බැඳීමක් නැති මුදුවක් 💔
23 වන කොටස
“මොකක්ද මචං උ//ඹට එකපාරට වුණේ…”..
විරාජ් එහෙම ඇහුවේ මගේ අතේ කුඩා පාර්සලයක් තියන ගමන්…
“දන්නේ නෑ මචං…මට ටික දවසක ඉඳන් පොඩි ඔලුවේ කැක්කුමක් තිබ්බා.මම ඒක ගණන් ගත්තේ නැහැ..පැරසිටමෝල් බිබී හිටියා…එකපාරටම අද උදේ ෆැක්ටරි එකේ හිසරදයක් ඇවිත් මාව ෆේන්ට් වුනා…ඩොක්ටර්ස්ලා මොනවද බ/න් කියලා තියෙන්නේ..? අරාබි දන්නේ නැති නිසා මට මොකුත් අහගන්න බැරුව හිටියේ…”
මම එහෙම අහපු ගමන් විරාජ්ගේ මුහුණ වෙනස් වෙලා ගියා…
මට මොකක්ද වෙලා තියෙන්නේ?
ඇයි මම ඒක අහපු ගමන් විරාජ්ගේ මුහුණ වෙනස් වුණේ මම එහෙම කල්පනා කරන්න ගත්තේ ලොකු කුතුහලයකින් ….
“උ/ඹ පහුගිය දවස් ටිකේ මොනවා හරි ගැන කල්පනා කරාවත්ද?…”
විරාජ් එහෙම ඇහුවේ මගේ දිහා අනුකම්පා සහගත බැල්මක් හෙලන ගමන්..මේ තරමට මගේ දිහා අනුකම්පාවෙන් බලන්න මට හැදිලා තියෙන්නෙත් මාරාන්තික රෝගයක් වත්ද ?මගේ හිතේ සැක සංකා මතු වුණා.
“මොකක්ද බ/න් මට වෙලා තියෙන්නේ..වෙලා තියෙන දෙයක් කෙලින් කියපන්..”
මම එහෙම කිව්වේ තවත් නම් මට ඒ දේවල් දැනගන්නකම් ඉවසීමක් තිබුනේ නැති නිසා.
“කලබල වෙන්න එපා මචන්..”
ඔහු එහෙම කිව්වම නම් මගේ හදවතේ ගැස්ම පවා එක් මොහොතකට වැඩි වුණා
“කියන දෙයක් ඉක්මනට කියප//න්කෝ තෙපර බාන්නේ නැතුව..උ/ඹ මට හාට් ඇටෑක් හදවන්නද හදන්නේ.”
“උ/ඹ මොනවා හරි ගැනම ලොකුවට කල්පනා කරලා තියෙනවා..උ/ඹ/ට හොඳටම ප්‍රෙෂර් ඇවිත්…”
විරාජ් එහෙම කිව්වම මම කල්පනා කරේ මෙතෙක් දවස් කවදාවත් නොතිබුණු දැඩි හිසරදයක් මට ආවේ ඒ නිසා වෙන්න ඇති කියලා….
“උ/ඹ කලින් කියපු විදිහට මම බය වුනේ මට මොකක් හරි ලොකු මාරාන්තික ලෙඩක් හැදිලා වත්ද කියලා…”
“මාරාන්තික ලෙඩක් නම් නෙමෙයි තමයි…ඒ වුණත් උ/ඹ/ට දැන් සේරම අකුලගෙන මෙහෙන් යන්න වෙන්නනේ.”
විරාජ් එහෙම කිව්වම නම් මගේ ඇඟට හීන් දාඩියත් දැම්මේ මම ඩුබායි ආවේ බැංකුවේ රත්තරන් බඩු තියලා දහ අතේ ණය වෙලා නිසා.
“ඇයි කම්පැනි එකෙන් මොනාද කියල තියෙන්නේ….”
මම එහෙම අහපු ගමන් විරාජ්ගෙ මුහුණ සුදුමැලි වෙලා ගියේ එක්වරම.
“වෙරි සොරි මචං..කම්පැනි එකෙන් උ/ඹ/ව අස් කරන්න හදන්නේ.”
