24 දිගහැරුම 🌻

ඇය රෝහල් ගත කල බව සැලකුනු සැනින් ඔහු ඇය රැදි රෝහල වෙත ලගා වුයේ කෙසේ දැයි කියා ඔහුටවත් මතක නැත…..

” නංගී කෝ අහිංසා ……”
රෝහල් කොරිඩෝවේ හිදගෙන සිටින තුෂාරි වෙත ලගා වු කේශ්වර ඇගේන් අහිංසා පිලිබද විමසන්න වුයේ ගැගෙන හදිනි…

” මේ..මේ එයාව තාම ඩොක්ටර් චෙක් කරනවා අයියේ ..අපිට මුකුත් කිව්වේ නෑ..අනේ ඔයා පොඩ්ඩක් ගිහින් බලන්නකෝ”

ඔහුගේ රුව දැක ඔවුන්ද සුසුම් හෙලන්න වුයේ ..ඔහු වෛද්‍යවරයෙක් නිසා ඔහුට කුමක් හෝ කල හැකි බව දන්නා නිසාවෙනි ..

” හරි හරි ඔයාල ඔහොම ඉන්න මන් ගිහින් බලන්නම්” හඩා හෙම්බත්ව සිටි ඇය මදක් සනසා කේශ්වර ඇය රදවා සිටි කාමරයට ඇතුලු වුයේ අවසරයකින් තොරවමය……

.
” සර් ප්ලීස් පේශ්න්ට්ව චෙක් කරන්න දිලා එලියට වෙලා ඉන්නවද..අපි සර්ට එයාට සිහිය අවහම ඉන්ෆෝම් කරන්නම්..”හෙදියක බසට සවන් යොමු නොකරමින් ඔහු වේගවත් අඩි තබමින් ඈ සිටි යහන වෙත පා නගන්නට විය…

” අඩෝ කේශ්…….උබ මෙහෙ …..”

” අඩෝ දිලා.”

” උබ මේ කෙල්ලව දන්නවද……”

” ඔව් බන් මේ මගේ වයිෆ් ………..”

” මොකක් ……”

” ඔව් බන් එවායින් වැඩක් නැ…මේ කෙල්ලට කොහොමද බන්..මොක්කද වෙලා තියෙන්නේ ……”

“.මෙකයි බන් කෙල්ලට ශොක් එකක් ඇවිත් තමා ෆෙන්ට් වෙලා තියෙන්නේ නම්..වැටුන පාර අත පය පොඩ්ඩක් තුවාල වෙලා තියනවා එ ඇරෙන්න වෙන ඩැමේජ් එකක් නෑ..තව ටිකකින් සිහිය එයි..උබ මේ සේලයින් එක ඉවර උනහම කෙල්ලව එක්ක පලයන්……

ආ..තව දෙයක් මේ දැන්ම කෙල්ලව කලබල කරලා මොක්කද උනේ කියලා අහන්න යන්න එපා..හෙමිට අහපන්…..

උබට ඉතිං මේවා අලුත් කියලා දෙන්න ඕනි නැනේ….නේද…..”

” හරි බන් මන් බලාගන්නම් එක..උබට කොහොම තැන්ක් කරන්නද කියලා මට හිතා ගන්න බෑ..”

” ඕක මොක්කද බන්..උබ මන්වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද……
උවමනාවක් උනොත් කොල් එකක් දියන් මන් එන්නම්…”

” හරි බන්…මන් උබට හෙමිට කෝල් එකක් දෙන්නම්…….”

” අහ්……..”
ඈ සෙමෙන් දෑස් විවර කරන්න වුයේ රිදුම් දෙන හිස දෑතින් තෙරපාවගනිමින් ය.

දෑස් වලට හසු වුයේ සුපුරුදු වටපිටාවක් නිසාවෙන් ඈ මදක් අපහසුවෙන් වුවද යහනෙන් නැගි සිටිමට උත්සහ කල සිරුර වාරු නැතිව ඇය යහන මතටම කඩා වැටුනේ ඇගේ මුවින් සිහින් කෙදිරියක් පිටවෙද්දිය …

“ආ…දෝණී ඔයාට ඇහැරුනාද..කෝ එන්න අපි වොශ් එකක් දාන් මොනවා හරි කමු…”

ඇයව සෙමෙන් සිය සිරුරට වාරුකරගනිම් ඔහු ඇයව කෙලින් කරවා ගෙන ඇගේ හිස පිරිමදිමින් පවසන්න වුයේ ..ඇය කෙදිරිගාමින් ඔහුගේ ලයට තුරුල් වෙද්දිය ..

