කාවින්දි ලියනගේ

24 කොටස
කවුද ඉතිං ඔයාල මගෙ වැඩ කරන්න කියලා බොරු කියලා ගෙනව කෙල්ලනේ.

අනික මොකද තමුන් මෙයාට අම්මා කියන්නෙ.මේ මැඩම් කියන්වා. කොහෙන් කාඩාපාත් වෙච්චි එකියක්ද දන්නේ නෑ.

බොරු කිඹුල් කදුලු හෙලලා ගෙදර මිනිස්සුත් දැලේ දාගත්තද ඒ පාර. මගේ යකා අවුස්ස ගන්නේ නැතුව හොද හිතින් යනවා යන්න.

ලොකු ….මම එක පාරක් ….කිව්වා.මේ ලමයා එහෙම කොහෙන්වත් කඩා පාත් වෙච්ච කෙල්ලෙක් නෙවෙයි.තමුන්ට කොහෙ තියන හයියකටද මේ කෙල්ලට බනිනේ.

ආ ..ඒ..පාර අම්මා මේකිව සුද්ද කරලා මට බනිනවද.

මාර ලොජික්නේ මේවා බලහන්කො ගයියා.අපේ අම්මා කියන කතා.කවුද මේ ඔයාට මෙයා ගැන මාරම කැක්කුමක් නේ තියෙන්නේ.කවුද මේ අම්මා ඔයා ඔය තරම් වද වෙන්නේ ඇයි.

මට කියන්න අම්මා…එක පාරක් ඇහුවාම.

මේ වෙන කවුරුත් නෙවෙයි ලොකු….මේ…ඔයාගේ…

ඇති අම්මා ඇති….ඕනි නෑ…මම කවුද කියන්න.එයාට හැමොම මතක තිබිලත් මාව විතරක් අමතක වෙන්නැත්තේ මාව වටින්නේ නැති නිසානේ.

හරි මම යන්නම්.යන්නම යන්නම් ආයි කිසිම දවසක ඔය ඇස් ඉස්සරහට එන්නේ නැති වෙන්න.😢😢😢😢😢😢😢😢

ප්ලිස් ගායාන් අයියා මාව කොහෙහරි දුරකට ගිහින් දාන්න.මට ගෙදර යන්නත් බෑ..දැන් ඒ මිනිස්සුත් පව්නේ.

මම යන්නම් අම්මා…….

එකම එක පාරක් මට ඔයා ගාවට එන්න දෙනවද ප්ලිස් …

“” තරුමිණි දෑසින් නොනවත්වා ගලන කදුලු අතරින් අකී ගාවට සෙමෙන් සෙමෙන් පාද තබමින් ලගා වී ඒ මුහුන ගැහෙන දෑතින් ආලාගෙන සිය වෙව්ලන දෙතොල ඔහුගේ නලල් තලයේ තැබුවේ,ඇයගේ ක්‍රියාවට කෝප වී බැනිමට සැරසුනු අකීගේ මුවග ගොලුකරලමිනී.ඔහුගේ නලල් තලය මද වෙලාවක් සිප ගෙන සෙමෙන් සෙමෙන් ඔහුගේ දෙඅත් පාද පිරිමදිමින් ඔහුගේ දෙපතුල් පිරිමැද සිඹින්ට වුයේ,බලා සිටි සියල්ලන්ගේ දෙනෙත් කදුලින් පුරුවාලමිනි.අවසානයේ පාද පිරිමැද වැද.

””ම….ම…මට ස….සමාවෙන්න පණ”’:

යනුවෙන් පවසා නැගිසිට අකීගේ මවට වැද වෙව්ලමින් නිවසේ දොරටුව පසු කරා පමනි.

ප…පණ……………
ඇගේ අවසන් වද පෙල අකීගේ මනසේ රැව් පෙලි දුන්නේ.පැහැදිලි නොමැති ජායා රැසක් මනසේ සිතුවම් වනවිටකය.

තරුමිණි ………. .

අකීගේ මුවින් නොදැනවත්වම පිටවුයේ.ඈ දොරටුව අසල ඇද වැටුන නිසාවෙනි.

දූ……

නංගී……

ගයියා කෙල්ලව ගනින්….

සියල්ලන්ම ශල්‍යගාරය අසලට වී සිටියේ පිටතට කවුරුන් ගේ හෝ පැමිනිම අපේක්ෂාවෙනි .

