බැඳීමක් නැති මුදුවක්

25 වන කොටස

“මට ත/මු/සේ එක්ක ජීවත් වෙන්න බැහැ..යන්තම් හිත හදාගෙන ත/මු/සේ එක්ක ජීවත් වෙන්න හැදුවා විතරයි ත/මු/සේ නිසා මට ක/රු/ම ලෙඩක් හැදුණා..මට ත/මු/සෙ/ව පිළිකුල්..ත/මු/සේ එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි මේ ළමයා එක්ක මම මැ&ලා යනවා.”

උ/ඹ මගේ දරුවාත් වඩාගෙන අසිහියෙන් වගේ ගේ පිටිපස්සට දුවගෙන ගියේ….

මම උ/ඹේ පසුපසින් දුවගෙන ගියේ ගේ පිටිපස්සේ තියෙන ලිඳටවත් උ/ඹ පනින්න හදනවාද කියලා සැක හිතිලා..

මම ළිඳ ළඟට යනකොට උ/ඹ ළිං පඩිය මතට නැගලා හිටියා..උ/ඹ මගේ දරුවත් එක්ක ළිඳට පනින්න තැත් දරන හැටි දැකලා මගේ මුළු පපුවම රිදෙන්න ගත්තා…

“නවතින්න සුදු…ඔය වැඩේ නවත්වන්න..”

මම මහ හයියෙන් කෑගහගෙන උ/ඹ ළඟට දුවගෙන ගියේ සිහිකල්පනාවක් නැති ගානට…

“මට බෑ..මට පාඩුවේ ඉන්න දෙනවා..”

“කියන දේ අහලා ව/රෙ/න්..”

“මට ලන් වෙන්න එපා…ළංවුනොත්

ඇඟේ ලේ වතුර වෙලායි මම එහෙම කෑ හැහුවේ..

“මගේ ළඟට ලන් වෙන්න එපා..ළංවුනොත් මම ළිඳට පනින එක පනිනවා..”

මට ඒ වෙලාවේ නම් උ/ඹ ගැන ඇතිවුණේ වචන වලින් කියාගන්න බැරි තරම් තරහවක්.අලුත උපන් කිරිසප්පයෙක්වත් අතේ තියාගෙන උ/ඹ හැසිරෙන්නේ කොයිතරම් පහත් විදිහටද කියලා මට හිතුණා..

මම ළිං බැම්ම උඩ හිටපු උ/ඹව ඇඳලා අරගත්තේ ගෙවන එක විනාඩියක්වත් උ/ඹටත් මගේ දරුවාටත් අනතුරක් වේව් කියලා…

“මට ඉන්න දෙනවා…එහාට යනවා..”

උ/ඹ එහෙම කියමින් මාව පසකට තල්ලු කරමින් දඟලන්න ගත්තා..උ/ඹේ දැඟලිල්ලට අපේ පුංචි කිරි සප්පයා බය වෙලා අඬන්න ගත්තා…

ඒත් එක්කම උ/ඹේ අම්මා ලිඳ පැත්තට ඇවිදගෙන ආවේ ඇස් දෙකත් ලොකු කරගෙන…අම්මා දැක්කා විතරයි මෙතෙක් වෙලා දඟලමින් උන්නු උ/ඹේ දැඟලිල්ල ඉබේම අඩුවෙලා සන්සුන් වුණා..

“අනේ මගේ දරුවා ළිඳට පනින්න ගිහින් නේද..?මේ මිනි//හා නැතිව මෙච්චර දවස් මගේ දරුවා යහතින් හිටියා..උ/ඹ ආවේ මගේ දරුවා ම///රා ගන්නද?..”

“අනේ මේ නැන්දම්මේ..මම ආවේ සුදුවයි මගේ දරුවාවයි බලන්න.එයාගෙ හිතුවක්කාරකමට තමයි ඔය ළිදට පනින්න හැදුවේ…ඔයාලත් ඔය මුරණ්ඩු කම් වලට උඩගෙඩි දෙන්න එපා…”

“මගේ ගෙදරට ඇවිත් මටම මෙහෙම කතා කරන්න තරම් තමුසෙට හයියක් ආවා ද?..
සුදූ උ/ඹ මොකටද එක එක එවු//න්ව ගෙට වද්ද ගත්තේ?..”

“මම ගෙට වද්ද ගත්තේ නෑ..සාලේ දොර ඇරලා තියෙන්නෙ ඇත්තේ..”

