තරු ඇස්🌟

  1. කොටස

පෙර කොටස

“සෙනුලි කෙල්ල අතුරුදහන්…………….”

“වට් ???…… එතකොට තේජ්??……..”

“එයත් නෑ මහත්තයෝ……… ලොකු නෝනට මොකද කියන්නෙ ??”

“මේක වෙන්න දෙන්න බෑ ජස්ටින්…… තෙනූ…… තමුසෙට කියන්න දෙයක් තියෙනවා………….. හොඳට සිහියෙන් අහ ගන්නවා………….. “

“මිහේෂ්???……….”

“සෙනූ කියන්නේ තමුසෙගේ නංගි……………”

“මො…..කක්…………….???……… එ……එ……තකොට ඔයා??………. ලොකු මැඩම්……… මගේ??………”

“ඔව් ඔව් තමුසේ මගේ නෑනා……….. අපේ අම්මා ඔයාගේ ලොකු නැන්දා………. දැන් නෑ කම් කතා කරන්න වෙලාවක් නෑ තෙනු…….. මං කියන දේවල් හොඳ සිහියෙන් අහ ගන්නවා………………..”

තෙනු කෙලින්ම ගිහින් එතන තිබ්බ පුටුවකුන් ඉඳ ගත්තා…….. එතකොට තමන් මෙච්චරකල් ඉඳලා තියෙන්නේ තමන්ගේ අයත් එක්කද???……………. ඒත් මිහේෂ් කොහොමද මේවා දන්නෙ??………..

“මෙහෙමයි තෙනුලි………… තමුසෙගේ තාත්තා……. අපේ අම්මගේ මල්ලී…….. ඒ උනාට අම්මා ගොඩක් එකතු උනේ තමුන්ගේ අම්මත් එක්ක……. ඒ නිසා ගොඩක් අය හිතුවේ ඒ දෙන්නා නෑදෑයෝ කියලා……… ඒ තරම් දෙන්නා එකතුයි…….. ඒත් ඒ හැම සතුටක්ම ගියේ අපේ තාත්තා නැති උනාට පස්සේ………… එතකොට අපේ අම්මා තරුණයි…….. මට වයස 10ක් විතර ඔයාට 7යි නංගි ඉපදුන කාලේ………. අපේ තාත්තා ෆැක්ටරියේ සිද්ද් වුන අනතුරකින් මැරුනා……….. මට මගේ ලෝකෙම නැති උනා…………… 😭”

මිහේෂ් මොහොතකට කතාව නවත්තලා වතුර වීදුරුවක්ම හිස් කළා………. තාත්තා ගැන මතකය එද්දී මිහේෂ්ට දරාගන්න අමාරුයි………… මිහේෂ් සුව උනා විතරනේ තාම…………….

“මීහූ…………”

“අපේ තාත්තා විතරයි තෙනූ මට මීහූ කිව්වේ………… හම්ම්……….. අපේ තාත්තා නැති උනාට පස්සේ අපේ ආච්චිලා අම්මට ආයේ කසාද බඳින්න කියලා බල කලා……. එයා තමා අපේ තාත්තගේ සෙකට්‍රි……. එයා විතරයි අපිට විශ්වාසවන්ත කෙනෙක්ට හිටියේ………….. ඒත් ඔයාලගේ තාත්තලා එකෙන්ම මේ කසාදෙට විරුද්ද උනා…… මට වෙනස්කමක් වෙයි කියලා……… අපේ අම්මා අසරණ උනා…….. පවුල් දෙක දෙපැත්තට උනා………. මං අවුරුදු 3කට ඔයාව දැක්කේ නෑ………. ඒත් දවසක් අම්මට කෝල් එකක් ආවේ…… ඔයයි නැන්දයි මාමයි ගියපු වෙහිකල් එක වංගුවකදී හෙලකට පෙරලුනා කියලා…….. නංගි පොඩි නිසා එයාව ආච්චිට දීලා ගිහින් තිබ්බේ…………. අපේ බාප්පා නංගි ගැන දන්නේ නෑ………. ආච්චි මැරුණට පස්සේ අම්මා මෙහෙ වැඩ කරන කෙනෙක් විදිහට නංගිව ගෙනත් තියා ගත්තා……. ඒත් අම්මා හොරෙන් තාමත් නංගිට උගන්නනවා………… අපේ අම්මා අසරණයි තෙනු………………….. ඔය අතරේ මං කැම්පස් ගිහාම මට ලියෙවිව හම්බ වෙනවා……… මං ලියෙවිට ආදරේ කරා…… කිස් එකකින් එහාට මං ලියෙවිට මුකුත් කරලා නෑ ඒ තරම් මං එයාට ආදරෙ කරා…….. ඒත්…… එයත් මට නැති උනා….. ඒ ගැන කතා කරන්න මං කැමති නෑ……. මේ ඔක්කොටම මුල තේජ්………”

“මො………..ක…………ක්…………….”

