20 දිගහැරුම 🌻
සති අන්ත ඉරිදාවක කේශ්වර සිටියේ ගෙවත්තේ වු ඔංචිල්ලාවට වී උකුලු පරිඝණකයේ යම්කිසි වැඩක නිරත වෙමිනි…
” මේ අ..අයියේ ඔයා ලොකු වැඩක්ද…..”
විශ්වවිද්‍යාලයේ එක් සය මාසයක් අවසානයේ ලබා දුන් නිවාඩු නිසා ඈද සිටියේ නිවසට විය. අහිංසා ඔහුට රැගෙන ආ තේ බදුන ඔහු ලබාදෙමින් ඔහු අසලින් හිදගන්නා අතරේ විමසන්න වුයේ .සිහින් හඩිනි …….
” ම්..මොන වැඩේ තිබ්බත් ඉතිං නෝනාට වඩා ලොකු වෙන්න බෑනේ .කියන්න බල්ලන මගේ සුදු නෝනාට මොක්කද මගෙන් වෙන්න ඕනි කියලා………”
සිය උකුල මත වු කුඩා පරිඝණක පසකින් තබා ඇගේ බද වටා දෑතක් යවමින් ලයට තුරුල් වෙන ලෙස ඈ සිය උකුල මතින් හිදවාගමින් ඔහු විමසන්නට විය….
” මේ…මේකයි අයියේ …මේ..ඔ..ඔයාට පුලුවන් නම්..මේ..මේ මාව සිරිපාදේ එක්ක යනවද…”
සිය විශ්වවිද්‍යාලය මිතුරන් ශ්‍රීපාදස්ථානය කරුණා කිරීමට පහුගිය සතියක ගිය ..ඇයට ඔහු යෑමට ඉඩලබා නොදුන් නිසා යෑමට නොහැකි විය..මිතුරන් පැමිණි ගමනේ සොදුරු බව විස්තර කරද්දී ඇයටත් එහි යෑමට සිත් විය …..
” ම්..මොක්කද එකපාරටම මේ සිරිපාදේ යන්න හිතිලා..දොලදුක්කද….” කේශ්වර යටිතොලේ කොනක්දසන් අතරට තදකරගෙන සිනාහව මැඩගෙන බෑබැරුම් ස්වරූපයක් මුහුණට ගෙන විමසන්න වුයේ ..අහිංසා විදුලි වේගයෙන් ඔහුගේ ලයෙන් මෑත් වෙද්දී ය…
කේශ්වරගේ නලල හා ගෙල පාමුලින් සිය පිට අත්ල තබා ..ඔහු දෙස මොහොතක් බලා හිදි ඈ….
ඔහු එය විමසුවේ කවටකමට යැයි තේරුම් ගිය සැනින්.. ඈ.
“අනේ මේ යන්න අයියේ .යන්න…දොලදුක හැදෙන්න මට හුල……..”
” නැ…නැ.මේ එක ඕනි නෑ….”
ඔහුට යමක් පැවසීමට ගියද..එය නොපවසා ගෙට දිව යන්න වුයේ .. දුර දිග නොබලා නොකියවන සිය මුවට සිතින් බැනවදිමින් ය..
” ඕ ශිට්……..”
සිය අත ගුලිකර ඔංචිල්ලාවේ යකඩ රාමුවට කේශ්වර පහර දෙන්න වුයේ තමා ගැනම කෝපයෙනි ………
බොහෝ වෙලාවක් කල්පනාවේ නිමග්නව සිටි කේශ්වර අවසානයේ තිරණයක් ගෙන ඈ සොයා නිවසට ඇතුල් විය..
යහනෙහි මුනින් තලා වැතිරී පෝරණයක් හිසේ පටන් පෙරවන් තවද කොට්ටයකින් හිසද වසාගෙන හිදින ඈ දැක මෙතෙක් මුවෙහි තිබු ශෝකි පෙනුම පහව ගොස් සිනහවක් පැමිණෙන ඈ සිටි අයුරු දැකය.
” දෝණී දවස් දෙකකට විතර ඇදුම් ලෑස්ති කරන් ඉක්මන්ට ලෑස්ති වෙන්න…..”
” අනේ අපි කොහෙ හරි යනවද…..”
පොරෝණ හා කොට්ටය පසකෙට විසිකරමින් ඈ යහනෙන් මෑත් වුයේ විදුලි වේගයෙනි…….
සිය සිනහව මැඩගනිමින් ඔහු පවසන්න වුයේ ..එක් අතකින් ඇගේ කෙහෙරැලි අවුස්සමින් ය ……..
” ඔව් ලෑස්ති වෙලා එන්නකෝ..ම්..මගේ ඇදුම් ටික මන් ලැස්ති කරනවා..ඔයාගේ ටිකත් මට ගෙනත් දෙන්නකෝ මන් බෑග් ලෑස්ති කරන්නම්..”
” අයියේ අපි මේ කොහෙද යන්නේ …”
” ම් .පොඩ්ඩක් ඉන්නකෝ ගිහින්ම බලාගන්න දැන්ම කිව්වහම කිසි අගයක් නෑනේ…..අර පිටි පස්සේ සිට් එක උඩ තියන ජර්සි එක දාගන්න ..නැත්නම් තව ටිකකින් ඔයා ගල්වෙයි…..”
