බැඳීමක් නැති මුදුවක්💔
22 වන කොටස
“දැන් මොනවද අම්මා කරන්න හදන්නේ..”
“මම සුදුව ගෙදර ගෙනියනවා…”
“ගෙදර ගෙනියන ඒ මොකටද?..”
“ඒ මොකටද කියලා අහන්නේ ත//මුසෙගෙ ගෑ//නි වෙන්න කලින් සුදු මගේ දරුවා උනේ…ත//මුසෙට ත//මුසෙගේ ගෑ//නි ගැන කැක්කුමක් නැති වුණාට මට මගේ දරුවා ගැන කැක්කුම තියනවා..ඒ දරුවා හිඟ//න්නෙක් වගේ ඔහේ වැටිලා දුක් විදින්න ඕන දරුවෙක් නෙවෙයි…මමයි මගේ ම//නුස්සයයි ඉන්නකම් මගේ කෙ//ල්ලට දුක් විඳින්න දෙන්නෙ නෑ..”
“අපි කවදාවත් සුදූට දුක් දීලා නෑ..අපි පුළුවන් තරම් උපරිමෙන් සැලකුවා..”
“උපරිමයෙන් සලකන්න ත/මුසෙට අතේ සතේ තියෙනවද?….අපිත් මෝ/ඩ වෙලා අපේ දුවව ත/මුසේ වගේ හි/ඟන්නෙක්ට දුන්නනේ..දැන් ඉතින් ගියේ දේවල් කතා කතාකරල වැඩක් නෑ..ඉස්සරහට වෙන දේවල් ගැන කතා කරන්න මම කතා කළේ…”
“දැන් මොකක්ද අම්මා මට කියන්නේ..”
“හෙට සුදූව හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරාම අපි අපේ ගෙදර ගෙනියනවා.මට වෙන කියන්න දෙයක් නෑ..”
“එහෙම කොහොමද ඔයාලා එයාව ගෙනයන්නේ..එයා මගේ වයිෆ්…එයා වැඩ කරන්න ඕනේ මට ඕන විදිහට..”
“ඒවා කොහෙද?අපිටත් සුදු ගැන අයිතියක් තියෙනවා ඔය කොයි කාටත් වඩා…”
නැන්දම්මාගේ වදන් ඊයම් බරු මෙන් මගේ සිතේ තැන්පත් උනා.මෙතෙක් දවස් ඉවසන් හිටියා හොඳටම ඇති..මම හිතුවේ එහෙම…
“අනේ මේ මං මෙච්චර දවස් ඔයාට අම්මා කියලා කතා කරේ මගේ වයිෆ්ගෙ අම්මා නිසා…ඒත් මීට පස්සෙ නම් මම එහෙම කතා කරන්නේ නෑ..අම්මා කෙනෙක් කියන්නේ දරුවන්ගේ ජීවිත වලට ආශිර්වාදයක් ගේන කෙනෙක් එහෙම නැතුව විනාස කරන කෙනෙක් නෙමෙයි..කරුණාකරලා නැන්දම්මේ ඔයා ඔයාගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න…”
නැන්දම්මා මොහොතක් නිහඬව හිටියේ මගේ වදන්වලට..
“අනේ මේ අපි වැඩ කරන්නේ අපිට ඕන විදිහට ..ත//මුසෙට ඕනේ විදිහට නෙමෙයි…මම මගේ දුවව ගෙනියන එක ගෙනියනවා..ත//මුසෙට ඔච්චරම මගේ දුව ගැන කැක්කුමක් තියෙනවානම් කියෙන දේ අහලා රට නොයා ඉන්න තිබ්බා…”
නැන්දම්මා ඇමතුම විසන්ධි කෙරේ ඒ සමගින්..
කිව්වා වගේ අනිවාර්යෙන්ම නැන්දම්මා නෙහාරා ව ගෙනියයි..මම මෙහේ ඉදන් මොනව කරන්නද?.මම ලොකු සුසුමක් පිට කරේ එහෙම හිතන ගමන්…
මම හොස්ටල් රූම් එකේ මගේ ඇඳ මත වැතිරිලා කල්පනා කළේ මේ වෙන්න යන්නේ මොකක්ද කියලා..නැන්දම්මා එක්ක රණ්ඩු වෙන්න අපේ අම්මට පුලුවන්ද?..
