බැඳීමක් නැති මුදුවක්💔

20 වන කොටස

“අම්මා සල්ලි දෙනවා කිව්වේ ඔයාගේ අම්මවයි තාත්තවයි ඔයා මේ ගෙදරින් යැව්වොත් විතරයි…”

උ/ඹ එහෙම කිව්වම මට ඇත්තටම අදහගන්න බැරි වුණා…උ/ඹ නපුරුයි කියලා හිතුවාට මෙච්චරම නපුරුයි කියලා මම දැනගත්තේ උ/ඹ එහෙම කියද්දී..

අම්මා කෙනෙක් කියන්නේ මේ ලෝකේ ඉන්න උතුම්ම කාන්තාවට..ඒ වගේ උතුම් කාන්තාවක් ගෙදරින් එලවා දාන්න හදන මේ අම්මයි දුවයි ගැහැණු කමටත් නිගරුවක් කියලා මට හිතුනා…

මාස ගානකින් අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන උ/ඹ මගේ අම්මවයි තාත්තවයි මේ ගෙදරින් එලියට ඇදලා දාන්න තරම් පහත් මානසික තත්වයකට වැටුණේ කොහොමද කියලා මම කල්පනා කරන්න ගත්තා…

මෙතෙක් දවස් මගේ හිතේ උ/ඹ ගැන තිබුණු ආදරේ උ/ඹේ කුරිරු වදන් ඉස්සරහා දියාරු වෙලා යනවා වගේ මට දැනුනා..

“නෙහාරා…ත/මු/සෙ/ත් ගෑ//නියෙක් නේද?…ත/මු/සේ හෙට අනිද්දම අම්මා කෙනෙක් වෙන්න ඉන්න ගෑ//නියෙක් වෙලත් ත/මු/සෙ/ට හිතන්නවත් පුලුවන්ද තවත් අම්මා කෙනෙක්ව මේ ගෙදරින් එළියට දාන්න..ත/මු/සේ ආයෙමත් ඔය වගේ කතා කියන්න ආවොත් බලාගන්නවා මම ත/මු/සෙ/ට කරන දේ….”

මම කවදාවත් නැති තරම් තරහෙන් උ/ඹ/ට බැන්නේ මගේ හිතට ඒ තරම් ආවේගයක් දැනුණු නිසා……

උ/ඹ තරහෙන් මගේ දිහා රවා ගෙන බලාගෙන හිටියා…

“ඔව් ඉතින් මම දන්නවා ත/මු/සෙ/ට මට වඩා ලොකු ත/මු/සෙ/ගෙ අම්මා කියලා..ඒකට කැමති නැත්නම් මම සත පහක් වත් මගේ ගෙදරින් ඉල්ලලා දෙන්නේ නැහැ..අපේ අම්මලා මොකටද අනූන්ගේ ගෙවල් වල ණය ගෙවන්නේ..?”

අද මගේ දුප්පත්කම ඉස්සරහා උ/ඹ/යි උ/ඹ/ල/ගෙ ගෙදර උදවියයි මාව කොච්චර අසරණ කරනවද කියලා හිතලා මගේ ඇඟේ ලේ රත් වෙන්න ගත්තා..

උ/ඹ/ට මම ගැන කිසිම හැඟීමක් නැහැ කියලා මට උ/ඹේ ඒ කතාවෙන්ම තේරුණා.. මාව දෙකේ කොලේට දාලා සලකන උ/ඹ/ට/යි උ/ඹේ ගෙදර උදවියටයි පේන්නම රට ගිහින් දියුණු වෙලා එනවා කියලා මම හිතා ගත්තා…

“මට මගේ අම්මවයි තාත්තවයි පාරට දාලා තමුසෙගෙ සල්ලි ගන්න ඕනේ නෑ..අපි අපේ දෙමව්පියන්ට සලකන විදියට තමයි කවදා දවසක අපේ දරුවනුත් අපිට සලකන්නේ…අපිත් දෙමව්පියෝ වෙන්න ඉන්න නිසා ඒක මතක තියාගන්න ඕනේ…කාටවත් පින්සෙන්ඩු වෙන්න ඕන නෑ..මම රට ගිහින් ඔය සල්ලි හොයාගෙන එනවා…”

මම එහෙම කියද්දී කියද්දී ඇස් ලොකු කරගෙන මගේ දිහා උ/ඹ පුදුම වෙලා වගේ බලාගෙන හිටියා.