විරාජ්ගේ වදන් වලට මගේ ඇඟ පණ නැති වෙලා වගේ ගියා…
“මේ වගේ ලෙඩක් හැදුනාම එහෙමත් අස් කරනවාද?..ප්‍රෙෂර් කියන්නේ මහා ලොකු ලෙඩක් නෙමෙයි නේ…”
“උ/ඹ එතන ඔෆිස් එකේ වැඩක් කරනවා නම් උ/ඹ/ට ප්‍රෙශර් තියෙනවා කියන එක උන්ට ලොකු අවුලක් වෙන එකක් නැහැ.. උ//ඹ වගේ ඇඟ මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් ගොඩක් නිරෝගී වෙන්න ඕනේ කියලා උන් හිතන්නේ…අසනීප තත්ත්වයකින් ඉන්න කෙනෙක් රාජකාරි වෙලාවෙදි හදිසියේ මොනවා හරි උනොත් උ//න්ටනේ වගකියන්න වෙන්නේ..උන් දැනටමත් ජොබ් බෑන්ක් එකට දන්වලා තියෙන්නේ උ/ඹ වෙනුවට වෙන කෙනෙක්ව වැඩට එවන්න කියලා..”
අම්මාගේ කන කණකර ආයිත්තම් උගසට තියලා එතෙරට ආවේ මුදල් ටිකක් හොයාගෙන ගේ ලෝන් එක ගෙවලා ණය බරෙන් නිදහස් වෙන්න…මේ දේවල් කොහොම කටක් ඇරලා අම්මට කියන්නද කියලා මම කල්පනා කරා..වෙන අම්මලා දරුවන්ගේ සතුට ගැන සතුටු වෙද්දී මගේ අම්මා හැමදාමත් මම ගැන හිතලා දුක් විඳිනවා…
ජීවිතය ඇයි මට මෙතරම් අකාරණාවන්ත වෙන්නේ…..
ඇයි මට පස්සෙන් පන්න පන්න දුක් දෙන්නේ මම නිහඬව එහෙම කල්පනා කරේ…
“හැබැයි උ/ඹ/ට මෙහෙම දෙයක් කරන්න පුළුවන්…ජොබ් බෑන්ක් එකත් එක්ක කතා කරලා වෙන තැනක් සෙට් කරගත්ත නම් හරි.’
විරාජ්ගේ ඒ වදන් මගේ සිතේ මිය ගොසින් තිබුණු බලාපොරොත්තුවලට නව පණක් ලබා දුන්නා..
“අනේ විරාජ්…කොහොම හරි කතා කරලා වැඩේ සෙට් කරලා දීපන්කො..”.
“හරි මම කතා කරලා බලන්නම්..උ//ඹ ඉක්මනට හොඳ වෙයන්කෝ…මම එහෙනම් යන්නම්..”
ව්රාජ් මගෙන් සමුඅරන් නික්ම වෙලා ගියත් මම කල්පනා කරන්න ගත්තේ මගේ ජීවිතය කුමන දිශාන්තියකට හැරේවි ද කියලා කල්පනා කරන ගමන්..
මම මගේ මොබයිල් එක අරගෙන අම්මාට ඇමතුමක් ගත්තේ අම්මාගේ හිතට තවත් බරක් දෙන්න කියලා හිතාගෙන නෙමෙයි.අම්මට මේ දේවල් කියලා මගේ හිත නිදහස් කරගන්න කියලා හිතලා…
“හලෝ..අම්මේ…”
“කොහොමද මගේ පුතේ., පුතා හොඳින් ඉන්නවද?මම මේ පුතාව මතක් කරකර හිටියේ….මම පුතා ගැන නරක හීනයක් දැක්කා…”
අම්මා බියපත් කටහඬ්න් එහෙම අහනකොට මට ඇත්තටම පුදුමත් හිතුනා..
දරුවෙක්ව කාට තේරුම් ගන්න නොහැකි වුණත් වැදූ මවට දරුවෙක්ව කොයි තරම් නම් දැනෙනවාද කියලා මට ඒ මොහොතේ හිතුණා…
“මොකෝ පුතේ සද්දයක් නැත්තෙ..?”
