නව කතාව

😍නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩි #රැජින🌹🌹

දහසය වන චන්ඩිකම 🙅🙅
” විනෝද් ඔහොම ඉන්නව ” 😡

කලින් ගෙදර එන්න කිව්වත් අම්ම තාමත් කේන්තියෙන් ඇත්තෙ කියල හිතපු විනෝද් වෙනද වෙලාවටම ගෙදර ගියේ.ගෙට ගොඩ වෙනවත් එක්කම ඇහුණ කට හඩින් ඒ දිහා බලපු විනෝද් ගැස්සිලා ගියේ දැකපු දෙයින්.

” අ අ ප් ප ච් චි ” 😳

අම්මත් අප්පච්චිත් දෝණිත් සාලෙට වෙලා ඉද ගෙන බලන් උන්නෙ කන්න වගේ.

” අප්පච්චි කොයි වෙලේද? ආවෙ ” 😳

” ඔව් අප්පච්චි තමයි.😡 මෙතනින් වාඩි වෙනව මට කතා කරන්න ඕනෙ “

අමුතුම භයක් හිත පුරා දෝරෙ ගලද්දි කවදාවත් නැති අසරණකමක් මුළු හිතම වෙලා ගෙන.

” විනෝද් ඇහෙන්නෙ නැද්ද? අප්පච්චි කිව්ව දේ ” 😡

අම්ම සද්දෙන්ම ආයෙමත් එහෙම කියන කොට ගැස්සිලා ගියේ.කවදාවත් නැති තරමට කකුල් දෙකත් හිර වෙලා වගේ.අමාරුවෙන් අඩිය උස්සල ගිහින් අම්ම ගාවටම වෙන්න වාඩි වුණේ අප්පච්චි රවා ගෙන බලන් ඉන්න අතරෙම.විනාඩියක් දෙකක් යනකං කව්රුත්ම සද්දයක් නෑ. එහෙම්මම බිම බලන් උන්නෙ හදවතම හොරා ගත්තු ආදරය අමතක කරන්න වෙයිදෝ කියන හැඟීමෙන්.

” විනෝද්, අම්ම මොකක්ද? මේ කියන කතාව” 😡

යාන්තමට ඔළුව උස්සල බැලුවෙ.අප්පච්චි තාමත් මූණ දිහාම බලන් ඉන්නව.

” මොණ කතාවද? අප්පච්චි ” 🤔

කිසි දෙයක් නොදන්න ගානට අම්මගෙත් අප්පච්චිගෙත් මූණ දිහා මාරුවෙන් මාරුවට බැලුවේ.

” තමුන්ට ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියනවද?”

පුන පුනා බලන් හිටපු ප්‍රශ්නෙම අප්පච්චි මූණ ඉස්සරහටම අහනව.මුළු හිතම හඩා වැටෙන කොට දෙන්න උත්තරයක් හිතා ගන්න බැරුව අසරණ වුණු තරමක්.

” අප්පච්චි ඇහුවෙ එච්චරටම අමාරු ප්‍රශ්නයක්ද? අයියෙ උත්තර දෙන්නකො “

දෝණිට රව රවා ආයෙමත් අප්පච්චි දිහා බැලුවෙ. නෑ ඒ මූණෙ තාම වෙනසක් නෑ.උත්තරයක් එනකං තුන් දෙනාම බලන් ඉන්නෙ.

” ඔ ඔව් අප්පච්චි.අම්ම මං රශීට ආදරෙයි “

දරා ගන්නම බැරිම තැන එහෙම කියල නැගිටල කාමරේට යන්න හැරුණෙ.අප්පච්චිගෙ ඊලග තීරනේ ඉවෙන් වගේ දැනුණු නිසා.කවදාවත් ඒ තීරනේ පිළි ගන්න මේ හිත සූදානම් නැති වග අප්පච්චිට කොහොම කියන්නද?

එහෙම්මම පඩිය උඉන් තියපු කකුල ආයෙමත් ආපස්සට ගත්තෙ හීනෙන් වගේ ඇහුණ වචනෙත් එක්ක.මං මාවම කොනිත්ත ගත්තෙ මේක හීනයක්ද? හිතන ගමන්.නෑ ඇත්තක්.කෑ ගහල හිනා වෙන්න හිතෙනව.උඩ පැන පැන නටන්න හිතෙනව.ඔව්,මුළු හිතේම සතුට දෝරෙ ගලනව.හිනා වෙන්නද ? අඩන්නද? හිතා ගන්න බෑ.

” පුතා කවද්ද? මගෙ ලේලිව මේ ගෙදරට ගේන්නෙ “

මගෙන් උත්තරයක් ආපු නැති නිසාමදෝ අම්ම ආයෙමත් එහෙම අහනව.එහෙම්මම දුවල ගිහින් අම්මව තුරුළු කරන් ඉඹ ගෙන ඉඹ ගෙන ගියේ හිතේ සතුටට මට මාවම පාලනයක් නැති වෙද්දි.ඒත් එක්කම සාලෙන් ආපු හිනා හඩත් එක්ක ඔළුව උස්සල බැලවෙ.