ඔහුගේ බසට අවනතව ඇ ජර්සිය හැදගනිමින් විවර වු ජනේලයෙන් හිස ඉවතට දමා ගනිමින් අවට සිරි නරඹන්න් වුයේ කෑගසමින් ය……
” අනේ අපි මේ නුවරඑළිද ඉන්නේ අනේ…බලන්නකෝ අර…අනේ ලස්සන..””
“අනේ අම්මාපා දෝණී ඔයා බැන්දාඩ වඩා හොදයි මන් නර්සරියක් දාගත්තනම්..මන් අහන්නේ දැන් ලොකු ලමයෙක් නේද..ඔහොම කෑගහන්න ලැජ්ජ නැද්ද..ම්…”
හිස දෙපසට සොලවමින් ඈ කාරයෙන් පිටතට අත දමමින් අවට පෙනෙන විවිධ දෑ ඔහුට පවසමින් තොරතෝංචියක් නැතුව කියවන වුයේ …කේශ්වර සිතින් ඇගේ බොළද වැඩ පිලිබද සතුටු වෙමිනි …
“අපි මෙහෙ ඉමුකො අයියේ .අර කොළඹට වඩා කොච්චර මෙහෙ කොච්චර හොදද..අනේ අපි මෙහාට එමුකෝ…අනේ ඔයා ඉතිං හොදයිනේ…..”
ගෙල මදක් ඇලකරගෙන සුරතල් ලෙස ඈ ඔහුගේන් විමසන්න වුයේ …ඔහුගේ මුවෙහි ලා මදහසක් නැගෙද්දිය ……
” අනේ..අනේ කපටිම නෑනේ..මන් වැඩ කරන්නේ මගේ කම්පැණි එකක කියලද හිතන් ඉන්නේ . ම්..මගේ නෝනා කියන කියන වෙලාවට මාරු වෙන්න ……”
” හී…..අමතක උනානේ…සොලි ඈ….”
ඔහු කිසිවක් නොපවසා සිටින්න වුයේ ඈ සමග කතා කර නිමාවක් නොවන බව හොදින්ම දන්නා බැවිනි…
.
” අපි මෙහෙ……….ඇයි අයියේ අපි මෙහෙ ආවේ..ඔයාගේ යාලුවෙක් වෙඩින් එකවත්ද….”
” නුවරඑළිය පිහිටි සුන්දර හෝටෙල් පරිශයක නතර කෙරූ මෝටරථයෙන් බැස ඈ ඔහුගේ කනට කර විමසන්න වුයේ .සිතට දැනෙන කුහුලෙනි ……..
” ඇතුලට ගිහින්ම බලමුකෝ ..දැන් හොද ලමයා වගේ දග නොකර ඉන්න ඕනි හොදද..”
ඇගේ බදවටා දෑත් යවා තුරුල් කරගනිමින් ඔහු ඈයට සිහින් සරින් පවසන්නට විය…..
” හෙලෝ සර්..හෙලෝ මැඩම්……. වෙල් කම් හොටෙල් පැරඩයිස් …..”
” හයි අයිම් කේශ්වර අභිමන් ඉරුගල්බණඩාර ..වී හැව් රිසිවේශන් විත් යු..”
” ජස්ට් මිනිට් සර් අයි ලෙට් චෙක් ..යා..ශුවර
වී විල් සුන් සෙන්ඩ් අවර් රූම් බොයි විත් යු “
” තැන්කස් සෝ මච් …”
” යුවර් වෙල්කම් සර්…”
” එන්න දෝණී අපි යමු…..”
“එතකොට අපේ බෑග් අයියේ …එවා අපි ගත්තේ නෑනේ….”
” ආ..එවා අර රූම් බොයි ගෙනත් දෙයි .එන්න අපි යමු ..”
” සර් මේ බැග් ටික මේ රූම් එකේ යතුරු . තද මොනවා හරි උවමනාවක් තිබ්බොත් කියන්න ..”
” හරි මල්ලි තැන්කිව් බන්……”
” එන්න දෝණී ඔයාම දොර ඇරන් යන්නකෝ ඉසෙල්ලා ඇතුලට…”
” අනේ අයියේ මේ………….”
“මොකෝ හරි නැද්ද……….”
අහිංසා කෑගසමින් කාමරය පුරා දිව යන්න වුයේ සතුටින් ඉපිලෙමිනි …….
එ මේ අත දිව යන ඈ දෙස මොහොතක් බලා හිදි..ඔහු සෙමෙන් සෙමෙන් ඈ වෙත පා තබා ඈගේ පිටුපසින් ඈ වැළදගන්නට විය.
” මහත්තයා ………”
” ම්……….”
” මේ..මේ මො..මොක්කද ……”
” ශ්………..”
ඇගේ කිචි බිචි ගාමින් කියවන මුව නිහඬව කරමින් ඔහු ඇගේ දෙතොලට බර වුයේ ..ඇගේ දෑස් පියන් එම කළුදුල් දෙතොල් පහසින් පියවි යද්දිය…….
මතුසම්බන්ධයි