නව කතාව
😍නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
දා හත් වන චන්ඩිකම 🙅🙅
එහෙම්මම් පාත් වෙච්ච කෙල්ල විනෝද්ගෙ කම්මුලක් සිප ගත්තෙ කොල්ල ඇස් දෙකත් ලොකු කරන් පුදුමයෙන් බලන් ඉන්න අතරෙ.
” අහ් ඒවත් දන්නව නේද? මගෙ හොර කෙල්ල.කෝ මෙතනටත් එකක් ඕන “😘
එහෙම කියල විනෝද් තොල් දෙක පෙන්නුවෙ.
” අනේ සර් ” ☺️
ඒත් එක්කම විනෝද් ඒ තොල් දෙකට පාත් වුණේ.කෙල්ලටත් හිතා ගන්න බැරි තත්පරෙන්.ඒ සීතල තොල් දෙක වදින කොට කෙල්ල ඇස් දෙක පියා ගත්තෙ හිත පුරාම ඒ මිහිරාව විද ගෙන.තත්පර ගානක් තොල් අතර දග කරපු විනෝද් ඒ තොල් පෙතිවලින් ඈත් වුණේ රශී ලැජ්ජාවෙන් රතු වෙලා යද්දි.
” මං එන්ඩදෝ ” 🙈🙈
නිශා ට්‍රේ එකකුත් අතේ තියා ගෙන දොර ගාව ඉදන් කෑ ගහනව.
” හා එන්ඩ එන්ඩ නංගි “
” ආ මෙන්න අයිය කූල් ඩ්‍රින්ක්ස් එක.☺️ අයිය කිව්වට කමක් නැද්ද? මන්ද “
නිශා ඇහුවෙ රශී දිහාත් බලන ගමන්.
“ඒකට කමක් නෑ නංගි ” 😊
” ඔන්න අම්ම කෝල් කරල අවසර දුන්න.දැන් ඉතින් හරිනෙ.ඔයාට කියන්න අයියෙ මට මේ දවස් ටිකේම නාඩගම් බලල එපා වෙලා හිටියෙ. තනියම අඩනව 😭 තනියම හිනා වෙනව😃 අයියෝ සංසාරේ “
නිශා එහෙම කිව්වෙ නලලට අතක් ගහ ගෙන හිනා වෙන ගමන්.
” මොකද? යකෝ අනින්නෙ.😡තොට කරන්ඩ හොදයි මට කියන්ඩ තමයි නරක හුම් 😏”
නිශා ගස්ස ගෙන ගෙට ගියේ විනොද් රශී දිහා බලල හිනා වෙන අතරෙම.
💓💓💓
~~~
මෙන්න දැන් ලැබුණු විශේශ පුවතක්.මෙවර පළාත් සභා චන්දයට ඉල්ලුම් කිරීමට සිටි මීට දින දෙකකට ඉහතදී අතුරුදන්ව සිටි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වූ දෙව්නක ඉද්දමල්ගොඩ අමාත්‍යවරයාගේ මළ සිරුර දුශ්කර පළාතක කැලයක තිබියදී අද දහවල් 1.00ට පමණ හමු වී ඇති අතර සිරුර හමු වන විටත් හදුනා ගත නොහැකි තරම් විකුර්ති වී ඇති බව පොලිස් වාර්තාවලින් පැහැදිලි වේ.තව වන තෙක් මන්ත්‍රීවරයාගේ මරණයට සැක කටයුතු කිසිවෙකු හමු වී නැත.සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් තව දුරටත්.~~~
” අයිසේ,පීරිස් ගන්ඩ කෝල් එකක් බ්‍රයන් බොස්ට “
” ඕකේ මැඩම් “
” මැඩම් බ්‍රයන් බොස් මේ වෙලාවෙ රාජකාරී වැඩකට පිටට ගිහින්ලු”
” ඒකත් එහෙමද? මොනව උනත් පීරිස් මේක නම් පාටි දාන්ඩ ඕනෙ ආරංචියක්.” 🤣🤣
එසේ පවසමින් ස්වර්ණා අසල වූ පුටු ඇන්දට ද,ගසමින් සිනහ නගන්නට වූයේ පීරිස් ද, ඇගේ සිනහවට එක් වන අතරතුරය.
💓💓💓
” රශී ඉක්මනට වරෙන් බන්.පරක්කු වෙනව “
” උඹ පලයං.විනෝද් එනව කිව්ව “
” හම්මට සිරි යකෝ මේකි,😯 හරි හරි නංගි ඔහොම යමුකෝ.අපි ගියා එහෙනම් “
එසේ පවසමින් නිශාදි ස්කූටිය් පණ ගන්වා ගෙන යන්නට විය.
💓💓💓
“Good Morning නිශා නංගි “😊
” ආ Good Morning රනුක අයියෙ “
” ඊයෙ නංගි කලින් ඕෆ් උණා නේද? “
එහෙම අහන ගමන් රනුක නිශාදිත් එක්කම ශොප් එකට ගොඩ වුණේ.ඒත් එක්කම වගේ ධනුකත් එතනට ආවෙ.