ගයියා…මන් මහා කල කන්නියෙක් බං…මට මගේ කෙල්ල ලග ඉදලත් අදුරගන්න බැරිවුණා බං.

අකී කෙන්තියෙන් බිත්තියට නොනවත් වා දෙඇති පහර දුන්නේ හඩාවැටමිනි.

මචං ඔයා අත බලහන් තුවල වෙලා නෙද.

උබ හිතලා ඒකි අමතක් කරේ නෑ නේ.

ආන්…ඩොක්ටර් එනවා අහලා බලමු.

ඔයාලද අර දැන් ගෙනවා පේශන් ගේ බාරකරයෝ ..

ඔ..ඔව්..ඩොක්ටර් මම් එයාගේ හස්බන්ඩ් ..

අ..මෙකයි සන්…..

එ දරුවා ලොකු ශොක් එකක ඉන්නේ.එ වගේම එ ලමයාගේ ඇග හොදටම දුර්වලයි .මේ දරුවා දවස් ගානක් නොකා නොබි ඉදලා තියනවා.

මම දන්නේ නෑ .ඔයලා අතර පවුල් ප්‍රශ්න මොනහරි තියනවම් එවා පොඩ්ඩක් හෙමින් විසද ගන්න පුතා .

දැන් නංගිට කොහොමද ඩොක්ටර් …

ම්…එයාට සිහිය නම් ආව.අපි සෙලයින් එකක් දුන්නා.තව ටිකකින් රූම් එකකට දනව වැඩිය එයාව කලබල කරන්න එපා.එයා ගොඩක් මෙන්ටලි වගේම පිසිකල් ඩවුන් වෙලා ඉන්නේ එනිසා එයා රිකවර් වෙන්න ටිකක කාලයක් යයි.ටිකක් ඉවසිමෙන් වැඩ කරන්න.

ඔකේ..ඩොක්ටර් තැන්ක්ස් සෝ…මච් ..

ඉට්ස් ඔකේ සන්.

මචං අකී නංගිව රූම් එකකට දැම්මා වරෙන් යන්න.

මම කොහොමද බං එකිගේ මුණ බලන්නේ.මම එකිට බැන්නා බං …..

හරි…හරි බං ඒ උබට ඇක්සිඩ්න් එකෙන් ඒකිව අමතක වෙලා තිබ්බ නිසානේ.කෙල්ල එක දන්න නිසා කලබල වෙන එකක් නෑ…

ම්….යමු…නේ….කවද වෙනකන් මම එකිට මුන නොදි ඉන්නදනේද .

මොනවද කිව්වේ ඩොක්ටර් නංගි ….

ආ…මේ දෝණි …නොකාහිටිය නිසා කලන්තයක් අල්ලලා.බය වෙන්න දෙයක් නෑ.හෙට විතර ඩිස්චාර්ජ් කරයි.

ආ…එහෙමද…දෝණි ලග කාට හරි ඉන්න වෙයිනේද රෑට .

මම ඉන්නම් නංගි ඔයාට අමාරුයිනේ ඉන්න අර පොඩි දරුවත් ඉන්නවනේ .

පුතාටත් මේ තත්වේ එක්ක ඉන්න අමාරුයිනේ .

පුතේ …දැන් කොහොමද ….

ඉනවා ඇන්ටි …..

එහෙන්ම් අපි යමුද පුතේ .අපි උදේම එමු.ඔයාට බෙහෙත් බොන්නත් තියනවනේ.

ම…ම..මට සමාවෙන්න රත්තරනේ …..මට උබ අදුරගන්න බැරි වුනාට.උබ මේ කාලකණ්ණියා ගාවට ආවදා ඉදන් දුක් විදනවා නේද .එකක් ඉවර වෙන්න තව කරදරයක් නේද.බලහන් බං…රෑ එලිවෙනකන්වත් මේ කාලකණ්ණියාට උබ ගාව ඉන්න පින නෑ .මම හෙට උදේන්ම එන්නම් මගේ රත්තරං බලන්න එතකන් පරිසමින් ඉන්න අම්මා එක්ක.

අකි…සිය දැසෙහි ඉනු කදුලු දෑතින් පිස දමා ඇගෙ මුහුන පිරිමැද අතද සිපගෙන කාමරයෙන් ඉවතට නික්මුනේ.ඇයව දමායෑම වාවගත නොහැකිවය.