අප්පච්චියි දෝණියි හිනා වෙනව.මොකක්දෝ ලැජ්ජාවක් හිත කොනකින් එබිකම් කරන කොට පඩිපෙල දිගේ දුව ගෙන ගියේ කාමරේට.

තවත් මොණවද? මේ හිතට ඕන.මුළු හිතම හොරකම් කරපු ආදරේ හැමදාම ළග තියා ගන්න පුලුවන් කියල දැනෙන කොට සත්තයි මේ හිත ඉහිලුම් නැති වෙනව.

ආයෙමත් වොශ් එකක් දාල black colour ටී ෂර්ට් එකට blue colour ඩෙනිම් එක ඇදල කොණ්ඩෙත් ජෙල් කරන් ෆෝන් එක සාක්කුවට දා ගත්තෙ.ඒත් එක්කම දෝණි කෑ ගහ ගෙන කාමරේට ආවෙ.

” අයිය,ඔන්න නැන්දම්මත් කැමැති වුණස් දූව දෙන්න.” 😉

” මොකක්ද? දෝණි “

“අම්ම දේවිකා ඇන්ටිට කතා කරල විස්තරේ කියල.එයත් හරියට සතුටු වෙලා.අන්න අම්ම අප්පච්චි දැන් ඉදන්ම වෙඩින්ස් ප්ලෑන් කරනව.ඒකත් ජයසිරි මංගලම් කිව්වලු ” 😋

දෝණි ඇහැකුත් ගහල ආයෙමත් එහෙම කියනව.හිතට දැනුණු සතුටක්.දෝණිටත් හිනා වෙලා පහලට දුවන් ආවේ.

” ආ පුතා ආයෙ කොහෙ යන්නද? “

” පොඩි ගමනක් අම්ම.ඉක්මනට එන්නම් “

” හොරාට හොරාට ඔය මනමාලි බලන්න යන්නෙ අම්ම. “

ගරාදි වැටට හේත්තු වෙලා දෝණි සද්දෙට එහෙම කියනව.අම්මත් අප්පච්චිත් හිනා වෙන අතරෙ දෝණිටත් රවා ගෙන ඇවිත් කාර් එකට ගොඩ වුණේ.

දවසක් මතකයි අම්ම කිව්ව රශීලගෙ ගෙදරට යන පාර.ඒ මතකෙන්ම කා එක ගෙනත් පොඩි ගෙයක් ඉස්සරහ නතර කලේ.

” හානේ විනෝද් සර්.එන්න සර් ඇතුලට මං රශීට කතා කරන්නම්.” 😊

” කමක් නෑ නංගි මෙහෙම හොදයි”

එහෙම කියල ගිහින් වාඩි වුණේ පේර ගහක් යටට වෙන්න තියන කොළ පාට පොඩි බංකුවක.එච්චර ලොකු නැතත් චූටි මිදුලක්.ඒත් හරි ලස්සනයි වගේම පිළිවෙලයි.මල් ෆස් පළතුරු ගස්වලින් පිරිල.පොල් අතු රටාවට අතු ගාල තිබුණ.මිදුල හරි පැහැදිලියි.

” සර් දැන්ද? ආවෙ “

ගැස්සිලා ගියේ රශීගෙ හඩින්.මුළු ලෝකෙම අමතක වෙන ඒ ඇස් සත්තයි කල්පයක් වුණත් බලන් ඉන්න පුලුවන්.මට මාවම අමතක වෙන තරමට.

දණිස ගාවට කොට සායක් ඇදල.කහ පාට ටී ෂර්ට් එකක් ඇදල.කෙල්ල තාමත් මගෙ ඉස්සරහට වෙලා බිම බලන් ඉන්නව.

එහෙම්මම ඒබතින් ඇදල ගත්තු පාරට කෙල්ල විසි වෙලා වැටුණෙ උකුල උඩට.ලැජ්ජාවෙන් කම්මුල් රතුකර ගෙන තාමත් බිම බකන් ඉන්නව.

” මොකද? ම්ම්ම්. ඇයි මැණික මේ ඇස් දෙක රතු වෙලා ඇඩුවද? ඒ තරම්ම මට ආදරෙයි ද?😍 ඔච්චර රතු වෙන්න එපා බං මට වෙන දේවලුත් කරන්න හිතෙයි ඔන්න.හ්ම්ම් දැන් බය වෙන්න දෙයක් නෑ අපෙ අම්මල වගේම ඔයාගෙ අම්මත් කැමැත්ත දීල තියෙන්නෙ.”

” අනේ ඔය ඇත්තමද ? සර් “

” හ්ම්ම් ඇත්තමයි ” 😘

ඒක කිව්ව විතරයි ඒ ඇස් දිලිසෙනව.එහෙම්මම පාත් වෙච්ච කෙල්ල විනෝද්ගෙ ක්ම්මුලක් සිප ගත්තෙ.කොල්ල ඇස් දෙකත් ලිකු කර පුදුමෙන් බලන් ඉන්නව.

“අහ් ඒවත් දන්නව නේද? මගෙ හොර කෙල්ල.කෝ මෙතනටත් එකක් ” 😍😘

එහෙම කියල විනෝද් තොල් දෙක පෙන්නුවෙ.

” අනේ සර් ” ☺️

ඒත් එක්කම……

නැවත හමුවෙමු.👋👋