නිසල සද මඩල 🌬

☁️ 05 වන කොටස ☁️

” අඩෝ යුරාග් …..කෝ උබ ඉසෙල්ලාම ඔතනින් නැගිටලා මේ පුටුවෙන් වාඩිවෙයන්..උබ වැටුනොත් කොහොමද බන් මේ ප්‍රශ්නේන් ගොඩ එන්නේ…” හර්ෂ අසීරුවෙන් යුරාග් පුටුව මතින් හිදව වතුර විදුරුවක් ඔහු අතට දුන්නේ එසේ පවසන අතරවාරයේ ….

” මචං මට තේරෙන්නේ නෑ .මන් මොකක්ද කරන්න ඕනි කියලා.කිසිම දුකක් නොදි මලක් වගේ හදන මේ කෙල්ලට මේ පොඩි වයසට ඩිප්‍රෙශන් එන්න තරම් මොකක්ද තියන ප්‍රශ්නේ ……”

” මේකයි මචං සල්ලි බාගේ යාන වාහන කෑම බිම ඇති තරම් තියන එකම නෙවෙයි ජිවිතේ ඊට වඩා හුගාක් දේවල් මනුස්සයෙක්ට ජිවත් වෙන්න ඕන්ජ්. මම උබ නොදන්න මොකක්ම හරි ප්‍රශ්නේකින් කෙල්ල විදවනවද දන්නේ. නෑ ..ඉස්කෝලේ වයසේ ලව් හුට පටයක් වෙන්නත් බැරි නෑ..

එත් උබ දෙන ගාර්ඩ්න් එකේ හැටියට එකිට කොල්ලේක් එක්ක කොකු ගහන්න චාන්ස් එකක් තියෙයි කියලා මන් හිතන්නේ නෑ ……’ මෙතරම් වේලාවක් පශ්චාත්තාපි මුහුණකින් හිදි ඔහුගේ මුව හර්ෂගේ අවසන් වදන් කිහිප සමග වෙනස් වුයේ ..මුවට දඩබ්බර සිනහවක් මැවෙද්දීය …

” ඔව් ඔව් තෝ හීනයන් වෙයන් ගල් මූසයලා.උබ අර පොඩි කොල්ලට එදා නෙලපු හැටි මමනේ දැක්කේ දෝණීගෙන් යාලුවෙන්න අහලා..යකෝ උබ දන්නවද එ කාගේ පුතාද කියලා..

ඈ.යකෝ එ අපේ නැන්දාගේ පුතා .එදා හවස නැන්දා ඌව මන් ගාවටමයි එක්ක ආවේ බෙහෙත් දන්න.මට වැලේ වැල් නැ…නැන්දා මන් බෙහෙත් දානකන් කරේ ගහපු එකාගේ පලු ඇරිය එක.කොල්ලා මාව දැක්කානම් එහෙම මමත් ගස්.ඔල මොට්ටලායා ..”

” හරි හරි එවැයි වැඩක් නෑ..මොකක්ද දැන් කෙල්ලගේ ප්‍රශ්නේට කරන්නේ අපි.මට හිතා ගන්න බෑ..දෝණීට ඔච්චරම හිතන්න තියන් ප්‍රශ්නේ ….”

” හරි බන් මට මේක කියපන්කෝ..අන්කල් කාරයා කෙල්ල ගැන හොයලා බලන්නෙම නැද්ද.”

” උබ දන්නවානේ බන් එ මුසලා ගැන..ඌ අක්කාවයි පොඩි එකාවයි දාල ගිය දවසේ ඉදන් අද වෙනකන් කවදාවත්ම ඇවිත් නැ..මන් හිතන්නේ නෑ ඌ කෙල්ල කොයි වගේද කියලාවත් දන්නවා කියලා නම්..”

” අන්න පොයින්ට් එක .මට හිතෙනවා කෙල්ල එ ගැන හිතනවා ඇති කියලා.මොකද ආන්ටි ඇරුණම කෙල්ලට වෙන කවුරුත් ආදරේ කරන්නේ නෑනේ..උබ උනත් එකි ඉස්සරහා ඉන්නේ නායට අදුකොල වගේන..”

” මොන මගුලකටද දැන් උබ ඔය කියන්න හදන්නේ ….”.

” මැදින් පනින්නේ නැතුව පොඩ්ඩක් ඉදහන්කෝ මට කතා කරන්න දිලා..”

” මේ අහපන් යුරාග් දැන් කෙල්ලගේ වයසේ හැටියට එකි හොයන්නේ ආදරේ . ඇන්ටි එකිට කොහොමත් ආදරේයිනේ..එත් දැන් කෙල්ල හොයන්නේ වෙන ආදරයක්..එ කියන්නේ පිරිමි උනුහුමක් .

