නිසල සඳ මඩල 🌬

☁️01 වන කොටස ☁️

හැමදාමත් වගේ අදත් මන් රූම් එකේ ඉදන් එක රිබන් එකක් තොල් අතරේ හිර කරන් අනිත් රිබන් එකෙන් කොණ්ඩේ ගැටහන ගමන් පහලට මේස් දෙක පිටින්ම ආවේ සපත්තු දෙක හොයන්න..ඊයේ හවස ගැලෙව්වේ කොහෙද කියලා මතක් කරන ගමන් හෙමින් සැරේ මගේ රේඩාර් සිසිටම් එක සාලේයි..ආර්ච් එකෙයි ගෙනිච්චච් සපත්තු කුටටම නම් තිබුනේ නෑ…….කරන්න දෙයක් නැති කමට මන්බැනුම් අහන්න හරි අම්මාගේන් අහන්න හිතන් කුස්සිය පැත්තකට බෙල්ල දැම්මා………

” අ..අම්..අම්මා ……..”

” ආ..නෝනා හාමු ඇහැරුනාද..ඇයි ඇහරුනේ තව ටිකක් නිදාගන්න එපැයි .ස්කෝලෙන් නම් කවදායන්න බැරිද .එවගේද නින්ද නේද……..”

” අනේ අම්මා.ඔයාගේ ඔය දේශනේ පස්සේ කරන්න .දැන් හොද අම්මා වගේ මගේ සපත්තු දෙක දැක්කද කියන්නනකෝ…..”

” ආ…දැන්ද සපත්තු දෙක මතක් උනේ අනේ ඇත්තමයි දෝණී ඔයා ඔය හැදෙන විදිහනම්..විභාගේ ලග නොවෙන්න මන් ගුටි දෙන්නේ උණ ගැනෙන්න..අන්න ඊයේ මිදුලේ ශිබා සෙල්ලම් කරන්න අරන්‍ ගිහින් තිබිලා මන් අහුලලා ඔයාගේ ඇද ලගින් තිබ්බා…”

ඈ…එ කැහැටු බල්ලා මොන ලදරමකටද මගේ සපත්තු දෙක ඉස්සුවේ..හිටපන්කෝ ශිබා මහත්තයා මන් ඉස්කෝලේ ගිහින් එනකන්.දෙන්නම් මන් බොට……මන් හිතින් බලු රාලයට දෙහි කපන ගමන් අඩියට දෙක රූම් එකට දිව්වේ දැනටමත් පරක්කු නිසා…

බැග් එකත් කරේ තනි අන්ඩෙන් එල්ලන් මන් කෑම කාමරේට දුවන් ආවේ මොනාව හරි බඩට දාගන්න හිතන් උනත්…කෑම මේසෙ වාඩිවෙලා උන්නු කෙනා දැකලා මන් ඉස්සරහට තිබ්බ අඩිය අපහු පස්සට අරන් අම්මා හොයාගෙන කුස්සියට ගියේ ..මන් කෑම් කාමරේට ගියානම් එයා කෑමත් නොකා නැගිටලා යනවා කියලා මන් දන්නා නිසා..

කුස්සියේ අම්මා පෙන්න හිටියේ නැති නිසා ඔතලා තිබ්බ කෑම එකත් බැක්කේ දාන් මන් ගෙදරින් එලියට බහින්න හදනකොට..

” දෝණී කෝ ඉතිං බත් කටක් හරි කාල යන්න.බලන්න ඔයා නිසා මාමටත් පරක්කු වෙනවා ..දවල් වෙනකන් පස්ස උඩදාන් නිදාගෙන .දැන් ඉතිං අර පස්ස කැඩිච්ච පණුවා වගේ දගලනවා…” මාව දැකලා අම්මා ගෑහන ගමන් බත් එකක් උස්සන් මන් ගාවට අවේ..මන් මුකුත්ම නොකියා අම්මාකවපු බත් කට කටට දාගනිද්දි….

උදේ ඇහැරුන වෙලාවේ ඉදන් බඩ පෙරලගෙන බඩගින්නක් තිබ්බත්..හැමදාමත් මාව ප්‍රතික්ෂේප කර එ රුපේ දැක්ක වෙලෙවේ ඉදන් බඩගින්න කොහෙ ගියාද මන්දා…බඩගින්න නැති උනත් මන් අම්මා කවපු බත් එකෙන් කටවල් දෙක තුනක් විතරක් බඩට දාගත්තේ..කැම නොකා එ හිත රිද්දන්න බැරි නිසා මිසක් කෑම කන්න පිරියකින් නෙවෙයි …….

“මන් යනවා අක්කි බමෙයාටත් යන්න ඕනිනම් ඇවිත් වෙහිකල් එකට නගින්න කියන්න . ඔය එක එක්කෙනා නිසා මන් පරක්කු වෙන්න කැමති නෑ .”මාව ගනන් නොගෙනම අම්මට විතරක් කියලා ගෙදරින් එලියට බැස්සේ මන් මේ ලොකේ වැඩියෙන්ම ආදරේ කරන…එත් ඊටත් වඩා එයා මට වෛර කරන මගේ මාමා…එ කියන්නේ මගේ අම්මාගේ එකම මල්ලි..

යුරාග් දේශ්වීර් සේනානායක නපුරු කමක කියන එක ඇග පුරාම……

” කෝ දෝණී ඉක්මන් කරන්න .බලන්න ඔයා නිසා හැමදාම මල්ලිට පරක්කු වෙනවා..”

” හලි අනේ..මොකෝ මෙයා පරක්කු වෙලා ගියා කියලා මෙයාව ඔෆිස් එකෙන් එලවන්නේ නෑනේ.අම්මි කොච්චර කොහොම කිව්වත් මට වඩා මේ හොත්ම්ඹුවට තමා ආදරේ” හිත රිදුනත් මන් එක හංගන් අම්මාගේ කමුල දෙපැත්ත ඉබිලා වෙහිකල් එකට දිව්වේ.මන් විනාඩියක් හරි පරක්කු උනොත් මේකා මාව දාල යනවා කියලා මන් දන්න හින්දමයි…

මතුසම්බන්ධයි