බැඳීමක් නැති මුදුවක්
24 වන කොටස
“ඔව් බ/න්..මම මේක උ/ඹ/ට කොහොමද කියන්නේ කියලා කල්පනා කරේ…ප්ලීස් මචං උ/ඹ මේක අහලා කලබල නම් වෙන්න එපා…”
විරාජ් එහෙම කිව්වම මම එක්වරම නොසන්සුන් වුණේ ඒ ගමන තවත් මොනවා හරි කරදයක් මාව සොයාගෙන එනවද කියලා කල්පනා කරන ගමන්…..
“ඇ..යි මො.ක..ක්..ද වෙලා තියෙන්නේ ?..”
මම එහෙම ඇහුවේ ආයාසයෙන් වගේ..
“ජොබ් බෑන්ක් එකෙන් කිව්වා උ/ඹ/ට ජොබ් එකක් හොයලා දෙන්න බෑ කියලා .උ/ඹ/ගේ මෙඩිකල් සිටුවේෂන් එකත් එක්ක…ලංකාවට යන්න උ/ඹ/ට ටිකට් එක හදලා දෙන්නම් කියලා..”
රැකියාවක් නැති වුණත් කමක් නැහැ දැනට කරනවා වගේ කුලී වැඩක් හරි කරගෙන මෙහාට වෙලා ඉන්න කියලා මම කල්පනා කරේ ළිඳට වැටුණු මි//නිහා ළිං කටින්ම ගොඩට එන්න ඕනේ නිසා..
“මම ලංකාවට යන්නේ නැහැ බ/න්”
“මොනවා එහෙනම් උ/ඹ මොකක්ද කරන්න ඉන්නේ..”
විරාජ් එහෙම ඇහුවේ මගේ වදන් අහලා පුදුමයෙන් වගේ..
“මම මේ දැන් කරනවා වගේ පොඩි පොඩි වැඩ කරලා හරි ජීවත් වෙනවා..”
“ඒක හරි මචන් ඒත් උ//ඹ//ට ඉන්න තැනක් වත් නැතිව කොහොමද මෙහේ ජීවත් වෙන්නේ..”
විරාජ් එහෙම අහද්දි මගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තේ ඒ ගමන මට නවාතැනත් නැති වෙන්නද යන්නේ කියලා හිතන ගමන්…විරාජ් ව්‍යංගයෙන් මේ කියන්නේ මට නේවාසිකාගාරය නැති වුනා කියලාද මම එහෙම කල්පනා කරන ගමන්.
“ඒ කිව්වේ?..”.
“උ/ඹට හොස්ටල් එකේ ඉන්න පුළුවන් ලංකාවට යනකම් විතරයි.එයලා අලුතින් ගන්න කෙනෙක්ට උ/ඹේ හොස්ටල් රූම් එකදෙන්න බලාගෙන ඉන්නේ කිව්වා…”
විරාජ්ගේ ඒ වදන් වලට මගේ පපුව රිදෙන්න ගත්තේ දැන් මට කිසිම පිළිසරණක් නැහැයි කියලා හිතුනු නිසා..
“තව දෙයක් උ/ඹට කම්පැනි එකෙන් වීසා හදලා දුන්නේ අවුරුද්දකට විතරයි.තව මාස කිහිපයකින් ඒ විසාත් ඉවරයි..ඊට පස්සේ වීසා අලුත් කරගන්න වෙන්නේ උ/ඹ/ටම තමයි..ඒකට සල්ලි වියදම් කරලා ,බෝඩිමක් හොයාගෙන ඒවාට ගෙවද්දි උ/ඹ මෙහේ හම්බ කරන තුට්ටු දෙක නිකන්ම වියදම් වෙලා යාවී. තේරුමක් නෑ..මම කියන්නේ මෙහෙන් ටිකට් එකත් හදලා දෙන එකේ උ/ඹ/ට ලංකාවට යන්න කියලා…
විරාජ් කියන්නේ ඇත්තක් කියලා මට හිතුණේ ඔහුගේ පැහැදිලි කිරීම් අහලා..