නැන්දම්මා අනිවාර්යෙන්ම උ//ඹව ගෙදර එක්කගෙන යාවී..ගෙදර ගියාට පස්සේ නැන්දම්මා උ//ඹේ ඔලුවට විස පුරවාවි.
උ/ඹ/ට එතකොට මාව එපා වේවි…
මගේ හිත මට කියන්න ගත්තේ එහෙම..
අපරාදේ මම සත් සමුදුරක් තරණය කරලා විදේශගත වුණේ කියලා මට ඒ මොහොතේ හිතුණා..මගේ හිතට අසරණකමක් දැනුනේ විදේශගත වෙලා තනිවෙලා ඉන්න මට මේ වෙනුවෙන් කිසිවක් කළ නොහැකි නිසා…
දෑස් පියාගෙන නිදාගන්න උත්සාහ කළත් නින්ද ඇස් අහලකට වත් ආවේ නැත්තේ සිත සිතුවිලි වලින් බර වෙලා හෙම්බත් වෙලා තිබුණු නිසා……
මට ඒ මොහොතේ හිතුනේ රාත්‍රිය වගේම මගේ ජීවිතය දවසෙන් දවස අන්ධකාරය හොයාගෙන යනවාවත්ද කියලා..
💔💔💔💔💔💔💔💔💔
පහුවෙනිදා රාජකාරියට ගිහිල්ලත් මට නිදහසේ වැඩක් කරගන්න වත් නොලැබුණේ ඒ තරමටම මට උ/ඹ/ව සිහිපත් වන නිසා …
හිතට කිසිම සහනයක් සැනසීමක් නැත්තේ මේ වෙනකොට එහේ වෙන්නේ මොනවද කියලා කල්පනා කරද්දි….
මොහොතින් මොහොත අම්මට ඇමතුමක් දීලා වෙන්නේ මොනවාද කියලා හොයා බලන්න හිතුනත් රාජකාරි වෙලාවේ නිදහසේ ඇමතුමක් ගන්න වත් මට වෙලාවක් නැති තරම්…
රාජකාරිය අවසන් වෙලා හොස්ටල් එකට ආපු වෙලාවෙම ඇඳුම් වත් මාරු නොකර මම අම්මාට ඇමතුමක් ගත්තේ තවත් ඉවසන් ඉන්න අමාරු නිසා…
අම්මගේ මොබයිල් එකට ඇමතුමක් ගත්ත මුල්ම වතාවෙම අම්මා ඊට පිළිතුරු දුන්නා…
“පුතේ…”
අම්මගේ කටහඬේම මට දැනුනේ ලොකු පරාජිත බවක්..
“අම්මේ..මොකක්ද අම්මෙ උනේ…සුදු එක්ක ගෙන ආවද?..”
අම්මා සුසුමක් හෙලපු හැටි මට රිසීවර් එකෙන් පවා හොඳට ඇහුණා….
“වැඩක් නෑ පුතේ…මහ අම්//මන්ඩි රණ්ඩු කරලා නෙහාරාව ගෙනිච්චා..මොකුත් කරන්න බැරි වුණා පුතේ..”
අම්මා එහෙම කියපු ගමන් මට දැනුනේ මගේ හදවත කඩාගෙන වැටුණා වගේ…
“ඇයි අම්මේ…අයියව එක්කගෙන ගියේ නැද්ද?..”
“අයියයි නෑනයි දෙන්නම එක්ක ඉස්පිරිතාලෙට ගියේ.වැඩක් වුණේ නෑ පුතේ…ඒ මහා අම්//මන්ඩි ය//ක්ෂණියක් වගේ අපි හැමෝගෙම ඇඟට කඩාගෙන පැන්නා..නෙහාරාගේ තාත්තයි මල්ලියි දෙන්නම අම්මත් එක්ක එකතු වෙලා අපිට දොස් කියලා කෙ ල්ලව අරගෙන ගියා…මගේ පුතා ඕවා කල්පනා කරන්නැතුව රස්සාව කරගෙන ඉන්න..ඕ කු න්ට කවදාහරි දවසක තේරෙයි මගේ පුතාගේ වටිනාකම….”