අනෙ…. ලොකුපුතේ ….ඉක්මන්ට එන්නකෝ.

ඇයි අම්මා මොකක්ද කලබලේ..

අනේ කිව්වාම අහල ඉක්මන්ට හොස්පිටල් එකට එන්නකෝ.නංගිට අමාරුයි.අකී දරුවාවත් එකන් ඉක්මනින් එන්න.

ඇයි අම්මා නංගි ඊයේ රෑත් නංගි හොදින් හිටියානේ.අනේ දරුවෝ කිව්වාහම අහලා එන්නකෝ පොඩි කරදරයක් වුනා.

හරි අම්මා ඔයා කලබල නොවී ඉන්න මම ඉක්මන්ට එන්නම්.


ඇයි අයියා මෙච්චර කලබලෙන් හොස්පිටල් යන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද.

නෑනෑ මල්ලී එහෙම එකක් නෙවෙයි.
අපි ගිහින් බලමුකො අම්මා කොල් කරලා එන්න කිව්වා.


අම්මා කෝ නංගි ….මොකක්ද උනේ…

කෝ..අම්මා ….තරු….එයාට මොකක්ද උනේ..

නංගි …අයි සී යූ එක්කේ පුතේ ..

මොකක්….අයී සී යූ දන්න තරම්…මොනවද උනේ චුටීට

මේ..මේ…..
මෙ.මේ නෙවෙයි අම්මා මොකක්ද උනේ කියලා කියන්න.

පුතේ මම උදේ නංගි නිදා ගෙන ඉද්දී පොඩ්ඩක් එලියට ගියා ,නංගිගේ සර්ජිකල් එක ඉවර වුන නිසා නර්ස් කෙනෙක්ට කියන්න.

මම ගිහින් එනකකොට…..

25 කොටස

මොකක්ද උනේ….අම්මා..

මම එනකොට කවුද මන්දා කලු ඇදුම්ක් ඇද ගත්ත මනුස්සයෙක් නංගිගේ මුනට කොට්ටයක් තියන් හිටියා.මට කැගැහිච්ච පාර ඒ මනුස්සයා එක පාරට බය වෙලා මාවත් තල්ලු කරන් දිව්වා.මම ටක් ගාල එමජන්සි බටන් එක ප්‍රෙස් කරා ඊටපස්සේ ඩොක්ටර් ඇවිත් මෙයාව අරන් ආවා අයි සී යූ එකට.

මොකක් …..කවුද මේ චුටිව මරන්න පැලන් කරන්නේ.

බයවෙන්න දෙයක් නෑ ..පුතා එයාට සිහිය ආවා.තව ටිකකින් රූම් එකට දනවා.

මේ බං…මල්ලි පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද .මට උබ එක්ක කතා කරන්න ඔනී කමක් තිබ්බත් උබ හිටිය තත්වේ එක්ක කතා කරන්න සිටුවේශන් එකක් තිබ්බේ නෑ.

මල්ලී මෙකයි මට උබලගේ ඇක්සිඩ්න් එක ගැන දැන ගතැකිද.නංගා කිව්ව විදිහට එදා ඇටැක් කරලා තිබ්බේ උබව නෙවෙයි .නංගව..එහෙම නේද.

ඒ කියන්නේ මේකයි ඒ ඇක්සිඩ්න් එකයි දෙකම කාගේ හරි එක්කෙනෙක්ගේ පැලැන් එකක්.

අනේ මන්දා අයියා තරූ කිව්වා හරි එදා ට්‍රිපර් එක එම් කලේ තරුගේ සයිඩ් එක.මම කාර් එක ටර්න් කරපු නිසා තමයි මගේ සයිඩ් එක වැදුනේ.

කවුද බං…නංගිට ඇටැක් කරන්න තරන් ඉන්න තරහා කරයෝ.මම දන්න විදියට එහෙම කවුරුත් නෑ..

මම මගේ ජොබ් එක කරන්නෙත් මට කාත් කවුරුත් නැති විදිහට .ඒ නිසා මගෙත් එක්ක අවුලෙන් ඉන්න කෙනෙක් වෙන්නත් ඉඩ නෑ..

ම්ම්………..