දැන් කරන්න තියෙන එකම දේ නැවතත් ලංකාවට යන එක විතරයි …මම ලොකු හුස්මක් පිට කළේ එහෙම හිතලා..
💔💔💔💔💔💔💔💔💔
මම ලංකාවට නැවතත් පිටත් වෙලා එද්දි අම්මා උකසට තිබු කණකර බේරලා තිබුණේ මෙතෙක් දවස් මම එවපු සල්ලි වලින් කොටස් වශයෙන් ගෙවලා..
අතේ තිබ්බ සල්ලි වියදම් කරලා බඩු මුට්ටු අරන් එන එක තේරුමක් නැති නිසා ගෙදර අයට,අයියාගේ පවුලට,නෙහාරාට පුතාට පමණක් සුළු සුළු තෑගි විතරයි මම අරගත්තේ..
එතරට ගියේ ණය බරින් නිදහස් වෙලා එන්න උනත් ණය එහෙමම තියෙද්දි ආයේ මත් ලංකාවට ආවා කියලා තාත්තා මට කොයි තිස්සේත් දොස් කියන්න ගත්‍තා..
“මූ නම් මො//කෙක්ද මන්දා…වෙන එ/වු/න් රට ගිහින් ඇවිත් ණය සේරම ගෙවලා අම්මලා තාත්තාලටත් සලකනවා..ඒකට මූ කරන්න ගිය රස්සාවත් කරගන්නේ නැතුව මෙහාට ආවා..මදැයි උ/ඹෙ/න් සැප විදින්න බලාගෙන හිටියා…”
“සැප…. දෙන්නම වටින්නේ සැප…රස්සවක් කරලා හම්බ කරපු කාලේ අපිව දාලා ගිහින් අපිට සලකන්නේ නැතුව වටේ පිටේ ගෑ//නුන්ට සලකලා වයසට ගියාට පස්සේ එනවා අපෙන් සැලකුම් විදින්න..මෙහේ ඉන්නවානම් තාත්තා තාත්තාගේ පාඩුවේ ඉන්න.අපිට පව් දෙන්නේ නැතුව…”
මම එහෙම කිව්වේ තාත්තාගේ කන්//කරච්චලය තවත් ඉවසාගන්න අපහසුවෙන්..
“ඇයි උ/ඹ මාව මෙහෙන් එලවන්නද?..”
තාත්‍තා ඇහුවේ ලොවි ගෙඩි දෙකක් වගේ රත් පැහැ ගත් ඒ දෑස් වලින් මගේ දිහා රවාගෙන බලන ගමන්..
“ඔව්..පාඩුවේ ඉන්න බැරිනම් යන එකයි තියෙන්නේ..”
“උ/ඹ කවුද මට යන්න කියන්න.මේ ගෙදර මගේ..උ/ඹ/ට මෙහේ ඉන්න බැරිනම් මේ ගෙදරින් දොට්ට බැහැ//පන්…”
“මේවා කොහොමද තාත්තාගේ වෙන්නේ.මේවා හැදුවේ මම..”
මම එහෙම කිව්වාම තාත්තාගේ මුවට ආවේ සමච්චල්සහගත හිනාවක්…
“අනේ උ/ඹ හදපු ගෙවල්…මේවා හැදුවේ උ/ඹේ අතේ තියෙන සල්ලි වලින්ද?.රට වටේට ණය වෙලා..තවම ඒ ණයත් ගෙවලා නැතුව එනවා අයිතිවාසිකම් කියාගෙන..මේ ඉඩම මගේ ….ඒක නිසා මේ ගේ අයිති මට…”
“මොකක්ද මේ සද්දේ.ත/මු/සේ බීලා ආවානම් මේ කො//ල්ලාට පාඩුවේ ඉන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා.”
අම්මා කුස්සියේ උයන ගමන් දුවගෙන එන්නට ඇත්තේ කියලා මට හිතුණේ ඇගේ අතේ තිබුණු පොල්කටු හැන්ද දැකලා..
