නිසල සඳ මඩල 🌬

☁️03 වන කොටස ☁️

අම්මා හදලා දුන්න කිරි එකත් අරන් මන් බැල්කනි එකට ආවේ..නිදහසේ කිරි එක තොල ගන්න හිතන්..බැලකනියට බරවෙලා කිරි එක තොල ගාපු මගේ ඇස් මටත් හොරෙන් නැවතුනේ ගාර්ඩ්න් එකේ දුවන එ රුපේ ගාව……

මන් ඇහැපිල්ලම් නොගහා එ රුපේ දිහා බලන් හිටියේ මෙහෙම වෙලාවක ඇරෙන්න මට එ රුව අස්සේ අතරමන් වෙන්න අවස්තාවක් නැති නිසා .පොඩි කාලේ මාව ආදරේන් තාත්තා කෙනෙක් වගේ බලාගතත් මන් ටිකක් ලොකු වෙද්දී එයා වෙනස් උන විදිහ ගැන මට තාමත් හිතා ගන්න බෑ..මොකද දැනුවත්ව මන් එයාට කිසිම වරදක් කරලා නෑ..

රටේ ප්‍රසිද්ධ ඇමැති කෙනෙක් උන මගේ නමට තාත්තා මන් ඉපදුනම මන් පිරිමි ලමයෙක් නොවි ගැනු ළමයෙක් උන නිසා මාවයි අම්මාවයි දාල ගිහින් තියෙන්නේ මන් ඉපදුන දවසෙමයි.මාව අනාථ නිවාසෙකට දිලා පිරිමි දරුවෙක් එයාට හදලා දෙන්න කියලා එයා අම්මාට බල කලත් අම්මා එකට කැමති වෙලා නැ…අන්තිමේදි අම්මාට උනේ මන් එක්ක පාරට බහින්න…අම්මා කියන විදිහට මාමායි සීයයි නොහිටින්න අපි මැරුන තැන් වල ගස්සුත් පැල වෙලා ..

කිරි එක බොන්නත් අමතක වෙලා එයා දිහාම බලන් හුගාක් දුර කල්පනාවක හිටිය මගේ කල්පනාව බිද වැටුනේ අම්මා කතා කරනවා ඇහිලා. උගුරට දෙකට තේක බිලා මන් වොශ් රූම් එකට දිව්වේ..පරක්කු උනොත් අර හෝතම්ඹුවා මාව දාල යන නිසා.

කෑම එකත් බැග්ගෙට දාන් අම්මටත් වැදලා මන් ගෙයින් එලියට බැස්සේ එයා මන් එනකන් කාර් එකට වෙලා බලන් ඉද්දී..

හැමදාම මාව රිද්දන එයාව අද මන් රිද්දන්න ඕනි කියලා අපු හිතුවක්කාර හිතුවිල්ලකට මන් එයා බලන් ඉන්නවා කියලා ගානක් නැති විදිහට ගේට් එකෙන් එලියට පයින්ම ආවේ..පාරට ගිහින් බස් එකක යනවා කියලා හිතන්……

මට එන්න හම්බුනේ අඩියයි දෙකයි . මන් යන පාර හරස් කරන්මහ සද්දෙට බ්‍රේක් කරලා වාහනේ නැවැත්තුවේ මන් බයටම ඇස් පියා ගනිද්දි …..

” තමුසෙගේ පුදුම ලොකු කමක්නේ.ආ………

වයසටද වැඩ ඔය.මගෙන් මැරුම් නොකා වාහනේට නැගහන් ආරෝහි .මට මෙතන ගැනු හුරතල් කරන්න වේලාවක් නෑ….” කන නිකන් කීං ගෑවා මේ යකා මෙච්චර සද්දේට කෑගහන්නේ මගේ කන ඇහැන්නේ නෑ කියලා හිතාගෙනද මන්දා…

” ඔව් ඔව් මාව තමයි පොඩ්ඩක් හුරතල් කරන්න බැරි ..හැබැයි අර සෙකට්ට්‍රි උත්තරාට කිරි පොවන්නේ නැති එක විතරයි .” මට ඔය ටික හිතුනත් මන් කියන්න ගියේ නැත්තේ මට දත් නැතුව බත් කන්නඕනි නැති නිසා…

මන් එයා කිව්ව දේවල් ඇහුන් නෑ වගේ එතනින් එන්න හැදුවත් මාව එකපාරටම ඇදිලා ගියේ එයා මගේ අතකින් ඇදලා වාහනේට හේත්තු කර ගත්ත නිසා…

” උබ හදන්නේ මගේ ඉවසීම බල්ලන්නම් හදන්නේ මන් ඉවසීම කියන වචනෙවත් දන්නේ නෑ කියන එක ඔය ඔලුවට දාගන්නවා ආරෝහි .අනිත් එක මට මේ එක එක ගෑනු හුරතල් කරන්න තරම් අමාරුවක් නෑ.මන් මේ තමුන් ගැන මෙච්චර හරි හොයලා බලන්නේ මගේ අක්කා නිසා..

එකි උබ ඉපදුන දවසේ ඉදන් විදවන්නේ එසේ මෙසේ දුකක් නෙවෙයි නේ..උබට මොනාවා හරි උනොත් එ ගෑනි මැරෙයි .අන්න එ හින්නදයි මන් උබ ගැන මෙච්චර හොයන්නේ .නැත්නම් මට උබ මැරිලා ගියත් කමක් නෑ.මොකද මට තමුන්ව එ තරම් අප්පිරියයි …….” කෝපයෙන් රතු කරගත් මුහුණින් ඇගේ වතට එඹි ඔහු ගුගුරන්න වුයේ ඇගේ දෑස් බියෙන් වැසෙද්දියි..

එ වචන මට ඇහුනේ හිනෙන් වගේ..මන් ගැන එ .එ…එත තරම් වෛරටයක්.මට මතක මගේ වටේම කලුවර වෙනවා කියලා විතරයි .

” මැණික…………….”

ඔහුටත් නොදැනිම ඔහුගේ මුවින් එම වදන් ගිලිහුනේ ඈ සිහි රහිතව සිය දෑත් මතට ඇද වැටෙද්දී ය

මතුසම්බන්ධයි