23 කොටස
අලේ …….නැන්දියෝ…….මේ බලන්නකු……මම දෝ ගත්තාම සුලන්නාවි මට අම්මී ගෙනත් දීලා….
අම්මී….උවා ….දෝද…..නැකුටුන්නකෝ…….
අම්මී…………………….
“” ම්…කවුද මේ….අම්මී ගාන්නේ….අපේ ගෙදර පොඩි ලමයි නෑනේ,අනික මම තාම හනිමුන්වත් නොගිහින් මට කොයින්ද ලමයි.
ම්…මේ කොහෙද මම ඉන්නේ මගේ ඇද වගේ නෙවෙයිනේ .””
ලොකු දෝණි ….පුතා නැගිට්ටද…….
ආ…අම්මා…මට සුට්ටක් වැඩිපුර නින්ද ගියානේ.සොරි අම්මා..ඉන්න මම ටක් ගාල වොශ් එකක් දාන් එන්නම් .
ආ…පැන්චි ඔයා නැගිට්ටද…..
උන්නෑ…මම උවා එක්ක තාලාම තලයි .
අනේ…ඇයි..පැන්චී නැන්දි එක්ක තලාහා.
උවා ඇයි මාව බලන්න ආවේ නැත්තේ.මම අම්මී නැතුව පාලුවෙන් හියටියේ..
නැ…නැ…උවා..බොලු කීන්නේ.මේ පැන්චිගේ අම්මී…
අම්මී…..උවා…පැන්චිගේ..අම්මී…නේද.උවා..කින්නකො…ආච්චුට.ඔයා මගේ අම්මි කීලා…….
අනේ……..දෝනි …….ඔයා මේ දරුවා.නොතෙරුම් කමට කියන කතා ඕවා.
හරි….අම්මා….අපි ඒ ගැන පස්සෙ කතා කරමු.
හලේ…..මදේ අම්මී..ආවා…මදේ අම්මී…ආවා.
අනේ…දෝණි ඔහොම කරලා හරියයිද.
අම්මා අයියා ඇහැරලද ඉන්නේ.මම තේකක් ගිහින් දෙන්නද.
මොකක්…ගෑනු ලමයෙක් මාව බලා ගන්න.අනිල කාගේ කවුද කියලවත් දන්නවද.
ගයාන් දරුවා දන්න කෙනෙක් කලින් හොස්පිටල් එකක ඇටන්ඩන් කෙනෙක් විදිහට වැඩකරලා තියනවලු.මේ දරුවා හදිසීයෙම නොකියා නිවාඩු ගත්තා කියලා ජොබ් එකෙන් අයින් කරලා.
ස…සර්…තේ බොමු නේද.
මොකො…ඔච්චර කල්පානා කරන්නේ නම මතක නැද්ද .
අහස්නා විතරද…
නැ…අහස්නා විරසිංහ .
🤔🤔මලා..මම මේකාට පුරුද්දට ආශ් කිව්වා නේද. තරුමිණියෝ කට පරිස්සන් කරගන්න.😉😉
තරුමිණ අකීගේ කාමරයට එබි කම් කලේ ඔහුව උදෑසන කැම වෙලා සදහා රැගෙන යාමටයි.නමුත් ඔහු කාමරයේ නොමැති බව වැටහුනු නිසාවෙන් තරුමිණි බැල්කනියට වෙත පා තැබුවේ ඔහු එ සිටිය හැකියයි උපකල්පනය කරමිනි.බැල්කනියේ ඔහු නොමැති බැවින් ඈ..තරමක තිගැස්මකින් යුතුව අවට පිරික්සුවේ ඔහු ඉන්නා තත්ත්වය මට තනියම ඔහුට චලනය වීමට අපහසුත නිසා කුමක් හෝ කරදරයක් වී දැයි සැකයෙනි.
නිවසේ පහලට විත් ඈ .ගෙවත්තේ සෑම තැනම ඔහු සෙව්වේ ඔහු එහි හෝ ඇති බව අපේක්ෂාවෙනි.
ඇගේ මුවට මදහසක් නැගුනේ පැන්චි සමග සෙල්ලම් කරන ඔහු දුටු බැවිනි.පැන්චි ඔහුගේ රෝද පුටුව වටා යමින් සෙල්ලම් කර එක් වරම ඔහුගේ උකුල මතින් වාඩි වී ඔහුට තුරුලු වී ඔහු හා..මොනාදෝ කියවයයි.
ආශ්ද ඈව සිප ගනිමින් හිස පිරිමදිමින් ඈ පවසන දෑ නිහඬව ආසා සිටී..
ස…සර්…..අපි කැම කන්න යමුද.
අලේ….අම්මී උවා කුද ඉටියේ මන් උවාද හැමතැනම එව්වා.මම ආච්චුගෙනුත් ඇව්වා.හී…කමක්.නෑ.දැන් උවා ආව්නෙ අම්මී අපි සෙල්ලම් කලමුද.වෙනද.මන් තාත්ති එක්ක සෙල්ලම් කලනෝ…
කෝ..මැනික ඔයාගේ තාත්තී…
මේ ඉන්නෙ..අම්මී මගේ තාත්තී…..
