No photo description available.
Vilashini Madubashi
noerpoStds60m3
a
9
2
8
0
58
නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
විසි එක් වන චන්ඩිකම
අම්ම ඔයා ඉක්මනට ලෑස්ති වෙන්න.මං ඔය ටික දා ගන්නම්.විනෝද් ළගම එනව කිව්ව”
එහෙම කියල උණුවෙන්ම හදපු සුප් එක බෝතලේකට දාල බෑග් එකට දා ගත්තෙ කෙල්ලට ගිය ගමන්ම පොවනව කියල හිතා ගෙනම.ඒත් එක්කම ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ.
” හෙලෝ “
මොකුත් හිතා ගන්නවත් වුණේ නෑ.එහා පැත්තෙන් කියපු දේත් එක්කම ෆෝන් එක අත ඇරුණෙ මුළු ඇගම පණ නැති වෙලා යනව දැනෙද්දි.
ෆෝන් එක වැටුණ සද්දෙත් එක්කම දේවිකා එතනට දුවන් ආවෙ කලබලෙන්ම.
” ඇයි පුතේ මොකද? මේ ” 😳
” අනේ අම්ම “😭
අඩාගෙනම අම්මගෙ උරිස්සට වාරු වුණේ.ඒත් එක්කමයි විනෝද් ආවෙත්.
” රශී ඇයි මේ “
“අනේ ඒක තමයි පුතේ මේ දරුව අඩනව මොකුත් කියන්නෙ නෑනෙ”
” රශී මොකද? වුණේ කියන්නකො අපිව බය නොකර “
” අනේ විනෝද් දැන් හොස්පිට්ල් එකෙන් කෝල් කලා.නිශාට ටිකක් අමාරුයිලු ” 😭
” දෙයියනේ මගෙ දරුව ” 😭
එහෙම කියන ගමන් අම්ම පුටුව වැටුණෙ ඔළුවටත් අත ගහ ගෙනම.
” අපි ගිහින්ම බලමු අම්මෙ මෙතනට වෙලා ඉදල වැඩක් නෑනෙ.රශී අම්මවත් අරන් එන්න”
එහෙම කියන ගමන් විනෝද් මේසෙ උඩ තිබුණු බෑග් එකත් අරන් car එකට ගියේ.
💓💓💓
විනාඩි පහළොවක් විතර යනකොට හොස්පිට්ල් එකය යා ගන්න පුලුවන් වුණා.
” අනේ ඩොක්ටර් මගෙ දරුවට කොහොමද? “
” කලබල වෙන්න එපා අම්ම.එයාට දැන් ටිකක් අඩුයි.ඊයෙ රෑ දොළහට විතර සිහිය ආවෙ.ඒත් එක්කම වගේ එයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ආව.අපි දැන් බෙහෙත් දීලයි තියෙන්නෙ.තව ටිකකින් වෝඩ් එකට දානව.බ්ලඩ් එකකුත් අරන් තියෙන්නෙ.රිපෝට් ආවම ට්‍රීට්මන්ට්ස් පටන් ගන්නව.”
එහෙම කියල ඩොක්ටර් යන්න ගියේ එතකොටයි හිතට සැහැල්ලුවක් දැනුණෙ.පැය භාගයක් විතර icu එක ඉස්සරහ වාඩි වෙලා උන්නෙ නිශාව වෝඩ් එකට දානකං.
💓💓💓
” ධනුක, නිශාදිට කියනව මේ ෆයිල් ටික චෙක් කරන්න කියල”
” නිශාදි අද ඇවිත් නෑ සර් “
” මොකක්, 😡 ඒ මොකද? “
” ඒක නම් දන්නෙ නෑ සර් “
” ඔය ගෑණු විශ්වාස කරන්න බෑ.නිශාදිට කෝල් එකක් දීල කියනව දැන්ම ඔෆිස් එකට එන්න කියල”😡
ධනුක නිශාදිට කෝල් ගත්තද, ඇගේ දුරකතනය ක්‍රියා විරහිතව පැවතුණි.
” කෙල්ලට කරදරයක්ද,දන්නෙ නෑ ධනුක.නැත්තන් වැඩට නෑවිත් ඉන්නෙ නෑ “
” ඒක තමයි ඇසල දැන් මේක සර්ට කිව්වොත් තවත් යකා නටයි “
” වෙන කරන්න දෙයක් නෑ බං.අපි සර්ට කියමු”
” ෆෝන් ආන්සර් කරන්නෙ නැත්තන් ගෙදරට ගිහින් එක්ක එන්න අදම මේ ඩොකියුමන්ට්ස් ෆිල් කරල ඉවර කරන්න ඕන ” 😡
💓💓💓
පැය භාගෙකට විතර පස්සෙ නිශාව වෝඩ් එකට දැම්මෙ.
” අනේ මගෙ දුවේ දැන් අඩුයි නේද? ” 😭
” ඔව් අම්ම ටිකක් අඩුයි ” 😊
” නිශා නැගිටින්න.කෝ මේ සුප් එක බීල ඉමු “
” අනේ බෑ රශී “
” එහෙම කියල බෑ.දැන් දවස් තුනක් විතර තිස්සෙ කෑමක් නෑ.කෝ කෝ “
රශී බලෙන්ම වගේ කෙල්ලට සුප් එක පොවා ගත්තෙ නිශාගෙ පෙරැත්තෙ එක්කම.ඒක පොවල වුනාඩි දහයක් වුණේ නෑ කෙල්ල හොග් ගාල බීපු සේරම ටික දැම්මෙ දේවිකාගෙ ඇගට.