” නංගි කලින් ගියාම උඹට මොකෝ”
” ආ ධනුක අයියෙ,Good Morning “
” Good Morning මොකද? අද රනුක උදෙන්ම “
” එහෙම නෑ අයියෙ.ටිකක් කලින් එන්න හිතුණ.”
” හ්ම්ම් එහෙනම් අපි යනව රනුක “
ධනුක එහෙම කියල යල නිශාත් එක්ක ලිෆ්ට් එකට ගොඩ වුණේ රනුක නතර වෙලා බලන් උන්නු අතරෙම.
” ඔයා හොද වෙලාවට ආවෙ ධනුක අයියෙ”
” ඒ මොකද? නිශා ” 🤨
” නැත්තං රනුක බලෙන්ම කතාවට පැටලෙන්න එනව.ඒකයි ධනුක අයියෙ “
” හ්ම්ම් මාත් ඕක බලා ගෙන හිටියෙ.ටික් දවසක ඉදන් මිනිහ ඔයා වටේ කැරකෙනව වැඩියි “
එහෙම කියන ගමන්ම ව්හනුක පුටුවෙන් වාඩි වුණේ.ඒත් එක්කම ඇසල පඩි පෙල දිගේ දුවන් ආවෙ කලබලෙන් වගේ.
” මොකෝ බං.කඩි කුලප්පුව හැදිල වගේ ” 😃
” අනේ තමයි.මොකද? ඇසල අයියෙ ඔය දාඩියත් දා ගෙන හදිස්සියෙන් වගේ “
නිශාත් එහෙම කියල යන ගමන් ධනුකගෙ කතාවට එකතු වුණේ.
” ධනුක අද පොඩි බොස් එනවලු.මං මේ ඉක්මනට ආවෙ ඔෆිස් එක පොඩ්ඩක් අස් කරල දාන්ඩ කියල “
” අප්පට සිරි 😯 කව්ද? බං උබට කිව්වෙ “
” මට පොඩි බොස් ඊයෙ කෝල් කලා.ධනුක උඹ මේ හරිය බලපං. මං අර පැත්ත බලන්නම්.”
ඇසල එහෙම කියල යල යනවත් එක්කම නිශා පුදුමෙන් වගේ බලන් වුන්නෙ ධනුක දිහා
” කව්රු ගැනද? ධනුක අයියෙ ඇසල අයිය ඒ කිව්වෙ” 🤨
” ඒ අපේ පොඩි බොස් ගැන නිශා.ඔන්න ඔය මේසෙ පිළිවෙලක් කරපං “
“පොඩි බොස් කිව්වෙ විජේසිංහ බොස්ගෙ පුතාද? ” 🤔
” ඔව් අභිරූ බොස්.එයා විජේසිංහ බොස් වගේ නෙවෙයි.හොස්ස ළගින් මැස්ස යන්ඩ බෑ.පොඩි දෙයක් ඇත්නං ඇති.හැමදේම පිළිවෙලට තියෙන්න ඕනෙ “
අභිරූ තීක්ෂණ විජේසිංහ.ඉන්දික විජේසිංහගෙ One And Only Son.එතකොට මේ “අභිරූ ටෙක්ස්ටයිල්”එකේ අයිතිකාරය තමයි ඒ.එයා නම් අමුතුම විදිහෙ චරිතයක් ඉතින්.කුකුල් කේන්තිකාරයෙක්.හැබැයි ඒ වගේම කඩවසම්.උසට හරියන මහත.කෙල්ලො පිස්සු වට්ටන ලස්සනක් තමයි අභිරූට තිබුණෙ.
” නිශා,මෙන්න මේ ෆයිල් ටික ඉක්මනට චෙක් කරපං.අභිරූ බොස් කෝල් කරා දැන් එන ගමන් කියල.”
ඇසල එහෙම කියල පහලට ගිය අතරෙ නිශා හනිකට ෆයිල් ටික චෙක් කරන්න ගත්තේ.
” ධනුක අයියෙ මේ ෆයිල් ටික නම් හරි කොහෙන්ද? තියන්න ඕනෙ “
” අහ් ඕව බොස්ගෙ මේසෙන් තියල එන්න නිශා “
ධනුකටත් ඔළුව වනල ගියපු නිශා ඔෆිස් රූම් එකේ මේසෙ උඩින් ෆයිල් ටික තියල එන්න හැරෙනවත් එක්කම ආපස්සට විසි වෙලා ගියේ.
අයියෝ මේ සාරි නම් ඉවරයක් නෑ.තැන් තැන්වල පැටලෙනව.😖
එහෙම කියන ගමන් නිශා පැටලිලා තිබුණු සාරියත් හරි ගස්ස ගෙන ඇවිත් ඔෆිස් රූම් එකේ දොර ඇරියෙ.ඒත් එක්කමයි දකුණු පැත්තෙ තිබුණු ලිෆ්ට් එකේ දොර ඇරුනෙත්.ඇරුණු දොරෙන් එළියට ආපු කෙනා දැකල නිශා ගැස්සිලා ගියේ.ඒත් එක්කම…..
නැවත හමුවෙමු