නව කතාව
😍නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
දහ නව වන චන්ඩිකම 🙅🙅
” නිශාදි මැඩම්,සර් ඔෆිස් එකට එන්න කිව්ව මැඩම්ට “
පියන් කෙනෙක් ඇවිත් එහෙම කිව්වෙ ආයෙමත් අසීමිත විදිහට පපුව ගැහෙන්න ගද්දි.ඕන දෙයක් වෙන්න කියල ඔෆිස් එක ගාවට ගිහින් දොරත් ඇරන් ඇතුලට ගියේ.සර් ජනේලෙන් පහළ බලන් ඉන්නව.කතා කරනවද? නැද්ද? නෑ එක්කො තව ටිකකින් එනව.එහෙම හිතල දොර අරිනවත් එක්කම ඒ ඇහුණු දෙයින් ගැස්සිලා ගියේ.
” ස්කූටි කෙල්ල ඔහොම ඉන්නව” 😡
දෙයියනේ මං ඉවරයි.වේගෙන් වේගෙන් අඩි තියල ළගට එන සර්ව යාන්තමට දැක්කෙ.ගැහි ගැහී බිම බලන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.අමතක වෙලා කියල හිතුවට මතක් වෙයි කියල කීයටවත් හිතුණෙ නෑ.වේගෙන් ලගට ආපු සර් තද කරල අත් ගොබේකින් අල්ල ගත්තෙ කදුළු පනින්න ඔන්න මෙන්න ඇස් දෙක උස්සල ඒ මූණ දිහා බැලුවෙ.
රතු වෙච්ච ඇස් දෙකින් වගේම කේන්තියෙන් වෙව්ලන ඒ පිරුණු කම්මුල් ඒ මූණෙ නපුරුකම තවත් වැඩි කරල.
” තමුන්,තමුන් කොහොමද ? ආයෙත් මගෙ ඉස්සරහට ආවෙ.😡 ඇයි කලින් අදුරන්නෙ නෑ වගේ හැසිරුනේ.ෂිට් ගෑණු ඔක්කොම එකයි “
දෙදරන්න තරම් හයියෙන් කෑ ගහපු සර් අත මිටි කරල හයියෙන් හයියෙන් බිත්තියට ගහ ගෙන ගහ ගෙන ගියේ මට ගහන්න බැරි නිසා බව තේරුණා.
” යනව යනව මෙතනින්.😡හොදට මතක තියා ගන්නව ආයෙමත් මට පේන්න එන්න එපා.ඔය කපටි ඇස් දෙක ආයෙමත් මගෙ ඉස්සරහට ආවොත්…..”
එහෙම කියල කිසිම අනුකම්පාවක් නැතුව අල්ලන් උන්නු අත් ගොබෙන්ම පිටිපස්සට තල්ලු කරල දැම්මෙත් එකපාරටම ඔෆිස් රූම් එකේ දොර ඇරුණෙත් එකටමයි.වැටෙන්න ගිය මාව කාගෙදෝ අත් දෙකකට හිර වෙනව දැනුනෙ.කදුළු පිරුණු ඇස් දෙකෙන්ම මූණ උස් කරල බැලුවෙ.ඇසල අයිය බය වෙලා මං විහාත් සර් දිහාත් මාරුවෙන් මාරුවට බලනව.එහෙම්මම පිටට පනින්න ආව ඉකියත් එක්ක කට අතින් තද කර ගෙන එතනින් දුවල ගියේ.
වොශ් රූම් එකේ ඉස්සරහට ගිහින් ඇති තරම් ඇඩුවෙ හිතේ දුක නැති වෙලා යනකම්ම.දුකට වගේම දරා ගන්න බැරි ලැජ්ජාවට නොනවත්වා ගලන කදුලු දෑතින්ම පිහ දැම්මත් තව තව උනන හීලෑ නැති කදුළුවලට ඔහේ ගලාන යන්න දීල කණ්නාඩිය දිහාම බලන් උන්නෙ.
පැයක් විතර එහෙම්මම ඉන්න ඇති කොච්චර වෙලා එහෙම උන්නද මතකයක් නෑ.දොරට තට්ටු කරන හඩින් ආයෙත් සිහියට ආවෙ.එහෙම්මම ගිහින් දොර ඇරියෙ.ඔහේ ගලන කදුළු පිහ දාන්නවත් මතකය්ක් වුණේ නෑ.
” මැඩම් ඇයි මේ අඩන්නෙ ඇසල සර් කිව්ව මැඩම් දැන් ගොඩ වෙලාවක ඉදන් මෙතන කියල පොඩ්ඩක් බලන්න කියල”
” අනේ සෙනුරි….😭😭”
අඩා ගෙනම සෙනුරිගෙ උරිස්සෙන් ඔළුව තියා ගත්තෙ.සෙනුරි ශොප් එකේ වැඩ කරන ළමයෙක් ධනුක අයියා ඇසල අයියා වගේම මේ දවස් ටිකට ගොඩාක් හිතවත් වුණේ සෙනුරි.