” අනේ පුතේ බීපු සේරම ගියා නේද? “
” අම්ම ගිහින් ඔය ටික සෝද ගන්නකො මං මේව පිරිසිදු ක්රන්නම්.”
රශී එහෙම කියල නිශාගෙ ඇග පුරාම තියෙන වමනෙ ටිකත් පිහ දාල පිරිසිදු කලේ.ඒත් එක්ක්කම ඇසල දිවන් ආවෙ කලබලෙන් වගේ.
” නිශාදි නංගි මේ මොකද? වුණේ මං ගෙදරටත් ගියා.ඒ ළග ඇන්ටි කෙනෙක් තමයි කිව්වෙ හොස්පිට්ල් එකේ කියල.මොකද? වුණේ “
” මේ උණ හැදුණ ඇසල අයිය.කෝ ධනුක අයිය”
” ඌට වැඩක් කියල ගෙදර ගියා.ආ..නංගි මේ සල්ලි ටික තියා ගන්න.බෙහෙත් ගන්නත් එපැයි”
” අනේ එපා අයිය සල්ලි තියෙනව “
” මේව මං දෙන ඒව නෙවෙයි නිශා අභිරූ බොස් දුන්නෙ “
ඇසල එහෙම කිව්ව විතරයි කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බලන් උන්නෙ.පුදුමයෙන්.ඒ නපුර තමන්ට අනුකම්පා කරනව තියා දකින්නවත් අකමැතියි කියල නිශා හොදටම දන්නව.
” පුදුම වෙන්න දෙයක් නෑ නිශා.අභී බොස් ඔයා හිතන තරම් නපුරු නෑ.හෙමිහිට සනීප වෙලා පුලුවන් දවසක වැඩට එන්න කිව්ව. “
” අනේ අයිය මං ඉක්මනට වැඩට එනව.”
” බය වෙන්න එපා කෙල්ලෙ.ඔයා හෙමිහිට සනීප වෙලා එන්න.සර් කිව්ව සැලරි එකත් වෙලාවට දෙන්නම් කියල “
” ඒත් අයියෙ මෙච්චර ගානක් “
” විකාර නැතුව මේක ගන්න නංගි.ඔයා මේක ගන්න බෑ කිව්ව කියල සර්ට ආපහු ගිහින් දෙන්න බෑනෙ.ඔයා දන්නවනෙ එයාගෙ හැටි”
” කෝ දෙන්න අයිය.මං නිශාගෙ යාලුව ” 😀
එහෙම කියන ගමන් රශී ඇසලට හිනා වෙන ගමන් සල්ලි ගත්තෙ.
” අහ්,😀 එහෙමද?නිශා කියල තිබුණට ඉතින් අදනෙ දැක්කෙ “
පැයක් විතරම කතා බහ කර කර ඊලග දවසෙ ධනුකත් එක්කම එන්නම් කියල ඇසල යන්න ගියේ.
” රශී මට ගෙදර යන්න ඕන “
” ඉක්මනට සනීප වෙලා යමු.මේ ඒක නෙවෙයි මොකාද?අං අර අභිරූ කියන එකා “
” අපේ බොස් බං “
අභිරූ ඔෆිස් එකට ආපු වෙලේ ඉදන් වෙච්ච හැම දෙයක්ම කෙල්ල රශීට කිව්වෙ රශී කටත් ඇරන් බලන් උන්නු අතරෙ.
” යකෝ ඌ මාර එකෙක්නෙ.😯 ඌට අර්ශෂ් ද,දන්නෑ ඔච්චර තද වෙන්නෙ” 😏
රශී ඒක කියපු විදියට දේවිකාටත් හිනා.
” එක්ස්කියුස් මී පොඩ්ඩක් ඉඩ දෙනවද? ලොකු ඩොක්ටර් එනව පේශන්ට්ව චෙක් කරන්න “
එහෙම කියන ගමන් නර්ස් කෙනෙක් ආවෙ ෆයිල් එකකුත් අතේ තොයා ගෙනම ඒත් එක්කම ඩොක්ටර් කෙනෙක් ආවෙ තවත් නර්ස්ල දෙන්නෙකුත් එක්ක.ඩොක්ටර් විනාඩි දහයක් විතරම නිශාව චෙක් කලේ.ඊට පස්සෙ මෙඩිකල් රිපෝට්ස් ටිකත් චෙක් කරල බැරෑරුම් විදියට කතා කරන්න වුණේ.
” මේ පේශන්ට්ගෙ භාරකාරයො කව්ද?ඉන්නෙ “
එහෙම අහන ගමන් ඩොක්ටර් බැලුවෙ න්ර්ස් දිහා.
” ඩොක්ටර් මේ ම්ගෙ දුව “
එහෙම කියන ගමන් අම්ම ඉස්සරහට ආවෙ.
ඒත් එක්කම ඩොක්ටර් කිව්ව දෙයින් මුළු ඇගම පිච්චිලා යනව වගේ දැනුණෙ.ඇස් දෙකෙන් ගලන් යන කදුළු මටම හීලෑ නැතුව ගලන් ගියේ.නිශා අසරණකමින් මගෙ මූණ දිහාම බලන් උන්නෙ….
නැවත හමුවෙමු.