බැඳීමක් නැති මුදුවක්💔

21 වන කොටස

“හෙට ක…තා ක.ර…න්න පුතේ…දැන් හොඳටම රෑ වෙලා නේ…”

මම එහෙම කියපු ගමන් අම්මා හොඳටම කලබල වුණා කියලා මට දැනුණා..

අම්මා මොනවද මගෙන් මේ හංගන්නේ?..

ඇයි නෙහාරාගේ මොබයිල් එක වැඩකරන් නැත්තෙ?..

මොකක් හෝ සිදු විය නොයුත්තක් සිද්ධ වෙලා කියලා මගේ යටි හිතට දැනෙන්න ගත්තා.

“ඇයි අම්මෙ මොකක් වෙලාද?..තවත් මගෙන් හංගන්නේ නැතුව කියන්න..

මම එහෙම කියද්දී අම්මා මොහොතක් නිහඬව හිටියා…

“නෙහාරා අසනීපෙන්…හොස්පිට්ල් එකේ ඉන්නේ…මම මේ හවසත් හොස්පිට්ල් එකේ ඉදලා ආවේ.”

අම්මා එහෙම කියද්දි මගේ පපුවට දරාගන්න බැරි තරම් ලොකු දුකක් ඇති වුණා..මගේ පපුවේ ගැස්ම පවා එකපාරට වැඩි වුණා..මම කල්පනා කරේ රෝහල්ගත වෙන්න තරම් එක් වරම ඇයට ද සිදුවුණේ කුමක්ද යනුවෙන්…

“පුතේ ඒ දරුවා කිසිම දෙයක් කන්නේ බොන්නේ නැහැ නේ.පහුගිය ටිකෙත් කිසිම දෙයක් කෑවේ බීවේ නෑ…මම මට පුළුවන් තරම් ඒ දරුවාට කෑම තම්බ තම්බා දුන්නා..ඒත් කිසිම දෙයක් කෑවෙ බිව්වෙ නෑ..අපි අපි කියන දෙයක් අහන්නේ වත් නෑනේ..ඇඟ හොඳටම දුර්වල වෙලා..හොස්පිට්ල් එකට ගෙනිච්චම ඇඩ්මිට් කරන්න ඕනේ කිව්වා…දැන් ඒ දරුවාට සේලයින් දෙනවා…”..

අම්මා එහෙම කිව්වම මගේ පපුව හෝස් ගාලා ගියා වගේ මට දැණුනේ..මේ දුරු කතරේ ඉඳලා උ/ඹ ලඟට පියාඹාගෙන මට එන්න පුළුවන්කමක් තිබුණා නම් කියලා මට හිතුණා…ඒත් හිතන තරම් ලේසියෙන් මට උ/ඹ ලගට දුවගෙන එන්න විදිහක් නෑ සුදූ…මට ලොකු දුකක් ඇති වුණා එහෙම හිතද්දිත්…

“අනේ අම්මේ සුදූට ඒ තරම් අමාරුද?..”

“බයවෙන්න එපා පුතේ.දොස්තර මහත්තයා නම් කිව්වේ මුල් මාස තුනේ සමහරුන්ට එහෙම තමයි කිසිම දෙයක් කන්න බොන්න බැරිව යනවා කියලා.තුන් මාසෙන් පස්සේ ඔය සේරම ගති මඟ හැරිලා යයි කියලා කිව්වා පුතේ…කොහොමත් ගොඩක් බඩ දරු අම්මලාට ඔහොමයි..”

“එහෙමද අම්මේ..”

