22 දිගහැරුම 🌻

නැවුම් දිනකට අරුණළු කැන්දමින් හිරුසෙමෙන් සිහින් මිදුම් පටල එබිකම් කරන්න වුයේ …..එකිනෙකට තුරුල් වී සුව නින්දක හිදින ආදරණියන්ට බාධා කරමින්‍ ය..

සෙමෙන් සෙමෙන් දෙනෙත් විවර කල ඔහුගේ නෙත ගැටුනේ සිය ලයට ගුලි වී හිදින ඇගේ රුවයි…මදසිනාවකින් මුව සරසා ගෙන ඇගේ මුව මත දග කරන කෙහෙරැල්ල ඇගේ කන පිටුපසින් රදවමින් ඇයගේ නලල් තලය මත සිය තොල් පෙති අතුරන්නට විය….

ගෙවි ගිය සුන්දර රාත්‍රීයේ ඈ සිය නමට ලිය වුයේ දෙදෙනම එක් අයෙක් කරමින්‍ ය…

විඩාබර මැලවී ඇති ඇගේ වත සෙමෙන් පිරිමැද ඔහු ඈ අවදි නොවන ලෙස යහනෙන් මෑත් වුයේ ඈ පොරණයෙන් හොදින් ආවරණය කරමින් ය….

” දෝණී ……..”

” ම්………..”
ඈ තව තවත් පෝරෝණය තුලට ගුලි වෙමින් හඩක් පමණක් නගන්න වුයේ ..ඔහුට සිනාහවක් මැවෙද්දීය …….

” අද දවසම් නිදාගන්නද හිතන් ඉන්නේ ..” යහනෙහි ඇය අසලින් වාඩි වු ඔහු ඇයගේ හිස පිරිමදිමින් ඇය අවදිකරන්න වුයේ …දැන්ටමත් උදෑසන දහයේ හෝරාව ඉක්ම වී ඇති නිසාවෙන් ඇයට කුමක් හෝ කෑමට දිය යුතු බව සිතමින් ය….

” කෝ ඔය ඇති දැන් නිදා ගත්තා ..මේ මන් ඔයා කැමතිම නුඩ්ලස් එක්ක මෂ්රූම් සුප් එකක් ඕඩර් කරා..නිවෙන්න කලින් කන්න ඔනිනම් දැන් නැගින්න…..”

” ඈ..නුඩ්ලස් කෝ..අනේ මට දෙන්නකෝ…නරකයා මගේ ටික එහෙම කෑවේ නැ නේද……”

ඔහු පවසා නිම වෙනදවාත් සමග ඈ යහනෙන් මෑත් වුයේ විදුලි වේගයෙනි …..

“හී……හී…”

” මොක්කද මෝඩයෝ හිනා වෙන්නේ ..ඩෝකා කියලා බලන්නේ නෑ..දෙනෙනේ උඩින් යන්න..”

” හරි හරි මට උඩින් යන්න දෙන්න කලින් ඔය නෝනා ඔය එලියෙ දාන් ඉන්න ගජමැටික් ටික වහ ගන්නකෝ..” මුවින් ගිලිහිමට වෙර දරන සිනහව මැඩගනිමින්‍ ඔහු පවසන්න වුයේ ඇගේ දෑස් පුදුමයෙන් විසල් වෙද්දිය …

සිය බදෙන් පහලට වැටි තිබු පොරෝණය හනික ගෙන සිය ගත වටා දවාටා ගන්න වුයේ .ඔහුට හොද හැටි රවමින් ය..

” යන්න මැණික ගිහින් උණුවෙන් වොශ් එකක් දාන්න එන්න අපි මොනවා හරි කාලා පොඩ්ඩක් එලියට යන් ඇවිදින්න ……”

ඇයව තවත් අපහසුතාවට පත් නොකර ඔහු ඇයව සිය දෝතට ඔසවාගෙන වොශින් බේසින් එක මත තබා පවසන්නට වුයේ හිස පිරිමදිමින් ය..

ඇය කිසිවක් නොපවසා හිස දෙපසට සොලවන්න වුයේ ඔහුට මුහුණ දීමට අපහසු වෙනි….

” උබට කතා කරන්න පුලුවන්ද..කෙල්ල ලග නැනේ…..”

” නෑ නෑ බන් කියහන් කෙල්ල බාත්රූම් එකේ….”

” ම්..උබ අදවත් කෙල්ලට ඔය ගැන කියනවද…”

” අනේ මන්දා බන් මට තාමත් හිතාගන්න බෑ .කොහොමද බන් මන් කෙල්ලට කටක් ඇරලා එක කියන්නේ …මන් මේ දේවල් මෙච්චර පරක්කු කරෙත් එකයි..එත් හැමදාමත් එක කරන්න බෑනේ……”

” මේකයි කේශ් උබ එක්කෝ ඕක දැන්ම කෙල්ලට කියන්න එපා…තාම නංගීට ඔය දේවල් ගැන තේරුම්ක් නැති වෙයි..අපි කෙල්ල කැම්පස් අවුට් වෙනකන් මේ හිටියා වගේ ඉමු…අනික ප්‍රොෆෙසර් මේ මාසෙ අන්තිමට අයි ලංකාවට එනවා..අපි සර්වත් ආයි හම්බෙලා මේක ගැන කතා කරලා .ඊට පස්සේ කරන දෙයක් කරමු……”

” හුම්..එහෙමවත් කරමු..හරි බන් එහෙනම් මන් තියනවා ..උබ අර සිරිපාදේ යන වැඩේ පොඩ්ඩක් බලහන්..ලබන මාසේ දිහාවට යමු..”

” හරි බන් මන් බලන්නම් ….”

” දෝණී එන්න මෙතනින් වාඩිවෙන්නකෝ..

ඉන්න මන් අද ඔයාට කවන්නම්..”

” කමක් නෑ මන් කන්නම් මහත්තයා ….”

” නැ..දෝණී ඉන්නකෝ අපි මේ ටික කාල පෙනඩෝල් දෙකක් බිලා හවස් වෙලා යන් පොඩ්ඩක් ඇවිදන……”

” අනේ අපි කාපු ගමන් යමුකෝ…..”

” අනේ දෝණී එහෙම බැනේ..බලන්න ඔයා ඉන්නේ තාම මැලවිලා වගේ…ඉතිං ඔයාට පුලුවන් දැන් ඇවිදින්න යන්න….”

” නැ ..එහෙම ප්‍රශ්නයක් නෑ …අනේ අපි යන්කෝ ..මහත්තයා ……”

” හුම්..ඔයා කියනවනම් යමු..මට ප්‍රශ්නයක් නෑ …..”

” හී ඔයා හලි හොදයි අනේ……”

ඇ ඔහුගේ කමුල මත හාදුවක් තවරමින් පවසන්න වුයේ ..ඔහු ඇයට රැවුමක් පා කරද්දිය …………….

මතුසම්බන්ධයි