දැන් මන් මෙහෙම කිව්වා කියලා උබ කෙල්ලගේ ඇගට කඩා පනින්නේ නැතුව ඉදහන්..මේ වගේ දේවල් ඔය වයසට සමාන්‍යයි .උබට පුලුවන් නම් කෙල්ලට ටිකක් කොල්ස් වෙයන්.

.ඊට පස්සේ හෙමිට එකිගේ හිතේ තියන දේවල් දැන ගන්න බලපන් මොකද මේක බෙහෙත් වලින් විතරක් සනිප කරන්න බෑ …දැන් කෙල්ලට සිහිය ඇවිත් ඇති .බන් උබට බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්.උබ එකිට මේවා විටමින් කියලා දියන්..හරිනේ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මට කතා කරහන්…”.

..
” හෙලෝ……ආ තමුසෙද..දැන් මොන මගුලකටද මට කෝල් කරේ කියනවද…..”

” මේ උත්තරා උබ මගේ මාරය අවුස්ස ගන්නේ නැතුව ඔය ෆෝන් එක තියපන් මට උබට හුරතල් කරන්න වේලාවක් නැ..” යුරාග් කේන්තියෙන් දුරකථන විසන්දි කර සාක්කුවට දමා ගැනිමට සැරසි නැවත යමක් මතක් වී ඇමතුමක් ලබා ගනිමින් ෆාමසිය වෙත පා ඔසවන්න වුයේ ඇයගේ බෙහෙත් ලාබ ගැනිම සදහයි …

” ආ..සහස් අද මට එන්න වෙන එකක් නෑ..අද තියන මීටින් ඔකෝකොම කැන්සල් කරන්න….”

” නැ..කමක් නැ..කමක් නෑ කියක් පාඩු උනත් තියන මීටින් සේරම කැනසල් කරන්න . මොකද මට එ හැමදේකටම වඩා වටින වැඩක් තියනවා…මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් නිසල් සර් එක්ක කතා කරගන්න..

ආ..තව දෙයක් හදිස්සිය වැඩක් නැත්නම් නිසල් සර්ට මන් අපේ ගෙදර එන්න කිව්ව කියන්න……” ඇගේ බෙහෙත් ටික ලබාගෙන .ඔහු ඇය රැදි සිටි කාමරය වෙත පියවර තබන්නට විය …

“අහ්…….”

ඔලුවෙන් දැනෙන්න දරාගන්න බැරි තරම් කැක්කුම එක්ක මන් හෙමින් හෙමින් ඇස් අරින්න හැදුවත් මට දැනුනේ ඇස් දෙක නිකම් බැදිලා වගේ කියලා ..කොහොම හරි විනාඩි කිහිපයක් උත්සහ කරලා හෙමින් සැරේ ඇස් ඇරිය මන් ඇස් එහෙ මෙහෙ කරලා බැලුවේ මන් මේ ඉන්නේ කොහෙද කියලා ..

වටපිටාව තියන දේවල් එක්ක මේ ඉන්නේ හොස්පිටල් රූම් එකක කියලා තේරුනත් ..ඇයි මන් හොස්පිටල් ඉන්නේ කියලා කල්පනා කරද්දි මතක් උනේ ..උදේ වෙච්චි දේවල්

දෙවියනේ ..අද මන් ඉවරයි.

මගෙ කල්පනා ලෝකෙට බකට් එකක් වැටුනේ මන් හිටිය රූම් දොර ඇරෙනවා ඇහිලා..එ පැත්ත හැරුන මන් දැක්කේ……

දොර ගාව ඉන්න එයාව.

මද කෝපයකින් ඈ රැදි කුටිය වෙත ඇතුලු වුවද .සිය රුව දුටු සැනින් ඈ කල දේ නිසාවෙන් ඔහුගේ මුවෙහි සිනාහවක් සිත්තම් විය..

“මන් බෙල්ල ගාව තිබ්බ රෙද්ද අරන් ඔලුවේ ඉදන් පොරවගත්තේ..මේක ඔය තියන කේන්තියට මාව ඩෙවල් දායිද කියලා ශුවර් නැති හින්දා….”

සිනාව ආයාසයෙන් දෙතොල් අතර සිරකරගෙන යුරාග් ඈ රැදි යහන අසලට ලංවී නිහඬවම ඈ හිසේ පටන් පොරවන් උන් පෝරෝණය ඇගේ ගතින් ඉවත් කර ඈ ප්‍රාවේශමට දෝතට ගන්න වුයේ ..ඇගෙ දෑස් පුදුමයෙන් විසල් වද්දිය ……

මතුසම්බන්ධයි