“මගේ පුතා මේවා ගැන කල්පනා කරන්නෙ නැතුව වැඩ ටික කරගෙන ඉන්න…ඒ දරුවාව බලාගන්න අපි ඉන්නවනේ..අපරාදෙ කියන්න බෑ අයියයි අක්කයිත් ඒ දරුවා ගැන සෑහෙන්න හොයලා බලනවා…”

අම්මාගේ ඒ වදන් බියපත් වෙලා තිබුන වගේ හිතට යම්කිසි සහනයක් සැනසීමක් ගෙන දුන්නා….ඇයට කිසිම කරදරයක් වෙන එකක් නැහැ කියලා මට හිතුනා…

“මම එහෙනම් තියන්නම් අම්මේ..මේ වැඩ ඇරිලා ආවා විතරයි..තවම ඇඟපත වත් හෝද ගත්තේ නැහැ..අම්මා පොඩ්ඩක් ගිහිල්ලා එයාව බලලා ඕන කරන දේවල් කරලා දෙන්න..මමත් ලඟ නෑනේ..පව්..”

“හරි පුතා ඒ ගැන කරදර වෙන්න එපා…අපි ඒ සේරම බලාගන්නම්..එහෙනම් පරිස්සමෙන් ඉන්න දරුවෝ..බුදු සරණයි..”

අම්මගේ ඇමතුම විසන්ධි වෙලා මොහතක් යනතුරුත් මම කල්පනා කළේ උ/ඹ ගැන…

මට සිහිපත් වුණේ මම විදේශ ගතවීමට සූදානම් වෙනකොට උඹ ඊට විරුද්ධ උන හැටි..රට යන්න එපා මේ උ/ඹ/ට මාව උවමනාම කාලේ කියන කියාපු හැටි..

ඒ දේවල් මතක් වෙලා මගේ හිතේ පසුතැවීමක් ඇති වුනා…

විදේශගත වෙලා ඉන්න එක හිතපු තරම් පහසු උනේ නෑ..උපන් දා ඉදලා වසර විසිගණනක් ජීවත් වෙච්ච උපන් බිමේ වටිනාකම වැඩිපුරම දැනෙන්නේ විදේශ ගත වුණාට පස්සේ…

මුළු වර්ෂය පුරාවට ජීවත් වෙන්න පහසු දේශගුණයක් තියන ලංකාවේ ජීවත් වෙන එක කොයිතරම් සුවපහසුද කියලා අවබෝධ වෙන්න නම් විදේශගත වෙන්නම ඕනේ…

ස්වභාවික සම්පත් වලින් පරිපූර්ණ ශ්‍රී ලංකාව කොයි තරම් සුන්දර රටක්ද?.ඒ තරම් සුන්දර ශ්‍රී ලංකාව වගේ රටක ඉපදිලා මේ වගේ කොන්ක්‍රීට් වනාන්තරයක ජීවත් වෙන්න වෙන එක කොයි තරම් කටුක අත්දැකීමක් ද කියලා දන්නේ මේ සහරා කරේ ජීවත්වෙන ලාංකිකයෝ විතරයි…

නුහුරු නුපුරුදු භාෂාවක් කතා කරන,නුහුරු නුපුරුදු මිනිස්සු කොට්ටාශයක් මැද තනිවෙලා ජීවත් වෙන්න වෙන එක හිතන තරම් පහසු නෑ…

සුපිරි වෙළෙඳ සංකීර්ණයේ වැඩ කළත් අපිව ඒ රැකියාවට යොදවා තිබුණේ රැකියා බැංකුවකින් නිසා ඔවුන් වරින් වර අපිව වෙනත් ආයතන වලට යවනවා කියලා මම දැනගත්තේ මෙහේ සේවය කරන්න ඇවිත් දෙසතියකටත් පස්සේ….

අද මගේ නිවාඩු දවසක් නිසා මම විරාජ්ගේ හොස්ටල් රූම් එකට ගියේ මෙහි මම අදුරන කෙනෙක්ට උන්නේ විරාජ් විතරක් නිසා…

සුපිරි වෙළඳ සංකීර්ණයේ අපිත් එක්ක සේවය කරන අයගෙන් ලාංකික තරුණයෙක්ට හිටියේ මමත් විරාජ් ත් පමණයි..අනෙක් සියල්ලෝම මාලදිවයින්,ඉන්දියන්,පකිස්තාන් ජාතිකයන්….

“කොහොමද මචං වැඩ ?..”

“කට්ට තමයි..”