“මූ එනවා මේ ගෙදර අයිතිවාසිකම් කියාගෙන..මේ ඉඩම මගේ නේ මම මතක් කරලා දුන්නා මගේ අයිතිය..”
“තමු//සෙගේ අයිතියක් මෙහේ නෑ..මාවයි මේ කො//ල්ලෝ දෙන්නාවයි දාලා රටේ ඉන්න ගෑ//නු එක්ක ම//ඟුල් නටලා එනවා මෙතන අයිතිවාසිකම් කියන්න..”
“අපි අම්මාට කිව්වා මෙයාව ආයේමත් මේ ගෙට ගන්න එපා කියලා..කොහෙද ඉතින් අම්මා අපි කියපු දේවල් ඇහුවේ නෑනේ…”
අම්මා මොහොතක් නිහඬව හිටියා..අම්මාගේ මුහුණෙ ඇදුණේ ලොකු පසුතැවිල්ලක් කියලා මට හිතුණේ..
“කවුද පුතේ හිතුවේ මෙහෙම දෙයක්..දැන් හරි පවුලක් විදිහට එකට ඉන්න කියලා නේ බැලුවේ..මේ වගේ ක//රුමයක් වෙයි කියලා හිතුවානම් කවදාවත් මේ ම//නුස්සයාව මම ගෙට ගන්නේ නැහැ….”
“උ/ඹ තමයි මේ කො//ල්ලාවත් විනාශ කළේ..උ/ඹලා සේරම මට දොස් කියන්නේ මම විතරක් වැරදි කළා වගේනේ…අපි මොනදේ කළත් දහජ/රා ලෙඩ හදාහත්තෙත් නැහැ..උ/ඹ/ලා/ට ඒවා බෝ කළෙත් නැහැ..මූ හමුදාවේ වැඩ කරනවා කියලා කරලා තියෙන්නේ දහදුරා වැඩනේ…ජ/රා ලෙඩ හදාගෙන අර කෙ/;ල්ලටත් ඒවා බෝ කරලා..ඒකයි ඒ ගෑ/නි මූ/ව දාලා ගියේ…”
තාත්තා බීමතින් එහෙම දොඩවන් ගියේ මගේ දෑස් පුදුමෙන් විසල් කරමින්..
තාත්තා කොහොමද මේ දේවල් දන්නේ…
ඉහළට ගත් හුස්ම පහළට ගන්න මට අමතක වෙලා ගියා..
මට දැනුණේ මම පිරිසක් ඉදිරියේ නි/රුවත් උනා වගේ හැඟීමක්…
අම්මා තාත්තාව ඇදගෙන මොන මොනවාද මුමුණමින් යන අන්දම දැකපු මට වැටහුණේ මේ දේවල් අම්මාත් දන්නවා කියලා..
මම සාලයේ පුටුවක වාඩි වෙලා කල්පනා කරේ මේ දේවල් කොහොමද අපේ ගෙදර අය දැනගත්තේ කියලා..මේ දේවල් මම කිව්වේ නෙහාරාට විතරයි.
අනිවාර්‍යයෙන්ම උ/ඹ මේ දේවල් අපේ ගෙදර උදවියටයි උ/ඹේ ගෙදර උදවියටයි කියන්න ඇති කියලා මට හිතුණේ.
මගේ ජීවිතයේ මම කාටවත් නොකීපු දෙයක් මම උ/ඹට කීවේ උ/ඹව විශ්වාස කරලා..
උ/ඹ/ට අඩුම තරමේ ඒ විශ්වාසයවත් රකින්න තිබුණා..
මම එහෙම කල්පනා කරා.
💔💔💔💔💔💔💔💔💔
ඩුබායි ඉඳන් ලංකාවට ඇවිත් දවස් දෙකක් ගතවුණත් මට තවමත් උ/ඹවත් අපේ දරුවාවත් තවමත් දකින්න ලැබුණේ නැහැ …
උඹ මගේ ඇමතුම් වලට තවම පිළිතුරු දෙන්නේ නැති තැන මම උ/ඹේ මල්ලිට එකදිගට ඇමතුම් ගත්තා..ඔහුත් ඇමතුම් වලට පිළිතුරු දෙන්නේ නැති තැන මම උදේ පාන්දරම උ/ඹේ ගෙදර යන්න ලෑස්ති වුණා..
