23 දිගහැරුම 🌻
ඔහු හා නුවරඑළිය නගරයේ සුන්දර ස්ථාන කිහිපයක් නරඹා අවහලක් වෙත ගොඩ වුයේ . උනුසුම් කොපි බදුනක් රස වීදිමේ අදහසිනී ….
“මේ…මේ අයියේ අපි හොටෙල් එකට යන්ද..දැන් අපි ඇවිද්දානේ ඇති නේ….”
ගතට දැනෙන වෙහස ඔහුට නොපෙන්වමින් ඈ ඔහුට පවසන්න වුයේ . රිදුම් දෙන්න කකුල් පිරිමදිමින් ය…
” එක තමයි මැට්ටිට මන් කිව්වේ ..අද ඉදලා හෙට ඇවිදින්න එමු කියලා .කොහොද ඉතිං පණ්ඩිත කමනේ ඔක්කොටම වඩා..”
” අනේ බනින්න එපා ඉතිං ..මන් එච්චර හිතුවේ නෑ …එත් දැන් ටිකක් මට මහන්සි වගේ.”
” හරි කෝ එන්න මන් අරන් යන්නම්…”
” අනේ මාව බිමින් තියන්න .මිනිස්සුත් අපි දිහා අමුතුවට බලනවා…”
කේශ්වර ඈ සිය දෝතට ගෙන මෝටර් රථයට වෙත ඇදෙන්න වුයේ ..ඈ ඔහුගේ ගෙල පාමුල හිස සගාවා ගනිද්දිය …….
” යකෝ මේක හරි වැඩක් උනානේ..මන් උස්සම් ඉන්නේ මගේ ගෑනිවනේ…උන්ට ඕනි එකක් හිතාගන්න කියලා අපි යන් දෝණී …..”
.
” හම්බෝ දැක්කේ නැති ටික කාලේට කෙල්ල පාට වැටිලා..මොකෝ හස්බන්ඩ් රවුමක්වත් එක්ක ගියාද……
ම්…මට ඇඹෙරෙන විදිහනම් එච්චර අල්ලන්න්නේ නැ……මොකෝ…දොස්තර මහත්තයා ……”
” අනේ යන්න තුරි ..යන්න මෙතන තව මිනිස්සු ඉන්නවා..ඔයාටත් කියවන්න ගියාහම ඉන්න කොහොද කියලවත් ගානක් නෑ…….”
” අනේ මේ හාසි උබ මගෙන් අහගන්නේ නැතුව ඉදහන්..උබ මේ කතා වෙන පැත්තකට හරවන්න ඔනි කමටනේ ඔහොම කියන්නේ …හරි හරි බලමුකෝ ..අපිත් ඉතිං ඉන්නේ මෙහෙමනේ……”
” අනේ මේ වරෙන් යන්න ලෙක්චර් එකට පරක්කු වෙනවා….”
” අන්න අදත් අරු ඉන්නවා..දැක්කේ නෑ වගේ යමු..නිකන් බොරුවට ප්‍රශ්න දාගන්න ඕනි නැනේ…”
විශ්වවිද්‍යාලය නිමා වී තුෂාරි හා අහිංසා සුපුරුදු ලෙස බස් නැවතුම වෙත පැමිනෙද්දී ..එ අසල මාර ගහයට ආදිත්‍ය හා ඔහුගේ කැල සිටින නිසාවෙන් ..ඔවුන් දෙදෙනා බිම බලා ගෙන ඔවුන් පසු කරගෙන ඉදිරියට පැමිණෙන්නට විය…
” එයි නවතිනවා……….
තමුසෙලා දෙන්නාට තමා කිව්වේ …”
” උබලාගේ හෙල ලොකු ලයින් නේ..අපි කතා කරහම ඇහුන් නෑ වගේ යන්නේ .නේද.”
ඔවුන් දෙදෙනාගේ මග හරස් කරගනිමින් ඔහු සිටගන්න වුයේ …අහිංසා බියෙන් තැතිගැන්වෙද්දිය ….
” නැ..නෑ. මේ..මේ එහෙම එකක් නැ අයියේ .”
අහිංසා කොහොමත් ඉතා නිශ්ශබ්ද චරිතයක් වන නිසාවෙන් කිසිවක් නොපවසා සිටින නිසාවෙන් තුෂාරි කතා කරන්නට විය.
” මොකෝ ඔයාගේ යාලුවගේ කට වැහිලා.එයා අපිත් එක්ක කතා කරන්න කැමති නැද්ද……හරි හරි එ කතා වලින් වැඩක් නැ..ඔයා පොඩ්ඩක් පැත්තකට වෙන්නකො .මට ඔයාගේ යාලුවා එක්ක පොඩි කතාවක් තියනවා….”
” මේ..මේ අයියේ එ..එයා..”
” මේ අනුන්ගේ සීනි කිරන්නේ නැතුව .තමුන් කට වහගෙන පැත්තකට වෙනවද..මන් මෙතන මෙයාව ගිලින්න ආවේ නෑ..පොඩ්ඩක් කතා කරන්න විතරයි ඕනි කිව්වේ….”
” හරි වැඩි කතා ඕනි නෑ ….මේකයි චුටි නෝනා කතාව .මන් තමුසෙට කැමති ..එකේ අයි කතා දෙකක් නැ..
තමුසෙ බැදපු කෙනෙක් කියලා මන් මෙච්චර දවසක් දැනන් හිටියේ නෑ..සාමාන්‍යයෙන් මට බැදපු එකියක් පස්සේ යන්න තරන් අමාරුවක් නෑ…..
හැබැයි තමුසෙ බැදලා ඉන්නේ අර කෙශ්වරයාව කියලා දැන ගත්තහම නම් මන් මගේ ප්රතිපත්තය පොඩ්ඩක් වෙනස් කරගන්න හිතුවා…….
මොකද ඕක එක්ක මට බේරගන්න පරණ ඇරියස් ටිකක් තියනව…පුලුවන් නම් මගෙන් පරිස්සම් වෙලා ඉන්නවා..මොක්කද මන් එක දවසකට හරි උබව මන් ගාවට ගත්තේ නැත්නම් මන් මරදානේපොඩි ලැසි නෙවෙයි ……”
අවසාන වදන් කිහිපය ඇගේ දෙසවන් අද්දරට පහත් වී පවසන්න වුයේ ඇගේ ගත කිලිපොලා යද්දිය…….
” එහෙනම් අපි ගියා චුටි නෝනා….”
” හාසි……………”
කපාහෙලු කෙසෙල් කදක් සේ අහිංසා සිහි රහිතව ඇද වැටුනේ …මිතුරියගේ විලාප මධ්‍යයේය……
මතුසම්බන්ධයි