කාවින්දි ලියනගේ
🌻 25 දිගහැරුම 🌻
අග්‍රාමාත්‍ය නිල නිවසේ ආර්ක්ශකකයින්ගේ කිසිදු අවසරයකින් තොරව අග්‍රාමාත්‍ය නිවසට ඇතුල වන්නාගේ ගමන් මග අවහිර කල බැවින් ඔහු ආරක්ෂකයින් හා පොර බදිමින් කෝපයෙන් කෑගසන්න වුයේ..මැදුර දෙවනත් වන තරම් මහ හඩිනි…….
” අතැරපියව් යකෝ මාව…..”
” ආ..ඔය අපිවත් මතක් වෙලා තියෙන්නේ දොස්තර මහත්තයාට .මොක්කද තාම හිට ගෙන එන්න අපි වාඩිවෙලාම කතා කරමු..
” වීකි ඔයා මනුස්සයාව අතාරිනවා..මන් මේ දන්න කෙනෙක් …..”
” මට ඔයා එක්ක වාඩිවෙලා කතා කරන්න දෙයක් නෑ බාප්පේ…
ඔයාගේ පුතාට කියන්න මගේ ගැණිගෙන් ඈත් වෙලා ඉන්න කියලා..මොකද එක උගේ ඇගට හොදයි..
මන් එක පාරක් ඌට හොදින් කිව්වා..ඌ අහලා තිබ්බේ නෑ……
මොකද මන් කවුද කියලා ඔයා හොදටම දන්නවානේ .මල්ලිට කරපු දේ ඔයා මටත් කරන්න ඉන්නවනම්.එක හීනයක් විතරයි ..
ඌ සද්ද නැතුව හිටියට මන් එහෙම ඉන්න්නෙ නැ….”
” හහ්….මාර විහිලුව…
උබ මට තර්ජනය කරනවද……”
” කැමති දෙයක් හිතා ගන්න ..”
” උබ හිතනද කේශ්වර .මට සද්දේ දාන් ආපු උබට මන් මේ ගේට්ටුවෙන් එලියට පණපිටින් යන්න දෙයි කියලා ..”සිය ඉන පිටුපස සගවාගෙන උන් රීවෝලරය ඔහුගේ නලල මත තබමින් ලංකාධීර ගුගුරන්න වුයේ …කේශ්වර බියක සේයාවක් හෝ රහිත දෑසින් ඔහුගේ දෑස් දෙස සෘජුව බලා හිදිද්දිය ….
” ඔයාට කලින් පාරත් බැරි උනේ මගේ ජිවිතේ ගන්න විතරයිනේ බාප්පේ..කමක් නෑ..මේ පාරවත් එක කරන් ඔයාගේ හිත සතුටු කරගන්න.මොක්කද මාත් කැමති මෙහෙම කාලකණ්ණියෙක් වගේ ජිවත් වෙනවට වඩා මැරිලා යන්න..ඔයා දන්නවද ඔයා කරවපු ඇක්සිඩන්ට් එක හිනදා මට ජිවත්කාලේම විදවන්න වෙනවා කියලා……
ශික් එක අතකට මන් ඔයාට මේවා කියලා මොක්කටද බාප්පේ …අයියයි මල්ලි වගේ අවුරුදු ගානක් ජිවත් උන මාව ඔයාට මරනන්න පුලුවන් උනානම්…එ ගැන තවත් මොකට කතා කරන්නද……” ලංකාධීරගේ රිවෝල්වරය ඔහුටත් නොදැනිම ඔහුගේ අතින් ගිලිහී බිම පතිත වුයේ……ඔහු දෙපා වාරු නොමැතිව බිම ඇද වැටෙද්දිය ……
” බාප්පේ………..
යකෝ උඩ බලන් ඉන්නේ නැතුව වතුර එකක් ගෙනෙන්………” කේශ්වර සැනින් ඔහුව සිය සිරුරට වාරුකරගනිමින් ඔහුව සෙමෙන් බිම දිගා කරවා..ඉක්මනින් හදවත සම්භාහන කරන්නමින් කෑගසන්නට විය…….
ප්‍රෙශර් එක හොදටම වැඩි මන් බෙහෙත් ටිකක් එවන්නම්..වෙලාවට බොන්න..වැඩ කරන්නවත් කෙලින් කටින් ඉන්න එපැයි…”
කේශ්වර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර එන්තක් සිරුවට ඇතුල් කරමින් පවසන්නට විය…
” මන් යනවා පොඩ්ඩක් රෙස්ට් කරන්න..පුලුවන් නම් දැන්වත් ඔය දේශපාලනෙන් අයින් වෙලා සැහැල්ලුවෙන් ජිවිතේ ඉතුරු ටිකවත් ගෙනියන්න..ඔයාට ඕකෙන් දේවල් නැති උනා මිසක් හම්බෙච්චි දෙයක් නෑ බාප්පේ……”ඔහුගේ හදවතට සියුම් තට්ටුවක් දමමින් කේශ්වර යහනෙන් මෑත්විය..
” අභිමන් මට උබ එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි….” පිටව යාමට සැරසෙන කේශ්වරගේ අතක් අල්වාගෙන ලංකාධීර පවසන්න වුයේ ….බැරෑරුම් හඩකිනි ……
” බා…බා…බාප්පේ ………”
” ඔව් බන් මට උබට කියන්න දේවල් ටිකක් තියනවා .උබ දොර වහලා වරෙන්…මේ දේවල් මට මැරෙන්න කලින් උබට කියන්න ඕනි…….”
” මොනාද බාප්පේ මේ කියවන්නේ ඔලුව කොහෙ හරි වැදුනද….”
” කේන්ති ගන්න එපා බන් ඔච්චර ..උබ නාකි උනහම අර කෙල්ල පව්….”
” අනේ මේ බාප්පේ …..”
” උබ හිතන් ඉන්නේ එ ඇක්සිඩන්ට් එක කරේ මන් කියලානේ..එහෙම නේද…ම්
හරි හරි වාඩිවෙයන්..මන් මේ කියන දේවල් හෝදට අහගනින්..හැබැයි මේ දේවල් මේ බිත්ති හතරෙන් පිටට යන්න බෑ..”
ගැඹුරු සුසුමක් වාතලයට පා කර…ලංකාධීර මොහොතකට දැස් වසා ගන්න වුයේ දිර්ඝ කතාවකට මුල පුරමින් ය……
මතුසම්බන්ධයි …….
පොඩි කොටසයි අද දෙන්න වෙන්නේ..කතාව සම්බන්ධව පොඩි ප්‍රශ්නේක ඉන්නේ.විසගත්ත ගමන් ඉක්මනින් දිග කොටසක් ගෙන්නම්.
සමහරවිට අද හවස උනත් ගෙන්න පුලුවන් වෙයි..