අම්මා කතා කළේ වෙන කවරදාකටත් වඩා ලොකු ආවේගයකින්…
“මට බය ලංකාවට ආවට පස්සේවත් නෙහාරාගේ අම්මා නෙහාර වයි දරුවා වයි මට ගෙදර එක්කන් යන්න දෙන එකක් නෑ කියලා…”
“එහෙම කොහොමද පුතේ..එහෙනම් ඉතින් මේවා උන්ටම ගියපු රටවල්..නෙහාරාට ඔය ලැබෙන්න ඉන්න දරුවා පුතාගේ…ඔය කාටත් වඩා පුතාට ඒ දරුවා ගැන අයිතිය තියෙන්නේ. එයාලට එහෙම කරන්න ලේසි වෙන එකක් නෑ…පුතා කලබල නොවී ඉන්න…පුතා මෙහේ ආවට පස්සේ නෙහාරා මෙහේ පදිංචියට ඒවි..”
තව දිගින් දිගට අම්මත් එක්ක කතා කරන්න මට අමාරු බව දැනුනේ ඒ තරමට මගේ හිත වේදනාවෙන් ඇඳුම් කන්න ගත්ත නිසා…..
“මම එහෙනම් තියන්නම් අම්මේ…පස්සේ කෝල් එකක් ගන්නම්..”
“ඕවා කල්පනා කරලා නිකරුනේ ලෙඩ නොවී ඉන්න පුතේ..මගේ පුතාට තෙරුවන් සරණයි…”
අම්මා කොයිතරම් ආශිර්වාද කරලා ඇමතුම විසන්ධි කරත් මගේ ජීවිතයට කවදාවත් කිසිම සෙතක් ලැබෙන්නේ නැහැ කියල මට හිතුණා.
ඇයි මගේ ජීවිතයට කිසිම සැනසීමක් නැත්තේ මම දිගින් දිගටම කල්පනා කරන්න ගත්තා…අවසානයේ මගේ හිස පුපුරන්න තරම් කැක්කුමක් මට දැනුනා…පැරසිටමෝල් පෙති දෙකක් බීලා මම ඇඳේ වැතිරිලා දෑස් පියා ගත්තේ තවත් කල්පනා කරොත් මගේ සිහිය විකල් වෙයි කියලා හිතලා…
💔💔💔💔💔💔💔💔
සුපර් මාර්කට් එකේ වැඩ කරපු මාස තුන අවසන් වෙද්දී ජොබ් බෑන්ක් එකෙන් මට වෙනත් තැනකට මාරුවීමක් මට ලබා දුන්නා
අහිකුන්ටකයන් වගේ මාස තුනෙන් තුනට එක රැකියාවකින් තවත් රැකියාවකට මාරු වෙවී යන මේ රැකියාව ගැන මගේ හිතේ ඇති වුණේ ලොකු කලකිරීමක්..
මුලදි දෙනවා කියපු තරම් වැටුපක් අතට ලැබුණෙත් නැහැ ..ඇඟපත මහන්සි කරලා පැය දහයක සේවා මුරය අවසන් වෙලා ආවාට පස්සේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න වත් බැරි තරමට ඇඟපත කකියනවා..
ගතට වගේම හිතට සහනයක් නැත්තේ රෑ තුන් යාමේ පවා උ/ඹයි අපේ ලැබෙන්න ඉන්න දරු පැටියයි සිහියට එද්දී…
මගේ හිත කියන්නෙම ලංකාවට ගියාට පස්සෙත් උ//ඹේ අම්මා මට උ//ඹවයි දරුවාවයි ගෙනියන්න දෙන එකක් නැහැ කියලා..