අම්මාත් මාත් එක්ක මගේ තනියට යන්න සූදානම් වුණත් මම අම්මාව ගෙදර දාලා පිටවෙලා ගියේ උ/ඹට අම්මාව නයාට අදුකොළ වගේ නිසා..
බස් එකෙන් බැහැලා මම උඹේ ගෙවල් පාරේ දෙවට දිගේ යද්දිත් මතක් වුණේ අම්මා මාත් එක්ක යන්න අහපු විදිය ගැන…
“මාත් එන්නම් පුතේ.අනේ පොඩි එකා ඉපදුණු දා දැක්කයින් පස්සේ තාම දැක්කේ නෑ …”
තමන්ගේ දරු මුණුබුරන් දකින්න ඒ දරු සුරතල් විඳින්න මොන අම්මෙක්ද අකමැති.නොකිව්වාට අම්මාගේ හිතේ මොන තරම් නම් දුකක් ඇතිද කියලා මට හිතුණා..
උ/ඹේ හිතුවක්කාර කම නිසා දුක් විඳින්නේ මම විතරක් නෙවෙයි කියලා මම කල්පනා කළා.උ/ඹ කෙතරම් අකමැති වුණත් අද මම බලෙන් හරි උ/ඹව මගේ ගෙදරට එක්කගෙන යනවා කියලා මම තීරණය කරමින් උ/ඹේ ගේ කඩුල්ල ඇරගෙන ගේ දොරකොඩට ඇවිදාගෙන ගියා…
විවර කරපු දොර ඇතුළින් මට උ/ඹේ කටහඬත් අපේ දරු පැටියාගේ කටහඬත් ඇහෙන්න ගත්තා…දරු පැටියා රැහයියෙක් වගේ කෑගහමින් හඬන සද්දේ ඇහෙනකොට මගේ පපුව ඉහිලුම් නැතිව ගියා…
මගේම ලෙ//යින් බිහිවුණු මගේ දරු පැටියා දකින්න මට ලොකු නොඉවසිල්ලක් ඇතිවුණා.මම ගෙදර දොරට තට්ටු කරත් කිසිවෙකුත් එළියට ආවේ නැති තැන දරුපැටියාගේ කටහඬ ඇහෙන කාමරය පැත්තට මම හෙමිහිට ඇවිදන් ගියා….
මම උ/ඹේ කාමරයට යනකොට උ/ඹ දරුවාට කිරි පොවමින් හිටියා.. මම කාමරයට ඇතුල් වූ සැනින් උ/ඹ මාව දැකලා එක්වරම තිගැස්සිලා ගියා..
පුංච් පුතා හරියටන මගේ කපාපු පළුවක් වගේ කියලා මට හිතුණෙ ඒ හුරතල් මුහුණු පොඩ්ඩ දැකලා…
වටපිටාවෙන් හමා එන කිරි සුවඳට මගේ තුන්සිතම නිවී සැනසෙන්න ගත්තා…
දරු සෙනහස මගේ මුළු පපු ගැබටම දැනෙන්න ගත්තා….
මගේ බිළිඳු දරු පැටියා තුරුළට අරන් නලවන්නට මට සිතුණේ…
උ/ඹ මාව දැකපු හැටියේ කිරි දෙන එක නවත්තලා උඹේ නිරාවරිත ළැම කඩිමුඩියේ වසා ගත්තේ ඇඳන් ඉන්න ඇඳුම සකස් කරගනිමින්..
උඹ අපේ චූටි කිරිකැටියාව ළමැදට තුරුළු කරගත්තේ මට ඒ චූටි මුහුණ හංගන්න වගේ…
“මොකටද මෙහේ ආවේ…යනවා යන්න මෙතනින්…”
“මම ආවේ පුතාව බලන්න…”
“දැන් දැක්කානේ..ඉතින් යනවා…”
“මම එහෙම යන්නේ නැහැ.මේ මගේ දරුවා.මේ දරුවාගේ ඇඟේ දුවන්නේ මගේ ලේ..”