නැන්දම්මයි උ//ඹයි දෙන්නම පිට මනුස්සයෙක් ගානට මාව දාලා කතා කරනකොට මාව තරහෙන් ගැහෙන්න ගත්තා.

නැන්දම්මා මට පිට මනුස්සයෙක්ට වගේ සැලකුවාට නැන්දම්මාගේ දුවයි මායි අතර තියෙන්නේ එසේ මෙසේ බැඳීමක් නම් නෙමෙයි..මම නැන්දම්මගෙ දුවව නීති පොතේ අත්සන් කරලා නීතියෙන් ලියාගෙන ඉන්නේ..

මේ ඉන්නේ මගේ දරුවා..මගේ ලෙ//යින් උපන් මගේ දරු පැටියා..ඔය කොයි බැම්ම ශක්තිමත් නොවුනත් ඒ බැම්ම නම් කවදාවත් කාටවත්ම බිඳින්න බැහැ…

නැන්දම්මාගේ කටට බය වෙලා මට මගේ බිරිඳයි දරුවාවයි දාලා යන්නේ නැහැ මම යනවා නම් යන්නේ ඒ දෙන්නාවත් අරගෙන..මම එහෙම හිතාගත්තා..

“මේ නැන්දම්මේ..මට මේ ගෙවල් අස්සේ රිංගන්න එන්න ඕනේ නෑ..මම මෙහෙ ආවේ මගේ ගෑ/නි වයි ළමයවයි ගෙනියන්න.අපිට අපේ ප්‍රශ්න විසඳ ගන්න දීලා ඔයා පැත්තකට වෙලා ඔයාගේ වැඩක් බලාගන්න..”

මම එහෙම කිව්වා විතරයි නැන්දම්මා පරල වෙලා කෑ ගහන්න ගත්තා…

“සුදු උ/ඹ පලය//න් ගෙදරට..මම මේ/කා ගැන බලාගන්නම්.. “

“සුදු ගෙට ගිහින් ඇඳුම් බෑග් එක ලෑස්ති කරගන්න.මම අද ආවේ ගෙදර එක්කගෙන යන්න..මං මෙච්චර දවස් මේ ගැන ඉවසුවා ඇති..ත//මුසෙට අම්මා කියන දේ අහන්න ඕනේ නම් කසාද නොබැඳ ඉන්න තිබුණා.තවත් නම් මම මේවා ඉවසන්නේ නෑ…”

මේ හැමදේම කරන්නේ නැන්දම්මා…උ/ඹේ අම්මා උබට ආදරෙයි කිය කියා මේ හදන්නේ උ/ඹේ මගේ අපේ දරුවාගේ අපි හැමෝගෙම ජීවිතය විනාශ කරන්න කියලා ඇයි උ/ඹට තවමත් නොතේරෙන්නේ..ඉවසනවා කියලා මෙච්චර ඉවසන්න පුළුවන්ද ?ඕනෑවට වඩා ඉවසන්න ගියාම මිනිස්සු නිවටයි කියලා හිතලා ලෑස්ති වෙන්නේ අපේ ඔලුවට අත හෝදන්න..තවත් නම් මේ දේවල් ඉවසන්නේ නෑ…මම හිතාගත්තේ එහෙම.

“උ/ඹ දැන් වීරයා වෙලාද?.හරිහමන් මි//නිහෙක් නම් තව කමක් නෑ..කෑම්ප් එකේ ඉන්න කාලේ ඒකේ ඉන්න එවුන් එක්ක නාඩගම් නටලා ලෙඩ හදාගෙන මගේ දරුවටත් බෝ කරා..කවුද දන්නෙ රට ගිහිල්ලා මොනව කරාද කියලා.ඔය හදන්නෙ වගේ දරුවාව ආයේමත් ලෙඩ කරන්න…”

නැන්දම්මා එහෙම කියනකොට මගේ ඇස් දෙක ඉබේටම වගේ ගියේ උ/ඹ ලඟට..උ/ඹ ඒත් එක්කම බිම බලාගත්තේ මට මුහුණ දෙන්න බැහැ වගේ..මුහුණ දෙන්නේ කොහොමද?තමන්ගේ පවුල් ජීවිතයේ රහස් ස්වාමිපුරුෂයාගේ රහස් ආරක්ෂා කරන්න බැරි උ//ඹටම උ/ඹ ගැන ලැජ්ජ හිතෙන්න ඇති…මගේ ගෙදර උදවියටත් කියලා උඹේ දෙමව්පියන්ටත් කියලා උ/බ මේ බලාපොරොත්තු වුනේ මොකක්ද කියලා මම කල්පනා කරා…

නෙහාරා ගැහනියෙක් උනාම ගෙයි ගිනි පිටට දෙන්න හොඳ නෑ කියලා උ/ඹ අහලා නැද්ද?..උ/ඹ වගේ බිරිඳක් ලැබුණේ මගේම කරුමයකට කියලා මට ඒ මොහොතේ හිතුනේ..

