21 දිගහැරුම 🌻

විනාඩි කිහිපයක් ඇගේ දෙතොල් මත සිය දෙතොල් පෙති තැවරු ඔහු සිය දෙතොල් ඇගේ නලල් තලය මතින් තබාගෙන ඈ සිය ලයට තුරුල් කරගනිමින් දෑස් වසා ගන්න සිය විසිරුණු සිතුවිලි එක්තැන් කර ගනිමිනි .

ඔහුගේ උනුසුම් ලෝබ වු ඈ මද වෙලාවක් ඔහුගේ ලයේ තුරුල් වී හිදියද…

මොහොතකින් ඈ ඔහුවත් පසෙකට තල්ලු කරමින් බාත්රූම්යට දිව යන්න වුයේ …දැනුනු කෝල බවටය….

” දෝණී හොට් වෝටර් දාගන්න. වැඩි වෙලා ඉන්න එපා හිතල අල්ලයි හොදද .”

ඈ දිවයන ගිය ආකාරය නිසාවෙන් සිය මුවගට නැගුණු සිනාවෙන්ම කේශ්වර පවසන්නට විය…..

” පිස්සු කෙල්ල….”

” හී….එ..මොක්කද උනේ..මෝඩ ඩොකා මාව කිස් කලානේද…සැක් මාත් ඉතිං මොකාද වගේ පාඩුවේ ඉදියා නේද..දැන් කොහොමද අප්පා රෙද්දක් ඇදන් මන් මගේ ඩොක්ටර් හබියා ගාවට යන්නේ……

ම්……..
ඩොකා කිව්වත් වගේ ඔන්න ඔහේ ඇගපත හොදගන්න ඕනි..ඊටපස්සේ තියෙන්නේ

ශේප් එකේ කාමරේට රිංගන්න ඇට පැන ගන්න එක..

ඔව් එහෙම කරනවා එතකොට වැඩේ ශෙප්.

ඔය තියෙන්නේ අහිංසා ඔයාට ටිංකිරි අයිඩියා එකක්…..”

කැඩපතින් පෙනෙන සිය රත් පැහැ ගැන්වුණු දෙතොල් දැගිලි වලින් සෙමෙන් පිරිමදිමින් ඈ සිතන්න වුයේ …නුහුරු නුපුරුදු හැගුමක් ගත වෙලා ගනිද්දි ය…..

” නාලා වරෙන්කෝ………ටවල් එක අරන් ඇවිත් නැනේ…මලා ඕකට තමයි කියන්නේ පුතේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනෝ කියලා…ඇයි අප්පා මටම මෙහෙම වෙනේ …….කඩවලේ ……..

ම් බලමු අපේ ගස්බණ්ඩා මහත්තයාට පාණියක් දාලවත් බලන්න………..”

අහිංසා හිස පමණක් බාත්රූම්යේ දොරින් හිස ඉවතට දමා….

” අ..අයියේ ……………”

” ම්..දෝණී මන් දැන් තමුසෙ ඕකට රිංගන්න ගන්න කලින් කිව්වා නේද ඉක්මන්ට එන්න කියලා….දැන් ඔය එක අහපු හැටිද….”

” හී…සොලි ඇ….

අනේ හොද අයියානේ මේ අහන්නකෝ..මන් හොදලා ඉවරයි ..එත්..මේ…මේ මට ටවල් එක අරන් එන්න අමතක වෙලානේ..මට බෑග් එකෙන් ටවල් එක අරන් දෙන්න පුලුවන් ද….”

අහිංසා ඉතාමත් විනීතව අකුරෙන් අකුර අදිමින් ඔහු අමතන්න වුයේ ..ඔහුට ඇගේ මේ කපටි කම් වලට සිනා යද්දිය …..

” අනේ මන්දා .සිහිකල්පනාව කියන එක නම් ගෑවිච්ච තැනක නෑ…කොහොම පාඩම් වැඩ කරගන්නවද මන්දා…..කොහෙද ඉතිං මාවත් පෙරලන් දිව්වා මිසක් වෙන සිහියක් තිබ්බේ නැනේ…..