මල්ලා….මේ…බං…මම දෙයක් අහන්න මන් ගැන වැරදියට හිතන්න එපා.මේ කෙස් එක හැඩල් කරන්න මම හැම පොයින්ට් එකක් ගැනම චෙක් කරන්නවා.

මේකයි උබව මැරුකරන්න කැමැත්තෙන් හිටිය කවුරු හරි හිටියද.මම කියන්න උබ ගැන හොපස් තියන් හිටිය කෙල්ලෙක්.

ම්….මම කවදාවත් කිසිම එෆෙයා එකක් තියා ගත්තේ නෑ.අයියා .මම ඕන කෙනෙක් එක්ක කතා කලේ ඔෆිශියලි විතරයි .

ම්…එහෙනම්…උබත්..එක්ක…

බිනස්…වලට අවුලෙන් ඉන්න කවුරුත් නැද්ද .

ම්…එහෙම නෑ….අයියා …අපේ ගාර්මන්ට් ටිකත් අප්පච්චි හැඩල් කරපුවනේ.

ම්….මට මේක හිතා ගන්න බෑ…

මොන හේතුවකට නංගව ඇටැක් කරනවද.කියලා.

මේ අහපන් මම මේක හොයා ගන්න කම් උබලා පරිස්සමෙන් ඉදහන්…

මට මාසයක් දියන්.මම ඔකෝම ක්ලියා කරන්ම..

ඔකේ…අයියා …..පව් කෙල්ල එක ප්‍රශ්නෙකින් යන්නතන් රිකවර් වුනා විතරයි.

මල්ලී මේ අහපන් අද නංගව ඩිස්චාර්ජ් කරයි.එකිව මම උබලහට එවනවා .

එයා තාම දන්නේ නෑනේ උබට මතකේ ආවා කියලා.

මෙ…උබට මාසයක් ඒ විදිහට ඉන්න පුලුවන්ද .එකිව මතක නැති විදිහට .

මම දන්නවා මම කරන්නේ අසාදරන ඉල්ලීමක් කියලා.එත බං මෙක විසදන්නම් එක කරන්නම.ඕනි.

අනේ…අයියා ….මම කොහොමද බං එහෙම කරන්නේ………

ප්ලිස් බං…පොඩ්ඩක් තේරුම් ගනින්…කට උනත් ඕනි උබගෙන් නංගිව ඈත් කරන්න.

අපි හොයා ගන්න ඕනි ඒ කවුද කියලා.

මම මේ කියන විදිහට වැඩ කරහන් බං…ප්ලිස් ….

ඔකෙ අයියා මම කොහොම හරි කරන්නම්.මම මොනවද කරන්න ඕනි කියන්නකෝ.

මේකයි බං…….

ඔකේ මම එහෙම කරන්නම්…

පුතා ….
මේ….දූ…ආවහම් කොයි කාමරෙද දෙන්නේ.

ම්….නංගිගේ රූම් එකේ තියමුකො.ටික දවසක් .

මතකනේ අම්මා අයියා කිව්ව දේවල් ,ඒ විදිහට වැඩ කරන්න.

අකී සෙමෙන් තරුමිණි රැදි සිටි සිය නැගනියගේ කාමරයට සිය රෝද පුටුව ඇතුල් කරන්නට විය.

තරුමිණ කොට්ටයක් තුරුල් කරන ගුලිවී නිදාගෙන සිටි අයුරු දැක ආශ්ට සිනහ පහල විය.හම්මේ මෙකී නිදා ගත්තාහම නම් හා පැටියාවගේ.නැගිට්ටාම යක්සනීවගේ මාව කන්නම බලන් ඉන්නේ.

අනේ..මට සමාවෙයන් මැනික මට මේ දේ කරන්නම වෙනවා අපී වෙනුවෙන් .ඔයා කවදාවත් මට වෛර කරන්නම් එපා මට එක දරාගන්න බැරිවෙයි.

අකී නිදා සිටි තරුමිණිගේ නලල් තලය කමුල් සිප ගතතේ ඇසට නැගෙන කදුලු බිදු ආයසයෙන් මැඩගෙනය.

තමාගේ උනුසුම දැනි තරු දගලන්නට වුයෙන් අකී ඇගෙන් ඇත් විය.

ආ ..මැඩම් ….කොහොමද දැන්…………….

තාම ඇගට පණ නැද්ද .

මුන හොදන් කැම එකකුත් අරන් එනවා මගේ කමරේට.