උ/ඹේ මේ ක්‍රියාකලාපේ නිසා මට දැන් ටික ටික උ/ඹව එපා වෙලා යනවා වගේ මට දැනෙනවා.. උ/ඹ මොන දේ කරත් මගේ දරුවාගේ අම්මා.මට මගේ දරුවා නැති කරගන්න බැහැ මම එහෙම හිතා ගත්තා..

“මේ නැන්දම්මේ..මම මෙච්චර දවස් හොඳින් කීවේ..ඒත් මම අද හොඳින් කතා කරන්නේ නැහැ..මම අද මගේ ගෑ/නි ගෙනියන එක ගෙනියනවාමයි…”

නැන්දම්මා ඇගේ ඉණට අත තියාගෙන රවාගෙන මට බනින්න ගත්තා……

“උ//ඹට ගෑ//නිව දැන් තමයි මතක් වෙලා තියෙන්නේ..මගේ කෙ//ල්ලට ඒ//කිගේ මනුස්සයා ඕනේම කාලේ ත//මුසේ ඒ//කිව තනි කරලා දාලා ගියා..අපි නොහිටින්න ඒකි කාත් කවුරුවත් නැති අසරණියක් ගානට වැටිලා..අපිට පව් නොදී යනවා යන්න මෙතනින්…”

උ/ඹේ අතේ උන්නූ අපේ කිරි සප්පයා නැන්දම්මාගේ කට හඬට බය වෙලා රැහැයියෙක් වගේ කෑමොර දෙන්න පටන් ගත්තා..උ/ඹ වත්ත වටේ ඇවිද ඇවිද දරු පැටියා නලවන්න උත්සාහ කරත් උ/ඹට දරුවාව නලවා ගන්න බැරි වුණා..

මට ඒ ඇඩුම් බලාගෙන ඉන්න බැරි තැන මම උ/ඹේ අතේ හිටපු මගේ පුංචි රන් පැටියාව දෝතට ගත්තේ උ/ඹේ අකමැත්ත පිටම…

පුංචි පුතා අතට ගත් හැටියෙම මදක් සන්සුන් වුණා..මම මගේ පපුවට හේත්තු කරගෙන පුංචි පුතාගේ හිස හිමීට පිරිමදින්න ගත්තා.

මට මගේ බිළිඳු පුතා ගැන ඇතිවුණේ වචනයෙන් කියන්න බැරි තරම් ස්නේහයක්…පුංචි පුතා මගේ ලේ සුවඳ අදුරගෙන සන්සුන් උනාම උ/ඹත් උ/ඹේ අම්මත් පුදුමයෙන් වගේ මගේ දිහා බලාගෙන හිටියේ…

පුතාගේ අම්මට තාත්තගේ පපුවේ තියෙන මේ ආදරේ තේරුම් ගන්න බැරි උනාට පුතාටවත් ඒ ආදරේ තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් මට ලොකු සතුටක් කියලා හිතමින් මම පුංචි පුතාගේ චූටි කකුලක් හෙමීට ආදරයෙන් සිප ගත්තා…

“නෙහාරා…පේනවා නේද පුතා මාව අදුර ගත්ත හැටි…අපිට කොච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන්ද?ඔයාගේ අම්මා ඔයාගේ ඔළුවට දාපු විසබීජ අයින් කරල දාලා දැන්වත් අපි පවුලක් විදියට සතුටින් ජීවත් වෙමු…අපි යමු ගෙදර…”

මම එහෙම කිව්වම නෙහාරා මමයි චූටි පුතයි දිහා එක මොහොතක් බලාගෙන කල්පනා කරන්න ගත්තා….

