1. කොටස – අවසානය

පෙර කොටස

“අහ් වෙලාවටම ඇවිත්………. අපරාදේ ඉතිම්………… “

අවි සහිත මිනිසුන් වට කර ගත් තේජ් පැවසුවේ සමච්ච්ලේට මෙනි…….

“තේජ් නංගිව දෙනවා අපිට………..”

“ම්ම්ම් ඊට කලින් හම්බෙන්න කෙනෙක් ඉන්නවා……………”

අසළ පිහිටි ගොඩනැගිල්ලේ සිට එලියට ආ පුද්ගලයා දැක………. තෙනූට හීල්ලුනි…..

ඔව් ඒ වෙන කවුරුත් නෙමේ ලියෙවි……. මිහේෂ්ගේ වයිෆ්…… තෙනූ ඒ පිංතූර දැකලා තිබ්බ නිසා ලියෙවිව අඳුරනවා…….. තෙනූ කෙලින්ම බැලුවේ මිහේෂ් දිහා ඒ මූණේ පුදුමක් වෙනුවට තිබ්බේ වේදනාවක්……

“හායි මිස්ටර් මිහේෂ්………….. ආෆ්ටර් අ ලොන්ග් ටයිම්……………”

“තමුසේ මොකට මගේ ඉස්සරහට ආවේ??”

“හෝව් හෝව් ඒ කියන්නෙ තමුසේ දන්නවා ලියෙවි ඉන්නවා කියලා………. තමුසේ ඒකත් හොයාගත්තද?? තමුසේ නම් මාවලස් ඕයි……………..”

“හ……….හ්……………. මට මුලින් සෙනුලි කියපු දේවල් විශ්වාස කරන්නයි තිබ්බේ….. එහෙනම් අද මේ වෙනකොට මෙහෙම දෙයක් වෙන්නේ නෑ……….. ඒත් මං තමුසෙගේ ආදරෙන් අන්ධ වෙලයි උන්නේ….. ෂිට්……….”

“ඉතිම් හීරෝ කියන්නකෝ බලන්න…. කොහොමද ඒ හොරේ අල්ල ගත්තේ කියලා……..”

මිහේෂ් සමච්ච්ලේට හිනා උනා……….

“ඔයයි ලියෙවියි එකට ඉන්නවා කියලා සෙනූ කියපු දා මං ඒකිට බැනලා එලව ගත්තා…….. අදටත් ඒක ගැන පසු තැවෙනවා………… ඒත් හනිමූන් එක අරන් ගිහාම තමුසෙයි ලියෙවියි කෝල් කරපුවා මට ඇහුනා……….. මට ඩ්‍රග්ස් දීලා මරන්න යන ප්ලෑන් එක…… ඒත් මට ඔක්කොම ඇහුනේ නෑ ෂික්…………. ඩ්‍රග්ස් සීන් එක ඇහුනත් කාර් ඇක්සිඩන්ට් එක ගැන ඇහුණේ නෑ……. ඩ්‍රග්ස් ගත්තා වගේ බොරුවට රඟපාලා මං ඒ ලියෙවි දුන්න බීම එක හැලුවා………. ඒත් අම්මට කරදරයක් උනා කියලා කෝල් එකක් ආවම මං හිතුවේ ඇත්ත කියලා…….. තමුනුයි සහචරයෝ ටිකයි බිම දාගෙන ගහද්දිත් මං හිටියේ සිහියෙන්…… මං දැක්කා ලියෙවි තමුසේ එක්ක යනවා…….. තමුසෙලා මට ගහලා කාර් එකට දාලා තල්ලු කරත් මට එලියට පැනගන්න ජීවත් වෙන්න වාසනාව තිබ්බා………”

“ෂා මරුනේ………. හින්දි ෆිල්ම් එකක් වගේ…… “

ඒ කියනකොට එතෙන්ට වාහනයක් ඇවිත් නතර කරා……….. ඒකෙන් බැස්සේ ලොකු සර්…….. මිහේෂ්ගේ දෙවෙනි තාත්තා…..