“එහෙම තමයි .මිඩ්ලීස් රටවල් වල රස්සා කරන හැමෝම වගේ දුක් විඳිනවා…අනෙක් රටවල මිනිසුන්ට වඩා මුන් හූරගෙන වැඩ ගන්නවා..”

“ඒක නං ඇත්ත..ඒක නෙමෙයි විරාජ් අර job bank එකෙන් අපිව කාලෙන් කාලෙට එක එක තැන් වල වලට යවනවාලූ නේද?..”

“ඔව් මම මෑතකදි තමයි ෆුඩ්සිටියට ආවේ..මාස තුනෙන් තුනට වගේ එයාලා අපිව එක එක සයිට් වලට දානවා.මොනවා කරන්නද දුක තමයි…මම උ/ඹ/ට මුලින්ම කිව්වනේ මේවා කරන්න අමාරුයි කියලා…ඒත් ඉතින් උ/ඹ ණය ගෙවන්න ඕනේ කියපු නිසායි මේක සෙට් කළේ…”

“අනේ ඔව්…ජොබ් එක සෙට්කරපු එක නම් වටිනවා…..”

“ඒක නෙමේ ..මම ළඟ පොඩි බඩුවක් තියෙනවා…අපි සෙට් වෙමුද?..”

“ඒ මොනවාද??උ/ඹ/ලා බඩු තියාගෙද ඉන්නේ?..”

මම එහෙම දෑස් නළලට තියාගෙන පුදුමෙන් හෑරුවේ මැදපෙරදිග රටවල් මත්//පැන් වුවද ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා අහල තිබුණු නිසා..

ඒ අතරතුර විරාජ් ඔහුගේ ඇඳ යට සඟවා තිබූ මත්//පැන් බෝතලයක් එළියට ගත්තා.ඔහුගේ මේසේ උඩ තිබුණු වීදුරු දෙකකුත් ඔහු එතනට ගෙන ආවා…

“පොඩ්ඩක් ඉඳපං මං බයිට් එකට මොනා හරි හොයාගෙන එන්නම්..මෙහෙ ඉතින් මුකුත් නෑ ..මම ගාව මික්සර් පැකට් එකක් තිබ්බා.පොඩ්ඩක් හිටපං එක අරගෙන එනකම්..”

විරාජ් මොහොතකින් එතැනට ආවේ මික්සර් පැකට් එකක් අරගෙන …

මත්//පැන් බොන්න මගේ විශේෂ කැමැත්තක් නැති වුණත් මම මතින් තොර කෙනෙක් නෙමෙයි..ලංකාවේ ඉන්නකොටත් මම මත්//පැන් පුරුද්දක් විදිහට නැතිවුනත් ඉඳහිට ගත්තා…..

අපි දෙන්නා සව්දිය පුරවලා මධුපානය පටන් ගත්තා..මම එක වීදුරුව පැය ගණනක් තොලගාද්දී විරාජ් එක හුස්මට වීදුරුව හිස් කරා…

“මෙහෙ ඉන්නකොට අපේ තනිකම නැති කරගන්න තියෙන්නේ මේ වගේ බෝතලයකුයි ලංකාවේ හම්බවෙන යාළුවෙකුයි විතරයි…”

“විරාජ්..මෙහෙ මේවා තියාගන්න තහනම් නේද?..මම එහෙම කියලා අහලා තියෙනවා..”

“නෑ මචං…ඒ සෞදි අරාබියේ..එහෙනම් නීතිරීති ගොඩක් වැඩියි..ඒත් ඩුබායි වල ඒ තරම් සැරට තහනම් නෑ..මෙහෙ සල්ලි තියෙනවනම් ඕන තරම් විනෝද වෙන්න පුළුවන්..අපිට ඉතින් එහෙම විනෝද වෙන්න සල්ලි නෑනේ..ඉඳලා හිටලා මේ වගේ එකක් හරි බොන එක විතරයි..”

