නිසල සඳ මඩල 🌬

☁️04 වන කොටස ☁️

” දෝණී දෝණී ඇස් අරින්න ළමයෝ මාව බය නොකර.මේ විහිලු කරන්න වෙලාවක් නෙවෙයි ..” යුරාග් ආරෝහිගේ කොපුලකට තට්ටු කරමින් ඇයට කතා කරන්නට වුයේ තමා බිය කිරිමට ඇය බොරුවක් කරනවායැයි සිතමින් වුවත් ඈ දෑස් නොහැරිය නිසාවෙන් ඔහු ඈ සිය දෝතට ගෙන ප්‍රවේශමෙන් මෝටර් රථයෙන් තබා වේගවත් රෝහලක් වෙත රිය දාවනය කරන්නට විය…..

” අඩෝ යුරාග් මේ ….”

” හරි හරි හර්ෂයා මන් බොට පස්සේ විස්තරේ කියන්නම් ඉස්සෙල්ලාම මේ කෙල්ලට මොකද බලහන්.මේකි පාරෙදි එකපාරටම ෆෙන්ට් වේලා වැටුනා…..”

” පොඩ්ඩක් ඉදහන් මන් කෙල්ල චෙක් කරලා කියන්නම් .උබ මගේ රූම් එකේ ඉදහන්කෝ මන් එනකන්…”

” මාව එලවන්න කලින් උබ ඔය කෙල්ල චෙක් කරහන් ..” ඔහුට කිසිවක් පවසා තේරුමක් නොමැති බව වැටහුණ නිසාවෙන් .ඇයව හර්ෂ පරික්ෂා කරන්නට විය..

ඇයව මද වේලාවක් පරික්ෂා කර අසල සිටි හෙදියට ඔහු යමක් පවසා යුරාග්ට දෑසින් දොර පෙන්වමින් ඔහුට පිටතට යන ලෙස සන් කරන්න වුයේ . යුරාග් හර්ෂට රවමින් කාමරයේන් ඉවත් වෙද්දි ය……

ඇයට සේලයින් බෝතලයක් සම්බන්ධ කර එන්තක් සේලයින් බෝතලය එන්නත් කර කාමරයේන් පිට වුයේ .හෙදියට උපදෙස් ලබාදිමින් අනතුරවය …..

යුරාග්ට ඉදිරියේ වු අසුනෙන් හර්ෂ හිදගන්න වුයේ බැරෑරුම් ස්වරූපකිනි .. විනාඩි කිහිපයක් නිශ්ශබ්දව කල්පනා කල හර්ෂ අවසානයේ සුසුම්ක් හෙලමින්‍ යුරාග් වෙත දෙනෙත් යොමු කරන්නට විය.

” හර්ෂයා කෙල්ලට කොහොමද බන්..ඇයි එකපාරටම එකි ෆෙන්ට් උනේ.හාමත් වෙලා නම් වෙන්න බෑ මොකද මන් දැක්කා අක්කා උදේ එකිට කවනවා.”

” ම් මේකයි බන්…මට මේ අහන දේට උබ මට ඇත්තම කියහන් .මොකද කෙල්ලගේ ට්‍රීට්මන්ට් වලට උබ කියන හැම වචනයක්ම බලපානවා.මොකද අපි හිතනවට වඩා මේක සීරියස් කේස් එකක් යුරාග්…….”

යුරාග්ට දැනුනේ සිය හිසට කිසිවෙකු පොලු පාරක් ගැසුවාක් වැනි හැගීමකි..සිය දේ අතට පයට ලැබෙන යාන වාහන මිල මුදල් මේ කිසි දේකින් අඩුවක් නැති ඇයට කුමක්ද ඇති ගැටලුව..ඇයට යම් අසනීපයක්වත් ද..නැ..එයනම් විය නොහැක්කක්….

” කියන්න තියන දෙයක් කියහන් හර්ෂයා තෙපරබාන්නේ නැතුව ..මොකද දෝණීට තියන ප්‍රශ්නේ .මොකක්වත් අසනිපයක්වත් නෙවෙයි නේද….”

” නැ..එහෙම දෙයක් නෙවෙයි කියලා කියන්නත් බෑ.එහෙමයි කියනත් බෑ…”

” මොන අන්ඩර දෙමලයක්ද බන් උබ කියන්නේ . කියන දෙයක් තේරෙන සිංහලෙන් කියහන් .මාව බය නොකර ..”

” මේකයි බන් කෙල්ලට ඩීප්‍රෙශන් ඇවිත් .”

” මොකක් ……”

යුරාග්ට ඔහු සිටි අසුනෙන් නැගිටුනා නොව ඔහුව නිරායාසයෙන් නැගිට විනි…..

“අඩෝ ඔය වගේ විහිලු කරන්න එපා..මන් ඇත්තම කියහන් කෙල්ලට මොකක්ද තියන ප්‍රශ්නේ …..” යුරාග් හර්ෂගේ කමිස කොලරයෙන් අල්වාගෙන අසල බිත්තියට සිරකරගෙන විමසන්නට වුයේ කෝපයෙන් දැවෙමෙනි….

” මිනිස්සුන්ගේ ජිවිත එක විහිලු කරන්න තරම් මට පිස්සු නෑ බන් .පිලිගන්න අමාරු උනත් එක තමයි ඇත්ත . කෙල්ලට ඩීප්‍රෙශන් එකත් ලාස්ට් ස්ටෙප් එකේ…..”

අල්වාගෙන සිටි ඔහුගේ කමිස කොලරය අතහැරි යුරාග්ව බිම හිද වුනෙ.ඔහු ඔහුගේ දෙපා වරුනොමැතිවය…….

මතුසම්බන්ධයි