“පුතේ……….. කරදරයක් නෑනේ…………. මොකක්ද මෙතන වෙන්නේ………..”

“බාප්පේ………… මේ තිරිසනා……. සෙනුරිව කිඩ්නැප් කරලා හිර කරලා……….”

“මං මේ ඔක්කොම දේවල් ආරක්ශා කලේ මගේ පුතාට දෙන්න………… ඒත් මොකද මේ වෙලා තියෙන්නේ……….. කෝ ඒ යතුර මට දෙන්න……….. මං සෙනුරිව බේර ගන්නම්……… ඒක පොරොන්දුවක්……..”

“හා බාප්පේ ඉන්න……………….”

මිහේෂ් ඉදිරියට ගත්ත අඩිය ආපස්ස්ට තිබ්බේ හදිස්සියේ මොකහරි මතක් වෙලා………

“පොඩ්ඩක් ඉන්න……………… ඔ…………ඔයා කොහොමද මේ තැන ගැන දන්නේ??….. අනික ඔයා හිටියේ කොළඹනේ…….???”

“අහ් ඔව් නේද……… ඒත් ඔයාට ඇහුන දේවල් නම් හරි……….”

“ඇහුණ දේවල්???………..”

“මං මේ ඔක්කොම දේවල් කරේ මගේම පුතා වෙනුවෙන්…………”

“ඔ……….ඔයාගෙම පුතා…….???”

” අවුරුදු ගානක් තමුන්ගේ තාත්තාගේ සෙකට්‍රි වෙලා වැඩ කරේ……… හහ්…… තමුසෙගේ තාත්තව මැරුවේ………. තමුසෙගේ ආච්චිලාට බොරු කියලා අම්මව කසාද බැන්දේ………. තෙනුලිගේ අම්මලව වෙඩි තියලා මැරුවේ……….. මගේ වයිෆ් මැගී විදිහට ඒ ගෙදරට ගෙනාවේ…….. මේ ඔක්කොම කළේ මගේ පුතා වෙනුවෙන්………….. ඒ යතුර ගන්න…… මගේ පුතා තේජ් මිහිරංග වෙනුවෙන්…….”

“මොනවා……….”

මිහේෂ්ගේ අම්මා පපුවත් අල්ලන් වාහනේට බර උනා…….

“ඒ කියන්නෙ තමුසෙයි…… මාමවයි නැන්දවයි මැරුවේ……..”

“ඔව් ඇත්තවශයෙන්ම………….”

එහෙම කියලා එයා ගියේ තේජ්ලා ඉන්න පැත්තට………..

“ඒ කියන්නෙ මේ හැම දේකම මහමොළකාරයා තමුන්……………”

“ඔව් එහෙම කීවත් වරදක් නෑ………….”

” මිහේෂ් හොඳ හිතින් ඒ යතුර අපිට දෙනවා………… දීලා සෙනුලිවත් අරන් තමුසෙලා කැමති දිහාවකට යනවා…….. එහෙම නොවුනොත් විඳවන්න ලෑස්ති වෙනවා……………….”

“හරි………….. හරි……………. දෙන්නම්…… කාම් ඩවුන්………….. තෙනුලි ඕක ගලවලා මට දෙන්න…………..”

තෙනුලි කිව්ව පමාවෙන් යතුර මිහේෂ්ගේ අතේ තිබ්බා………….
එතකොටම මිහේෂ්ගේ 4න් එක රින්ග් උනා………

” තෙනූ මං හරි කිව්වම අම්මවත් අරන් කාර් එකට නගින්න………. මොනම හේතුවකටවත් බහින්න එපා නංගි පරිස්සමෙන් ඉන්නවා……….. මාව විශ්වාස කරන්න…………”

තෙනූට කොහොමත් මිහේෂ්ව විශ්වාසයි……..

