නව කතාව

😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩි #රැජින🌹🌹

විසි වන චන්ඩිකම 🙅🙅 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

අඩ අදුරේම අත පත ගා ගෙන නිශාටත් බැන බැන කාමරේ Light එක දැම්මෙ.ඒත් එක්කම රශීට යටිගිරියෙන් කෑ ගැස්සුනේ දැකපු දෙයින්.

රශීගෙ සද්දෙට විනෝද් ඉක්මනට ගේ ඇතුළට දුවන් ආවෙ රශීට කතා කරන ගමන්.

” ඇයි මැණික මොකද? වෙලා තියෙන්නෙ ” 😳

” අනේ බලන්නකො විනොද් මේ “

ඒත් එක්කම විනෝද් දැක්කෙ නිශා ඇද ගාව බිම වැටිල ඉන්නව.

” රශී යන්න ඉක්මනට වතුර එකක් ගේන්න.නිශා ෆේන්ට් වෙන්න ඇති”

රශී වතුර එකක් අරන් එනකොට විනෝද් නිශාව උස්සල ඇද උඩින් තියල තිබුණෙ.නිශාගෙ මූණට වතුර ඉහල රශී කෙල්ලගෙ කම්මුලට තට්ටු කරන ගමන් කතා කලේ.

” අනේ බලන්නකො විනෝද් කෙල්ල ඇස් අරින්නෙ නෑනෙ.මට බයයි ” 😢

” තවත් බලන් ඉන්න බෑ අපි ඉක්මනට හොස්පිට්ල් අරන් යමු”

එහෙම කියන ගමන් විනෝද් නිශාව අත් දෙකට අරන් කා එක ගාවට ආවෙ.රශී කා එකේ දොර ඇරල විනෝද්ට උදව් කලේ නිශාව කා එක ඇතුලෙන් තියන්න.

” ඉන්න මං දොර වහල එන්නම් “

විනෝද් ඩ්‍රයිවින් ෂීට් එකට නගින අතරෙ රශීත් හනිකට කා එකට නැඟල දොර වැහුවෙ.

” අනේ ඉක්මනට යමු විනෝද් කෙල්ල ගිනි කබල වගේ රත් වෙලා” 😢

එහෙම කියන ගමන් නිශාගෙ ඔළුව අරන් උකුල උඩින් තියා ගත්තෙ.

” මට 10 minits දෙන්න බබා.”

එහෙම කියන ගමන් විනෝද් වේගෙන් කා එක අරන් ගිහින් නතර කලේ හොස්පිට්ල් එකක් ඉස්සරහ.නර්ස්ල දෙන්නෙක් ඇවිත් කෙල්ලව හනිකට ඇතුලට අරන් ගියේ විනෝද් රශී දෙන්නත් පස්සෙන් එන අතරෙම.

කෙල්ලව icu ගත්තු නිසා දෙන්නත් එක්ක ලග තිබුණු පුටුවකින් වාඩි වුණේ ඩොක්ටර් කෙනෙකුත් කලබලෙන් දොර ඇරල ඇතුළට යනවත් එක්කම.

” අනේ විනෝද් මට බයයි.කෙල්ලට මොණව වෙලාද? මන්ද” 😢

එහෙම කියන ගමන් විනෝද්ගෙ උරිස්සෙන් ඔළුව තියා ගත්තෙ.ඇත්තටම හිතට මොකක්දෝ බයක් මෝදු වෙනව.චූටි කාලෙ ඉදන්ම ළගින්ම හිටපු යාළුව යාළුකමටත් වඩා අපි බැදුණෙ සහෝදරකමින්.

එක තත්පරයක් කෙල්ල ගාව ඉන්න බැරි වුණානෙ.මගෙ හිත මටම දෙස් දෙවොල් තියද්දි තවත් හිර කරන්න බැරි කදුළු පේලි කම්මුල් දිගේ ගලන් යන්න වුණේ.චූටි කාලෙ ඉදන්ම තිබුණු ඒ බැඳීම ටික ටික වැඩි වුණා මිසක් කවදාවත් අඩුවක් වුණේ නෑ.හිනා වෙවී දගකාරකමින් උන්නු ඒ කාලෙ මතක් වෙනකොටමයි දරා ගන්න බැරි.

” රශී මැණික ඇඩුව කියල නිශාට සනීප වෙන්නෙ නෑනෙ.මේ වෙලාවෙ ඔයා ශක්තිමත්ව ඉන්න ඕන.”

විනෝද්ගෙ හඩිනුයි කල්පනාවෙන් මිදුණෙ.

” අනේ විනෝද් තාම කව්රුත් එළියට ආවෙ නෑනෙ.මොකද? දන්නෙ නෑ නේද? “

“බය වෙන්න දෙයක් නෑ.අපි දැන් ඉන්නෙ හොස්පිට්ල් එකේනෙ.ඩොක්ටර්ස්ල නිශා ගැන බලයි.ඔයා දැන් අම්මට කෝල් දීල කියන්න”

එතකොටයි මතක් වුණේ අම්මට කියන්න ඕනෙ කියල.ෆෝන් එක අරන් අම්මගෙ නම්බර් එක ඩයල් කරල කණේ තියා ගත්තෙ.ඒත් එක්කම විනෝද්ටත් කෝල් එකක් ආපු නිසා එයත් ෆෝන් එක අරන් එහාට ගියේ.දෙපාරක් විතර රින්ග්ස් යනකොට අම්ම ෆෝන් එක ආන්සර් කලා.