“ඔව්……… ඌ තමා…….. මගේ යාලුවා විදිහට ආපු රාක්ශයා………… අපේ ෆැක්ට්‍රි එකේ ලක්ෂ ගණන් අතුරුදහන් උනා…….. මං ඒ ගැන හොයද්දී……… මට තේරුනා තේජ් මේකට සම්බන්ධයි කියලා…….. සාක්ෂි හම්ම්බෙනකොට තමයි ඌ ඇක්සිඩන්ට් එකක් කරලා මාව මරන්න ගියේ……………. ඌ හිතුවේ මං මැරුණා කියලා……… ඒත් මං අබ්බගාත වෙලා හරි බේරුණා………… ඒත් ඌ හිතුවේ මං හැමදාම මෙහෙම ඉඳියි කියලා……… ඔයාට පින් සිද්ද වෙන්න මං සනීප උනා……. ඒත් මට තේරෙන්නේ නැත්තේ ඇයි ඌ එක පාරටම සෙනුරිව කිඩ්නැප් කලේ කියලා….. ඒ කරනවා නම් මීට කලින් කරන්න තිබ්බා…… “

“මං……….මං……….. හිතන්නේ මං දන්නවා හේතුව…………..”

“මොකක්??? මොකක්ද ඒ??…………..”

“තේජ් මට ප්‍රපෝස් කරාම සෙනුරි අඬලා කිව්වා………. මට තේජ්ව බඳින්න එපා එයා තේජ්ට ආදරෙයි කියලා…….. මං ඒක තේජ්ට කිව්වා……..”

“ඕ……… ෂිට්…….. ඒක තමා සෙනුරි දන්නවා තේජ් කියන්නෙ කොයි වගේ කෙනෙක්ද කියලා……….. එයා ඔයාව බේර ගන්න එයාගේ ජීවිතේ බිල්ලට දාලා…….”

“අනේ මිහේෂ් මගේ නංගි………… එයාට මොනාහරි වෙයිද…. මිහේෂ්??”

“නෑ ඌට යතුර හම්බෙනකම් ඌ නංගිට මුකුත් කරන එකක් නෑ………….”

“යතුර???………….”

“ඔව් තෙනූ මාමලත් එක්කම අතුරුදන් වෙලා ගියපු ඒ රහස………… මං ඔක්කොම හොයන් යද්දි මට දැන ගන්න හම්බුණා ඔයාලගේ අම්මලා මැරුණේ ඇක්සිඩන්ට් එකකින් නෙමේ………. වැස්ස වැඩි දවසක කවුද වෙඩි තියලා කියලා………… ඒත් ඒ කවුද කියලා හොයාගන්න මට බැරි උනා…..”

“දෙවියනේ…………….. මගේ අම්මයි තාත්තයි…………. ඇයි ඒ දෙන්නට එහෙම දෙයක් කලේ??………..”

“තණ්හාව තේනූ………… ඒ යතුර ලැබුණොත් කෝටි ගානක් වටින මැණික් ටික හම්බෙනවා……….”

“මැ…..මැණික්???……….”

“ඔව් මේ බංගලාව අපේ තාත්තයි ඔයාලගේ තාත්තයි එකතු වෙලා ගත්තේ හොටෙල් එකක් කරන්න………. ඔයා දැනටමත් දන්නවා ඇති මේක ඉංග්‍රීසින් කාලේ හදපු බංගලාවක් කියලා……. මේක අයිති වෙලා තිබ්බේ ඉංග්ලන්ඩ් වල වයසක ගෑණු කෙනෙක්ට……… එයත් ටික කාලෙකින් මැරුණා……. මේ ගේ අලුත්වැඩියා කරනකොට…… පහළ වලලපු මැණික් මංජුසාවක් හම්බ වෙනවා…… අපේ තාත්තයි ඔයාලගේ තාත්තයි කතා වෙලා මේ මැණික් ටික සුරක්ෂිතාගාරයක තැම්පත් කරනවා……….. ඒ සේප්පුව අරින්න පුලුවන් එකම විදිහයි තියෙන්නේ ඒ පුංචි යතුරක්………… ඒක දැන් කොහේ කොතන තියෙනවාද කියන්න දන්නේ නෑ…… ඒක අන්තිමට තිබ්බේ ඔයාගේ තාත්තා ළඟ………… ඔයා එයාමයි කියලා මං හොයාගත්තේ…….. ඔයාගේ CV එකේ නමින්…….. අනික වැස්සට තිබ්බ බයයි… වෙඩි තියපු එක ගැනයි කිව්වම මට ඒක තහවුරු උනා…………….. අම්මා මේ ඔක්කොම දැනගෙනයි ඔයාව ගෙන්නලා තියෙන්නේ…………”

“අනේ………………..පො……….ඩ්…………ඩක්………. ඉන්න………. මීහු…………. ඔයා…….. කියන්නෙ ………. රත්තරන් ……….පාට යතුරක් ………. ගැනද………”

“ඔව්……….. සාමාන්‍ය ප්‍රමාණේ එකක්…… ඔයා දැක්කද ඒ වගේ එකක්……….”