“ත/මු/සෙ/ට දැන්ද දරුවාව මතක් වුණේ..මම කීපාරක් කිව්වාද යන්න එපා කියලා..ත/මු/සේ මම කියන දේ ඇහුවේ නෑ.හිතුවක්කාරකමට ගියා..ත/මු/සේ එහෙම ගියේ මායි මගේ දරුවයි ඕනේ නැති නිසානේ…”
“එහෙම කියන්න එපා සුදූ.සල්ලි හොයාගන්න නේ ගියේ..අම්මා හිටියානම් ත/මු/සෙට මේ ගේ ඇතුලට එන්න දෙන්නේ නැහැ..අම්මා එන්න කලින් යනවා මෙහෙන්…”
උ/ඹ මහහයියෙන් කෑගහන්න ගත්තේ මට රවාගෙන
“නෑ මම යන්නේ නැහැ..මම අද ආවේ ඔයාවයි මගේ පුතාවයි ගෙදර ගෙනියන්න…”
“ගෙදර ගෙනියන්න..අපි ළග ඉන්නම ඕනේ කාලේ ඉන්නේ නැතුව ගිහින් දැන් තමයි අපිව ඕනේ වෙලා තියෙන්නේ..”
“මම අද ත/මු/සෙ/යි දරුවයි නැතුව ගෙදර යන්නේ නැහැ..එනවා යන්න මාත් එක්ක..”
මම උ/ඹේ අතින් අල්ලාගෙන උඹව බලෙන්ම ගෙනියන්න උත්සහා කළා..උ/ඹ මගේ අත ගසාදාලා දරුවාවත් වඩාගෙන කාමරයෙන් එළියට ගියේ අඩිය ඉක්මන් කරලා..
“කොහෙද යන්නේ සුදූ…”
මම ඇහුවේ දරුවාවත් වඩාගෙන ගෙයින් එළියට කඩිමුඩියේ ඇවිදන් යන උ/ඹේ පසුපසින් ඇවිදන් යන ගමන්…
“මට ත/මු/සේ එක්ක ජීවත් වෙන්න බැහැ..යන්තම් හිත හදාගෙන ත/මු/සේ එක්ක ජීවත් වෙන්න හැදුවා විතරයි ත/මු/සේ නිසා මට ක/රු/ම ලෙඩක් හැදුණා..මට ත/මු/සෙ/ව පිළිකුල්..ත/මු/සේ එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි මේ ළමයා එක්ක මම මැ&ලා යනවා.”
උ/ඹ මගේ දරුවාත් වඩාගෙන අසිහියෙන් වගේ ගේ පිටිපස්සට දුවගෙන ගියේ….
මම උ/ඹේ පසුපසින් දුවගෙන ගියේ ගේ පිටිපස්සේ තියෙන ලිඳටවත් උ/ඹ පනින්න හදනවාද කියලා සැක හිතිලා..
මම ළිඳ ළඟට යනකොට උ/ඹ ළිං පඩිය මතට නැගලා හිටියා..උ/ඹ මගේ දරුවත් එක්ක ළිඳට පනින්න තැත් දරන හැටි දැකලා මගේ මුළු පපුවම රිදෙන්න ගත්තා…
“නවතින්න සුදු…ඔය වැඩේ නවත්වන්න..”
මම මහ හයියෙන් කෑගහගෙන උ/ඹ ළඟට දුවගෙන ගියේ සිහිකල්පනාවක් නැති ගානට…
හමුවෙමු මීළඟ කොටසෙන් 💔💔💔💔
අහක බලාගෙන යන්නේ නැතුව ලයික් කමෙන්ට්ස් දාගෙන යන්න.
මේ කතාව ඇත්ත කතාවක් නිසා මට කතාව වෙනස් කරන්න අමාරුයි.ඉතින් ඔයාලා හැමෝටම මාත් එක්ක ඇත්ත ඇති සැටියෙන් විඳින්න කියලා මම ඉල්ලා සිට්නවා.