දරු ප්‍රසූතියට තව තියෙන්නේ මාස තුනක් විතරයි..දැන්නම් උ//ඹේ කුස ලොකු වෙලා මුහුණත් එක්ක පිංපාට වෙලා ඇති කියලා මට හිතෙනවා..
උ//ඹේ මුහුණ දැකගන්න ලොකු ආසාවක් මට ඇති වුණා…මම මගේ මොබයිල් එකෙන් උ//ඹට වීඩියෝ ඇමතුමක් ගත්තා..
කීප වතාවක්ම උත්සහ කළත් උ//ඹ ඊට පිළිතුරු දුන්නේ නැහැ…
මට උ//ඹෙන් වට්සැප් කෙටි පනිවිඩයක් ආවේ ඒ එක්කමයි..
“ප්ලීස් මට වද දෙන්න එපා…”
උ/ඹ මට එහෙම කිව්වත් මම නැවතත් දිගින් දිගටම ඇමතුම් ගත්තේ අඩුම තරමේ මට ඔයා කටහඬ වත් අහන්න ඕනේ කියල හිතුනු නිසා..
කිහිප වතාවක් ඇමතුම් දුන්නට පස්සේ උ/ඹ මගේ ඇමතුමට පිළිතුරු දුන්නා..
“මම කතා කරන්න එපා කිව්වනේ…ඇයි මට වද දෙන්නේ…”
උ/ඹ එහෙම කිව්වේ නෝක්කාඩුවෙන් වගේ…
“මම ඔයාට වද දෙන්නේ නැතුව වෙන කාට වද දෙන්න ද සුදූ…මට ඉන්නේ ඔයා විතරයි සුදු…”
“අනේ මේ බොරු නොකියා ඉන්නවා තමුසේ..මෙහේ ඉඳලා ත/මුසේ මෙච්චර දේවල් කරා නම් රට ගිහින් ත/මුසේ මොනවා කරනවාද කියලා කවුද දන්නේ.මම එපා කියද්දි ගියෙත් ඒකටනේ…”..
“මොකද්ද ඒ කිව්වේ සුදු..?”
“මම විතරක් ඉන්නවා කිව්වේ..තමුසේ දැනටමත් කවුරුහරි ගෑ නි යෙක් හොයාගන්න ඇති…”
ඇත්තටම උ/ඹ් එහෙම කියද්දි මට දැනුනේ දරාගන්න බැරි තරම් ලොකු දුකක්…කවදාවත් එක හීනෙකින්වත් උ/ඹ/ට ද්‍රෝහි නොවුණු මට උ/ඹ මෙහෙම බොරු චෝදනා කරලා මදි කියලා මට හිතුණේ ඒ මොහොතේ…
“අපි මේ ඉන්නේ හොස්ටල් එකක.උදේට
බස් එකේ වැඩට යනවා..ආයේ එන්නේ හොඳටම රෑ වෙලා.. හොස්ටල් එකේ අපි එක්ක ඉන්නේ තව කො//ල්ලෝම දෙන්නෙක්..උ/න් දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්දියන් අනිත් කෙනා පකිස්තාන්..තනියම දුක්විදින මට ඔහොම කියල මදි..”
“ත/මුසෙට ඉතින් කො//ල්ලෙක් වුනත් කමක් නෑ නේ…”
ඇත්තමයි උ/ඹ එහෙම කියද්දී නම් මගේ ඇඟේ * කෝප වුණා..උ/ඹව විශ්වාස කරලා අතීතයේ වෙච්ච හැම දෙයක්ම උ/ඹට කියපු නිසා අද මට මෙහෙම ඇනුම්පද අහන්න වුනේ කියලා මට මම ගැනම තරහක් ඇති වුණා..
“සුදූ තමුසේ දන්නවා ඒ දේවල් උවමනාවෙන් වෙච්ච දේවල් නෙමෙයි කියලා.ත/මුසේ හැමතිස්සේම ඔහොම කියන එක වැරදියි…,”
එයාර්ෆෝස් එකේ ජොබ් එක කරන් හිටියා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ..එහෙනම් අද මට එතෙරට වෙලා මෙහෙම දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා මට ඒ මොහොතේ හිතුණා..අද මම මේ හැම දුකක්ම විඳින්නේ ඒ න/රුම රැල නිසා මම එහෙම හිතලා සුසුමක් හෙළුවා..