“ඔයා කියන්නෙ මේක ගැනද මීහූ………”

තෙනූ එළියට ගත්තේ අවුරුදු 13ක් පුරාවට පෙන්ඩන්ට් එකක් ලෙස පරිස්සම් කෙරූ ඒ යතුරයි………..

“දෙවියනේ……. ඔව්………… තෙනූ කොහෙන්ද මේක ඔයාට??…..”

“මාව සිස්ටර් තෙරේසා හොයාගද්දී මේක මගේ ඉනේ බැඳලා තිබ්බා…….”

“යෙස්……… මං දැන ගත්තා……….. මාමා කොහොමත් මේක නැතිවෙන්න දෙන්නෙ නෑ කියලා………… තේනූ මේක තේජ් එහෙම??”

“ඔව් මීහූ එක පාරක් මාව දියැල්ල ගාව වැටෙන්න ගිය වෙලේ තේජ් මේක දැක්කා….”

“ඕහ්……….ෂිට්…….. ඒ කියන්නෙ ඌ මේ ඔක්කොම දැන ගෙන………… එහෙනම් ඌ නිකන් ඉන්න එකක් නෑ…….. ජස්ටින් අපි……..”

මිහේෂ්ට කියලා ඉවර කරගන්න හම්බුනේ නෑ තෙනූගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා………..

“හලෝ”

“ආ තෙනූ මැණික……….”

“තේජ්???”

“අනේ බබා ඔයාට මාව කටහඬිනුත් අඳුරන්න පුලුවන් නේද??”

“තිරිසනා……….. මගේ නංගි කෝ??”

“අහ් ඒ කියන්නෙ බබා ඔක්කොම දැන ගෙන නේද? මට වැඩේ තවත් ලේසියි….. එහෙනම් දන්නවනේ වෙන්න ඕනි දේ……. නංගි ඉන්නවා පරිස්සමට……… ඔය යතුර මට ගෙනත් දෙනවා…………. මං ලොකේෂ්න් එවන්නම්……. තමුසෙයි………. ඔතන ඉන්න මිහේෂයයි………. ලොකු අම්මවයි විතරක් එක්ක වරෙන්………….. පොලීසි එහෙම එන්න ගියොත්………. නංගි ගැන අදහස අත් අරින්න………….. ආ තව දෙයක් තමුසේ පරක්කු වෙන පැයකටම නංගි ඉන්න කාමරේට මං එක එක පිරිමියා ගානේ යවනවා……… කෙට්ටු උනාට චීස් කෑල්ලක්නේ………..”

“වනචරයා තමුසෙ නම් සතෙක්……..ඕයි……”

“යස් අයි ඈම් බේබි…………”

තේජ්ගේ වියරු සිනාවත් එක්ක දුරකථනය විසන්දි උනා…………..

“අනේ මගේ නංගි මීහූ……… මට මැණික් එපා නංගි ඕනී……..”

“ෂ්…………ෂ්………… අඬන්න එපා තේනූ…… මං ඉන්නවනේ මාව ට්‍රස්ට් කරන්න……. මුකුත් වෙන්නේ නෑ…………… ඉක්මන්ට වාහනේ ගාවට යන්න මං අම්මව එක්කම් එන්නම්………..”

මිනිත්තු කීපයකින් ජස්ටින් තෙනූ මිහේෂ් හා ඔහුගේ අම්මා රැගත් වාහනය ගියේ තෙනූගේ දුරකථනයට ආ ප්‍රදේශය කරාය….. මිනිත්තු 45කින් කියූ ස්ථානයට ළඟා වීමට ඔවුන්ට හැකි විය…..

“අහ් වෙලාවටම ඇවිත්………. අපරාදේ ඉතිම්………… “

අවි සහිත මිනිසුන් වට කර ගත් තේජ් පැවසුවේ සමච්ච්ලේට මෙනි…….

“තේජ් නංගිව දෙනවා අපිට………..”

“ම්ම්ම් ඊට කලින් හම්බෙන්න කෙනෙක් ඉන්නවා……………”

අසළ පිහිටි ගොඩනැගිල්ලේ සිට එලියට ආ පුද්ගලයා දැක………. තෙනූට හීල්ලුනි…..

තව 1 කොටසකින් කතාව ඉවර කරන්න බලනවා………… 😁 සනීපයි මට…….. තෑන්ක්ස් හැමෝටම………….. 😘😘😘😘 ආදරෙයි පැලෙන්න………….. ඊළඟ කොටස හෙට දෙනවා අනිවා……………..

ඉතිම් කියන්නකෝ පැටලිලි ලෙහුනද?? ආයේ පැටලුනාද??🤪
හෙටත් බලමුකෝ කවුද ආවේ කියලා……. මාත් එක්ක අසනීප උණ වෙලෙත් ඉවසන් උන්නු නිසා මං කෙටි කතාවකුත් දෙනවා ඔයාලට හොඳයි නේද