මිහේෂ් යතුර එක අතක අරන් දිග් කරන් ටිකින් ටික ඉස්සරහට අඩිය තිබ්බා……..

“තෙනූ………… හරී……….”

තෙනූ මොහොතක්වත් නොයිද මැඩම්වත් ඇතුලට දාලා කාර් එකට ඇවිත් දොර වහ ගත්තා……….. ඒ මොහොතින්…….. මිහේෂුයි ජස්ටින් සීයයි….. තමන් හංගන් හිටපු තුවක්කු වලින් තේජ්ලා දිහාට වෙඩි තිබ්බා………. බලාපොරොත්තු නොවුන සිදුවීමක් නිසා තේජ්ට වෙඩි වැදුනා……..

“පුතා…………….. නෑ මං තමුසෙලා එකෙක්වත් තියන්නේ නෑ……….. “

“කරුණාකරලා තුවක්කුව බිම දාලා යටත් වෙනවා……….”

තේජ්ගේ තාත්තා හිතනකොටත් පරක්කු වැඩියි……….. පොලීසිය එයාලව වට කරලා……. ඒ අය අතර සෙනුලිත් උන්නා……..

“අක්කේ………………”

“දෙවියනේ නංගි……………….”

තිබ්බ වෙඩි නිසා තේජ් එතනම මැරුණා….. එයාගේ තාත්තාට මිනීමැරීම ඡෝදනාව යටතේ එල්ලුම් ගහ නියම උනා……. ලියෙවි සහ මැගී මිනීමැරීමට උදව් කිරීම යටතේ ජීවිතාන්තය දක්වා සිර ගත කලා……. මිහේෂ් ආත්මාරක්ෂාවට තේජ්ව මැරුව නිසා ඇප මත නිදහස් කරා…………

“පුතා කොහොමද එතනට පොලීසිය ආවේ……….??…….”

” අම්මා දන්නවනේ මගේ ස්කෝලේ කාලේ යාලුවා තරුත්…………. එයාට මං විස්තර කියලා ලොකේෂ්න් එකත් යැව්වා……… එයා තමා කිව්වේ නංගි ඔතන ඉන්න විදිහක් නෑ කියලා………. ඒ නිසා දේශාන්ට කියලා ඔය ටික වෙලාවට නංගිව හොයාගෙන බේරගත්තා……. ඒ msg එක ආව නිසයි මං බය නැතුව ෂූට් කරේ…………..”

“අර සීදේවි කෙල්ලෙක් බැන්දේ……….”

“ඔව් අම්මා සඳසි……… බලන්න යන්න ඕනි කෙල්ලට බබෙක් හම්බෙන්න…….. මේ දවස්වල කෙල්ලගේ හොඳම යාලුවගේ වෙඩින් එකට ගිහින්……… එහෙ ඉද්දියි ඔය උදව් කලෙත්…”

“ඔව් ඔව් නිවාඩුපාඩුව එහෙ යමු………”

“මං යනවා ටිකක් නිදාගන්න……. තෙනුලි මට තේ එකක් අරන් එනවා………..”

ප්‍රශ්න සියල්ලම හොඳින් විසඳුනා…….. සෙනුලි……. ඩොක්ටර් එක්ක යාලු උනා……… ඒත් තෙනූගේ ප්‍රශ්න තාම එහෙම්මමයි………… හැමදාම තෙනූ මිහේෂ්ගේ සර්වන්ට්ද???……. නෑනද??……. නැත්නම් වයිෆ්ද………. මේ ගැන හිත හිතයි තෙනූ තේ එකත් අරන් උඩට ගියේ………….. කාමරේට යනකොට කාමරේ කවුරුවත් නෑ…… තෙනූ තේ එක මේසේ උඩින් තියලා යන්න යනවත් එක්කම කවුදෝ තෙනූව ඇදලා අරන් ඇඳට විසික් කලා……..