උ/ඹ මාත් එක්ක අමනාපයෙන් ඇමතුම විසන්ධි කළා.
මම ඇඳට වෙලා කල්පනා කලේ මේ දේවල් කවදානම් විසඳේවිද කියලා.
කළු කපුටා සුදු වුනත් මෝල් ගහේ දළු ලෑවත් උ/ඹ නම් කවදාවත් වෙනස්වෙන්නේ නැහැ කියලා හිතිලා මට මම ගැනම දුක හිතුණා..
💔💔💔💔💔💔💔💔💔
නිතර දෙවේලේම මගේ හිස කකියන්න ගත්තත් මම එය ගණනකටවත් ගත්තේ නැත්තේ ඒක සාමාන්‍ය හිසරදයක් කියලා හිතිලා..
රාත්‍රී කාලයේ පමණක් හට ගන්නා මේ හිසරදය දහවල් වෙලාවටත් හැදෙන්න ගත්තේ ඊට මාස තුනකින් විතර පස්සේ….
රාජකාරී වෙලාවේත් දැනෙන මේ හිසරදය නිසා මම සේවා කටයුතු පවා සිදු කරේ මහත් අසීරුවකින් ..
ආයාසයෙන් දරාගෙන වැඩ කරමින් ඉන්නා මොහොතක මට තද හිසේ කැක්කුමක් ආවේ කලන්තයක් එක්කමයි..
දෑස් නිලංකාර වෙලා මම සිහි නැතුව ගියේ රාජකාරී ස්ථානයේමයි…මට යලි පියවි සිහිය එද්දි මම උන්නේ රෝහල්ගත වෙලා…
මට මොකක්ද එකපාරටම වුනේ..ඇයි මාව රෝහල් ගත කළේ කියලා මට අහගන්න වත් කිසිවෙකුවත් රෝහලේ හිටියේ නැහැ…
ඒ හිටපු රෝහල් කාර්‍ය මණ්ඩලයම කතා කළේ අරාබි බාසාවෙන් පමණයි..
බැලූ බැලූ අත පෙනෙන්න හිටියේ අරාබී ජාතිකයන් අතර මම තනිවෙලා හිටියා..
මගේ ඇස් දෙකට සැනසිල්ලක් දැනූණේ මම නැවතිලා උන්නු රෝහල් කාමරයට ඒ මොහොතේ ඇතුළු වුනු ඒ පුද්ගලයා දැකලා…
ඔහු දිහා බැලූ බැල්මට මට හිතුණේ ඔහු මා එක්ක හිනාවුනේ ආයාසයකින් කියලා ..
“මොකක්ද මචං උ//ඹට එකපාරට වුණේ…”..
විරාජ් එහෙම ඇහුවේ මගේ අතේ කුඩා පාර්සලයක් තියන ගමන්…
“දන්නේ නෑ මචං…මට ටික දවසක ඉඳන් පොඩි ඔලුවේ කැක්කුමක් තිබ්බා.මම ඒක ගණන් ගත්තේ නැහැ..පැරසිටමෝල් බිබී හිටියා…එකපාරටම අද උදේ ෆැක්ටරි එකේ හිසරදයක් ඇවිත් මාව ෆේන්ට් වුනා…ඩොක්ටර්ස්ලා මොනවද බ/න් කියලා තියෙන්නේ..? අරාබි දන්නේ නැති නිසා මට මොකුත් අහගන්න බැරුව හිටියේ…”
මම එහෙම අහපු ගමන් විරාජ්ගේ මුහුණ වෙනස් වෙලා ගියා…
මට මොකක්ද වෙලා තියෙන්නේ?
ඇයි මම ඒක අහපු ගමන් විරාජ්ගේ මුහුණ වෙනස් වුණේ මම එහෙම කල්පනා කරන්න ගත්තේ ලොකු කුතුහලයකින් ….
හමුවෙමු මීළඟ කොටසින්