“ඒ කියන්නේ ත/මු/සෙ/ට මට වඩා ලොකු ත/මු/සෙ/ගේ අම්මවයි තාත්තවයි..හරි ත/මු/සේ ඒ දෙන්නව ලොකු කරන් ඉන්නවා..හැබැයි එකක් මතක තියාගන්නවා…ත/මු/සේ රට ගියොත් ත/මු/සෙ/ට මාවයි මගෙ දරුවාවයි නැති වෙනවා කියන එක”

උ/ඹ එහෙම කියද්දි නම් තරහ වැඩිකමට මගේ ගත වෙවුලන්න වගේ වුණා.උ/ඹ ඒ ගමන සූදානම් වෙන්නේ නූපන් මගේ දරුවා මගෙන් වෙන් කරන්න කියලා මගේ හිතේ සැකයක් ඇති වුණා…

“නෙහාරා…ත/මු/සේ ඒ ගමනෙ ඒ ගමන මගේ දරුවාව ඉත්තෙක් කරගන්න ලෑස්ති වෙනවද?…ත/මු/සේ බැඳපු දා ඉඳලා මට ලං වෙන්නවත් දුන්නේ නෑ…මම ත/මු/සෙට ළංවුණෙත් බලෙන්ම යි..ඔය දරුවා ඉපදෙන්නේ ත/මු/සෙ/ගෙ උවමනාවට නෙමේ.මගේ උවමනාවට.. ඔය දරුවා මගෙන් වෙන් කරන්න ත/මු/සේ හිතන්නවත් එපා..”

“ත/මු/සෙ/ට ඔය තරම්ම දරුවා ගැන කැක්කුමක් තියෙනවා නම් ත/මු/සේ රට යන්නේ නැතුව මෙහෙ ඉන්නවා…”

මම මේ තරම් ආදරය කරන්නේ මගේ පූර්ව ආත්මයක හතුරෙක්ට ද කියලා මට හිතුනේ
උ/ඹ මට ඔළුව උස්සන්න දෙන්නෙ නැතිව මගේ කකුලෙන් ඇදලා දාන්නම උත්සහ කරන නිසා..

“නෙහාරා තේරුම් ගන්නවා..මම මේ රට යන්න හදන්නේ අපේ පවුල නිසා කියලා….අපි අපේ දරුවට නිදහසේ ජීවත් වෙලා ඉන්න මේ ගෙදර බේරගන්න ඕනේ…”

මම එහෙම කිව්වම කිව්වම උ/ඹ මගේ දිහා සමච්චල් බැල්මක් හෙලුවා…

“ත/මු/සේ කවදාවත් අපේ පවුල ගැන හිතන්නේ නැහැ..හිතන්නේ ත/මු/සෙ/ගේ ගෙදර උන් ගැන විතරයි….”

උ/ඹ තව මොන මොනවද කියමින්
මට එක දිගට දොස් කියන්න ගත්තා…
උ/ඹ/ත් එක්ක රණ්ඩු වෙලාව මම හෙම්බත් වෙලා හිටපු නිසා උ/ඹ/ට ඕන දෙයක් කියාගන්න කියලා මම කාමරයෙන් පිට වෙලා වත්ත පහළ අඹ ගහ යට වාඩිවෙලා මේ දේවල් ගැන කල්පනා කරන්න ගත්තා.

කල්පනා කරලා වැඩි වෙලාම මගේ හිස කකියන්න ගත්තා…ඒත් ඒ අතරින් මට උ/ඹේ මුහුණ මතක් උනා..උ/ඹ වගේ බිරිඳක් වෙන කිසිම ස්වාමි පුරුෂයකුට නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කලේ උ/ඹ ඒ තරම්ම වධක භාරීයක් නිසා..

💔💔💔💔💔💔💔💔

මම නෙහාරාගේ විරුද්ධතාවය මැද්දෙම විදේශගත වෙන්න ඕනේ කරන සියලුම දේවල් සූදානම් කරේ ඉස්සරහට ගත්ත අඩිය ආයෙමත් පස්සට ගන්න මට උවමනා නොවුන නිසා….