“මිහේෂ් සර්???……… ඔ…….ඔ………යා…….”

“නැතුව මගේ කාමරේ වෙන කවුරු ඉන්නද??……..”

මිහේෂ් දොරත් ලොක් කරලා ආවේ තෙනූගේ ඇඟ උඩට…………

“ස…..ස……ර්…………”

මොහේෂ් කෙලින්ම පාත් උනේ ඒ තොල්වලට……………

“මාව………. අත අරින්න…….. කවුරුහරි දැක්කොත් සර්ට හරි නෑ…………”

“එහෙම අවුලක් නෑ……. නෑනා කොහොමත් මස්සිනාටනේ………….”

මිහෙෂ් ආයේ පාත් උනේ තෙනුලිගේ තොල් වලට…….. ඒත් තෙනුලි මිහේෂ්ව තල්ලු කරා……..

“යකෝ මේක හරි වැඩක්නේ………. මට ඕනි වෙලාවට මගේ ගෑණිව කිස් කරන්නවත් මට බැරිද??…….”

“ගෑ………..ගෑණි ??”

“ඔව් තමුසේ මගේ කසාද ගෑණිනේ……. ඇයි අපි කසාද බැන්දා……… ඒකවත් මතක නැද්ද……… තමුසෙටත් හොරෙන් මට කිස් දෙන්න හොඳයි මං දුන්නම තමා මෙතන පුප්පන්නේ……………..”

“ඒ කියන්නෙ ඔයාට මතකයි??”

“මතක් වෙන්න මට අමතක වෙලා තිබ්බේ නෑනේ කෙල්ලේ………”

“මො….මො………..මොකක්…………..??”

“අනේ මැණිකේ වඳන්නම්………. ඔක්කොම කියන්නම්…….. දැන්වත් මගේ වෙනවකෝ…….. ඒ කාලේ අරහෙන් පෙන්නන් මෙහෙන් පෙන්නන් ඉද්දී මං හරිම අමාරුවෙන් ඉවසුවේ………… තවත් නම් ඉන්න බෑ…………… කියන්න මැණික මගේ නේද?………”

තෙනූට හිතාගන්න බෑ මේ වෙන දේවල්…… ඒත් මේ තෙනූ බලාපොරොත්තුවෙන් හිටපු ජීවිතේ……… දඟකාර මහත්තයෙක්…….. ඉතිම් ඇයි තවත් ඒ හැඟීම් හිර කරන් ඉන්නේ……… රතු වෙච්ච මූණෙන්…… තෙනූ හා කියන්න ඔලුව වැණුවා………..

“අම්මෝ රතු වෙන්න එපා බන් කන්න හිතෙනවා………… “

මිහේෂ් ආයෙත් ඒ තොල් අල්ලගත්තා…… විනාඩි කීපයක් එහෙම ඉඳපු මිහේෂ් තමන්ගේ ශර්ට් එක ගලවලා පැත්තකින් දාලා ආයේ තෙනූගේ වතට බර උනා……… ඒ තොල් තෙනූගේ ගෙලේ තැවරෙනකොට……. තෙනුත් නොදැනීම ඇඳන් උන්න ඇඳුම් එකින් එක මිහේෂ්ගේ අතින් ඉවත් උනා…………. ඒ සුසුම් ගෙලේ ලැම හරහා…….. කුසට දැනෙද්දී තෙනූ තදින් ඇස් පියා ගත්තා……… අනුරාගි හෝරා කීපයකට පස්සේ මිහේෂ් බැලුවේ…… නිරුවතින් තමන් ළඟ වැතිරිලා ඉන්න තෙනූ දිහා……… ඒ ඇඟ හැමතැනම මිහේෂ්ගේ දඟකාර කමේ සංඛේත…….. මිහේෂ් හිනා වෙවීම ඒ වත් බ්ලැන්කට් එකකින් වැහුවා………….

