නිසල සඳ මඩල 🌬
☁️02 වන කොටස ☁️
ගෙදරින් පිටත් වෙලා විනාඩි කිහිපයක් ගත උනත් වෙනදා වගේම කිසිම කතා බහක් නැතුව එයා වෙහිකල් එක ඩ්‍රයිව් කරන්නේ මන් කියලා කෙනෙක් වාහනේ ඉන්නවද කියලවත් ගානක් නැතුව …….
මගේ සයිඩ් එකේන් ඩෝ ඒකෙ වින්ඩ්ස් ක්‍රීරින් එකට කවුරු හරි තට්ටු කරනවා ඇහිලා ගැස්සෙද්දී මට තේරුනේ මන් මෙච්චර වෙලාවක් එයා දිහා බලන් ඉදලා කියලා .
දෑස් වලින් එයා මට පිටි පස්සේ සීට් එක පෙන්නුවේ.මන් බහිනකන් බලන් ඉන්න එයාට හිනාවකින් ඉස්සරහා සිට් එක අතකින් පෙන්නන ගමන් ……..
මන් කිසිම දෙයක් නොවුන ගානට වාහනේන් බැහැලා පිටිපස්සෙන් නැග්ගේ. එ ගැනි මටත් රවලා ඉස්සරහින් වෙහිකල් නගිද්දී….
” ගුඩ් මෝනින් බබා ……”
මන් ඉන්නවා කියලා ගානක්වත් නැතුව එ ගැනි එයාගේ කමුලක දෙතොල් ඇතිරුවේ මෙච්චර වෙලා මන් හිරකරන් හිටිය කදුලු මටත් නොදැනිම මගේ කොපුල් වලින් පල්ලම් බහිද්දි……
” මේ මන් ඉස්සරහින් බහිනවා…” තව ටිකක් මේ වාහනේ හිටියොත් මගේ හුස්ම හිර වෙලා මන් මැරෙයි ..එ හින්දා මන් වාහනේ බහින්න ඕනි කියලා කිව්වත් ..එ ඇස් මගේ දිහාවට හැරුනේ මාව මරන් තරන් තරහකින් ……..
” නැ…නැ…මේ මේ මිතු එනවා කිව්වා මන් එයා එක්ක එන්නම් මට මේ එයාලග තියන පේපරස් වගේක ෆොටෝ කොපි වගයක් ගහගන්න තියනවා.”
මන් කිව්ව දේ තඹ සතේකට මායිම් නොකර එයා වෙහිකල් එක ඩ්‍රයිව් කරේ මන් බෑග් එක උඩින් ඔලුව තියගනිද්දී….
” මේ යුරාග් අපිව මේයාව දාල යමු .අනේ අපිට පොඩ්ඩක් නිදහසේ යන්නත් පුලුවන් නේ එතකොට .”
” මේ උත්තරා මගෙන් ගුටි නොකා කටවහන් යනවද. මන් කරන්නේ මට ඕනි දේ මිසක් එක එක්කේනාට ඕනි දේවල් නෙවෙයි …” වාහනේ වහලේ ගැලවිලා යන තරම් සද්දෙන් එය කැගැහුවේ .උත්තරා රවාගෙන අහක බලා ගනිද්දි……
” මොකෝ අරෝ මේ මුණ් එල්ලන් අදත් අර තොරොම්බොල් කරත්තේ උබට මොනා හරි කිව්වද..එහෙම නැත්නම් අර ගස් උගුඩුවා බැන්නද….” පාසලේ පලමු කාලච්චේදය ඇරඹුනද විෂය භාර ගුරුවරයා තවමත් නොපැමිණි නිසාවෙන් මේසය මත හිස තබාගෙන හිදින් ආරෝහි අසල ලං වු මිතුනි විමසන්න වුයේ .ඇගේ හිස පිරිමදිමින අතරවාරයේය …..
” ඇයි බන් මට මෙහෙම වෙන්නේ…..” මන් මෙච්චර වෙලාවක් හිරකගෙන් හිටපු කදුලු මන් මිතුට තුරුල් වෙලා වැගිරුවේ හැමදාමත් වගේ මාව සනසන්න ඉන්න එකම කෙනා මිතු නිසා.
” අනේ අරෝ උබ මේ අඩනවනේ මැණික ..” සිය ගෙල බදාගෙන හඩින ඇගේ හිස පිරිමදිමින අතර වාරේ ඈ විමසන්නට වුයේ .වරින් වර දොර දෙසට නෙත් යොමන් අතරවාරයේය ..
” මන් අඩන්නේ මම ඉපදුන දවසේ ඉදන්.ඇය් බන් මන් ආදරේ කරන කිසිම කෙනෙක් මට ආදරේ නොකරන්නේ…..”
” අනේ මැණික උබ ඔහොම කියද්දි මගේ පපුව දාල යනවා..අන්කලුයි යුරාග්කාරයයි උබට ආදරේ නැති උනාට ඇන්ටි උබට පණ ඇරලා ආදරේයිනේ බන් ..එ වගේම මේ මන් ඉන්නේ .තව උබට මේ මන් ඉන්නේ ..උබ දන්නවානේ මන් උබේ ඕනිම දේකදි ඉන්නවා කියලා …..
ම්………දැන් හොද ළමයා වගේ ඔය කදුලු පිදාගනින් .දන්නවනේ දැන් මාලා මිස් එන්න ඉන්නේ .නිකන් බොරුවට කතාවක් අහගන්න ඕනි නෑනේ….”
මිතුට කියලා ඉවර වෙන්න හම්බුනේ නෑ.මාලා මිස් පන්තියට ආවේ මන් කදුලු පිහිදාන් පුටුවෙන් නැගිටිද්දි….
වෙලාව දැන් රෑ දොළහත් පහු ඇති එත් තාම නින්ද නම් මන් ලගට ඇවිත් නෑ ..ඕලෙවල් එක්සැම් එකට තව මාස තුනක් විතර .පාඩම් කරන්න කියලා පොත අතට ගත්තත් හිත එක්තැන් නැති නිසා මන් පොත පැත්තකට දලා ඇදට ආවේ නිදාගන්න කියලා හිතන්.
මන් ඇස් දෙක වහන් කල්පනා කරේ .මගේ ජිවිතේ ගෑන….ආරෝහි තෙදැස්නා මංචනායක තවම අවුරුදු දාසයක් උනත් මන් මේ පොඩි කාලේට ජිවිතේ විදින්න ඕනි දුක් ඕනිවටත් වඩා විදවපු කෙනෙක් . තාත්තා කියලා කෙනෙක් නමට විතරක් හිටිය නිසා කවදාවත් මට එ උනුසුම් විදන්න හම්බුනේ නෑ….
දන්න දවසේ ඉදන් අම්මායි මාමායි එක්ක මන් හැදුනේ..ටිකෙක් ටික ලොකු වෙද්දි මාමත් මගෙන් හුගාක් ඈතට යද්දි ….
තාත්තාත් ලග නොහිටිය මට එයාගේ එ වෙනස් වීම දරාගන්න බැරි වෙන්න ඇත්තේ.මන් එයාට එ තරම් බැදිලා හිටපු නිසා වෙන්න පුලුවන් ….
කල්පනා කර කර හිටපු මට නොදැනිම දෑස් පියවුනේ ..හඩලාම මන් හෙම්බත් වෙලා හිටපු නිසා වෙන්නැති ………
මතුසම්බන්ධයි