමදේම පටන් ගත්තේ .මන් නුවරඑළිය ස්ටේට් එකේ වැඩට ගිය කාලේ.උබට උනත් මතක ඇති..උබ එ දවස් වල ඕලෙවල් ලියනවා..උබ මාත් එක්ක තරහත් උනා මන් යනවා කියලා .මොකද උබ එ දවස් වල මා එක්ක හරි එකතුයි..

මතකනේ එ දවස් වල හවසට අපි රෝන්දේ ගහලා ගෙදර ආවහම උබලාගේ අම්මා අපි දෙන්නාටම බනින හැටි..”

කේශ්වර මහ හඩින් සිනාසෙන්න වුයේ සැබැවින්ම එ අතීතය බොහො සුන්දර නිසාවෙනි …ලංකාධීර සියා පියාගේ බාල සොහොයුරා වුවද ඔහු හා සිය වයස් පරතරය අවුරුදු පහක් පමණ වු නිසාවෙන් දැනුම් තේරුම් ඇති දා පටන් තමා කාලය ගත කලේ ඔහු සමගින් ය….

” මන් ටී ස්ටේට් එකේ වැඩ කරද්දි තමයි මට ජයනි හම්බුනේ..මුලද මුලදි හැදුනුම් කමට කතා බහ කලත් පස්සේ එක ආදරයක් උනා..

මන් ගැන අප්පච්චී එක්ක කතා කරත් එයා කැමති උනේම නැ…එයා අඩු කුලේ කියලා ..

එත් එ වෙනකොට එ සම්බන්දේ නවත්තන්න බැරි තරම් දුර දිග ගිහින් තිබ්බේ..මන් අප්පච්චී හැමදේම කිව්වට පස්සේ එයා මාව වලව්වේන් එලෙව්වා ..අඩුකුලේ ලේ තියන එව්න්ට ඉරුගල්බණඩාර පරම්පරාවට නෑකම් කියන්න බෑ කියලා ….එදා මන් හිගන්නෙක් වගෙ පාරට බැස්සේ…ඔයාගේ තාත්තාට උනත් ඒ වේලාවේ කිසිම දෙයක් කරන්න බැරි උනා…..

ඊට දවස් දෙකකට විතර පස්සේ අයියා මාව හොයන් ආවා..ජයනිගේ ගෙදරට .එයා ඇවිත් ජයනිගේ අම්මා තාත්තා එක්ක කතා කරලා අපේ කසාදෙ කරලා දිලා මට එහෙන්ම ගෙයක් අරන් දීලා අපිව පදිංචි කරා…

අප්පච්චීට හොරෙන් අයියා හෑම මාසෙකම මට ගානක් එව්වා…එවාගේම පුලුවන් වේලාවට ඇවිත් අඩුපාඩු එහෙමත් ගෙනත් දැම්මා …..ඔහොම පාඩුවේ අපිදෙන්නා ජිවත් උනත් එක දවසක් එ හැමදේම අනිත් පැත්ත පෙරලුනා….

අප්පච්චී අපි ගැන හැමදේම දැන ගෙන අපිව මරන්න කට්ටියක් එවලා..එදා කොහොම හරි ජයනිට අමාරු වෙලා හොස්පිටල් එක්ක යනගමන් හිටියේ ..අපිව මගදි තමයි එයලාට අහුවුනේ…මට තිබ්බ වෙඩිල්ලට පැන්නේ ජයනී…කොහොම හරි හොස්පිටල් එකට අරන් ආවත්..දරුවා කරදරයක් නැතුව ලැබුනත් ජයනිව බේරගන්න බැරි උනා……මාව බේරගන්න ඒ…ඒ අහිංසකි එකිගේ ජිවිතේ දුන්නා..”

” බා..බාප්පේ .. ” කේශ්වරගේ මුවින් ඔහුටත් නොදැනිම මිමිණුනේ..සිය මුත්තණුවන් සමග කෝපයක් දැනෙද්දී ය….

” ඔව් බන් කොල්ලෝ..මිහිරාන් බේරුනත් මට මගේ ගෑනි නැති උනා….පස්සේ මන් මිහිරාන්වත් අරන් අයියාගේ උදව්වෙන් රට ගියා…..”