“මීහූ………………”

“ම්ම්ම්ම්……………..”

“කියන්නකෝ හැමදේම…………”

“අපොයි මේකි…………….. මෙහෙමයි මැනික……. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මං මාස ගානක් කොමා තත්වේ උන්නේ……. ඒ සිහිය එද්දි මට හැමදේම මතක තිබුණා……. ඇවිදින්නත් පුලුවන්……… ඒත් මගේ සාක්ෂි ඔක්කොම තේජ් විනාශ කරලා තිබ්බා……… මට ආයේ සාක්ෂි හොයන්න තව කල් ඕනි…….. ඒත් මං හොඳ සිහියෙන් උන්නොත් තේජ් ආයේ මොනාහරි කරනවා…… ඒ නිසයි මං අබ්බගාත මන්ද බුද්ධිකයෙක් වගේ රඟපෑවේ……… ඒකට ජනිත්….. ඩොක්ටර් මගේ යාලුවා උදව් කරා………. ඒත් තමුසෙව දකිද්දි මට මාවම අමතක

වෙනවා……… ඒකයි කොන්ට්‍රෝල් නැතුව යන්නේ………… මං හැමදාම සාක්ෂි හොයන්න යන්නේ කට්ටිය නිදාගත්තම……. ඒත් ඔයා මගේ කාමරේට ආවම ඒක කරන්න බැරි නිසයි…… සෙනූට කියලා හැමදාම ඔයාගේ කිරි එකට නින්ද යන බේතක් දැම්මෙ……… ඒත් දවසක් ඔයා ඒක බීලා නැතුව…….. මගේ හොරේ අහුවෙන්නයි ගියේ………. ඒ නිසා සිහිය නැති කරන්න උනා ඔයාගේ……….. ඒත් දවසක් තේජ් බැන්නම එයාව හොයාගෙන ඔයාට එන්න වෙයි කියලා…… මං හොඳටම බය උනා………… ඔයාව මට නැතිවෙයි කියලා…….. ඒ නිසයි එදා පඩිපෙළින් වැටිලා සිහිය ආවා වගේ පෙන්නුවේ…….. දැන් හරිද මැණික …………”

“ඒ කියන්නෙ මට ආදරෙයිද??……..”

“ඔව් තමුසෙට ආදරේ කරේ අර පුංචි කාලේ සෙල්ලම් ගෙවල් දාලා ඔයා අම්මා මං තාත්තා උණ කාලෙමයි………… ලියෙවිට ළං උනේ දුක නිවා ගන්න…….. තමුසේ නැති උණ……….. “

“මාත් ආදරෙයි “

තෙනුලි මිහේෂ්ගේ රෝම පිරුණු පපුවේ මූණ සඟවමින් කිව්වා……..

“මේ රැවුල වැවිලනේ බැරිද කපලා දෙන්න එදා වගේ………..”

“අනේ යන්න නරකයි……….”

“හිටපන් නරක පෙන්නන්න………. උරුලෑවි……. ආදරෙයි පණ…………..”

නිමි…….

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ඔන්න බබාලා කතාව ඉවරායි….. මේ කොටස් 20ම මාත් එක්ක හිටපු ඔයාලට ස්තූතියි……… කතාව එක දිගට දාන්න බැරි උන එකට නම් සොරි……….. හැමෝටම ප්‍රශ්න එනවනේ……. කතා ලියන්න රිලැක්ස් මයින්ඩ් එකක් ඕනිනේ…………….

ඔයාලගේ පට ලැවිලි ලෙහුනා කියලා හිතනවා……….. අසනීප උණ වෙලෙත් මාව දාලා නොගිහින් මාත් එක්ක උන්නට තැන්කූ………. ඒ අයට හෙට කෙටි කතාවක් දෙනවා……….. ඉතිම් කතාව ගැන දිග කමෙන්ටුවක් ඕනි හාද???