නැන්දම්මා රවමින් පුප්පමින් මගේ දිහා බලාගෙන හිටියේ …

“මේ….තමු//සේ කියන්නේ මේ සේරම දේවල් මම නිසා වුණා කියලාද?.මේවා ත//මුසෙගෙ දෙමව්පියන්ගේ වැරදි..ඒ මිනිස්සු එක්ක එකට පවුල් කන්න බෑ…අයියා කෙනෙක් ඉන්නවා නේ..ඒ ජෝඩුව අයියලගෙ ගෙදර යවන්න පුළුවන්නේ..මම එදත් කිව්වා අදත් කියන්න තියෙන්නේ එච්චරයි..ත//මුසෙට සුදූව ගෙනියන්න පුළුවන් අම්මයි තාත්තාවයි මේ ගෙදරින් එළවලා දැමීමොත්…”

අම්මා කෙනෙක් තවත් අම්මා කෙනෙක් ගැන මෙහෙම කතා කරන එක කොයි තරම් පිළිකුල් සහගත ද කියලා මම කල්පනා කලේ උ/ඹේ අම්මා දිහා බලමින්..මගේ අම්මවත් තාත්තවත් කවදාවත් අපේ පවුල් ජීවිත විනාශ කරලා නෑ..

උ//ඹට කෑම හදලා අතට පයට ගෙනත් කෑම දෙන්නේ මගේ අම්මා..තුන්සිය හැටපස් දවසෙම ලිපට පිඹමින් අම්මා කොයි තරම් නම් දුම් නාගන්නවාද?…ඒ දුම් නාගෙන හදන්නෙත් අම්මා අපි ආස කෑම ජාති විතරයි…අපිට කොත පිරෙන්න බත් බෙදලා දෙන අම්මා හැමදාම කන්නේ දංකුඩ…එහෙව් අම්මව පාරට දානවා තියා හිතන්නවත් පුළුවන්ද?..මම එහෙම කල්පනා කරන්න ගත්තා…

තවත් මේ දේවල් කල්පනා කරලා වැඩක් නෑ..උ/ඹේ අම්මගේ පදේට මට නටන්න බැහැ..තවත් නම් මට මගේ දරුවත් උ/ඹත්
නැටෙව්වා ජීවත් වෙන්න බැහැ..මම අද කොහොම හරි මේ දෙන්නාව ගෙදර ගෙනියනවා කියලා තීරණය කළා…

“මේ නැන්දම්මේ…අපේ ජීවිත විනාශ කරන්නේ අපේ ගෙදර උදවිය නෙමෙයි..ඔයා…ඇයි ඔයාට බැරි තමන්ගේ දුව සතුටින් ජීවත් වෙනවා බලන්න..දැනුවත් තමුන්ගේ පාඩුවෙ ඉන්න පැත්තකට වෙලා…සුදු කරුණාකරලා ඉක්මනට ලෑස්ති වෙනවා..මම වාහනයක් කතා කරගන්නම්…”

“තමුසේ හිතනවද මම ත//මුසෙට මගේ දුවව ගෙනියන්න දෙයි කියලා..තව පොඩ්ඩෙන් ත//මුසේ නිසා මගේ දරුවා ළිඳට පනින්න ගියා…ත//මුසේ හදන්නේ ගෙදර එවුන් එක්ක එකතු වෙලා මගේ දරුවා ම/රා ගන්න..මම ගෙනියන්න දෙන්නේ නෑ මගේ දරුවාව..”

උ/ඹේ අම්මා එහෙම කියමින් මහහයියෙන් කෑ ගහන්න ගත්තා..ඒත් එක්කම පාරේ ඉඳන් මෝටර් බයිසිකලයක් ගේ පැත්තට ආවා..උ/ඹේ මල්ලි ගෙමිදුලේ බයිසිකලේ නවත්තලා උඹේ අම්මා ලඟට ඇවිදගෙන ආවා…

“මොකද අම්මේ.. මේ කෑගැහිල්ල පාරට ඇහෙනවා..”

“බලන්න පුතේ….මේ/කා ඇවිත් බලෙන්ම අක්කවයි දරුවා වයි ගෙනියන්න හදනවා..”

මම උ/ඹේ මල්ලිට උ/ඹේ අම්මා ගැන සේරම විස්තර කරා..අපේ පවුලට මැදිහත් වෙලා උ/ඹේ අම්මා අපේ පවුල සීසීකඩ කරන්න උත්සහ කරන හැටි මම කිව්වා…

“අම්මේ අපිට හැමදාම අක්කාව ගෙදර තියාගෙන ඉන්න බෑ..මේ දරුවාට තාත්තා කෙනෙක් ඕනේ…”

“එහෙම කියලා මගේ දරුවා ඒ හි//ඟන
ගු/බ්බැයම ගෙනියන්න දෙන්න බෑ..”

“මල්ලි මම තවත් ඉවසන්නේන් නැහැ..මම අද මගේ දරුවා වයි නෙහාරාවයි ගෙදර ගෙනියනවා..”