” කෝ ඔය ඉතිං …..ඔහොම ඉදලා බෑ..ඔයා තාම උදේ ගිය ඇදුම පිටිනේ දෝණී ..ඔයා නිදි හින්දා මන් ඇහැරවන්නේ නැතුව අරන් ඇවිත් ඇදෙන් තිබ්බේ ..අපි උණුවතුරෙන් ඇග පොඩ්ඩක් හොද ගමු..එතකොට ඔය ඇගේ තියන අමාරු කම් අඩුවෙයි..කෝ එන්න ඉතිං හොද ලමයා වගේ…..”

වදෙන් පොරෙන් ඇයව සොදාගෙන සැහැල්ලු ඇගලුම් ඇගේ ගත දවටා ඇයව ප්‍රවේශමට යහනෙහි වියලට කොට්ටයක් තබා හේත්තු කරන්නට විය..

” ඔහොම ඉන්න දගලන්නේ නැතුව ..මන් ඇදුමක් මාරු කරන් .පහලට ගිහින් එන්නකන් හොද .දගලන්න යන්නේ නෑ හරිද..” ඇය සේදු නිසා ඔහුගේ ඇගලුම් තේමි තිබු නිසා ඔහු කඩිනමින් බාත්රූම්යට වැදි ඇගලුම් මාරු කරගෙන කුස්සිය වෙත වේගවත් පියවර තබමින් ලගා වුයේ ..ඇය වෙනුවෙන් පිලියෙල කල සුප් බදුන රැගෙන එමටය….

” ඇයි දෝණී බොන්නේ නැත්තේ .රස නැද්ද සුප් එක…”

කෙශ්වර සුප් හැන්දක් ගෙන එයාට මුවින් පිබ එය මදක් නිවා ඇගේ මුවගට ලංකලද..ඇය පලවෙනි හැන්ද පානය කර.අනෙක් හැන්ද මුව තුලට නොගෙන ඔහු දෙස කදුලු පිරි දෑසින් බලා සිටින නිසාවෙන් ඔහු විමසන්නට විය….

ඇය කිසිවක් නොපවසා ඔහුගේ දැතෙහි රැදි සුප් බදුන යහන අසල මේසයෙන් තබා ඔහුගේ වැලදගන්න වුයේ ..ඇගේ ඉකිබිදුම ක්‍රමයෙන් වැඩි වෙද්දිය …

” දෝණී ඇයි මේ……

මාව බය නොකර කියන්න ලමයෝ.ඔයාට මොක්ක හරි අමරුවක් තියෙනවද..කොහෙ හරි රිදෙනවද ……”

ඈ සොය ගතින් මෑත් කර ඈ එ මෙ අත හරවමින් ඔහු විමසන්නට වුයේ ..ඇගේ තුවාල පිරික්සන අතරවාරයේය ….

” නැ..නෑ..ම..මහත්තයා …….එහෙම අමාරුවක් නැ……”

” එහෙනම් ඇයි මැණික මේ කදුලු .මොක්කද ප්‍රශ්නේ .මට කියන්න බැරි දෙයක් තියෙන්න බෑනේ ඔයාට …ම්…”

” ඔ..ඔයා ඔහොම මන් වෙනුවෙන් වැඩ කරද්දි මට දරාගන්න බෑ…….”

” අනේ මැණික …..මේක මොක්කද …ම්..එච්චර හිතන්න එපා……

දැන් ඔයා කියන්න මට අසනීපයක් උනොත් ඔයා මන් ගැන බලන්නෙ නැද්ද..මෙහෙම මට කවන්නේ පොවන්නේ නැද්ද..

ඈ හිස ඉහල පහල සොලවන්න වුයේ ..ඔහුගේ මුවෙහි ලා මදහසක් නැගෙද්දිය ….

” එකනේ …ඉතිං ඔයා අසනීපෙන් ඉද්දි මන් මෙහෙම දේවල් කරහම මොකද වෙන්නේ..ඕනිවට දේවල් ගැන හිතන්න එපා දෝණී …හැමතිස්සේම සැහැල්ලුවෙන් ඉන්න බලන්න. හොදද….”

” මේ අයියේ මට මොක්කද උනෙ..මට මුකුත් මතක නෑනේ……”

” අපි එ ගැන හෙමිට කතා කරමුකෝ..ඔයා දැන් පොඩ්ඩක් නිදා ගන්න..හොදද…..”

ඇයට නින්ද යනතුරු ඇගේ හිස පිරිමදිමින් සිටි ඔහු ඇයට නින්ද ගොස් ඇති බව තහඩු වු පසු යහනෙන් නැගි සිටින්න වුයේ …සිය හිත සමග තර්ක කර අවසන් තීරණයක් ගනිමින් ය…

මතුසම්බන්ධයි