No photo description available.
Vilashini Madubashi
ernposdotS3
2නව කතාව
😍නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
දහ අට වන චන්ඩිකම 🙅🙅
නිශා පැටලිලා තිබුණු සාරියත් හරි ගස්ස ගෙන ඇවිත් ඔෆිස් රූම් එකේ දොර ඇරියෙ.ඒත් එක්කමයි දකුණු පැත්තෙ තිබුණු ලිෆ්ට් එකේ දොර ඇරුනෙත්.ඇරුණු දොරෙන් එළියට ආපු කෙනා දැකල නිශා ගැස්සිලා ගියේ.ඒත් එක්කම ධනුකත් ඇසලත් හිනාවේගනම ඒ පැත්තට ඇවිදන් ආවෙ.
කාටවත් නොපෙනෙන්න එහෙම්මම ඇවිද ද ගෙන ආවෙ වොශ් රූම් එකට.කණ්නාඩියෙන් පේන මගෙම මූණ දිහා බලන් ඉන්න ඇති තත්පර ගානක්ම.තාමත් ගැහෙන පපුවට අතක් තියා ගත්තෙ වෙච්ච දේ හිතා ගන්න බැරුව.මොණ දේ උනත් දවසම වොශ් රූම් එකේ ඉන්න බැරි නිසා මූණත් ටිකක් හෝද ගෙන ඇවිස්සිලා තිබුණු කොණ්ඩෙත් අතින් පිළිවෙලක් කර ගෙන ආයෙමත් වැඩ කරන තැනට ආවේ.
” නිශා කොහෙද? බං හිටියෙ මෙච්චර වෙලා අන්න අභිරූ බොස් ආව.මෙතනටත් ඇවිත් බලලයි ගියේ.උඹට ඔෆිස් එකට එන්න කිව්ව ආව ගමන්ම”
” අනේ ඇසල අයියෙ ” 😳
” නිශා මොකද? අං මහසෝණ දැකල වගේ.පලයං බොස් උඹව ගිලින්නෙ නෑ “
” ඒත් ධනූ අයියෙ ” 😳
ඒත් මේත් නෙවෙයි පලයං ඉක්මනට.බොස්ට යකා නැග්ගොත් එහෙම ඔන්න අපි දන්නෑ “
එහෙම්මම ලේන්සුවත් අරන් දාඩිය දාපු මූණත් පිහ දාල ඔෆිස් රූම් එකේ දොර ඇරල ඇතුළට ගියේ.
“එක්ස්කියුස් මී සර් “
” ok Come and sit “
බිම බලා ගෙනම ගිහින් පුටුවෙන් වාඩි වුණේ සාරි පොටත් අතට ගන්න ගමන්ම.සර් බල බල උන්නු ලැප් එක පැත්තකට කරල මූණ දිහා බලනව ඇස් කොණින් දැක්ක උනත්,මූණ බිමට හරව ගෙනම උන්නෙ.
” මේ නිශාදි වෙන්න ඕනෙ “
සර් අහපු දේට බිම බලා ගෙනම ඔළුව වැනුවෙ.
” මං කැමැතියි මූණ දිහා බලල කතා කරන මිනිස්සුන්ට ඒ වගේම කෙලින් කතා කරන මිනිස්සුන්ට “
සර් ටිකක් විතර සද්දෙන් එහෙම කිව්වෙ.ගැස්සිලා වගේ ඒ මූණ දිහා බැලුවෙ තවත් බැනුම් අහන්න වෙයි කියන බයට.ඇත්තටම ඒ මූණ හරියටම දැක්කෙ දැන්.ධනූ අයිය කිව්ව වගේම අභිරූ බොස් ගොඩාක් ලස්සනයි.හිනාවක් නැති ඒ මූණෙ ඝනට වැවිල තිබුණු ඇහි බැම නපුරුකම තවත් ඉස්මතු කලා
වැලමිට ගාවට නවල තිබුණු කළු පාට පසුබිමේ සුදු පාට චූටි බෝල තියෙන ෂර්ට් එක ඒ කඩවසම් සිරුර තවත් හැඩ කළා.
” නිශාදි මේ ළගදිද, මෙහෙ වැඩට ආවෙ “
ආයෙමත් පියවි සිහියට ආවෙ ඒ ගැඹුරු කට හඩින්.
” ඔ ඔව් සර් දැන් සති දෙකක් වෙනව.”
” ම්ම්ම් කවද ආවත් මෙහෙ වැඩ පිළිවෙලට තියෙන්න ඕනෙ.ඇසලයි ධනුකයි කියන්න ඇතිනෙ “
” ඔව් සර් “
“හ්ම්ම්.මට ඕනි විදිහට වැඩ කෙරුණොත් සැලරි එකත් වැඩි වෙයි.ok “
” ok සර් “
” හ්ම්ම් දැන් යන්න “
ලොකු හුස්මක් අරන් හිතේ තියෙන බයත් අඩු වෙද්දි දොරත් ඇරන් එළියට ආවෙ.
” නිශා අවුලක් නෑ නේද? මොකෝ සර් කිව්වෙ “
” එහෙම මොකුත් නෑ ධනූ අයියෙ.හොදින් වැඩ ටික කරන්න කිව්ව “
ධනුක අයියට එහෙම කියන ගමන් පුටුවෙන් ඉද ගත්තෙ.