මම මගේ අතේ සුවට නිදාගෙන ඉන්න චූටි පුතා දිහා ආදරයෙන් බැලුවා.දරු පැටියා අරගෙන බස් එකේ යන්න බැරි නිසා මම මොබයිල් එක අතට අරගෙන පික්මී කැබ් එකක් ඕඩර් කළා…

“නෙහාරා…තවත් බලාගෙන ඉන්නේ නැතුව ඇඳුම් ටික ලැස්ති කර ගන්න..තව පැය කාලෙකින් කැබ් එක මෙහාට ඒවි..”

උ/ඹ මගේ ළඟට හෙමීට ඇවිදගෙන ඇවිත් මගේ අතේ නිදාගෙන උන්නු කිරි සප්පයාව උදුරාගෙන යන්න හැදුවේ බලෙන්ම..

“මම දරුවව දෙන්නේ නෑ..ත//මුසෙට එන්න බැරි නම් මෙහාට වෙලා ඉන්නවා…මම දරුවාව බලාගන්නම්…”

මගේ වදන් අහලා උ/ඹයි උ/ඹේ අම්මයි දෙන්නම මුහුණට මුහුණ බලා ගත්තා..අද නම් මගෙන් ගැලවෙන්න බැරි බව දැන ගත්ත උ/ඹ ගේ ඇතුලට ගිහින් ලෑස්ති වෙන්න ගත්තා….

උ/ඹ ලෑස්ති වෙලා දරුවගෙයි උඹෙයි ඇඳුම් කැඩුම් ටික අරගෙන මිදුලට එනකොටම මම ඕඩර් කරපු කැබ් එක ආවා..

“නෙහාරා මම ඔයාටයි දරුවාටයි ගෙනාපු අර බඩුටිකත් අරගන්න..”

උඹේ මල්ලි කැබ් එකට බඩු පටවන්න උදව් වුණා..මම උ/ඹවයි මගේ අලුත උපන් පුංචි පුතාවයි එක්කගෙන අපේ ගෙදරට ගියේ ඉහවහා ගිය සතුටකින්…

💔💔💔💔💔💔💔💔

පුංචි පුතාගේ නාදයත් එක්ක අපේ ගෙදර තිබුණු පාළු ඒකාකාරී ගතිය නැති වෙලා ගියා…අපේ ගෙදර හිටපු හැමෝම හිටියේ අලුත් පණක් ලැබුණා වගේ.

පුතා නිදාගත්ත වෙලාවට හැරෙන්න අනික් හැම වෙලාවකම චූටි පුතා හිටියේ කාගේ හරි අතකට වෙලා…

අම්මයි තාත්තයි දෙන්නම කඩිසරව යුහුසුළුව පුංචි පුතාගේ වැඩ කරලා දුන්නේ තරගයට වගේ..ගෙදර හැමෝගෙම සතුටු මුහුණු දිහා බල බලා පුංචි පුතාගේ හුරතල් බල බලා මමත් කාලයකින් සතුටින් උන්නා..
පුංචි පුතා අපි හැමෝටම සතුට අරන් ආපු දේව දූතයෙක් වගේ කියලා මම සතුටු වුණා…

“නෙහාරා…පොඩ්ඩක් ළඟට එන්නකෝ..”

මම එහෙම කිව්වේ රෑ ඇඳුම ඇඳගෙන කණ්නාඩිය ඉස්සරහ වාඩි වෙලා කොන්ඩෙ ගැට පීරමින් ඉන්න උ/ඹේ දිහා බලන ගමන්..

කනට නෑසෙන්න තරම් මම හෙමිහිට කතා කළේ සුවෙන් නිදියන් ඉන්න චූටි පුතා ඇහැරේවි කියලා…

“මට බැහැ..පේනවනෙ මම වැඩක් කියලා..”

උ/ඹ මාව ගණනකටවත් නොගෙන එහෙම කිව්වේ කණ්නාඩියෙන් පේන උ/ඹේ මුහුණ දිහා බලන ගමන්…

ඉස්සර නොතිබ්බ අමුතුම පිරිච්ච කමක් තිබුණෙ උ/ඹේ මූණ ඇඟපත දැන් හරියට වාත්තු ක‍රලා වගේ කියලා මට හිතුනා…

මම ඇඳෙන් නැගිටලා හෙමිහිට උ/ඹ ලගට ලං උනේ තවත් උ/ඹ ඉස්සරහා මට මගේ අකීකරු අකීකරු හිත පාලනය කරගන්න බැරිවෙලා…

හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔💔💔

අහක බලාගෙන යන්නේ නැතුව ලයික් කමෙන්ට්ස් දාගෙන යන්න