” හෙලෝ අම්ම,නිශාට සනීප නැතුව හොස්පිට්ල් අරන් ආව” 😢

……………………………………………………………..

” නෑ අම්ම ෆේන්ට් වෙලා.දැන් icu එකට ගත්තෙ”

………………………………………………………………

” විනෝද් ඉන්නව.අම්ම කලබල වෙන්න එපා.”

………………………………………………………………..

” හා අම්ම එහෙනම් පරිස්සමින් එන්නකො.බුදු සරණයි “

ෆෝන් එක ඕෆ් කරල සාක්කුවට දා ගත්තෙ ආයෙමත් icu එකේ දොර දිහා බලන ගමන්.

” අම්ම මොකද?කිව්වෙ “

විනෝද් එහෙම අහන ගමන් ඇවිත් වාඩි වුණේ.

” එයා කලබල වෙලා.දැන් එන්නම් කිව්ව.”

” හ්ම්ම්.මාත් අම්මට කෝල් කලා.නැත්තං එයා කලබල වෙනවනෙ.එයාලත් එන්න හදනව.මං කිව්ව උවමනා උනොත් කතා කරන්නම් කියල”

පැය භාගයක් විතර එහෙම්මම ඉන්න ඇති.

” අනේ විනෝද් තව නම් ඉන්න බෑ “😭

icu එකේ දොරේ වීදුරුවෙන් ඇතුළ බලන ගමන් මං එහෙම කිව්වෙ.

” ඉවසන්නම් මැණික”

ඒත් එක්කමයි අම්ම දුවගෙන ආවෙ.

” අනේ මගෙ දරුවට මොකද? වුණේ.” 😭

අම්ම අඩා ගෙනම මගෙ උරිසට වාරු වුණේ.

” බය වෙන්න දෙයක් නෑ අම්ම්.ඔයා කලබල නොවී ඉන්න”

” අනේ පුතේ මොකද? වුණේ.මයෙ කෙල්ල ” 😭

” ෆේන්ට් වුණා”

එහෙම කියන ගමන් අම්මත් එක්කම පුටුවකින් වාඩි වුණේ.

” අම්ම තනියමද?ආවෙ”

” නෑ.නිහාල් එක්ක වෑන් එකේ.මැගී අම්මයි වැඩට ඉන්න දෙන්නයි දරුවො ටික බලා ගනීවි.ඒ නිසා බ්යක් නෑ “

ඒත් එක්කම දොරත් ඇර ගෙන ice එකෙන් එළියට ආවෙ ඩොක්ටර් කෙනෙක්.

” අනේ ඩොක්ටර් මගෙ දරුවට කොහොමද? අමාරුවක් නෑ නේද?”😭

එහෙම අහන ගමන් අම්ම අඩා ගෙන ඩොක්ටර් ගාවට දුවගෙන ගියේ.

“මේ ඒ දරුවගෙ කව්ද ?”

“මං එයාගෙ අම්ම ” 😭

” අම්ම දරුව ගැන බලල තියෙනව නම් හොදටම මදි.උදේ ඉදන්ම කාලත් නෑ.ඒ මදිවට හවස් වෙලා නාල.ඒකයි ෆේන්ට් වෙලා තියෙන්නෙ.සේලයින් දීල තියෙන්නෙ.තාම සිහිය නම් නෑ.සිහිය ආවම තමයි ඉතුරු ටික බලන්න වෙන්නෙ.දරුවට ටිකක් අමාරුවගේ නිසයි අපි icu ගත්තෙ.හෙට වෙනකොට තත්වෙ බලල අපි වෝඩ් එකට දාන්නම්.”

” අනේ ඩොක්ටර් අපිට දරුවව බලන්න පුලුවන්ද? “😭

” දැන් න්ම් ඒක කරන්න බෑ.හෙට උදේට එන්න”

එහෙම කියන ගමන් ඩොක්ටර් එතනින් ගියේ.

අම්ම යන්න බෑ කියල පෙරත්ත කරද්දිම විනෝද් අම්මවත් මාවත් නිවාසෙට ගෙනත් දාල එයත් ගෙදර ගියේ පහුවදා ආයෙත් එන්නම් කියල.

💓💓💓

“අම්ම ඔයා ඉක්මනට ලෑස්ති වෙන්න.මං ඔය ටික දා ගන්නම්.විනෝද් ළගම එනව කිව්ව”

එහෙම කියල උණුවෙන්ම හදපු සුප් එක බෝතලේකට දාල බෑග් එකට ද ගත්තෙ කෙල්ලට ගිය ගමන්ම පොවනව කියල හිතා ගෙන.ඒත් එක්කම ෆොන් එක රින්ග්ස් වෙන්න ගත්තෙ.

” හෙලෝ “

මොකුත් හිතා ගන්නවත් වුණේ නෑ.එහා පැත්තෙන් කියපු දේත් එක්කම ෆෝන් එක අත ඇරුණෙ මුළු ඇගම පණ නැති වෙලා යනව දැනෙද්දි…….

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
නැවත හමුවෙමු.👋👋

Like එකක් දා ගෙන යන්න වස්තුලා.