විරාජ් ත් මමත් පැය ගණනක් හවස් වෙනකන් විවිධ මාතෘකා ගැන අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කාලය ගත කළා…

💔💔💔💔💔💔💔💔

මම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සේවය කරද්දී මගේ මොබයිල් එකට වරින් නාදුනන අංකයකින් ඇමතුම් පැමිණ තිබුණා…

කම්කරුවන් විදියට වැඩ කරන අපිට එහෙම මුළු ගැන්විලා දුරකතන ඇමතුම් වලට පිළිතුරු දෙන්න අවසර නොතිබුණු නිසා මම ඒ ඇමතුම් මගහැරියා…

අඩුම තරමේ මොබයිල් එකෙ ස්ක්‍රීන් එක වත් බලන්න තරමට මට විවේකයක් තිබුණෙ නෑ.

උදේ අටේ ඉඳලා රාත්‍රි අටයි තිහ වෙනකන් හුස්මක් ගන්නවත් විවේකයක් ලැබුණේ දවල් කෑම වෙලාවට පමණක් නිසාවෙන් රෑ වෙනකොට මහන්සියට මුළු සර්වාංගයම රිදුම් කනවා….

ලොකු කන්ටේනර් වලින් සුපිරි වෙළඳ වෙළෙඳ සංකීර්ණයට ගෙනත් එන කිලෝ සිය ගණන් බර ඇති බඩු පෙට්ටි උස්සාගෙන ගබඩා කාමරේ ගබඩා කරලාම අත් පය හොඳටම කකියනවා…

වැඩ අවසන් වෙලා මම හොස්ටල් එකේ කාමරයට එනකොට මාත් එක්ක මගේ කාමරයේ නවාතැන් අරගෙන හිටපු පකිස්තාන් ජාතික අබ්දුල් කාමරයේ ඔහුගේ ඇඳ මත වැතිර උන්නා…

කාමරය පුරා පැතිර ගිය තලතෙල් සුවඳින් ඉන්දියානු ජාතික කුමාර් කාමරයට වෙනදාටත් පෙර පැමිණි ඇති බව මට වැටහුණා…

මුලදී ඒ තල තෙල් සුවඳ මට ආග්‍රහණය කිරීමට අපහසු වුවත් දැන් එය මට තරමක් හුරුපුරුදු වී තිබුණා.

කුමාර් කාමරයේ කොනක භූමිතෙල් ලිපක් පත්තු කරගෙන කුමක්දෝ කෑමක් සකස්කරමින් උන්නා…

හොස්ටල් එකේ දිනපතා කන්න ලැබෙන දියාරු පරිප්පු හොද්දත් බැටලු මස් හොද්දත් අනෙකුත් අය අපහසුවෙන් කෑවත් එය කෑම කුමාර් වර්ජනය කළේ ඔහු නිර්මාංශ පුද්ගලයෙක් වීම නිසා…

ඉතින් අපහසුවෙන් අපි ඒ තල තෙල් සුවඳ ඉවසගෙන සිටියේ ඔහුගේ බඩගින්න වෙනුවෙන්…

මම කාමරයට පැමිණි විගස හොස්ටල් එකේ බාත්රූම් එකට ගොසින් ඇඟපත දොවාගෙන පැමිණියා..

ඉන්පසු මගේ ඇඳට මම පැමිණියේ මගේ මොබයිල් එකත් අතට අරගෙනමයි..හවස් කාලයේ වරින්වර ඇමතුම් ගත්තේ කවුරුන්දැයි මම පරීක්ෂාකර බලන්නට වුණා..

ඒ අංකය හදුනා ගත් ගමන් හිතට අමුත්තක් දැනුනේ ඒ අංකය මගේ නැන්දම්මාගේ කියලා අඳුනාගෙන….

කවදාවත් මට කතා නොකරන මගේ නැන්දම්මා මේ කතා කරේ හොඳකට නෙවෙයි කියලා මගේ හිතට දැනුනා…
ඒ ගමන නැන්දම්මා සැරසෙන්නේ කුමකටද කියලා මම කල්පනා කරමින් ඇයගේ ඒ දුරකථන අංකයට ඇමතුමක් ගත්තා….

