කෙටි කතාව…
2️⃣ කොටස….
හෙලෝ…
මේ සුරෙශ් ද කතා කරන්නේ..
ඔව් මේ කවුද?
ඉනුකි මන්දිරා ව මතකද ?
ක…වු…ද කවුද?
ඉනුකි මන්දිරා…
මම එහෙම කෙනෙක්ව දන්නේ නෑ..
මතක නැද්ද…මීට අවුරුදු හතරකට කලින් උඹලා මරපු ඉනුකි මන්දිරා මතක නැද්ද..
මොන පිස්සෙක්ද මේ කතා කරන්නේ කරුණාකරලා ෆෝන් එක තියෙනවා…
තියන්නම් තියන්න හැබැයි ලඟදීම දුර ගමනක් යන බලා ගෙන ඉන්නවා…
සේරසිංහ…
මැඩම්..
අර කෙල්ලො දෙන්නාගේ දෙමව්පියො ඇවිල්ලද…
ඔව් මැඩම්..
එවන්න කියන්න මගේ ඔෆිස් එකට..
මැඩම් මේ ඉන්නේ එ අය..
වාඩි වෙන්න..සේරසිංහ ඔයා එළියෙන් ඉන්න මම කතා කරන්නම්..
මම තමායි ඔයලාගේ දරුවො දෙන්නාගේ මරණය සම්බන්ද පරික්ෂණය නැවත සිදු කරන්න CID ඔෆිසර් සාරා මන්දාකිනි දුණුසිංහ..
මම හිතන්නේ මේ මිස්ටර් පෙරේරා..එතකොට මේ මිස්ටර් රාජසිංහ..
ඔව් මැඩම්..එත් මැඩම් අපිට එන්න කියලා කිව්වේ..අපි ආසවෙන් නෙමෙයි මැඩම් ඔය ගැන කතා කරන්නේ..ඒ නිසා හෙතුව දැන ගන්න පුළුවන් ද..
තාත්තලාට මතකද අහස්මී තමයි මුලින් ම නැති උනේ…ඊට හරියටම මාසෙකටත් අඩු දවස් ගානකින් තමයි රශ්මිකා නැති උනේ..හැබැයි දෙන්නම මැරුනේ දස වද විදලා..නමුත් කිසිම පොලීසියකට ඒ ගැන කිසිම හොඩුවාවක් ලැබුනේ නෑ..ලැබුන එකම සාක්ශිය තමයි අහස්මි යි රශ්මිකා යි දෙන්නම ඉගෙන ගන්න ගිහින් තිබුනේ මේදන්කර සර් ගේ පංතියට..මම කිව්ව ටික හරි නෙද තාත්තේ…
ඔව් මැඩම්..ඔච්චරයි දැන ගන්න ලැබුන එකම සාක්ශිය..අනේ අපි මලක් වගේ පරිස්සමින් හදා ගත්ත දරුවෝ..
ඔය කතාව අස්සෙන් තවත් ඔය පංතියටම ගිය හැබැයි මැරුණ මල සිරුරවත් හම්බුනේ නැති කෙල්ලෙක් ගැනත් කතාවක් ගියා ඒ කාලේ..අම්මාට එක මතකද..මම හිතනවා අම්මාට මතක ඇති කියලා..
ඔව් මැඩම් මට හොදට මතකයි ඒ දවස් වල පත්තරෙට ඔය ගැන කෙනෙක් ලියලා තිබුනා..නිර්නාමිකව ලියලා තියෙන්නේ..රශ්මිකා නැති වෙලා සති දෙකකින් වගෙයි මට ඔය පත්තරේ ගෙනත් පෙන්නුවේ අපේ ලොකු පුතාගේ යාළුවෙක්..
දන්නවද ඔයලා ඒ ගැණු දරුවා නැති උනේ නෑ කියලා..
නෑ මැඩම්..පත්තරේ තිබුනේ ඒ දරුවා මැරිලා කියලා..
නෑ ඒ ඉනුකි මන්දීරා මම..
බය වෙලා බලන්න එපා අම්මා..ඔව් මම මැරුනේ නෑ..ඒ එදා මාව ගෙනත් අතහැරලා ගිය තැනට දෙහිවත්ත පොලිසියේ උප පොලිස් ස්ථානාධිපති තුමා අහම්බෙන් එනවා..මම කතාව කියන්නම් අද හවස හතර වෙනකොට අම්මලා එන්න මම කියන තැනට මම මිස්ටර් පෙරේරා ගේ පොන් එකට sms එකක් දාන්නම්..දැන් යන්න අම්මලා දෙන්නා තමාන්ගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් දෙයක් කරන්න ඔනි..ටිකක් හිතට අමාරු වෙයි නමුත් එකග වෙනවා මම එක දන්නවා..මෙතන ඒ ගැන කතා කරන්න අමාරුයි..
හරි මැඩම් අපි එන්නම්..දැන් මෙතන මේ ගැන කතා කරන්න අමාරුයි කියලා මටත් තෙරුනා මැඩම්..අපි දැන් ගිහින් මැඩම් කියන තැනට හරි වෙලාවට ඇවිත් ඉන්නම්..
බොහොම ස්තුතියි තාත්තා..එහෙනම් ගිහින් එන්න..
අපි යනවා මැඩම් එහෙනම්..
බොස්
කියපන් සුරේ
බොසා අද මාර සීන් එකක් නේ උනේ..
ඇයි මොකද්ද දැන් උබ කියන්නේ
බොස් අර අපි මේ පැත්තෙන් මුලින් ම ඉස්සුව කෙල්ල මතකද..
අර ඉටි රූපේ නේ..උබලා කටවත් එකිව අමතකද..එකිගේ ඇග අමතකද නෑ නේ..
පිස්සුද බොස්..එකිව කවදාවත් අමතක වෙන්නේ නෑ..එත් බොස් අද එකි කියලා කෙල්ලෙක් කතා කරා නේ..
මොකද්ද බන් කියන්නේ උබ බිලාද ඉන්නේ..
අපිව මොකෙක්වත් දන්නේ නෑ නේ බන්..
එක තමා බොස් කියන්නේ..මාව වෙව්ලලා ගියා බොසා කොල් එක අවාහම..
උබ මට නම්බර් එක දාපන් මම අරන් බලන්නම්..
හරි බොසා…
මම උබට පස්සේ ගන්නම්..දැනුත් මම සීන් එකේ ඉන්නේ..
හා හා බොසා වැඩේ කරගෙන යන්නකො..අපි කැපුනා…
📖️🖋️ ශෂිණි මල්ලවආරච්චි