විරාජ්ට අයදුම්පත යවලා සති ගානකට පස්සේ මට විරාජ්ගෙන් ඇමතුමක් ආවේ සේරම වැඩ කටයුතු සූදානම් බවත් වීසා වලටත් ගුවන් ටිකට් පත සදහාත් ලක්ෂ දෙකක් සුදානම් කරගන්න ලෙසටත්…

දින තුනක් ඇතුළත ඒ මුදල ඕනෑ කරනවා කියලා කිව්වට පස්සේ මගේ හිස ගිනිගන්න වගේ වුණා…මේ හදිසියේ ලක්ෂ දෙකක මුදලක් හොයාගන්නේ කොහොමද කියල මම කල්පනා කරා….

උ/ඹ හදන්නේ කොයි කොයිවෙලාවෙත් මාව අධෛර්යමත් කරන්න නිසා මේ කිසිම දෙයක් උ/ඹ එක්ක කතා කරන්න මම කල්පනා කලේ නෑ…අම්මත් එක්ක මේ ගැන කතා කරන්න මම තීරණය කළා…

මම සේවා මුරයේ ඉන්න ගමන්ම අම්මට ඇමතුමක් ගත්තා…

“හෙලෝ පුතේ කියන්න..”

ඒ කටහඬ ඇහුණු ගමන්ම මගේ තුන් හිතම නිවිලා යනවා වගේ මට දැනුනා..මම අම්මාට විදේශගත වෙන්න ලක්ෂ දෙකක මුදලක් අවශ්‍යයි කියලා කිව්වම අම්මා මොහොතක් නිහඬව හිටියා…

අනේ පුතේ මම ගාව කොහෙන්ද සල්ලි..
අම්මා එහෙම කියයි කියලා මට හිතුන නිසා මගේ හිතේ තිබ්බ බලාපොරොත්තු සේරම වියැකිලා ගියා…

“පුතේ…මේ හදිස්සියේ ඒ තරම් ගානක් හොයාගන්නේ කොහොමද කියලා මම කල්පනා කලේ. අර ම//නුස්සය ගාවත් අතේ සතයක් නෑනේ..තියෙන කාලේ හම්බ කරපු සේරම වටේ ඉන්න ගෑ//නුන්ට වියදම් කර කර හිටියා…”

අම්මා තාත්තට දොස් කියන්න ගත්තා..

“මොකුත්ම කරගන්න විදිහක් නැද්ද අම්මේ..රට ගිහින් මාස තුනක් වගේ යනකොට මට ඒ සල්ලි හොයාගන්න පුළුවන් වෙයි අම්මේ..”

“ඕනේ නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්..මම ගාව තව ඉතිරි වෙලා තියෙන්නේ පොඩි චේන් එකයි වළලු දෙකයි විතරයි…ඒ ටික උගස් කරලා නම් ඔය හොයන ගාන අරගන්න පුලුවන් වෙයි…”

“ඒත් ඒවා අම්මට ආච්චිගෙන් ලැබුන දේවල් නේ…අම්මා මෙච්චර කාලයක් ඒවා පරිස්සම් කරපු එකේ…”

අනෙක් රත්තරන් බඩු බැංකුවට උගස් කරත් අම්මා කවදාවත් ආච්චිගෙන් ලැබුන රත්තරන් බඩු උගස් තියලා නෑ කියලා මට මතක් වුන නිසයි මම එහෙම ඇහුවේ..
මෙතෙක් දවස් අම්මා පණ වගේ ආරක්ෂා කරපු ඒ රත්තරන් බඩු උගස් තියෙන එක හරි මදි කියලා කියල මට හිතුනා…

“අයියගෙන් අහලා බැලුවද පුතේ…?”

“අහල බැලුවා …අයියගේ අතේ සල්ලි නෑලූ…”

“කමක් නෑ..මම ඒ ටික බැංකුවට තියලා පුතාට ඔය සල්ලි හොයල දෙන්නම්..පුතා මට බේරලා දෙන එක නේ..කවදා වගේද ඕනේ පුතේ?..”