” අනේ ඇයි මැඩම් අඩන්න එපා.අභී සර් අපිටත් එහෙම තමයි.ඕන කෙනෙක්ට බනිනව මැඩම් ඕව හිතන්න එපා”
” ඒත් සෙනුරි මට කව්රුත් එහෙම බැනල නෑ ඒකමයි මට දුක ” 😭
” ඕව හිතන්න එපා මැඩම් “
තව දාහක් ජාති කියන ගමන් සෙනුරි මගෙ හිත හැදුවෙ.ඒ උරිසට ඔළුව ගහ ගෙන ඇති තරම් ඇඩුවෙ.
” දැන් යමු මැඩම්.නැත්තන් ආයෙත් සර්ගෙන් බැනුම් අහ ගන්න වෙයි.පොඩ්ඩක් මූණ හෝද ගන්න මැඩම් ඔහොම යන්න බෑනෙ “
ආයෙමත් වොශ් රූම් එකට ගිහින් මූණත් හෝදන් කණ්නාඩිය ඉස්සරහට ගිහින් ඇවිස්සිලා තිබුණු කොණ්ඩෙත් පිළිවෙලක් කර ගත්තෙ.අඩල වැඩිකමටමද මන්ද ඇස් දෙකත් ඉදිමිලා.
ආයෙමත් ඇවිත් වැඩ කරන්න ගත්තෙ.ධනුක අයියත් ඇසල අයියත් එක එක ජාති අහනව.ඒවට උත්තර දෙන්නවත් උවමනාවක් වුණේ නෑ.සද්ද නැතුව වැඩ ටික කර ගෙන ගියේ ආයෙමත් ඒ නපුරු මූණ ඉස්සරහට යන්න තියෙන බයටම.
” නිශා උඹ අපි එක්කත් තරහින්ද? “
වැඩ ඇරිල ශොප් එකෙන් එළියට එන ගමන් ඇසල අයිය එහෙම අහනව.
” අනේ නෑ අයිය.අද මගෙ හිතට හරි නෑ.මං ගිහින් එන්නම් “
” හරි නංගි පරිස්සමින් “
තවත් හිත පාරවන්න බැරි නිසාමද කොහෙද ධනුක අයිය එහෙම කිව්වෙ.යාන්තමට හිනා වෙන ගමන් ඇවිත් ස්කූටියට ගොඩ වුණේ වෙච්ච දේවල් ආයෙමත් මූණ ඉස්සර්හ ෆිල්ම් එකක් වගේ පේන අතරෙ.
ගෙදරට එනවත් එක්කම ඈතින් දැක්කෙ මිදුලෙ කා එකක් නතර කරල.විනෝද් වෙන්න ඇති.එහෙම හිතන ගමන් බයික් එක ගිහින් නතර කලේ.
” අහ් කෙල්ලෙ උඹ ආවද? පලයං ගිහින් ඉක්මනට ලෑස්ති වෙයන්” 😊
කොහෙ යන්නද හිතන ගමන් රශීගෙ මූණ දිහා බැලුවෙ.මං හිතපු දේ තේරුණා වගේ ඒකි ආයෙමත් හිනා වෙලා කතා කරන්න ගත්තෙ.
” විනෝද්ගෙ අම්ම අද එහෙ එන්න කිව්ව ඩිනර් එකටත් එක්කම”
” අනේ මට බෑ බං.උඹ ගිහින් වරෙන් “
” අනේ මේ බලන්නකො විනොද් මෙයා එන්න බෑ කියනවනෙ” 😥
” ඒ මොකද?නංගි ලෑස්ති වෙලා යමු.මං ආපහු දෙන්නව ගෙනත් දාන්නම්”
” අනේ බෑ අයිය.මට මහන්සියි ටිකක් නිදා ගන්න ඕනෙ “
” අයියෝ, අපි එහෙනම් වෙන දවසක යමු විනෝද් “
” අනේ බබා අම්මි කෑමත් හදන් බලන් ඉන්නව එයාගෙ ලේලි එනකං කියල.අපි ගිහින් ඉක්මනට එමු.එන ගමන් නිශා නංගිට කෑම එකකුත් අරන් එමු “
” උඹ ගිහින් වරෙන් රශී.මට තනියක් නෑ “
එහෙම කියල කාමරේට ආවෙ සාරි එක ගලවල වොශ් එකක්වත් දා ගන්න කියල හිතා ගෙන.ඒ අතරෙ රශී කාමරේට ආවෙ මූණත් එහෙක් කර ගෙනම.