අම්මගේ කටහඬේ තිබුණු වියපත්බව මට දැනුනා..අම්මව තවත් බියපත් නොකර මම සිදුවූ සියල්ල අම්මාට පැවැසුවා…
අම්මා ඒ සියල්ල අසා ලොකු හුස්මක් පිට කරා…
“අනේ මන්දා පුතේ.මගේ පුතා අන්තිමේදී ලෙඩෙකුත් වුණා..මේ සේරටම වගකියන්න ඕනේ අර මහා අම්මන්ඩියි දෝණියැන්දයි..මගේ දරුවාගේ ඔළුව කෑවා..දැන් පුතේ ඔය රස්සාව නැති වුණාට පස්සේ පුතා කොහොමද ඔහේ ජීවත් වෙන්නේ..?.එහෙම රස්සාවල් හොයාගන්න අමාරුයි නේ ?”
“මට මෙහේ ජොබ් එක සෙට් කරපු යාළුවා අද මාව බලන්න හොස්පිටල් එකට ආවා.. ඌ මට කිව්වා ජොබ් බෑන්ක් එකට කියලා වෙන ජොබ් එකක් අර සෙට් කරලා දෙන්නම් කියලා.”
අම්මා මොහොතක් කල්පනා කළේ කළේ කිසිවක් නොකියා..
“මගේ හිත කියන්නේ පුතා මෙහේ ආවා නම් හරි කියලා…පුතා කල්පනා කරලා බලලා හොඳ දෙයක් කරන්න…මම දන්නවා ඔයාට ඔළුව උස්සගන්න බැරි වෙන්න එක පිට එක කරදර වෙන්නේ කොහොමද කියලා?..”
“ඇයි අම්මා එහෙම කිව්වේ?.”
මම එහෙම ඇහුවේ පුදුමයෙන්..
“නෙහාරා ගේ අම්මා කවුද කට්ටඩියෙක් අල්ලගෙන මගේ පුතාට වින කරනවාලූ..ඔය ගෑ//නි මේ ලඟදිත් පුතාට රට ඉන්න බැරි වෙන්න කියලා පොල් ගැහුවලූ..”
“අම්මා කොහොමද දන්නේ ?..”
“මට එදා කතා කරලා ඔය ගෑ///නිම කිව්වා.උ/ඹේ පුතාට වැඩි කාලයක් රට ඉන්න දෙන්නෙ නැහැ කියලා..දුවගේ ජීවිතය විනාශ කරා කියලා පොල් ගහනවා කිව්වා .ඔය මහ අම්මන්ඩියි දුවයි පුතාගේ පෙර ආත්මයක ජන්මාන්තර හතුරෝ දෙන්නෙක් වෙන්න ඇති..ඒකනෙ දෙන්නත් එක්ක එකතු වෙලා මේ විදියට පන්න පන්න පලිගන්නේ…අනේ මන්දා පුතේ වෙලාවකට මට මම ගැනම තරහ යනවා…මම හින්දයි මගේ පුතාට මේ සේරම උනේ කියලා..”
“අම්මා හින්දා වුනේ කොහොමද?.”
“ඇයි ඉතින් මමනේ පුතාට ඔය ම//ගුල කතා කරල දුන්නේ..අපරාදේ නිදහසේ පාඩුවේ හිටපු මගේ කො//ල්ලාට හොයලා බලන්නේ නැතුව නොගැලපෙන මගුලක් කරලා දීලා කරගත්තු දෙයක්…අපි කොහොම හරි ඔය ණය ටික පියවමු..පුතා එහෙට වෙලා තනියම දුක් විඳින්න ඕනේ නැහැ.. මෙහෙ එන්න..”
මම මොහොතක් වෙලා කල්පනා කරේ අම්මා කියපු දේ ගැන..එහෙම එක පාර මෙහෙ දාලා යන්න හිත හදාගන්න අමාරුයි..කොහොමහරි විරාජ්ට කියලා වෙන ජොබ් එකක් හදාගන්න ඕනේ…
මම එහෙම තීරණය කළා.
“බලමුකෝ අම්මේ..දැන් නෙහාරාගේ ඩිලිවරි එකත් ලග ඇති නේද?..අම්මා පොඩ්ඩක් හොයලා බැලුවේ නැද්ද?”