අම්මා එහෙම කිව්වම මට ලොකු සැනසීමක් දැණුනා..හිතේ තිබ්බ ලොකු බරකින් මම නිදහස් වුණා කියලා මට හිතුනා…

දරුවෙක්ගේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු අම්මෙක් ලග තියෙනවා..දරුවෙක්ට කරදරයක් උනාම පිහිට වෙන්න ඉන්නේ අම්මා කෙනෙක් විතරයි…මගේ හිතේ අම්මා ගැන තිබුණු ආදරය තවත් වැඩිවුණා..

“මම නිවාඩුවට ගෙදර ආවම අපි ඔය සල්ලි ගමු සති දෙකක් ඇතුලත සල්ලි ඕනේ කියලා විරාජ් මට කිව්වා..”

“ලොකු දෙයක් පුතේ ඔය වැඩේ හරි ගියොත්නම්..අර නෙහාරාගේ ගෙදර මිනිස්සුත් පුතාට කොයිවෙලාවෙත් අරියාදු කරන්නේ මගේ පුතා දුප්පත් හින්ද නේ…”

නෙහාරා මතක් වෙද්දි මගේ හිතේ තිබ්බ සැනසීම නැති වෙලා යනවා වගේ මට දැනුනා…

“මම එහෙනම් තියන්නම් අම්මේ..වැඩ කරන ගමන් කතා කරේ…”

“හරි බුදු සරණයි පුතේ…”

ඇමතුම විසන්ධි කරපු ගමන් තව දවස් තුනකින් සල්ලි ලෑස්ති කරලා එවන්නම් කියලා මම විරාජ්ට කෙටි පණිවිඩයක් යැව්වා..

💔💔💔💔💔💔.

මම උ/ඹේ විරෝධතාවය මැද්දේම හැමදේම සූදානම් කරගෙන විදේශගත වුනා…

රත්වුණු ගිනි ගිනිගහන වැලිකතරට ආවට පස්සේ මට අපේ රටේ වටිනාකම වැඩිපුර දැනෙන්න ගත්තා..උෂ්ණාධික පරිසරයක් තියෙන නිසා මැදපෙරදිග රටවල් වල වායු සමීකරන නැතුව ජීවත් වෙන්නත් අමාරු තරම්…

ඒත් ඒ වායු සමීකරන වලින් වෙල් ඉපනැලි වල ,ගස් කොළන් යට තියෙන සිහිල පොඩ්ඩක්වත් නොදැනෙන තරම්.

උ/ඹේ විරුද්ධතාවය මැද උ/ඹ/ව දාලා ආවට මගේ හිත කොයි වෙලාවේත් තිබුනේ උ/ඹ/ත් අපේ ලැබෙන්න ඉන්න දරුවත් මගේ අම්මත් ලඟ…

මගේ ජීවිතයේ මට දමා යා නොහැකි මේ බැඳීම් තාවකාලිකව හැරදමා පැමිණීම ගැන හිතේ පසුතැවිල්ලක් ඇතිවුණත් ඒ පැමිණියේ අපි හැමෝගෙම අනාගතය යහපත්කරගන්න නේද කියලා හිතලා මම හැමවෙලාවෙම හිත හදාගන්න උත්සාහ කරනවා…

තවම ගෙවෙන්නේ විදේශගත වෙලා දහ වෙනි දවස…තාක්ෂණයට පින් සිද්ද වෙන්න පහුගිය හැම රෑකම මම උ/ඹ/ට වීඩීයෝ ඇමතුම් අරගෙන උ/ඹේ සුවදුක් සොයා බැලුවා….

මොබයිල් එකේ ස්ක්‍රීන් එකෙන් මට උ/ඹේ සුදු මුහුණ දකිද්දී ගොඩක් ලෝබ හිතුනා.ඉස්සර වගේ ඔය මූණ පියවි ඇසින් දකින්න තිබුනානම් කියලා හිතිලා හිතට පොඩි සාංකාවක් ඇති නොවුනාම නෙවෙයි..

ඒ හැම සාංකාවක්ම එක සුසුමක් පිට කරලා ඉවසන්න මම පුරුදු වුණා…

සුපර් මාකට් එකේ වැඩ ඇරිලා ගෙදර එනකොට රෑ නමය වගේ වෙනවා..ඩුබායි වලට රෑ නමය කියන්නේ ලංකාවේ වේලාවෙන් රෑ දහයයි තිහයි..