මොකො…ඔය ඇස් ගෙඩි දෙකත් ලොකු කරන් මා දිහා බලන්නේ.

මම මේ කෑම එක පරක්කු නිසා පොඩ්ඩක් බැලුවේ .

නැතුව මේ තමුසෙ ගැනතියන කැක්කුමකට නෙවෙයි.හුම් හුම්ම් එක්මන් කරන්න.

හරි ….සර්…මම අරන් එන්නම්..

සර්….මම ඇතුලට එන්නද..

ආ…එනවා ……

සර් ..කැම එක …..

මාව බැල්කනියට එක්ක යන්න.

තරුමිණි ඉතාමත් සතුටු සිතින් ආශ් කවන්නට වුයේ මෙලෙස හෝ තමාට ඔහු අසල ගැව සෙන්නට හැකි නිසාය.

ම්…අහනවකො බලන්න ඔය තමුන්ගේ මහ ලොකු ප්‍රශ්නේ.

මම නේ කියන්නේ….

ඇ….එහකොට ගර්ල් ෆෙරෙන්ඩ් කෙනෙක්වත් නෑ කියන්නද ඔය හදන්නේ.

ඔව්….බං…තමසෙටත් හෙන පුදුම ඇති නේද මන් වගේ හැන්ඩ්සම් සල්ලි තියන කොල්ලෙක්ටත් කෙලලෙක් නෑ කිව්හම .ඉස්සර හිටියේ නෑ.

දැන් ඉතිම් කොහොමත් කෙල්ලෙක් කැම්ති වෙන එකක් නෑ අබ්බගාත මාව බදින්න.

අනේ…සර්……….

තරුමිණි කෑම පිගාන පසෙකින් තබා එක් වරම අකී වැලදගත්තේ මහ හඩින් හඩා වැටෙමිනි ..අනේ…එහෙම කියන්න එපා…..මම මන් මැරෙන තුරාවට ඔයාව බලා ගන්නම්….අනේ…අබ්බගාතයෙක් කියලනම් කියන්න එපා….

කො…ලමයො….අයිවෙන්න මගේ ඇගෙන්….

අකී තරුමිණිව සිය සිරුරෙන් මැත් කරවුයේ ඇගේ කදුලැලි සිය කමිසය තෙත් කරමින් පපුතුරෙහි ස්පර්ශ වෙද්දි සිය හැගිම් මැඩ ගැනිම අපහසු බැවිනි.

අකී තරුමිණිගේ හිස පිරිමදිමින් පවසන්ට විය.

අකීගේ හඩින් පියවි සිහියට පැමිනි තරුමිණි වහාම අකීගේ සිරුරෙන් මැත් වුයේ බියෙන් ගැහෙමිනි.

අනෙ…මට සමාවෙන්න සර්…..

හරි…ලමයෝ….බය වෙන්න එපා මම මරන් කන්නේ නෑ.මාව තුරුල් කරගත්තා කියලා.

හරි හරි දැන් අඩන්නේ නැතුව ඔය බත් ටික කන්නකො මට ඇති.

රට යනවා කිව්වා නේද…

ඔව්…අන්ටි…මම ගිහින් හිටියේ එකනේ මට අකීගෙ මැරෙජ් එකටවත් එන්න බැරිවුණානේ .

මම මේ පොඩි වැඩ වගේයක ආයි ආවේ.

නෙක්ස්ට් වික් ආයි යනවා ආන්ටි .

කෝ..ආන්ටි අකී…එයා ඇක්සිඩ්න් වුනා කිව්වානේද.මට එන්න බැරිවුණානේ බලන්න.

ආ..පුතා උඩ රූම් එකේ ඇති දු….

මම උඩට ගියාට කමක් නැද්ද ආන්ටි ..

කමක්……..නෑ…දරුවෝ …

මෙ…ආන්ටි …කො..එතකොට …අකීගෙ වයිෆ්….

ආ..එයා..මේ..දු…..

අම්මා….අම්මා…

ඕ…තරුමිණි …ඔයා…මෙහේ….

දු…තරුමිණිව අදුරනවද….

නැතුව ආන්ටි ..මේ අකීගේ සෙකට්ට්‍රි නේද…එයා මොකද මෙහේ…..

ආ…එයා පුතේ මේ..අකීගේන් වයිල් වගයක් සයින් කරගන්න ඇවිත්