දෙවතාවකට වැඩිය ඇගේ දුරකථන අංකයට ඇමතුම් ගන්න උත්සාහ කළත් ඇය දුරකථනයට පිළිතුරු දුන්නේ නැහැ…

මම ඉන් පසුව නෙහාරාගේ මොබයිල් එකට ගත්තේ ඇයත් එක්ක කතා කරන්න කියලා හිතලා.ගත්ත පලවෙනි ඇමතුමෙන්ම මට උ/ඹ/ත් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබුණේ උ/ඹ මගේ ඇමතුම පැමිණි විගසම ඊට පිළිතුරු දුන් නිසා…

“හලෝ…”

පහුගිය දිනවල අසනීපයෙන් උන්නත් අද උ/ඹේ කට හඬ ඇසූ පමණින් උ/ඹ ඉන්නේ තරමක සුවයෙන් කියලා මට වැටහුණා.

“සුදු දැන් කොහොමද ඔයාට…”

“හොඳින් …”

උ/ඹ එහෙම කතා කළේ ඕනෑවට එපාවට වගේ…

“ඇයි සුදු තරහෙන් වගේ..”

“තමුසේ කිසිම වගකීමක් නැති මනුස්සයෙක්..තමුසේ මගේ ජීවිතය කෑවා…”

“ඇයි එහෙම කියන්නේ?..”

උ/ඹ එහෙම කියද්දී මගේ හිතට දැනුනේ ඉවසාගත නොහැකි තරම් ලොකු වේදනාවක්…

දුරුකතර තනිවෙලා මෙහෙම දුක් විදින මට උ/ඹ ඔය විදිහට කතා කරද්දි මම කොහොම ඉවසා දරාගෙන ඉන්නද?..

“ඇයි ඔයා එහෙම කියන්නේ…මොකක්ද මං ඔයාට කරපු වැරැද්ද?..”

“ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..කසාද බැඳපු දා ඉදලා මම විඳපු දුක් දන්නෙ මම විතරයි…ත/මු/සේ මාව කසාද බැන්ද දවසේ ඉඳන් මට දුන්නේ දුක් විතරයි…”

“මම ඒ කිසිම දෙයක් ඕන කමින් කරපු දේවල් නෙමෙයි..ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි?..”

“තේරුම් ගන්න…තව මොනව තේරුම් ගන්න ද?..මම කී පාරක් කිව්වද රට යන්න එපා කියලා..මට මේ වෙලාවේ ත/මු/සේ ඕනේ කියලා..කෝ ඇහුවද?.ත/මු/සේ වැඩ කරන්නේ කසාද බැඳලා හෙට අනිද්දා තාත්තා කෙනෙක් වෙන්න ඉන්න මනු//ස්සයෙක් වගේ නම් නෙමෙයි…”

උ/ඹ එක දිගට මට නොනවත්වා බැණගෙන ගියා…මම ඒ කටුක වදන් අමාරුවෙන් ඉවසා දරාගෙන හිටියේ උ/ඹ මේ වෙද්දිත් තවම රෝහල් ගත වෙලා ඉන්න නිසා….

“කෑ ගහන්න එපා ..ඔයාට ලැජ්ජ නැද්ද හොස්පිට්ල් එකේ නේද ඉන්නේ..ඔයා ඉන්න වෝඩ් එකේ අහල පහළ අයටත් ඔයාගේ කෑගැහිල්ල ඇහෙනවා ඇති. “

“මේ සේරම අපේ අම්මලාගේ වැරදි.මම අවුරුදු ගාණක් යාළුවෙලා හිටපු මනු//ස්සයාගෙන් මාව වෙන් කරලා ත//මුසෙට කසාද බන්දලා දුන්නා..හරිහමන් මනුස්සයෙක් නම් තව කමකුත් නෑ..අර මගේ යාලුවා චාපා බැන්දේ ප්‍රපෝසල් එකකින්…එයාගේ හස්බන්ඩ් සීමන් කෙනෙක්..එයාට මොනවද අඩු…එයාගේ බබාලා දෙන්නම ඉපදුනේ private hospital වල..ඒකට අපි හැමදාම දුක් විඳිනවා…”

උ//ඹ එහෙම කියවාගෙන ගියේ මන්තරයක් ජප කරනවා වගේ එක හුස්මට නොනවත්වා ගෙන ….