“මම හිතන්නේ හෙට අනිද්දම දරුවා ලැබේවි..කොහේ හොයන්න බලන්න ද පුතේ?..මම දැන් මාස කීපයකට කලින් එහේ ගියා අර දරුවාව බලල එන්න කියලා..ඒ මහ අම්මණ්ඩි මට ගෙට ගොඩ වෙන්න දුන්නේ නෑ..මාව ගෙදරින් පන්නල දැම්මා..ඒ ලැබෙන්න ඉන්නේ පුතාගේ දරුවෙක් කියලාවත් හිතන්නේ නැති හැටියක්..”
මම ලොකු හුස්මක් පිට කළේ උ//ඹත් ලැබෙන්න ඉන්න මගෙ දරුවත් ගැන හිතලා..උ//ඹ දැන් කාලයක් තිස්සේ මගේ ඇමතුමකට වත් පිළිතුරක් දෙන්නේ නැහැ..මාව ඒ තරමට නොසලකා හරිනවා…අඩුම තරමේ උ/ඹ මට උ/ඹේ සැපදුක් වත් හොයන්න දෙන්නේ නැහැ ..
“ඔව්වා තව කල්පනා කරන්න එපා පුතේ..ඔය ඉවරයක් නැති ප්‍රශ්න ගැන කල්පනා කරලාමයි පුතා ලෙඩ වුණේ..”
අම්මාගේ කටහඩේ තිබුණේ ලොකු පසුතැවිල්ලක්..
“හරි අම්මේ මම එහෙනම් තියන්නම්…”
“හා..පුතා එහෙනම් පරිස්සමෙන් ඉන්න.පුළුවන් තරම් ඉක්මනට එන්න බලන්න..පුතා ඔහේ ලෙඩ වෙලා තනියම
දුක් විඳිනකොට කොහොමද පුතේ මේ සැලසීමෙන් ඉන්න..”
අම්මා ඇමතුම විසන්ධි කළේ එහෙම කියලා…මම නිසා අම්මටවත් කවදාකවත් සැනසීමක් නෑ…මම රෝහල් සයනයේ වැතිරිලා කල්පනා කළේ එහෙම…
💔💔💔💔💔💔💔💔💔
රෝහලෙන් පිටවෙලා ඇවිත් සෑහෙන කාලයක් ගත වෙලා වුනත් මට තවමත් ජොබ් බෑන්ක් එකෙන් රැකියාවක් ලැබුණේ නැහැ…විරාජ්ට කීප වතාවක් කතා කරත් ඔහුගෙන් යහපත් පිළිතුරක් ලැබුණේ නැහැ.රැකියාවක් ලැබුණෙ නැති ගැන පොඩි පොඩි කුලී වැඩ කරලා මම සුළු ආදායමක් හොයා ගත්තේ…
මම හොස්ටල් කාමරයේ මගේ සයනයේ වැතිරිලා කල්පනා කරමින් හිටියා..අබ්දුල් ඔහුගේ සයනයට වෙලා මොබයිල් එකෙන් දිගු ඇමතුමක නිරත වෙලා ඉන්න හැටි මම දුටුවා..ඔහු ඒ කතාකරන ඉරියව්වලින් ඒ කතා කරන්නේ ඔහුගේ බිරිඳ සමඟ කියලා මට වැටහුණා.හැමදාම වැඩ ඇරිලා ඇවිත් ඔහු තමන්ගෙ මහන්සිය නිවාගන්නේ බිරිඳ සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීලා..කුමාර් වුණත් එහෙමයි ඔවුන්ගේ ජීවිතයට එහෙම හරි සැනසීමක් තියෙනවා..මගේ ජීවිතයට එහෙම සැනසීමක් වත් නැති හැටි.මට එහෙම හිතුනා….
රස්සාව නැතිව මාස තුනක් ගත වෙනවා.
මම ගණන් බලපු හැටියට දැන් අපේ දරුවා මේ ලෝකයට බිහි වෙලා දැන් මාස දෙකකුත් වෙනවා ඇති..