මේ ඔයාගේ මාමීනේද මැනික.
උව්…අලේ…ඒ උනාට මම දැන් මෙයාට කින්නේ තාත්තී කිලා.මට තාත්තියෙක් නෑනේ.
අනේ…රත්තරනේ අද ඉදන් මේ ඔයාගේ තාත්තී මං අම්මී හරිද පණ.
යෙ යේ…මට දැන් අම්මී තාත්තී දෙන්නම ඉන්නෝ…
ආච්චු ….ආච්චු…….
මේ…තමුන් තමුන්ගේ සීමාවේ ඉන්නවා.ඒ ලමයට බොරු බලාපොරොත්තු නොදී.මන් සනීප වුනාම තමුන් යන්න යයි.
එතකොට කෝ ඒ ලමයට අම්මාකෙන්ක්.අනික මේ මම ඔය කපටිකම් වලට අහුවෙන්නෙ නෑ..හිතන් ඉන්නේ මාව බැද ගන්නද.ඔයා අම්මා මම තාත්තා කියලා.වැඩකරනවන්ම් පාඩුවේ වැඩ කරනවා.අපේ ප්රශ්න වලට මැදිහත් නොවී.
මම ඔය කිඹුල කදුලු වලට රැවටෙන්නේ නෑ..
“”””අනේ දෙවියනේ අකී ඔහොම බයින්න් එපා රත්තරනේ මම කොහොමද දරා ගන්නේ මම නිකම් ගෑනියක් නෙවෙයි.ඔයාගේ වයිෆ්..ඉහි…ඉහී…”””
ආ…තමුන් බැදපු කෙනෙක්ද.ඔයා මුද්දකුත් අතේ තියෙන්නේ.ලමයින්ට ඔච්චරම ආසනම් උට කියලා ලමයෙක් හදා ගන්නවා.
තමුන් අදම මෙහෙන් යන්න ඕනී .
ඒ…නංගි …කොහෙද මේ ගාල කඩන් දුවන්නේ අරු මොනා හරි කිව්වද.උට ඔයාව මතකද…
ඒ..නංගි කතා කරන්නකො..
මට ඉන්න දෙන්න ගයාන් අයියේ…
ඒ…බුරුවෝ..මොකද අර කෙල්ල අර අඩාගෙන දිව්වේ.මොනාද තෝ ඒ අහිංසකිට කිව්වේ.
අම්මේ උබට එකි ගැන පුදුම අමාරුවක්නේ තියෙන්නේ.
ඇයි යකෝ තෝ පුදුම කතාවක්නේ කියන්නේ එකි මගේ නංගි වගේ.
උ ..උබට පිස්සුද මම එකිව ගෙනාවේ නෑ . අනික උබ මොකද ඔය ගිරිය කඩන් එකිට බැන්නේ .මොකෝ එකී උබව කිස් එකක්වත් දුන්නද .
මේ ගයියා මගෙන් මැරුන් නොකා ඉදහන්.
එකි .පැන්චිට කියනවා එකී පැන්චිගේ අම්මාලු…මම තාත්තාලු..
ඉතිං එකි හරිනේ බං
උබ කියලා තියෙන්නේ කවද හරි උබ බදින කෙල්ල පැන්චිට අම්මා කෙනෙක් වෙන්න කැම්ති වෙන්න ඕනී කියලා නේද.
ඇයි දෝනි මේ අඩන්නේ.අර පැන්චි ඇවිත් කිව්වා එයාට දැන් අම්මයි තාත්තයො දෙන්නම ඉන්නව කියාලා ආන් නටනවා.මොකද උනේ අඩන්න තරම්….
අම්මා …මම යනවා ගෙදර අම්මා…අකී…මට යන්න කිව්වා.
දෙයියනේ එච්චර දේවල් කිව්වද.ඉන්න මම එයාට කතා කරන්න..
අම්මා….මම් යනවා…..අක්කි..මම යන්නම් මම පුලුවන් වෙලාවට ඇවිත් පැන්චි බලලා යන්නම්…පැන්චි අම්මි පොඩි ගමනක් ගිහින් එන්නම් පැන්චි දග නොකර ඉන්න මම එනකොට පැන්චිට චොකෝ ගෙන්නම්.
හපො…ලොකු දෙයක් යනවා.යන්න .ගයියා ඔන්න මේකිව ගෙනෙහින් දාහන් කියන තැනකට .
දෝණි අඩියක් තියන්නේ නෑ එලියට .යනවනම් හිතාගන්න් මේ අම්මා මැරුණ කියලා.
අනේ …අම්මා ….ඔහොම කරන්න් එප මට මම මොනව කරන්නද.මම අසරණයි අම්මා.
අම්මා ඔයාට පිස්සුද මේ කෙල්ල වෙනුවෙන් මැරෙන්න හදන්නේ.
ලොකු …..තමුන් …දන්නද මේ කවුද කියලා..
මේ තමයි