💓💓💓
” ආ..විනෝද් බොස්,දැන් බැහැලම වැඩ නේද?අපිවත් අමතක වෙලා “
” අහ් උඹල ඔෆිස් එකටම ආවද?”
එහෙම අහන ගමන් විනෝද් පුටුවෙන් නැගිට්ටෙ.
” ඇයි යකෝ දැන් අපිට මෙහෙට එන්ඩත් හොද නැද්ද? නැද්ද? දුලා “
” ඒකනෙ බං.ආ..ඔ ඕ දැන්නෙ වැඩේ මීටර් වුණේ “😉
දුලාර එහෙම කියන ගමන් එහා මේසෙ ගාව වාඩි වෙලා වුණ්නු රශීව පෙන්නුවෙ ඇස් දෙකෙන්.
” හම්මට සිරි,😯 sweet කෑල්ලකුත් ළග තියා ගෙන නේ උඹ දැන් වැඩ.හරි හරි මල්ලී ඔහොම යමන්කෝ ” 😏
” එහෙම තමයි බං.තමන්ගෙම දේවල් පේන දුරකින් තියා ගන්න එපැයි “😉
විනෝද් එහෙම කිව්වෙ හොරෙන් හොරෙන් මේ පැත්තත් බලන ගමන්.මේ හිතට දැණුනු සතුටක්.
” හෑ 😲 මොකක්ද?කිව්වෙ ඇහුණෙ නෑ “
එහෙම කියන ගමන් චරිත් දුලාර දිහා බලල ඇහැක් ගැහුවෙ.
” මගේ දේවල් ළගින්ම තියා ගන්න ඕනි කියල කිව්වෙ බං ” 😉
” අප්පට සිරි,මැස්සෙක් ගිය උඩක් 😯 එහෙනම් ළගදිම Wedding cake කෑල්ලක් කන්න පුලුවන් වෙයි නේද? බං චරිය ” 😉
” නැතුව,නැතුව සතුටටත් එක්ක අද හවසට පාටියක් එහෙනම් හොදේ.කෝල් එකක් දීපංකො හවස් වෙලා.එහෙනම් මල්ලි අපි කැපුණ.යන්නං නංගි බායි “
එහෙම කියන ගමන් දුලාරත් චරිතුත් ඔෆිස් රූම් එකෙන් එළියට ගියේ.
” උන් දෙන්නට පිස්සු”
එහෙම කියන ගමන් විනෝද් ඇවිත් මං ගාවින්ම මේසෙ උඩින් වාඩි වුණේ.
” මැණික අද චුට්ටක් එළියට යන්න ඕනෙ “
” ඒ මොකද? “
” මගෙ කෙල්ල එක්ක නිදහසේ කතා කරන්නවත් බැරි වුණානෙ.”
” ආ…ඒක නෙවෙයි මගෙ නම්බර් එක කොහොමද? හොයා ගත්තෙ “🤨
මෙච්චර දවසක් හිතේ තිබුණු ප්‍රශ්නයක් ඇහුවෙ.එයා නැගිටල හිනා වෙන ගමන් මාව එයා ළගට ගත්තෙ.
” මං මේ ඇස් දෙක දැක්කෙ අද ඊයෙක නෙවෙයි.මීට අවුරුදු දෙකකට විතර කලින්.”
” අවුරුදු දෙකක් ” 😲
ඇස් දෙකත් ලොකුකරන් මං එහෙම අහන කොට එයා මගෙ ඉණ වටේ අත දාල ඒ පපුව අස්සට ගත්තෙ මාත් හරි සනීපෙට ඒ පපුවට ඔළුව තියා ගනිද්දි.
” හ්ම්ම්.මං දවසක් අම්මි එක්ක ළමා නිවාසෙට ආව.එතකොට තමයි මේ පිස්සිව දැක්කෙ.ඔය දගකාරකමටමයි ආදරේ හිතුණෙ.”
” එතකොට නම්බර් එක ” 🤨
එයා යටි තොලත් හපා ගෙන මනමාලකමට හිනා වෙනව.
” උවමනාවක් තියෙනව නම් කරන්න බැරි දෙයක් නෑනෙ”
එයා එහෙම කියන ගමන් උණුසුම් හාදුවක් මගෙ නලලෙ තැවරුවෙ.
💓💓💓
” නිශාදි මැඩම්,සර් ඔෆිස් එකට එන්න කිව්ව මැඩම්ට”
පියන් කෙනෙක් ඇවිත් එහෙම කිව්වෙ ආයෙමත් අසීමිත විදිහට පපුව ගැහෙන්න ගද්දි.ඕන දෙයක් වෙන්න කියල ඔෆිස් එක් ගාවට ගිහින් දොරත් ඇරන් ඇතුළට ගියේ.සර් ජනේලෙන් පහළ බලන් ඉන්නව.කතා කරනවද? නැද්ද? නෑ එක්කො තව ටිකකින් එනව.එහෙම හිතල දොර අරිනවත් එක්කම ඒ ඇහුණ දෙයින් ගැස්සිලා ගියේ.
” ස්කූටි කෙල්ල ඔහොම ඉන්නව “😡
නැවත හමුවෙමු