මම මගේ ලෙයින් ඉපදුනු මගේ දරු පැටියාගේ මුහුණ දකින්න වත් වාසනාවක් නැති අවාසනාවන්ත පියෙක් කියලා හිතලා මගේ ඇස් අගට කඳුලක් මෝදු වුණා…
තාක්ෂණය මෙතරම් දියුණු එකේ මට මගේ දරු පැටියාගේ මූණවත් බලාගන්න විදිහක් නැහැ..නෙහාරාට කෙතරම් ඇමතුම් ගත්තත් ඇගේ මොබයිල් එක වැඩ කරන්නේ නැහැ..
ඇය අනිවාර්යයෙන්ම මගේ මොබයිල් නම්බර් එක බ්ලොක් කරලා ඇති කියලා මට හිතුනු නිසාම මම දවස් කීපයක්ම වෙනත් අංකවලින් ඇමතුම් ගත්තා..එතකොට ඒ අංකය වැඩ කරත් ඒ ඇමතුම්වලට ඇය පිළිතුරු නොදුන්නේ විදේශගත ඇමතුම් නිසා මම කියලා සැක කරලා වෙන්නැති කියලා මට හිතුනා….
කල්පනා නොකර ඉන්න කොතරම් උත්සහ කළත් නමුත් මම කොහොමද කල්පනා නොකර ඉන්නේ…මම මගේ සයනේ ඒ පැත්තට මේ පැත්තට හැරී හැරී නිදා ගන්න උත්සාහ කළත් නින්ද ඇස් වලට ආවේ නැත්තේ සිතුවිලි තවමත් අවදියෙන් නිසා….
මගේ ඇඳ මත තිබුණු මොබයිල් එක නද දෙන්න ගත්තේ එක්වරම…මම එක්වරම තිගැස්සිලා කලබලයෙන් ඒ ඇමතුමට පිළිතුරු දුන්නේ උ/ඹ/ගෙන් ඇමතුමක් වත්ද කියලා..වෙන හැමදාම වගේ අදත් මගේ බලාපොරොත්තුව සුනු විසුනු උනේ ඒ ඇමතුම උ/ඹ/ගෙන් නොවුණු නිසා..
විරාජ්ගේ මොබයිල් නම්බර් එකයි ස්ක්‍රීන් එකේ සඳහන් වෙලා තිබුණේ..මම ඒ ඇමතුමට පිළිතුරු දුන්නේ ඔහු හදිසියේ මේ රෑ ඇමතුමක් ගත්තේ මොකක් හරි හදිස්සියකට වත්ද කියලා..
“විරාජ් මචං කොහොමද?..”
“ඔහේ ඉන්නවා බ/න්…”
“ඉතින් මොකද මේ හදිස්සියේ…”
මම එහෙම ඇහුවම ඔහු මොහොතක් වෙලා නිහඬව හිටියේ කටහඬ අවදි කරන්න බැරුව වගේ…ඔහුගේ කටහඬින් ඔහු මේ ඉන්නේ කිසියම් ගැටලුවකින් කියලා මට වැටහුණා..
“ඇයි බ/න් කතා කරන්නේ නැත්තේ..ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?..”
“ඔව් බ/න්..මම මේක උ/ඹ/ට කොහොමද කියන්නේ කියලා කල්පනා කරේ…ප්ලීස් මචං උ/ඹ මේක අහලා කලබල නම් වෙන්න එපා…”
විරාජ් එහෙම කිව්වම මම එක්වරම නොසන්සුන් වුණේ ඒ ගමන තවත් මොනවා හරි දෙයක් මාව සොයාගෙන එනවද කියලා කල්පනා කරන ගමන්…..
හමුවෙමු මීලඟ කොටසින් 💔💔💔💔
කතාව දුක්බරයි තමයි…ලස්සන ෆැන්ටසි ලෝකවලට ඔයාලව ගෙනියනවාට වඩා සැබෑ ජීවීතේ මොන වගේද කියලා ඔයාලට කියලා දෙන්නයි මම මේ කතාව ඔයාලට ගෙනාවේ..ජීවිතයේ යථාර්ථය දැනගත්තොත් ඔයාලට ජීවිතයේ අතරමං නොවී ඉන්න පුළුවන් වේවි..මගේ මේ වෑයම එයයි..
කතාව කියවලා අහක බලාගෙන යන්න එපා..ලයික්,කමෙන්ට්ස් දාගෙන යන්න