තවත් උ/ඹ ගෙන් බැනුම් අහන්න අමාරු නිසා මම උ/ඹ/ට කියන්නේ වත් නැතුව ඇමතුම විසන්ධි කළේ එක්වරම…

මම ඇඳේ වැතිරිලා කල්පනා කළේ කළේ උ/ඹ ගැනමයි..කසාද බැඳලා මේ ගෙදරට ආපු දවසෙ ඉඳලා උ/ඹ මේ විදියට හැසිරෙන්නේ මට නපුරුකම් කරන්නේ මගේ දුප්පත්කම නිසයි…

මමත් හොඳ සල්ලි කාරයෙක් වුනානම් උ/ඹ මට පිරිලා ඉතිරිලා යන්න ආදරේ කරයි..ආදරය අයිති සල්ලිකාරයන්ට විතරයිද?..

මගේ හිත එහෙම මහහයියෙන් මොරගහන්න ගත්තා…

ඇහැ පියාගෙන නිදාගන්න උත්සාහ කළත් නිදිමත ඇස් අහලකටවත් ආවේ නැත්තේ ඇඟපතේ කැක්කුම ටත් වඩා වැඩි හිතේ කැක්කුමටයි….

නැවතත් මගේ මොබයිල් එක නද දෙන්න ගත්තේ මගේ කල්පනාව බිඳ දමමින්…

නැවතත් උ/ඹේ අම්මා ගෙන් ඇමතුමක්…

අලි මදිවට හරක් කිව්වලු….

දැන් ඉතිං නැන්දම්මා ගෙනුත් බැනුම් අහන්න වෙන්නේ….

මම ඇමතුමට පිළිතුරු දුන්නේ පිළිතුරු නොදී ඉන්න බැරි නිසාමයි…

“හලෝ අම්මේ..”

හලෝ….මේ දිලංක…”

උ/ඹේ අම්මා ගහගන්න වගේ කතා කරේ…

“ඔව් කියන්න..”

“මම මේ මෙතන සතුටු සාමීචියේ ඉන්න නෙමෙයි කතා කළේ…”

මම ඒක හොදට දන්නවනේ නැන්දම්මේ…

නැන්දම්මා ඉතිං කවදද සතුටින් කා එක්කවත් කතා කරන්නේ…

කොයි වෙලාවෙත් කෑ ගහගත්ත ගමන්මනේ…

ඔය මූනකවත් ලේ කඳුලක් වත් තියෙනවද?..

මම එහෙම කල්පනා කරමි නිහඬව හිටියා…

“ලයින් එකේ ඉන්නව ද?..”

“ඔව් මේ අහගෙන ඉන්නේ?..”

“සුදුව හෙට හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරනවා කිව්වා..”

“මම දැන් ටිකකට කලින් කතා කරා හොඳයි කිව්වා..”

“හොඳයි තමයි…දොස්තර අපිටත් එක්ක අපිටත් එක්ක හොඳටම බැන්නා සුදු හොඳටම දුර්වලයි කියලා.. අපිට කියලා ඉන්නෙත් එක කෙ//ල්ලයි..ඒ කෙ//ල්ලත් කසාද බැඳපු දා ඉදලා දුක් විදිනවා..ඒ දුක් විඳින එකේ කෙළවරක් නෑ…පුංචි කාලේ ඉඳන් කිසි දුකක් දෙන්නැතුව හදපු මගේ දරුවා තවත් දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ…මේ කසාදෙන් ඇති වැඩක් නෑ..”

නැන්දම්මා එහෙම කියාගෙන යද්දී මගේ හිතට මහා අමුත්තක් දැනුනා..නැන්දම්මා මේ මොකටද එන්න හදන්නේ.මම නිහඬව කල්පනා කරන්න ගත්තා….

හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔

අහක බලාගෙන යන්න එපා ලයික් කමෙන්ට් දාගෙන යන්න…