ලංකාධීර මොහොතක් නිහඬව පසු වන්න වුයේ .එ අදුරු අතිතයේ දුක්බර මතකයන් සිය හදවත පාරවන බැවිනි ……

” ඉතාලි වලදී තමයි මට ඇන්ඩ්‍රියා හම්බුනේ..එයා හිටියේ අපේ අපාර්ට්මන්ට් එකට එහා පැත්තේ…මහ රෑ මිහිරාන්අඩද්දි නලවගන්න බැරුව මන් මුලු අපාර්ට්මන්ට් එකේම ඇවිදනවා..ඇන්ඩ්‍රියා තමයි ගොඩාක් වෙලාවට මිහිරාන්ව නලවගන්නේ..පස්සේ පස්සේ මිහිරාන්ව ඇන්ඩ්‍රියව නැතුව බැරි උනා..ඇන්ඩ්‍රියාත් එයාගේ හස්බන්ඩ් ගෙන් ඩීවොස් වෙලා තමයි ඉටැලි ඇවිත් තිබ්බේ . මිහිරාන්ගේ අනාගතේ ගැනත් හිතලා මන් එයාව මැරි කරා..

මන් ජිවිතේ කරපු ලොකු මෝඩකම තමයි එ ගෑනි කසාද බැන්ද එක…” බරැති සුසුම්ක් පහතට හෙලමින්‍ ඔහු පවසන්න වුයේ පශ්චාත්තාපි ස්වරකිනි….

උබට මගේ කතාව අහලම දැන් ඇති වෙලා ඇති නේ.යමන් පහලට ගිහින් මොනවා හරි බීලාම කතා කරමු..මේ වේලාවේ ගෙදර එව්වෝ ඔක්කෝම බුදි ඇතී……

එක නෙවෙයි උබ අර කෙල්ල දාල මේ මහ රෑ ආවේ කෙල්ල උබව හොයන එකක් නෑද්ද….”

” නෑ බාප්පේ දෝණී නිදාගන්නකන් ඉදලා ආවේ..බෙහෙත් සැර නිසා ඇහැරෙන්න එකක් නෑ…මන් එයා ඇහැරෙන්න කලින් යන්නම්..”

” හරි එහෙනම් යමන් පහලට දෑන්මන් හිතේ දොලහට කිට්ටු ඇති..උබ නිදිමරලා කොහොමද හෙට වැඩ කරන්නේ …”

” දෝණී අසනිප නිසා මන් හෙට නිවාඩු දැම්මා බාප්පේ එ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ……”

” කොහොමද හරි මිහිරාන්ට අවුරුදු පහක් විතර වෙද්දී ..අපි ලංකාවට ආවා..එතකොට ඇන්ඩ්‍රියාට ආදිව ලැබෙන්න හිටියේ .හැමදේම වෙනස් උනේ ආදිත්‍ය ඉපදනාට පස්සේ …….

ආදිත්‍ය ටික ටික ලොකු වෙනකොට ඇන්ඩ්‍රියා සම්පුර්ණයෙන්ම වෙනස්ම ගෑනියෙක් උනා..ඉස්සර හිටපු අහිංසක ගෑනි වෙනුවට කිසිම හිතක් පපුවක් නැති අන්තිම පහත් ගෑනියෙක් උනා…

එකයි මන් මිහිරාන්ව උබ ගාවට එව්වේ.මට ඌ ගැන බය හිතුනා..ඇන්ඩ්‍රියාගේ හැම වැඩ ගැන මන් එකිට හොරෙන් ඇහැ ගහන් හිටියත් ..මට එක දෙයක මිස් උනා ..එ ඔයාලගේ ඇක්සිඩන්ට් එක…

ඔයාලගේ ඇක්සිඩන්ට් කරේ වෙන කවුරුත් නෙවෙයි ඇන්ඩ්‍රියා …………….”

” බ….බාප්පේ ……….” කේශ්වරගේ අතරැදි බීයර් වීදුරුව ඔහු අතින් ගිලි බිම වැටුනේ .ඔහුගේ දෙපා වාරු නොමැති අසුනට කඩා වැටෙද්දිය ……

” ඔව් පුතේ…ඇන්ඩ්‍රියට ඕනි උනේ ඔයාවයි මිහිරාන්වයි මරන්න…මොක්කද එතකොට දේපල හැමදේම ආදිත්‍ය අයිති වෙන නිසා…”සිය අතරැදි බීයර් බදුන එක හුස්මට හිස් කර එය ඉවතට විසි කරමින් ඔහු කේශ්වර අසලින් හිද ගන්න වුයේ ..ඔහුගේ දෑත් සිය දෑතට මැදි කරගනිමින් ය…….

” මට මගේ දරුවාගේ ගෑනිවයි ලමයවයි බේරගන්න බැරි උනා ලොකු..මන් මහ කාලකණ්ණිතාත්තෙක් බන්……” ලංකාධීරද මෙතාක් සගවාගෙන උන් වේදනාව ඔහු ඉදියේ දිය කර හරින්න වුයේ .දැසින් ගලන කදුලු බිදු වලට වැටකොටළු නොමදිමින් ය………

මතුසම්බන්ධයි