” මොකද? බං.උඹ තාම ගියෙ නැද්ද? “
” මං කොහොමද?බං උඹව දාල යන්නෙ චූටි කාලෙ ඉදන්ම අපි කොහෙ ගියත් එකටමයි හිටියෙ. එහෙව් එකේ…..”
” මේ අහපං.ඒ කතා කලේ උඹේ නැන්දම්ම.එයාගෙ හිතේ උඹ උඹ ගැන තියෙන ආදරය විශ්වාසය ඒ විදියටම රැක ගනින්.හොදට මතක තියා ගනින් උඹ කසාද බැදපු දවසක ඒ ගෙදර සතුටින් සැනසීමෙන් ඉන්න නම් දැන් ඉදන්ම ඒ මිනිස්සු එක්ක හොදට ඉදපන්.ඉස්සරහට ඒ උඹේ පවුල.මං එක්ක නෙවෙයි ඒ මිනිස්සු එක්කයි හොදින් ඉන්න ඕන.තේරුණාද? “
” ඒත් බං…” 😥
” විකාර නැතුව ලෑස්ති වෙලා පලයං.අර කොල්ලව තවත් රස්තියාදු නොකර”
හිත හොදින් නොවුනත් මගෙ කීමට රශී ලෑස්ති වෙලා ගියේ.මමත් වොස් රූම් එකට ආවෙ හිතේ හැටියට නා ගන්න හිතා ගෙන.
💓💓💓
“අනේ අයියෙ ග්හන්ඩ එපා “😭
ලේ පෙරමින් බිම වැටී හුන් මිනිසා මුගුරක්ද අතතිව කෝපයෙන් බලා සිටින රූබට් දෙස බලමින් සමාව යදින්නට විය.
” අහ් රූබට් උඹ මූට හොදට සලකල වගේ ” 😂
” හ්ම්ම්.මූ කියනව මාකස් මූ ඇන්ට්‍රි එක් අයින් කර ගන්නම් කියල.මොකද? කියන්නෙ “
” අනේ ඔව් අයියෙ මාව නිදහස් කරන්ඩ” 😥
” නිදහස් කරන්ඩ නෙවෙයි උඹව හම ගහන්ඩ තියෙන්නෙ.උඹ දන්නවද? බ්‍රයන් බොස්ට විරුද්ධව වැඩ කරන උන්ට මොකද?වෙන්නෙ කියල.ආ…..” 😡
එහෙම කියන ගමන් මාකස් ඒ මිනිහට පයින් පාරක් ගැහුවෙ.
” ඔය ඇති බං.නැත්තන් මූ මැරුණොත් ඒක යන්නෙත් අපේ පිටින් “
” ඒක ඇත්ත රූබ මං ටිකකට කලින් රොකී බොස්ට කතා කලා.බොස් කියනව පුලුවන් ඉක්මනට වැඩේ ඉවරක් කරල දාන්ඩ කියල.හෙට බ්‍රයන් බොස් පොට් එකට එනවලු.”
” එහෙනම් අපි මූව අපේ එකෙක් අතේ පොලිසියට යවමු.ජෙනී ජෙනී……” 🗣️
” ඔව් මාකස් අයිය කියන්ඩ “
” මේ මිනිහවත් දා ගෙන පොලිසියට ගිහින් වරෙන්.දන්නවනෙ වෙන්ඩ ඕනෙ දේ”
එහෙම කියන ගමන් රූබට් ඒ මිනිහගෙ කමිස කොලර් එකෙන් අල්ලල එළියට තල්ලු කරල දැම්මෙ.
💓💓💓
රෑට කෑමත් කාල තව පාර්සල් එකකුත් අරන් රශී විනෝද් එක්ක ඉක්මනට ගෙදර ආවෙ නිශාත් තනියම ගෙදර නිසා.
” මේකි Light එකක්වත් නොදා මොනව කරනවද? මන්ද”
එහෙම කියන ගමන් රශී කා එකෙන් බැහැල ගේ දිහාවට ගියේ.
දෙයියනේ දොර හායි ගාල ඇරල දාල.මේ රෑ වෙලා මොකෙක් හරි රිංග ගත්ත නම් එහෙම.😡නිශා නිශා…මොනව කරනවද? බං බලපං දොරත් ඇරල දාල
කෑ ගහ ගෙනම ගෙට ගියපු රශී අඩ අදුරෙම අත පත ගා ගෙන නිශාටත් බැන බැන කාමරේ Light එක දැම්මේ.ඒත් එක්කම රශීට යටිගිරියෙන් කෑ ගැස්සුණේ දැකපු දෙයින්…..නැවත හමුවෙමු