ඉන්නවා ඉන්නවා මන් ගෙනත් දෙනකන්.”

” අයියේ ඔයා….කොහෙද ………”

අහිංසා ඔහුගේ රුව සොයමින් බැල්කණිය වෙත පා තබන්න වුයේ ..එහි දොරටුව විවර කර ඇති බව නෙත ගැටිමත් සමගය…..

” ඔයා මෙතනද…

ඔයා මොකක් හරි ප්‍රශ්නේකද අයියේ …ඔයා අද උදේ ඉදන් හරි අමුතුයි.මගේ අතින් වැරද්දකවත් උනාද ඔයාට ..අනේ මාව බය නොකර කියන්නකෝ අයියේ ..ඔයා ඔහොම ඉද්දි මට බය හිතෙනවානේ…….”

ඔහුට මදක් ඈතින් ඈ ද අත් වැටට බර වී ඔහු දෙස මොහොතක් බලා සිටියද…ඔහු කිසිවක් නොපවසා නිහඬව හිදින බැවින් ..එම නිහඬව බව බිදිමින් ඈ වදන් අමුණන්ට වුයේ බිදුණුහඩකිනි ……

” දරුවෝ …………”

ඇගේ සිහින් ඉකි බිදුණුහඩි ඔහු තමා ගිලි උන් දැහැනෙන් මිදී..වහ වහා ඈ දෙසට හැරි ඈ සිය තුරුලට ඇද ගන්න වුයේ ..දැතින් ඇගේ හිස පිරිමදිමින් ය…

” අනේ මැණික එහෙම කිසිම දෙයක් නැ ..මන් වෙන කල්පනාවක හිටියේ ..අනේ මගේ දෝණීගේ හිත රිදුනාදම්…..”

” අ..අයියේ …….”

“ම්…….”

” අපි මෙ…මේ..මෙහෙ ආ..ආවේ ඇයි ..”

” දන්නේම නැද්ද..ආ…..”

ඔහුගේ වදන් සවන් වැකෙත්ම ඈ තව තවත් ඔහුගේ ලයට ගුලි වුයේ …කොපුල් විලියෙන් රත් පැහැගැන්වෙද්දිය ……

” අද උදේ ගෑනු ලමයෙක් මන් එයාගේන් දොලදුකද ඇහුවම…මගෙන් ඇහුවනේ..බබලා එන්නේ හුළගින්ද කියලා..මන් ඉතිං මේ හුළං වැඩිපුර තියන තැනකට ඒ ළමයාව එක්ක ආවා..හුළං ටිකක් වැඩිපුර වැදුනාම බබෙක් එන්නේ නැතෑ කියලා හිතලා…” කේශ්වර යටිතොලේ කොනක්දසන් අතරට තදකරගෙන සිනාහව මැඩගෙන බෑබැරුම් ස්වරූපයක් මුහුණට ගෙන විමසන්නට විය…….

” ආව්….ආව්…හපන්න එපා…දෝණී මන් ඇත්ත නේ කිව්වේ …….” අහිංසා ඔහුගේ දැතක් සපමින් ඔහුගේ මෑත් වුයේ …දැනෙන ලැජ්ජාවට ඔහුට මුහුණ දීමට නොහැකිව ය..

” යනවා යන්න නරකයා…….”

ඔහුට පහරක් ගසමින් ඈ කාමරය වෙත යෑමට පා එස වුවද..ඈ පසුපසට ගොස් ඔහුගේ දෑතටත් අත් වැටටත් මැදි වුයේ ..ඇගේ නෙතු විසල් වෙද්දිය…..

” අ..අයියේ ………”

ඔහු ඇගේ දෙතොලට බර වුයේ ……ඇගේ දැතට ඔහුගේ කමිසයේ දෙකළවර පොඩි වී යද්දිය …..

ඇගේ දෙතොල් පෙති මදකට හෝ අත් නොහැර ඔහු ඈ සිය දෝතට ගෙන කාමරයට පා තබන්න වුයේ ..පාදයකින් බැල්කණියේ දොර වසමින් ය……

මතුසම්බන්ධයි