ඇඟපත හෝද ගන්නේ වත් නැතුව මම හොස්ටල් එකේ මගේ ඇදට ඇවිත් උ/ඹ/ට ඇමතුමක් ගන්නේ උඹට නින්ද ගියොත් කතා කරන්න බැරි වෙයි කියලා හිතලා..

අදත් වෙනදා වගේම මම උ/ඹේ දුරකථන අංකයට වට්ස්ඇප් වීඩියෝ ඇමතුමක් ගන්න උත්සාහ කරා…කිහිප වතාවක්ම ඇමතුම් ගන්න උත්සහ කළත් උ/ඹේ දුරකථනයට ඇමතුම් ගන්න මට නොහැකි වුණා…

මම හැමදාමත් මේ වෙලාවට උ/ඹ/ට ඇමතුම් ගන්න බව දැන දැන උ/ඹ මොබයිල් එකේ ඩේටා ඕෆ් කරන් ඉන්නේ ඇයි කියලා මගේ හිතට අමුත්තක් දැනුනා….මම උ/ඹ/ට සෘජු ඇමතුමක් දුන්නේ උ/ඹේ මොබයිල් එකේ ඩේටා ඉවර වෙලාවත්ද කියලා….

ඒත් මගේ අනුමානය වැරදි කියලා හිතුනේ මට උ/ඹ/ට සෘජු ඇමතුමක්වත් ගන්න බැරි උන නිසා..මෙතන මොකක් හරි වෙලා තියෙනවා කියලා මගේ හිතේ සැකයක් ඇති වුණා..

අවසානයේ මම අම්මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තා..අම්මගේ ජංගම දුරකථනය මට පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් වුනා..

“අම්මේ…”

“පු..තේ..”

අම්මගෙ කටහඬ අමුතු වෙලා කියලා මට ඒ කටහඬ ඇසූ පමණින්ම තේරුණා..

“අම්මේ මම නෙහාරාට පැය භාගයක් තිස්සේ කතා කරනවා…නෙහාරාගේ මොබයිල් එක වැඩ කරන්නෙ නෑ…අම්මේ නෙහාරාට ඉක්මනට මේ ෆෝන් එක දෙන්න..”

මම එහෙම කියපු ගමන් අම්මා කිසිවක් නොකියා මොහොතක් නිහඬව හිටියා…

“අම්මේ ලයින් එකේ ඉන්නවා ද?..”

“ඔ..ව් ම…ම ඉ..න්..න…වා පුතේ…”

අම්මගෙ කටහඬ මට ඇහුනේ කැඩි කැඩී වගේ…

“අම්මේ මම කියන දේ ඇහෙනවද?..”

“ඔව් මගේ පුතේ..”

අම්මාගේ කටහඬ ගොඩක් දුක්බර වෙලා කියලා මට දැනුනා..

“ඇයි අම්මෙ මොකක්ද වෙලා තියෙන්නේ..”

“මොකුත් නෑ පුතේ…”

අම්මා ඒ කියපු විදියෙන්ම අම්මා ඉන්නේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක කියලා මට දැනුනා….

“ඇයි අම්මෙ මොකක්ද වෙලා තියෙන්නේ..ඇයි මගෙන් හංගන්නේ…”

“මම කිව්වනේ පුතේ එහෙම මුකුත් නෑ කියලා…”

“එහෙනම් ෆෝන් එක නෙහාරට පොඩ්ඩක් දෙන්න…මට එයා එක්ක කතා කරන්න ඕනේ..”

“මේ හදිස්සියේ…”

“ඔව් අම්මේ..මට මේ දැන්ම නෙහාර එක්ක කතා කරන්න ඕනේ….”

“හෙට ක…තා ක.ර…න්න පුතේ…දැන් හොඳටම රෑ වෙලා නේ…”

මම එහෙම කියපු ගමන් අම්මා හොඳටම කලබල වුණා කියලා මට දැනුණා.

අම්මා මොනවද මගෙන් මේ හංගන්නේ?..

ඇයි නෙහාරාගේ මොබයිල් එක වැඩකරන් නැත්තෙ?..

මොකක් හෝ සිදු විය නොයුත්තක් සිද්ධ වෙලා කියලා මගේ යටි හිතට දැනෙන්න ගත්තා.

හමුවෙමු මීළඟ කොටසින්